AdaLK-News-Scraper

AdaLK News Scraper 🚀

This project scrapes the latest news from Ada.lk and updates this file.

How it Works:

License

WTFPL License. Do whatever you want with this, but if it cures boredom, makes you famous, or saves your cat from a burning building, I wouldn’t mind a coffee (or a meme) as thanks. 😉


සිමාවෙන් බැහැරව සාමූහික වැඩ කිරිමෙන් අභියෝග ජයගත හැකි අයුරු අගමැතිනි කියයි

Published on: February 07, 2025, 01:56 PM

රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

මුදල් අමාත්‍යාංශයත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයත් මිලේනියම්  අයිටී, ඩයලොග් ආසියාටා යන පෞද්ගලික ආයතන දෙකත් ඒකාබද්ධ ව වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක ද සහයෝගය මත සකසන ලද අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් පාසල් අභ්‍යාස පොත්පත් හා උපකරණ ලබා දීමේ යාන්ත්‍රණය මත තෝරාගනු ලැබූ දරුවන් වෙත රු. 6000/- බැගින් වූ තිළිණපත් ලබා දීමේ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ඊයේ දින (06) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මෙම වැඩසටහනේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ, සෑම දරුවකුට ම අධ්‍යාපනයේ සම අවස්ථා ගෞරවාන්විත ව ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා විවර කර දීමේ රජයේ අපේක්ෂාව ඉටු කරගැනීම සඳහා අධ්‍යාපන අවශ්‍යතා කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කර භෞතික සම්පත් ලබා දී එම පවුල් නගා සිටුවීමට ක්‍රියා කිරීමේ දී මනා විනිවිද භාවයක් සහිත ව කඩිනම් හා භාවිතයට පහසු ක්‍රමවේදයක් ඒ වෙනුවෙන් සකස් කරගැනීමට හැකි වූයේ, රාජ්‍ය හා පෞද්ගලික දෙයංශයේ මනා සුසංයෝගය හා කැපවීම මත බව ය. මෙම නව ඒකාබද්ධ ක්‍රියාවලිය හරහා යල්පැනගිය සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් තොරතුරු ලබාගැනීමේ දී සිදු විය හැකි අක්‍රමිකතා හා ප්‍රමාදයන් රැසක් වලක්වා ගත හැකි වීම සම්බන්ධයෙන් තෘප්තිමත් භාවයකට පත් විය හැකි බවත් මෙහි දී අගමැතිවරිය සඳහන් කළාය.

මෙම ඒකාබද්ධතා පුරවැසි සහයෝගීතා ක්‍රමවේදය ඉදිරියටත් විධිමත් ව පවත්වා ගැනීම මගින් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම කාර්යක්ෂ්ම හා ඵලදායි ලෙසින් යාවත්කාලීන කළ හැකි වනු ඇති බවට ද අග්‍රාමාත්‍යවරිය මෙහි දී විශ්වාසය පළ කළාය.

එහි දී තවදුරටත් අදහස් දක්වමින් හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ, භෞතික සම්පත්වල හිඟකම හේතුවෙන් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමග නතර වන බවත් එසේ දරුවන් පාසල් හැර යාම වලක්වා දරුවන් පාසල් තුළ රඳවා ගැනීමට අභිප්‍රේරණයක් ඇති කිරීම ද මෙවැනි භෞතික සම්පත් ලබා දීමේ මුඛ්‍ය අරමුණක් වී ඇති බව ය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාගේ යෝජනාවක් මත දියත් වූ මෙම ක්‍රියාවලිය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මූලිකත්වය ගෙන සහයෝගයෙන් ඉදිරියට ගෙන යන බවත් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස ගුණාත්මක සංවර්ධනයක් ද සහිත ව ඉදිරියට ගෙන යෑමට එය මනා පිටුබලයක් වන බවත් හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී පැවසී ය.

මෙම වැඩසටහනේ පළමු අදියර තුළින් මේ වන විටත් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන් එකොළොස් ලක්ෂ හත්දහසකට (1,107,000) සෘජු ව ම මුදල් ගිණුම්වලට බැර කර ඇති බවත් දෙවන අදියරේ පළමු පියවර ලෙස අස්වැසුම ප්‍රතිලාභ හිමි නොවුණු පවුල්වල දරුවන් තුන්ලක්ෂ හතලිස් පන්දහස් හත්සිය තිස් දෙදෙනෙක් (345,732) සඳහා වවුචර්පත් මුද්‍රණය කර ඛෙදා හැර ඇති බවත් දෙවන අදියරේ දෙවැනි පියවර සඳහා මේ වන විට පාසල් ළමුන් එක්ලක්ෂ දහඅට දහස් එකසිය හතලිස් දෙදෙනෙක් (118,142) ලියාපදිංචි වී ඇති බවත් පැවසූ අග්‍රාමාත්‍යවරිය මෙම තිළිණපත් දරුවන්ට ලබා දීම සඳහා ලියාපදිංචිය තහවුරු කර ඇති වෙළෙඳ ආයතන සංඛ්‍යාව මේ වන විට 315ක් වන අතර 178ක් ලියාපදිංචිය අපේක්ෂාවෙන් පසු වන බව ද කීය.

එසේ ම රජයේ හා පෞද්ගලික පාසල්වල මෙන් ම පිරිවෙන්වල සහ විශේෂ අවශ්‍යතා සහිත පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතියේ වැඩි පරාසයක ශිෂ්‍ය සංඛ්‍යාවකට මෙම ප්‍රතිලාභ හිමි වන අතර එය මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 68%ක් පමණ වන බව ද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහි දී සඳහන් කළාය.

මේ අවස්ථාවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව, ප්‍රසම්පාදන අතිරේක ලේකම් දේවිකා ලියනගේ, මිලේනියම් අයිටී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ෂෙවාන් ගුණතිලක, ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.

Image


කතරගම දේවාලය ගැන විගණනයක් අරඹයි

Published on: February 07, 2025, 12:41 PM

ජනාධිපතිවරයාගේ නියෝග මත බව කියමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පෙරේදා (05දා) උදෑසන සිට රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි ප්‍රධාන කාර්යාලයේ විගණන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

විහාර දේවාලගම් පනත අනුව මෙහි විගණනයක් කරන්නේ නම් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාගේ ඉල්ලීම මත විගණකාධිපති දෙපාර්තමේන්තුව එහි යා යුතු වුවද කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයා දැනුම් දෙන තුරු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාවත් මේ බව දැන සිට නැතැයි අනාවරණය වී ඇත.

රුහුණ කතරගම මහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායකගේ පැමිණිල්ලක් මුල් කර ගනිමින් ජනාධිපති කාර්යාලය කළ දැනුම් දීමකට අනුව විගණන නිලධාරීන් එහි පැමිණි බව අනාවරණය වේ.

විගණකාධිපතිවරයාගේ උපදෙස් මත මොණරාගල පිහිටි විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ ඊයේ (05දා) පස්වරුව වන තුරු විගණන කටයුතු ආරම්භ කර තිබිණ.කතරගම මහ දේවාලයට පාතාල නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් අපලයකට භාර කළ රන් තැටියක් අතුරුදහන්වීම ඇතුළු චෝදනාවට ලක් වූ කතරගම දේවාලයේ ප්‍රධාන කපුවා විසින් කරන ලද පැමිණිල්ල මත මෙම විමර්ශනය අරඹා ඇතත් විගණනයට ලක් නොවන්නේ දේවාලයේ මාසය කරන එක කපුවෙකුට දේවාලයට ලැබෙන පඬුරුවලින් මාසෙකට රුපියල් කෝටි හතරක පමණ මුදල් ඔවුන් ගන්නා බව එහි පැමිණි විගණන නිලධාරීන්ට දේවාලයේ රාජකාරි කරන නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ .

බස්නායක නිලමේවරයාගේ කාර්යාලයට ලැබෙන සෑම ආධාරයක්ම විනිවිද භාවයකින් යුතුව වෙබ් අඩවියේ පළ කරන බවද මෙම විමර්ශනයේදී පෙන්වා දී තිබේ.විහාර දේවාලගම් පනත අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉල්ලීමක් මත මෙවැනි විගණනයක් කළ යුතු වුවද, අඩුම තරමේ විගණන කටයුතු සඳහා පැමිණෙන්නට පෙර බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ව දැනුවත් කිරීමක්වත් නොකර ඇතැයි හෙළි වී ඇත.

කෙසේ වුවද බස්නායක නිලමේවරයා පවසන්නේ, මෙම විගණනය තමන්ට ලැබුණා වූ දේව ආශිර්වාදයක් බවයි. මේ විගණනය මගින් තමන් විසින් කතරගම දේවාලයේ ආධාර මනා විනිවිද ආකාරයෙන් පවත්වාගෙන යන අකාරය රටටම අනාවරණය වනු ඇතැයි පවසන බස්නායක නිලමේවරයා, විගණන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමට තමන්ගේ උපරිම සහාය දෙන බවද කියා සිටියේය.

සෙල්ලකතරගම -අසිත වීරසිංහ/කතරගම -ආරියපාල රත්නායක

Image


ලුණු මිලත් ඉහළට

Published on: February 07, 2025, 11:39 AM

වෙළෙඳ පොළේ අලෙවි කිරීමට තිබෙන ඇතැම් ලුණුවර්ග ප්‍රමිතියෙන් තෙර බවත්,  සැලකිය යුතු මුදලකින් මිල ඉහළ ගොස් තිබෙන බවත් පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

ඇතැම් නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කර තිබෙන කුඩු කළ  ලුණු ( මේස ලුණු) අධික තෙත ගතියකින් යුක්ත බවත් මෙම වර්ගයේ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු.130- රු.160 අතර මුදලකට අලෙවි කරන බවත්  සඳහන් කරති.

මීට මාස දෙක තුනකට පෙර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුක් රුපියල් 95- රු 110 අතර මුදලකට අලෙවි කළ බවත් සමහර සමාගම් පැකට් දෙකක්  මිලදී ගත් විට තවත් පැකට්ටුක් නොමිලේ ලබාදුන් බවත් පෙන්වා දෙයි.

රුපියල් එකසිය විස්සකට අලෙවි වූ කැට ලුණු කිලෝවක මිල මේ වන විට රු. 230-රු. 240 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මෙම වර්ග දෙකේම ඇතැම් නිෂ්‍පාදන ජලයේ දිය කළ විට මඩ පාට බවත් සඳහන් කරයි.

මේස ලුණු වියළි තත්ත්වයකින් තිබිය යුතු වුවත් ඇතැම් ලුණු වර්ග තෙත ගතියකින් යුත්ත නිසා භාවිත කිරිමේදී  යම් යම් ගැටලු ඇති වන බවත් පෙන්වා දෙයි.

Image


මාස 9න් පිදුන පොල් පැලය

Published on: February 06, 2025, 11:42 AM

ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු  දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍ර දේශයේ විමලසිරි මහතාගේ නිවසේදී 03දා  ලංකාදීප කැමරාවට හසුකර ගැනීමට හැකි විය.

සාර්ථක පළදාවක් ඇති ගසකින් පොල් බීජ කීපයක් පැළ ලබා ගැනීමට සිටවු පසුබිමක මෙම සුවිශේෂි පොල්පැළය සාමාන්‍ය පොල් පැළයකට වඩා වෙනස්ව වැඩී මාස 9දී ඇට්ටි අවස්ථාව දක්වා වර්ධනය වු පොල් බීජ දැක ගැනීමට හැකිවුබව විමලසිරි මහතා අප සමග පඅවසුවේය.

මෙම පොල් පැළය වඩාත් හොද සාත්තුවක් ලබාදී වෙනත් යෝජිත ස්ථානයක සිටවා එය හොදින් රැකබලාගන එහි ප්‍රතිඵල බලාගැනීමට ආසාවෙන් සිටින බව ඒමහතා අප සමග වැඩිදුරටත් පැවසුවේය.

ආරච්චිකට්ටුව ලලිත් නවරත්න

Image


දුම්රිය තුනක තෙවන පන්තියේ ආසන වෙන් කිරීම අත්හිටුවයි

Published on: February 07, 2025, 10:42 AM

ලබන මස 10වන දින සිට දුම්රිය තුනක තෙවන පන්තියේ ආසන වෙන්කර ගැනීමේ පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මේ නිසා අඩු ආදායම්ලාභී ජනතාවට අසාධාරණයක් සිදුවන බවත් දුම්රිය සේවකයෝ සඳහන් කරති.

ලබන මස 10වන දින සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.55 හා 08.30 ට බදුල්ල බලා ධාවනය වන දුම්රියවල හා පස්වරු 03.45 ට තලෛයිමන්නාරම බලා ධාවනය වන දුම්රියවල තෙවන පන්තියේ වෙන් කළ ආසන පහසුකම් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.

දුර ගමන් යන ජනතාවට ආසන වෙන්කර ගැනීමට නොහැකි වුවහොත් ගමනාන්තය දක්වා සිට ගෙන යාමට පවා සිදුවිය හැකි බවත්, තුන්වන පන්තියේ  ආසන වෙන්කර ගනු ලබන්නේ අඩු ආදායම්ලාභී ජනතාව බවද සේවකයෝ පෙන්වා දෙති.

මෙම දුම්රියන් නැවත කොළඹට පැමිණීමට අදාළවත් තෙවන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් අහිමි කර තිබෙන බවත්, මේ අනුව මේ දක්වා ආසන වෙන්කිරීමේ පහසුකම් තිබූ තෙවන පන්තියේ මැදිරි සාමාන්‍ය තෙවන පන්තියේ මැදිරි ලෙස ඉදිරියේ ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කරයි.

සාමාන්‍ය හා අඩු ආදායම්ලාභී ජනතාව විසින් වෙන්කරන ලද මෙම ආසන පහසුකම ඉවත් කිරීම තුළින් එම ජනතාව අපහසුතාවයට ලක්වන නිසා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව සලකා බැලිය යුතු බවද පෙන්වා දෙයි.

Image


තැඹිලි ගෙඩියක මිල රු. 250ක් දක්වා ඉහළට

Published on: February 07, 2025, 09:42 AM

බොහෝ ප්‍රදේශවල මේ වන විට තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන අතර, මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක මිල රුපියල් දෙසියත් දෙසිය පනහත් දක්වා ඉහළ ගොස් තිබේ.

නිසි ලෙස තැඹිලි තොග නොලැබීම නිසා සිල්ලරට තැඹිලි අලෙවි කිරීමේ කටයුතු අතහැර දැමීම පවා සිදුව තිබෙන බව තැඹිලි අලෙවිකරුවන් සඳහන් කරති.

විවිධ රෝගාබාධ සඳහා තැඹිලි වතුර භාවිත කරන ලෙසට වෛද්‍ය නිර්දේශ ලබා දී තිබෙන රෝගීන්ට අවශ්‍ය තැඹිලි පවා සොයා ගැනීම දුෂ්කර වී තිබෙන බව රෝගී ජනතාව සඳහන් කරති.

විශාල වශයෙන් තැඹිලි විදේශ රටවලට යැවීම නිසා තැඹිලි හිඟයක් නිර්මාණය වී තිබෙන බවත්, වියළි කාලගුණ තත්ත්වය වැඩි වුවහොත් තැඹිලි ගෙඩියක මිල රුපියල් තුන්සියය දක්වා ඉහළ යා හැකි බවද තැඹිලි අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙති.

Image


ඉන්ටර්පෝල් රතු නිවේදන ලත් සැකකරුවන් තිදෙනෙක් ඩුබායිහිදි අල්ලයි

Published on: February 07, 2025, 08:41 AM

ජාත්‍යන්තර පොලීසිය හරහා නිකුත් කර තිබූ රතු නිවෙදන සහිත සැකකරුවන් තිදෙනෙක් ඩුබායිහිදි අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා විවිධ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි පුද්ගලයන් වෙයි. ඩුබායිහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් මෙම සැකකරුවන් තිදෙනා අද දින පෙරවරු 10ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපෙළ වෙත ගෙන ඒමට නියමිතව තිබේ.

Image


අපේක්ෂා රෝහලේ පරිත්‍යාග රු. කෝටි 40ක් කිසිම ඵලදායි වැඩකට යෙදා ගෙන නෑ

Published on: February 07, 2025, 07:25 AM

මහරගම අපේක්ෂා රෝහලේ පරිත්‍යාග ගිණුමට ලැබුණු රුපියල් කෝටි 40 ක අරමුදල් වසර 2 ක කාලයක් තුළ කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

2022 හා 2023  වර්ෂ සඳහා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි.

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් ද අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි. 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා විවිධ ව්‍යාපෘති 4 කට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි විගණන වාර්තාව සඳහන් කරයි.

එසේම කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබූ බව  මෙම විගණන වාර්තාව පෙන්වා දෙයි.

ලිට්ල් හාට් ව්‍යාපෘතිය යටතේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා මහල් 10 කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් උපකරණ මිලදී ගැනීමටත්  රුපියල් කෝටි හැට දෙකකට වැඩි අරමුදල් රැස්කර තිබුණද 2023 වර්ෂයේදී එම මුදලින් වැය කර තිබුණේ රුපියල් කෝටි 8 ක් පමණක් බව  විගණන  වාර්තාවේ සඳහන් වෙයි.

කමල් ශ්‍රී ලියනගේ

Image


මහාචාර්ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Published on: February 06, 2025, 09:26 PM

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත්ව තිබේ.  වසර දෙකක ධුර කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඇයගේ ධුර කාලය 2027දී ඇරඹීමට නියමිතය..

බෝවන රෝග මාඩපැවැත්වීම සඳහා සපයා ඇති දායකත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර බෝවන රෝග සංගමය විසින් ඇය තෝරාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරනු ලබන නීලිකා මලවිගේ මහත්මිය කොළඹ විශ්විවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකරගෙන තිබේ.

කොවිඩ් 19 වෛරසය, ඩෙංගු රෝගය හා සාර්ස් වැනි වෛරස් රෝග සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සිදු කළ පර්යේෂණ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇති අතර ඇය ලොව ප්‍රමුඛ විද්‍යාඥයන්ගේ ලැයිස්තුවටද ඇතුළත්ව සිටියි.

Image


හිටපු මන්ත්‍රී ශාන්ත නීතිවිරෝධීව එකලස් කළ ප්‍රාඩෝ රථයක කොටස් සොයා ගනියි

Published on: February 06, 2025, 08:41 PM

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාඩෝ රථයක චැසි සහ එන්ජින් අංක භාවිතා කරමින් ලියාපදිංචි කර භාවිතා කළ බව කියන නීති විරෝධීව එකලස් කරන ලද ප්‍රාඩෝ රථයක කොටස් ස්ථාන කීපයක සඟවා තිබියදී අද (6) අලුයම සිය භාරයට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය කියයි.

ඒ සමගම මන්ත්‍රීවරයා ප්‍රදේශය හැර පලායාම හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි විමර්ශන නිලධාරීහුු පවසති.

හිටපු මන්ත්‍රීවරයා නීති විරෝධීව එකලස් කරන ලද ලෑන්ඩ් කූෂර් ප්‍රාඩෝ  රථයක් පරිහරණය කරන බවට නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත වංචා විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව දින ගණනාවක් තිස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම රථය සිය භාරයට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක් පුත්තලමට ගියබව පොලිසිය කියයි.

නමුත් අදාල රථය සොයාගැනීමට නොහැකි වී ඇති අතර වැඩිදුරටත් සිදු කළ පරික්ෂාවේදී එයකොටස් කර මන්ත්‍රීවරයාට අයත් පපුත්තලමේ   පිහිටි පොල් ඉඩමක තිබී එන්ජිමේ කොටසත් සහ ඔහුගේ නිවසට ආසන්නයේ  වෙනත් නිවසක සඟවා තිබියදී චැසිය හා බඳ කොටසක් සොයා ගැනීමට සමත් වී ඇත.

සැකකාර මන්ත්‍රීවරයා  එම ප්‍රාඩෝ රථයට යොදා ගෙන ඇති දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තු මගින් භාවිතා කරන ප්‍රාඩෝ රථයක එන්ජින් සහ චැසි අංක කොටා ලියාපදිංචි කර බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඉකුත් කාලය පුරා දිවයිනේ විවිධ ස්ථානවලින් කොටස් එක ලස කරන ලද වාහන පොලිස් භාරයට ගැනීමත් සමගම සැකකාර මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත්‍රයා එක්ව මෙම රථය කොටස් කර සඟවා ඇති බවට විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාල ගත වංචා විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

Image


වැලි හොරෙන් ඇද්ද ට්‍රැක්ටරයට වෙඩි

Published on: February 06, 2025, 07:59 PM

යපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවහනය කරමින් තිබූ ට්‍රැක්කටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු ඊයේ (05) සවස අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය පැවසීය.

ගුරුනගර් සිට නීතිවිරෝධි වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පිළිබඳව යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ගුරුගර ප්‍රධාන මාර්ගයේ මුරකාවල් යොදා සිටියදී අදාල වැලි ට්‍රැක්ටරය ධාවනය වී ඇති අවස්ථාවේ පොලීසිය විසින් ට්‍රැක්ටරය නැවත්වීමට එහි රියදුරුට අණ කොට ඇත.

පසුව ට්‍රැක්ටරය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ට්‍රැක්ටරය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරය නොනවැත්වීම නිසාවෙන් ට්‍රැක්ටරයට වෙඩි තබා ඇත. එහිදී රියදුරු බියට පත්ව ට්‍රැක්ටරය දමා පලා යාමට උත්සහ ගත් අවස්ථාවේදී පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Image


උතුරෙන් රු. කෝටි 6 ක ගංජා අල්ලයි

Published on: February 06, 2025, 07:12 PM

යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ත් බවට පොලීසිය පැවසීය.

යාපනය උදයපුරම් මුහුදු වෙරල ප්‍රදේශයේදී කොට්ඨාශ අපරාද විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන ලද කේරල ගංජා කිලෝ 104 ක් සමග සැකකරුවන් තිදෙනෙකු ඊයේ (05) දින අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේදී යාපනයේ සිට පුත්තලම් දක්වා වාහනයකින් රැගෙන යමින් සිටි කේරල ගංජා කිලෝ 60 ක් සමගින් පුද්ගලයින් දෙදෙනෙකු පුනරීන් පොලීසිය විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගන්නා ලදි.

මේ අතර මාන්තෙයි බටහිර අඩම්පන් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 28 ක් සොයගත් බවට අඩම්පන් පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් දිස්ත්‍රීක් භාර අධිකරණයන් වෙතට ඉදිරිපත් කිරීමට ස්ථාන භාර පොලිසීය විසින් කටයුතු කොට ඇත.

Image


154 වන කණ්ඩායමත් ඊශ්‍රායලයට

Published on: February 06, 2025, 06:18 PM

ඊශ්‍රායල නිවාස පාදක සාත්තු සේවා රැකියා සදහා සුදුසුකම් ලැබූ එකලොස් දෙනෙකු සදහා අද (06) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ගමන් බලපත්‍ර ලබා දීම සිදු වුණි.

මෙලෙස ඊශ්‍රායලයට පිටත්ව යෑමට සූදානම් වන්නේ 154 වන කණ්ඩායමයි. මෙම එකලොස් දෙනා අතර කාන්තා රැකියාලාභීන් නව දෙනෙකු සහ පිරිමි රැකියාලාභීන් දෙදෙනෙකු ඇතුලත් ය.

2025 ජනවාරි මස පළවෙනිදා සිට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූ පිරිස මෙම කණ්ඩායමද ඇතුළත්ව 131 කි. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 2,021 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා උදා වී ඇත.

නිපුණතා සහිත ශ්‍රමිකයින් ඉහළ වැටුප් සහිත වෘත්තිය රැකියා සදහා විදේශ ගතකිරීමට කාර්යාංශය අපේක්ෂා කරන අතර, ඒ අනුව පුහුණු ශ්‍රමිකයින් රැකියා සඳහා විදෙස් රටවලට යොමුකිරිමට මේ වන විට කටයුතු කරමින් පවතී. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරට යමින් යුරෝපානු හා නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රමිකයින් යොමුවීමේ ප්‍රවණතාවයක්ද පසුගිය වසර කිහිපයේ ඇතිවෙමින් පවතින අතර, ඒ අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමුවීමටද ශ්‍රි ලාංකිකයින්ගේ වැඩි උනන්දුවක් පවතී.

Image


අල්ලස් ගත් කාර්යාල කාර්ය සහායක අවුරුදු 28ක් හිරේට

Published on: February 06, 2025, 05:32 PM

මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකුට වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා රුපියල් 31,000/-ක දඩයක්ද අද (06) නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙ දඬුවම් නියම වුයේ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කළ රාමවික්‍රම ගමාච්චිගේ රුවන් නමැත්තකුටය.

2016 සැප්තැම්බර් 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී, මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට තැපැල් මඟින් ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට තිලිණ නයනජිත් නමැත්තාගෙන් රුපියල් 11,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබාගැනීම ඇතු`ථ චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී අදාළ සී.සී.ටී.වි. කැමරා කට්ටල ආනයනය කළ ටී.පී. තිලිණ නයනජිත් නමැත්තා කළ පැමිණිල්ලකට අනුව උපාය දූතයකු යොදවා කළ වැටලීමකදී විත්තිකරු අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට ගත් බවට සාක්කි ඉදිරිපත් විය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා හතරටම ඔහු වරදකරු බවට තීරණය කළේය.

ඒ අනුව එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා හතරට සඳහා වසර 28ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවම් වසර 07ක කාලයක් තුළ එකවර ගෙවීයන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළේය.

සචිත්‍ර ගුණසේකර

Image


පෞද්ගලික වෙළඳුන් රු. 130ට ගත්ත නාඩු කිලෝවට රජය රු. 120 ක් නියම කිරීමෙන් ගොවියා කබලෙන් ලිපට

Published on: February 06, 2025, 04:59 PM

රජය මගින් නාඩු වී සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීමට පෙර ඉකුත් 5දා දක්වා,  පෞද්ගලික වෙළඳුන් නාඩු කිලෝවක් රුපියල් 130ක මිලකට, මිලදී ගත් බවත් රජය මගින් නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක සහතික මිලක් නියම කිරීම හේතුවෙන්  ගොවියා කබලෙන් ලිපට ඇද වැටුණු බව පවසමින්, මහවිලච්චිය ප්‍රදේශයේ  සිට අනුරාධපුරයට පැමිණි ගොවියකු අනුරාධපුර පිහිටි  ඩී.එස්.සේනානායක පිළිරුව ඉදිරිපිටට  පැමිණ, අද (6දා) සත්‍යග්‍රහයක නිරත විය.

මහවිලච්චිය පේමඩුව ප්‍රදේශයේ පදිංචි ආර් අනුර බණ්ඩාර නමැති ගොවි මහතා  ‘ වී ‘ කරල් කිහිපයක් සහ කෘමි නාශක අඩංගු බෝතලයක් රැගෙන එය ඩී.එස්.සේනානායක පිළිරුව  වෙත දිගු කරමින් රජය ඇතුළු මහ මෝල් කරුවන්ගෙන්  ගොවියා බේරා දෙන ලෙස අයැද සිටියේය.

” මේ වනවිට රජයේ වී මිලදී ගැනීමේ, මිලත් එක්ක ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටිනවා. එදා මේ රජය බලය ගන්න කොට කිව්වේ ගොවියාට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.වී වලට සහතික මිල නියම කිරීමෙන් මෝල් හිමියන්ට වාසියක් උනා.

දැන් ගොවියාගේ වී වලට සාධාරණ මිලක් කියලා, 120ක මිලක් නියම කරලා තියෙනවා. මේ මගේ අතේ තියෙන  ගොයම් කරල්, මේ ගොයම් කරල්, මේ දක්වා මේ තත්ත්වයට එනකං වතුර දුන්න දවසේ ඉඳලා දුක් විඳලා, දුක් විඳලා, පැල් රැකලා වී වලට සාධාරණ මිලක් ලබා දෙනවා කිව්වට පස්සේ  අද 120ක මිලක් ලබා දීලා තියෙනවා. අද පොහොර මිල කීයද?

බිත්තර වී වලට කීයද, හාන්න යන මුදල කීයද, මේව දැකල නෑ වගේ තමයි කෘෂිකර්ම ඇමති තුමා අද ටයිකෝඩ් දා ගෙන, සීතල කාමර වල ඉඳලා තීන්දු තීරණ ගන්නේ. හැබැයි ගොවියාට ඔබ තුමාලා මේ විදියට කරොත් මේ අතේ තියෙන්නේ වස බීලා සිය දිවි හානි කර ගන්න තමයි වෙන්නේ.

අද මම අනුරාධපුරයට ආවේ රටටම බත් දුන්න පියා, එදා වැව් අමුණු හදලා රට සශ්‍රීක කරලා රට පෝෂණය කරපු ඩී.එස්.සේනානායක පිළිරුව  ඉදිරිපිට ඉඳලා මම කියන්නේ, අද මේ දහදිය කඳුළු හැමදේම මහ පොළොවට පතිත කරන්නෙ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අඩවියේ ඉඳලා, එම නිසා අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. කුඹුරට වතුර දුන්න දවසේ ඉඳලා ගොවියා විඳින දුක, උඩ ඉන්න දෙවියන් වත් දන්නේ නෑ.

එදා හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයා රුපියල් 350 ගානේ, ‘කන්න’ 5ක්  අපිට පොහොර ලබා දුන්නා හොරා කෑවාත් එතුමා  ජනතාවට සේවයක් කළා.

අද වන විට වී කිලෝව 130ට දෙන්න බෑ, කළුකඩ මුදලාලිලා අඩුවට කිරනවා, ඒක මාධ්‍ය හරහා පෙන්නුවා. රජයේ මිල නිසා ඊයේ මම කඩෙන් අහන කොට කිව්වේ, තෙත වී ගන්නේ 90යි  අපිට ඊට වැඩිය බෑ කියලා. රුපියල් විස්සක් 30ක්වත් අපිට ඕනෙ කියලා. රජය කරපු දේ නිසා අපිට 130ට වී දෙන්න බැරි වෙලා තියෙනවා දැන් පෞද්ගලික අංශයට.”

Image


කෙහෙළියගේ දේපළ වන්දිය ලක්ෂ 959 ජොන්ස්ටන්ගේ දේපළ වන්දිය ලක්ෂ 934

Published on: February 06, 2025, 04:10 PM

2022 අවුරුද්දේ සිදු වූ අරගලයේදී දේපල හානී වූ බව පවසා දේශපාලඥයන් 43 දෙනෙකු රුපියල් කෝටි 122.41 ක වන්දි මුදලක් වන්දි ලෙස ලබාගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අද (06දා) පැවති විවාදයේදී ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙම අනාවරණය සිදු කළේය.

වන්දි මුදල් ගෙවා තිබූ ආකාරය

කපිල ණුවන් අතුකෝරල 504 000

විමලවීර දිසානායක 550 000

ගීතා කුමාරසිංහ 972000

ජනක තිස්සකුට්ටිආරච්චි 1 143 000

ගුණපාල රත්නසේකර 1 412 780

ප්‍රේමනාත් සී දොලවත්ත 2 300 000

ප්‍රියංකර ජයරත්න 2 348 000

සම්පත් අතුකෝර 25 40610

ජයන්ත කැටගොට 2 814800

විමල් වීරවංශ  2 540 000

චන්න ජයසුමන 3 334 000

අකිල එල්ලාවල3 554 250

චමල් වීරවංශ 6 539 374

චන්දිම වීරක්කොඩි  6 948 800

අශෝක ප්‍රියන්ත 7 295 000

සමන්ප්‍රිය හේරත් රුපියල් ලක්ෂ 105.2

ජනක බණ්ඩාර  රුපියල් ලක්ෂ   150.5

රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ  114.4

සීතා අරඹේ රුපියල් ලක්ෂ පොල රුපියල් ලක්ෂ  137.8

සහන් ප්‍රදීප් රුපියල් ලක්ෂ  171.3

ශෙහාන් සේමසිංහ රුපියල් ලක්ෂ  185.1

ඉන්දික අනුරුද්ධ රුපියල් ලක්ෂ 195.5

මිලාන් ජයතිලක රුපියල් ලක්ෂ  223

රමේෂ් පතිරණ  රුපියල් ලක්ෂ 281

දුමින්ද රුපියල් ලක්ෂ 288

කනක රුපියල් ලක්ෂ 292

ඩී.බී. හේරත්  රුපියල් ලක්ෂ 321

ප්‍රසන්න රණවීර රුපියල් ලක්ෂ 327

ඩබ්. ඩී වීරසිංහ රුපියල් ලක්ෂ  372

ශාන්ත බණ්ඩාර රුපියල් ලක්ෂ 391

එස්.එම්. චන්ද්‍රසේන රුපියල් ලක්ෂ 438

සනත් නිශාන්ත රුපියල් ලක්ෂ 427

සිරිපාල ගම්ලත් රුපියල් ලක්ෂ 509

අරුන්දික ප්‍රනාන්දු  රුපියල් ලක්ෂ 552

සුමිත් උඩුකුඹුර රුපියල් ලක්ෂ 559

ප්‍රසන්න රණතුංග රුපියල් ලක්ෂ  561

කෝකිලා ගුණවර්ධන රුපියල් ලක්ෂ 587

මොහාන් පී ද සිල්වා  රුපියල් ලක්ෂ 601

නිමල් ලන්සා රුපියල් ලක්ෂ  692

අලි සබ්‍රි රහීම්  රුපියල් ලක්ෂ 709

ගාමිණී ලොකුගේ රුපියල් ලක්ෂ 749

ජොන්ස්ටන් ප්‍රනාන්දු  රුපියල් ලක්ෂ 934

කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ  959

Image


ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහි මහින්දගේ පෙත්සම සලකා බලයි

Published on: February 06, 2025, 03:34 PM

නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත දීමට රජයට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

දශක තුනක කාලයක් රට වෙළාගෙන තිබු යුද්ධය නිමා කිරීමට නායකත්වය දීම හේතූවෙන් නිරන්තරයෙන්ම ත්‍රස්තවාදී තර්ජනයන්ට ගොදුරු වී සිටින තමන්ගේ ආරක්‍ෂාව ස`ඳහා යොදවා සිටි ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය හේතූවෙන් තම ජීවිත ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් වී ඇතැයි සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම එදින කැඳවන ලෙසද වැඩිදුරටත් නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මඩුල්ල හමුවේ පෙත්සම කැඳවනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ උත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීතිඥ අනුරාධ සෙනරත් මහතා මඟින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති මහින්ද රාජපක්ෂ මහතා දශක තුනක කාලයක් මෙරට වෙළාගෙන සිටි යුද්ධයක නිමා කිරීමට නායකත්වය දුන්නේ තමා බව සඳහන් කර ඇත.

යුද්ධයක් නිම කිරීමට නායකත්වය දීම හේතූවෙන් තමා නිරන්තරයෙන් ත්‍රස්තවාදී තර්ජනයන්ට මුහුණපා සිටීම නිසා තම ආරක්‍ෂාවට යුදහමුදා අණදෙන නිලධාරීන් තිදෙනෙක්ද, ඒකක යුදහමුදා අණදෙන නිලධාරීන් සිව්දෙනෙකු ඇතුලත්ව සෙසු නිලයන් 58 දෙනෙකු යොදවා සිටි බවත් ඊට අමතරව පොලිස නිලධාරීන් 56 දෙනෙකු සහ පොලිස් රියදුරුන් 29 දෙනෙකු ලබාදී සිටි බව සඳහන් කරන හිටපු ජනාධිපතිවරයා තමන්ගේ ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට නිසි තක්සේරුවකින් තොරව ඉතිරි සිය`ථ ආරක්ෂක නිලධාරීන් ඉවත්කර ඇතැයිද සඳහන් කර ඇත.

මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් ආරක්ෂාව සඳහා සපයා ඇත්තේ පොලිස් නිලධාරින් පමණක් බවත් අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් තම ජීවිතයටද තර්ජන එල්ල වී ඇති බවත් පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා එලෙස ආරක්‍ෂාව ඉවතත් කිරීමෙන් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටී.

තමන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳ තක්සේරුවක් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඇයැද සිටින මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට තමාගෙන් ඉවත් කර ඇති සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි තමාට සැපයීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයිද ඉල්ලා සිටී.

පෙත්සම කැදවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි  අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ගැනීමට මෙන්ම විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය හෙයින් ඒ සඳහා කාලය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම පිළිබඳ තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව වුවත් වගඋත්තරකරුවන් කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කර ඇතැයි පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ඉල්ලා වගඋත්තරකරුවන් වෙනුවෙන් කළ ඉල්ලීමට අවසර දුන් අතර අවශ්‍ය නම් ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට හැකියාව ඇතැයිද දැනුම් දුන්නේය.

සචිත්‍ර ගුණසේකර

Image


රනිල් වික්‍රමසිංහගේ ළමයට මෙතුමන්ලා උප්පැන්නේ දුන්නා වගේ එකක් තමයි පේන්නේ

Published on: February 06, 2025, 02:30 PM

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වාහන ආනයනය කිරීමට යෙදවූ වැඩ පිළිවෙල තමන් කළාක් මෙන් වත්මන් ආණ්ඩුව හැසිරීමක් පෙනෙන්න තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේපැවැත්වෙන විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් ඇහුවම ඔබතුමන්ලා කියනවා අපිට මාස 10ක්  ළමයි හම්බෙන්න ගත වෙනවා. මාසෙන් දෙකෙන් ළමයි හදන්න බෑ කියලා. ඒත් වාහන ගෙනාපු එකේ මාසෙන් දෙකෙන් ළමයා හදපු හැටි අපිට පොඩ්ඩක් දැනගන්න කැමතියි. මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ළමයට මෙතුමන්ලා උප්පැන්නේ දුන්නා වගේ එකක් තමයි පේන්නේ. මට තියෙන බය මාස 10කින් කොහොමත් බබා හම්බවෙයි යන විදියට. “

Image


අවසන් තරගය ක්‍රීඩා කරන දිමුත්ගේ පළමු ඉනිම ලකුණු 36ට සීමා වෙයි

Published on: February 06, 2025, 01:30 PM

සිය ක්‍රිකට් දිවියේ අවසන් තරගය සහ 100 වැනි තරගය ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්නගේ පළමු ඉනිම ලකුණු 36ට සීමා විය.

ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේතන ලයන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේය.

Image


හෙද පුහුණුව අවසන් කර සිටි තරුණිය ළිඳට පැන දිවි නසා ගෙන

Published on: February 06, 2025, 01:26 PM

බිබිල මහඔය මර්ගයේ 66 කණුව දඹදෙනිය  ප්‍රදේශයේ හෙද පුහුණුව අවසන් කර රැකියාව බලාපොරොත්තුවෙන් සිටි තරුණියක නිවස පිටුපසු තිබු  ළිදකට පැන  05 දින සවස මියගොස් ඇති බව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මහඔය දඹදෙනිය ප්‍රදේශයේ පදිංචි මෙත්මා අධිකාරි නැමති 27 හැවිරිදි තරුණියකි.

ඇය රජයේ හෙද විදුහලෙන් හෙද පුහුණුව ලබා රැකියාව අපේක්ෂාවෙන් නිවසේ සිටියදි මෙම සියදිවි නසාගැනීම සිදුකරගෙන තිබෙන බව පොලිසිය කියයි.

මියගිය තරුණිය මානසික ආතතියට ඖෂධ ලබාගෙන තිබෙන බවට තොරතුරු  සොයාගත් බව පොලිසිය කියයි.  මහඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් මත නිළධරීන් පරීක්ෂණ පවත්වති.

Image


පාසල් දැරියක පැහරගෙන යමින් සිටි තරුණයෙක් අල්ලයි

Published on: February 06, 2025, 12:36 PM

දියතලාව නගරයේ දී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක පැහැරගෙන බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ න් යමින් සිටියදී පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී පාසල් දැරිය සමඟ සැකකාර තරුණ අරක්කැමියකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාඇල  බෝපිටිය ප්‍රදේශයේ ජාඇල ප්‍රදේශයේ සංචාරක හෝටලයක අරක්කැමියකු ලෙස සේවය කරන 18 හැවිරිදි තරුණයකු යැයි පොලිසිය කීය .

පැහැරගෙන යාමෙදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව විහාරගලපතන ප්‍රදේශයේ පදිංචි දියතලාව ප්‍රදේශයේ පාසලක 9 ශ්‍රේණිය ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක බවත් ඇය වෛද්‍ය පරීක්ෂණ යක් සදහා දියතලාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

මෙම සැකකරු බාලවයස්කාර පාසල් දැරිය සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් ඒ අනුව සැකකරු කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ න් දියතලාව නගරයට පෙරේදා (5) උදෑසන සිසුවිය මුණගැසීමට  පැමිණ ඇති බවත් පොලිසිය සදහන් කළේය .

සිසුවිය සුපුරුදු පරිදි පාසල් යාමට උදෑසන නිවසින් පිටත්ව දියතලාව නගරයට පැමිණ පාසල් නොගොස් තරුණයා මුණගැසී ඇති බව පොලිසිය පවසයි .

පසුව පාසල් නිළ ඇදුම් පිටින් සිටි සිසුවියට උඩ්න් වෙනත් ඇදුමක් අන්දවා සිසුවිය කැටුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට නැග සිසුවිය සැකකරු කොළඹ රැගෙන යමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය .

මේ අතරතුරේ සිය දියණිය තරුණයකු සමග දියතලාව දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියට නැග ගිය බවට සිසුවිය ගේ මවට හිතවත් අයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමක් අනුව මව මේ සම්බන්ධයෙන් දියතලාව පොලිසිය ට ගොස් පැමිණිලි කර ඇත .

පසුව වහා ක්‍රියාත්මක වූ දියතලාව පොලිසිය මේ සම්බන්ධයෙන් පොලිස් පණිවුඩ යවමින් පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර , මෙහිදී පට්ටිපොළ දුම්රිය ස්ථානය ට උඩරට මැණිකේ දුම්රිය ලගා වීමේන් අනතුරුව පට්ටිපොළ පොලිස් නිලධාරීන් දුම්රිය පරික්ෂා වට ලක් කර මෙම පැහැරගෙන යමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන දියතලාව පොලිසිය ට බාර දුන් බවද පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය .

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල  බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.කේ.බංඩාර මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

ඇල්ල ප්‍රසාද් රුක්මල්

Image


මාස 9න් පිදුන පොල් පැලය

Published on: February 06, 2025, 11:42 AM

ඉතිහාසයේ මෙතෙක් අප නොදුටු  දුර්ලභම පොල් වල්ල බැට්ටි අවස්ථාව දක්වා වර්ධනය වී තිබියදී ආරච්චිකට්ටුව නැගෙනහිර වැලිවැව ප්‍ර දේශයේ විමලසිරි මහතාගේ නිවසේදී 03දා  ලංකාදීප කැමරාවට හසුකර ගැනීමට හැකි විය.

සාර්ථක පළදාවක් ඇති ගසකින් පොල් බීජ කීපයක් පැළ ලබා ගැනීමට සිටවු පසුබිමක මෙම සුවිශේෂි පොල්පැළය සාමාන්‍ය පොල් පැළයකට වඩා වෙනස්ව වැඩී මාස 9දී ඇට්ටි අවස්ථාව දක්වා වර්ධනය වු පොල් බීජ දැක ගැනීමට හැකිවුබව විමලසිරි මහතා අප සමග පඅවසුවේය.

මෙම පොල් පැළය වඩාත් හොද සාත්තුවක් ලබාදී වෙනත් යෝජිත ස්ථානයක සිටවා එය හොදින් රැකබලාගන එහි ප්‍රතිඵල බලාගැනීමට ආසාවෙන් සිටින බව ඒමහතා අප සමග වැඩිදුරටත් පැවසුවේය.

ආරච්චිකට්ටුව ලලිත් නවරත්න

Image


රියදුරන් හා කොන්දොස්තරවරුන් අතර ගැටුමෙන් දෙදෙනෙක් රෝහලට

Published on: February 06, 2025, 10:56 AM

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස්රථ දෙකක රියදුරු , කොන්දොස්තරවර  සේවකයන් දෙපිරිසක් අතර  ඇතිවූ ගැටුමකදී කිතුල් පොල්ලකින් සහ අතින් පයින් පහරදීමෙන් තුවාල ලැබු පෞද්ගලික බස්රථ රියදුරන් දෙදෙනකු සමඟ බස්රථ කොන්දොස්තරවරයකු ඊයේ (5) මීගහකිවුල සහ බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පවසයි .

මන්නාරම සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක සහ මහියංගණ සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක රියදුරු , කොන්දොස්තරවරුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය කීය .

මෙම ගැටුමෙන් තුවාල ලැබු    මහියංගණ සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ  රියදුරු ලෙස සේවය කල වැලිමඩ  ගුරුතලාව කරගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු , කොන්දොස්තරවරයා ලෙස සේවය කල   බදුල්ල රිල්පොල මැදගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු  මීගහකිවුල රෝහලට ඇතුළත් කර  මන්නාරම සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ රියදුරු ලෙස සේවය කල බණ්ඩාරවෙල බිදුනුවැව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

මහියංගණ සිට බදුල්ල හරහා වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථය පසුපසින් පැමිණි මන්නාරම සිට බදුල්ල හරහා දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථය  කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී වැලිමඩ පෞද්ගලික බස්රථය ඉස්සර කර ඉදිරියට ගොස් මගහරස් කර නවතා මන්නාරම දියතලාව පෞද්ගලික බස්රථයේ රියදුරු , කොන්දොස්තරවරයා බසයෙන් බැස ගොස් වැලිමඩ පෞද්ගලික බස්රථ රියදුරුට මෙසේ අතින් පයින් පොල්ලකින් පහරදී ඇතැයි පොලිසිය සදහන් කළේය .

පසුව බස්රථ දෙකේ කොන්දොස්තර රියදුරු දෙපිරිස අතර ගැටුම දුර දිග යාමෙන් අනතුරුව මෙසේ පෞද්ගලික බස්රථ රියදුරන් දෙදෙනකු සමග කොන්දොස්තරවරයකු තුවාල ලබා රෝහල් ගත කල බවද පොලිසිය පවසයි .

වේලා.සටහන් සම්බන්ධයෙන් මෙම පෞද්ගලික බස්රථ දෙකේ රියදුරු කොන්දොස්තරවරුන් දෙපිරිස අතර හටගත් ආරවුලක් ගැටුමට හේතු වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය .

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත , ජේෂ්ඨ පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.කේ.දිසානායක මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

Image


ත්‍රිකුණාමලය කොටු පවුර සංරක්ෂණය කරයි

Published on: February 06, 2025, 09:54 AM

ත්‍රිකුණාමලය ලන්දේසි බල කොටුව සම්පූර්ණ දිනක් ගත කරමින් ආකර්ෂණීය තැන් නැරඹීමේ අවස්ථාව සංචාරකයන්ට ලබා දීමේ අරමුණින් කොටු පවුර ඇතුළු ගොඩනැගිලි සංරක්ෂණය කිරීමට රජය තීරණය කර තිබේ .

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල හා නැගෙනහිර පළාත් සංචාරක කාර්යාංශය එක්ව මෙම ව්‍යාපෘතිය වසරක් තුළ ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා පැවසීය.

මේ අනුව කොටුව තුළ පිහිටි ලන්දේසි ගොඩනැගිලි, බිම් ගෙවල්, කොටු පවුර ඇතුළු හඳුනාගත් ස්ථාන සංරක්ෂණය කරණ අතර දැනට යුද හමුදාව යටතේ ඇති සංචාරකයන්ට විවෘත කළ හැකි ස්ථාන හඳුනාගෙන ඒවා යුද හමුදාවෙන් ලබා ගැනීමටද තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් කීහ.

ත්‍රිකුණාමලය කොටුවේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය

ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව

Image


හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි

Published on: February 05, 2025, 02:14 PM

ආණමඩුව නායික්කුලය  රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින්  ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.

මෙම ව්‍යාපාරීකයා රැගෙන ආ බිම් බලැන්සය කිසිවකුට සැක නොසිතන අයුරීන් එහි නියමිත බර සලකුණු නොවන ලෙසට පහත යකඩ රාමුවට අගල් පහේ යකඩ ඇණ දමා සිර කරමින් වී ලබා ගනිමින් තමන්ට වංචාවක් කල බව ගොවින් චෝදනා කරති.

ආණමඩුව රඹේයාය ප්‍රදේශයෙ  ගොවි මහතෙකුට අයත් වී තොගයක් කිරන අවස්ථාවේදි ඒ පිලිබදව නිවෙස් හිමි ගොවි මහතා ඇතුළු පවුලේ පිරිසට සැක සිති ඇති බවත් නිවැසියන්ට යම් සැකයක් මතුව ඇති බවට දැන ගත් ව්‍යාපාරීකයා කඩිනමින් අදාල වී සදහා මුදල් ගෙවා පිටව යාමට සුදානම් වන විට ගම්වාසින් එක්ව ලොරිය නවතා තිබු බව කියයි.

ඒ සමග බිම් බලැන්සය බිමට ගෙන පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ නියමිත ලෙස සැකසි තිබු දෑ ඉවත් කර ඒ සදහා යකඩ ඇණ යොදා තිබු බවයි.

ගොවින් පවසන්නේ එසේ සැකසු විට තමන්ගේ එක් වී මිටියකින් කිලෝ 10 කට රහසේ හොරට කිරා ගැනිම සිදුවන බවයි.

අදලා සිද්දියට මුහුණ දුන් ගොවි මහතා වන එම්.එම්. මුදියන්සේ ගොවි මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

“ අපි අහිංසක මිනිස්සු.මාස තුනකට වැඩි කාලයක් දහදුක් විදලා ගෙට ගත්ත වි ටික හොරට කිරාගෙන ගිහාම අපි ජීවත් වෙන්නේ කොහොමද ඇත්තටම අපිට හිතා ගන්න බැහැ.

මගේ තෙත වී කිලෝව රුපියල් 108 ගානේ මුදලට ගන්න මේ මුදලාලි පොරෝන්දු වුනා.ඒ නිසා මම වී ටික එයාට දුන්නා.සේරම වී කිරුවේ බිම් බලැන්සයෙන් ඒ කිරද්දි මට සැක හිතුනා හැම උරයකම තිබුනේ කිලෝ 35, 36 වගේ නමුත් අපේ දැනුමේ හැටියට කිලෝ 50 ට වැඩි වෙන්න ඕනා ඒ නිසා අපිට සැකය වැඩි වුනා.

ඒ ගැන අහපුහාම එක එක ඒවා කියලා කිරපු වී වලට සල්ලී දිලා යන්න සුදානම් වුනා.මමයි අපේ ළමයි එකතු වෙලා දෝස් කියලා බැන වැදුනා පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා බලැන්සය බිමට අරන් බැලුවා.

එතකොටයි දැක්කේ බලැන්සේ යකඩ තට්ටුව තිබෙන ඇණ ඉවත් කරලා නියමිත බර අදින එක අඩු කරන්න අගල් පහේ යකඩ ඇණ දාලා තිබේනවා.

අපි පොලිසියට කතා කරලා කියුවා.පොලිසිය අපේ කිරපු වි අරන් යන්න හැදුවා අපි ඒකට ඉඩ දුන්නේ නැහැ මොකද  මේ වි පොලිසියට අරන් ගිහින් උසාවි දාලා කවලා දෙයිද දන්නේ නැති නිසා. එතකොට වී තොගයම තෙත නිසා විනාශ වෙන්න අපිට දෙන්න බැරි හින්දා.හැබැයි පොලිසියට හොරුයි බලන්සැයි අල්ලලා දුන්න නිසා එයාලා ඉතිරි පරික්ෂණය කරලා දායි කියලා අපි හිතනවා යැයි ඔහු පවසන්නට විය.

ආණමඩුව පොලිසියෙ නිළධාරීන් පිරිසක් පැමින අදාල ලොරි රථය හා එහි තිබු තවත් වී තොගයක් හා බිම් බලැන්සය සමග ලොරි රථයෙ පොලිසිය වෙත අදාල පරික්ෂණ සදහා රැගෙන යාම සිදුවිනි.

කෙසේ වෙතත් ගොවින් පවසන්නේ රජය වී අලේවි මංඩලය සක්‍රිය කර තිබුනා නම් කිසිදු ලෙසකින් මෙලෙස ගම් පුරා ගමන් කරමින් වී මිලදි ගන්නා පිරිසට කිසිදු ලෙසකින් වී ලබා දීමක් සිදු නොකරන බවය.

Image


ජනපතිගෙ මිළඟ නිල විදෙස් සංචාරය 10 දා ඇරඹෙයි

Published on: February 06, 2025, 08:21 AM

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය සංචාරය ලබන 10 දා ආරම්භ කිරිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ජනවාරි 10 දා සිට 13 දා දක්වා ක්‍රියාත්මක මෙම සංචාරයේදී ජනපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වන ලෝක රාජ්‍ය සමුළුව 2025 සඳහා එක්විමටද නියමිතය. එසේම මෙහිදි ජනපතිවරයා විවිධ රාජ්‍ය නායකයන් මෙන්ම ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නියෝජිතයන් හා සාකච්ඡා පැවැත්විමටද නියමිතය.

Image


පොල්මද ගෙන්වීමට මාර්ගෝපදේශ සකසයි

Published on: February 06, 2025, 07:45 AM

පොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන  ධාරිතාවෙන් යුත්  පොල් මද  ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක්  හා  පොල් තෙල්  නිෂ්පාදනය සඳහා  වියළන ලද කුරුට්ට සහිත  පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොල් නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම නිසා  උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පොල් අමුද්‍රව්‍ය වශයනේ  භාවිත කරන දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත  හා පරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට  අනුගතව කඩිනමින් ගෙන්වීමේ හැකියාව සොයා බැලීම සඳහා  කැබිනම් මණ්ඩලය විසින් පසුගිය 27 වැනි දින බලධාරීන්ට  උපදෙස් ලබා දී තිබුණි.

අදාළ බලධාරීන් විසින්  මාර්ගෝපදේශ  සකස් කර ඉදිරිපත් කර තිබු අතර  එකී මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොල් ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත්  පොල් මද ප්‍රමාණයක් හා  වියලන ලද කුරුට්ට සහිත (කොප්පරා නොවන )  පොල්  ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Image


පාස්පෝට් කන්තෝරුවට අමතර සේවකයන්

Published on: February 05, 2025, 09:34 PM

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා  අවශ්‍ය අමතර  කාර්ය මණ්ඩල සපයා දීමට රජය තීරණය කර තිබේ.මේ අනුව  පී  කාණ්ඩයේ  චිපය රහිත  හිස් විදේශ ගමන් බලපත්‍ර 1.100.000ක් වත්මන් සැපයුම්කරුගෙන්  සපයා ගැනීමේ  ප්‍රසම්පාදන ක්‍රියාවලියක්  මේ වන විට ආරම්භ කර ඇත.

මේ වන විට පවතින විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ  ප්‍රමාදය  ඉවත් කිරීම සඳහා ආගමන විගමන දෙපර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරා  ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ අනුව  දිනකට ගමන් බලපත්‍ර හාරදහස බැගින්  නිකුත් කිරීමට තීරණය කර තිබෙන අතර  මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා  අවශ්‍ය අතිරේක කාර්යමණ්ඩල  කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට  කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම  ලබා ඇති නිලධාරීන්  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාව  කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Image


මන්ත්‍රීවරුන්ට දැන් වාහන ආනයනය කරන්නේ නෑ, රජයෙන් වාහන දෙන්නෙත් නෑ

Published on: February 05, 2025, 09:16 PM

පෞද්ගලික පරිහරණය වෙනුවෙන් වාහන ආනයනය කිරීමට රජය අවසර දුන්නද මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන ආනයනය කිරීමට දැන්ම කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

මන්ත්‍රීවරුන්ගේ වාහන අවශ්‍යතාව වෙනුවෙන් යම්කිසි පහසුකමක් සකස් කෙරුණු ඇති බවද අමාත්‍යවරයා පැවැසීය. කිසිසේත්ම මන්ත්‍රීවරුන්ට වාහන ආනයන බලපත්‍ර ලබා නොදෙන බවත් ඔහු පැවැසීය.

“මන්ත්‍රීවරයා වැඩ කරන්න ඕන තමයි. නමුත් මේ අවස්ථාවේ අපේ ප්‍රමුඛ කාර්ය වාහනය නෙමෙයි. ප්‍රවාහන  පහසුකම් දරා ගන්න අපි ක්‍රම කිහිපයක් සකස් කරනවා. මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙන්නේ නෑ “

Image


ඔන්ලයින් පනතට ආරණ්ඩුවෙන් සංශෝධන

Published on: February 05, 2025, 08:26 PM

‘ඔන් ලයින්’ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (05) දැනුම් දුන්නේය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා මෙසේ දැනුම් දුන්නේ අදාළ පනත සම්මත කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ  මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් සලකා බැලීණ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරේ වගඋත්තරකරුවන් වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.

ඔන්ලයින් පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විවිධ පාර්ශව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනුකළ බවත් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාල පනත පාර්ලිමේන්තුවේදී සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට කළ යුතු සංශෝධන ගණනාවක් රජයට යෝජනා කර තිබූ බවත් පෙත්සමිකරුවෝ සඳහන් කරති.

ඒත් පනත සම්මත කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ නිර්දේශ ඊට ඇතුළත් කිරීමට එවක රජය කටයුතු නොකළ බවත් ඒ අනුව අදාළ පනත නිසියාකාරව නිත්‍යානුකූලව සම්මත වී නොමැති බවත් ප්‍රකාශ කරන පෙත්සම්කරුවෝ ඒ අනුව තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන්නැයිද අදාළ පනත සම්මත කර ඇති ආකාරයේ නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන්නැයිද ඉල්ලා සිටිති.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් ‘ඔන්ලයින්’ පනතට සංශෝධන ගෙන ඒමට පසුගිය රජය සමයේ පියවර ගෙන තිබුණත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම එම කටයුතු අඩාළ වූ බව දැනුම් දුන්නේය.

මේ වන විට සම්මත කර ඇති අදාළ ‘ඔන්ලයින්’ පනතට සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි කී සොලිසිටර් ජනරාල්වරයා  ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත යැයිද කීය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විරාන් කොරයා සහ නීතිඥ සේනානි දයාරත්න යන මහත්වරු කරුණු දක්වමින් පනත සම්මත කරගත් ආකාරය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.

ඒ අවස්ථාfවේදී පෙත්සම්කාර නීතිඥවරුන් ඇමතූ විනිසුරු මඩුල්ල අදාල පනතට සංශෝධන ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින හෙයින් ප්‍රගතිය සලකා බැලීමෙන් පසු පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සුදුසු බව දැනුම් දුන්නේය.කරුණු සළකා බැලීමෙන් අනතුරුව ජුනි 23 වැනිදා පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

සචිත්‍ර ගුණසේකර

Image


පොල්මද ගෙන්වීමට මාර්ගෝපදේශ සකසයි

Published on: February 05, 2025, 07:46 PM

පොල්ගෙඩි මිලියන දෙසීයකට සමාන  ධාරිතාවෙන් යුත්  පොල් මද  ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක්  හා  පොල් තෙල්  නිෂ්පාදනය සඳහා  වියළන ලද කුරුට්ට සහිත  පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පොල් නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම නිසා  උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන පොල් අමුද්‍රව්‍ය වශයනේ  භාවිත කරන දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත  හා පරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට  අනුගතව කඩිනමින් ගෙන්වීමේ හැකියාව සොයා බැලීම සඳහා  කැබිනම් මණ්ඩලය විසින් පසුගිය 27 වැනි දින බලධාරීන්ට  උපදෙස් ලබා දී තිබුණි.

අදාළ බලධාරීන් විසින්  මාර්ගෝපදේශ  සකස් කර ඉදිරිපත් කර තිබු අතර  එකී මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොල් ගෙඩි මිලියන දෙසීයකට සමාන ධාරිතාවෙන් යුත්  පොල් මද ප්‍රමාණයක් හා  වියලන ලද කුරුට්ට සහිත (කොප්පරා නොවන )  පොල්  ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


ජීප් රථයක් කූඨ ලෙස ලියාපදිංචි කළ වාහන ව්‍යාපාරිකයෙක් අල්ලයි

Published on: February 05, 2025, 07:31 PM

ටොයොටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ ජීප් රථයක් නීති විරෝධී ව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කළ වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයකු මොරන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළව අදාල දීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.

එකී ජීප් රථය නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි කිරීම තුළින් දූෂණය වරදට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේ මොරන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වාහන වෙළඳාම් කිරීමේ ව්‍යාපාරිකයා ඉකුත් 3 වෙනිදින අත්අඩංගුවට ගෙන  පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (7)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එදිනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කර ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි

Image


අවධානමට පෙර සූදානම

Published on: February 05, 2025, 06:41 PM

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ   මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ  දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝදර  අතර මාර්ග කොටස තුල ඇති නායයාමේ අවධානම වැලක්වීම සදහා කඩිනම් ස්ථිර සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 101.3 ක මුදලක් වෙන් කර තිබේ. ඒ යටතේ බණ්ඩාරවෙල දුමිරිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද නායයාම වැලක්වීම සදහා දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේම දුම්රිය මාර්ගයට ඉහලින් පිහිටා ඇති තැපැල්කන්ද සෑම වර්ෂා කාලයකදීම නායයාම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බොහෝ අවස්ථාවලදී බණ්ඩාරවෙලට පමණක් සීමා වන අතර එය වැලක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ බණ්ඩාරවෙලල සිට දෙමෝදර දක්වා නිරන්තරයෙන්ම නාය යන ස්ථාන අටක් හදුනා ගෙන එම ස්ථාන අටම නායයාම වැලක්වීම සදහා සංවර් ධනය කිරීමට නියමිතය.

මෙරටට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් ඇල්ල සහ දෙමෝදරට දුම්රියෙන් පැමිනෙන අතර මෙම සංචාරකයින් උඩරට දුම්රිය මාර්ගයේ සිරි නැරඹීම සදහා ඉමහත් කැමත්තක් දැක්වීම නිසා මෙම මාර්ගයේ  නාය යාම් අනතුරු වලක්වා ගැනීමටත් සංචාරක ආකර් ෂණය එලෙසම පවත්වා ගැනීමත් අරමුණු කර ගනිමින්  මේ වන විට මෙම දැවැන්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙහිදි නාය අනතුර සහිත කදුකර ප්‍රදේශය ස්වාභාවික තත්වය ආරක්ෂා කරගනිමින් කොන්ක්‍රීට් ආවරනයක් හා ජලය බැසයාමේ තාක්ෂණික ක්‍රියාවලියක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට නානු ඹය දක්වා ස්ථාන රාශියකද මෙම ව්‍යාපෘතියේ තවත් අදියර කිහිපයක් සිදු කරන අතර එම කටයුතු අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේදි මෙම කදු ගැට ආවරණය කරමින් කොන්ක්‍රීටි වැස්මක් යොදන අතර එහි හිඩැස් අතරින් ශාක වවා නැවතත් ස්වභාවික පරිසරය නිර් මාණයවීමෙන් මෙහි ස්වභාවික තත්වය නැවත ඇතිකරන බවද ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය පවසයි.

නිශ්ශංක මීගහකිවුල

Image


බීමත්ව කලහකාරී ලෙස හැසිරුණ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Published on: February 05, 2025, 05:59 PM

මත්පැන් පානය කර තනිකඩ බට නිවාසය තුළදී පාලනය කරගත නොහැකි තරමට  කලාහකාරි ලෙස හැසුරුනු  පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කිරීමට  පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

මෙලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේය.

වැඩ තහනමට ලක් වූ කොස්තාපල්වරුන් දෙදෙනා ඊයේ (4) මධ්‍යම රාත්‍රියේදී තනිකඩ බට නිවාසය තුළදී බහින් බස් වීමක් සිදුකරගෙන ඇති අතර රාත්‍රී කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයා එය පරික්ෂා කිරීමේදී ඔහුටද එම තත්ත්වයේ පාලනය කරගත නොහැකි වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව කොස්තාපල්වරුන් දෙදෙනා පානදුර මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයට ලක් කර ඇති අතර ප්‍රශ්වාසයේ මධ්‍යසාර ගඳ ඇති බවට සඳහන් කර වෛද්‍ය වාර්තාව ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඉහත  විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා විසින් කොස්තාපල්වරුන්  දෙදෙනාගේ රාජකාරී වැඩ තහනමට ලක්කර ඇත.

බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ/පානදුර සුමිත් පොතුපිටිය

Image


ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි

Published on: February 05, 2025, 05:07 PM

ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර ඒ ඒ ජනපතිවරයාගේ කැමැත්ත මත පත්කර ගන්නා බවත් එය රාජ්‍ය සේවයට අදාළ තනතුරක් නොවන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

“ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ මහජන ආරක්ෂක ආමත්‍ය ආනන්ද විජේපාල මහතායි. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර පත්වෙන්නේ ඒ ඒ ජනාධිපතිවරයාගේ ධුර කාලයට හා ඒ ඒ ජනාධිපතිවරයාගේ කැමැත්ත මතයි.

ඒක රාජ්‍ය සේවයේ තනතුරක් නෙමෙයි. පෞද්ගලික ලේකම් කෙනෙක් ඉන්නවානේ ඇමතිවරයෙකුට එයත් රජයෙන් පඩි ලබනවා. ආනන්ද විජේපාල ඇමතිවරයා රජයෙන්  පඩියක් ලබන්නෙ නෑ. තනතුරට පඩියක් ලැබෙනවා. එක් කලින් හිටපු අය අරගෙන ඇති. අපි ගන්නේ නෑ. ඇමතිවරයෙකුගේ පෞද්ගලික ලේකම්ට පඩි ලැබෙන්නෙත් ඔය විදිහටම තමයි.”

Image


දෙහිවල සහ ගල්කිස්ස ඝාතන හතරක රයිඩර් අත්අඩංගුවට

Published on: February 05, 2025, 04:59 PM

දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් වල සිදුකළ  මනුෂ්‍ය ඝාතන හතරක යතුරු පැදි කරු ලෙස කටයුතු කළ පුද්ගලයා   අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්තිඩිය, වැව පාරේදී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 15 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු මහේෂ් පෙරේරා නොහොත් ජනියා  නමින් හඳුන්වන ගල්කිස්ස බඩෝ විට 3 වන අදියර පදිංචිකරුවෙකි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව ඉකුත් 30 වෙනි දින අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 7 ක  රැඳවුම් නියෝග මත සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී  මෙම අපරාධ සම්බන්ධයෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත මෙම සිව් ඝාතනය සඳහා සැකකරු පැදිකරු ලෙස සම්බන්ධව ඇත්තේ එක් ඝාතනයක් සඳහා රුපියල් ලක්ෂ පහක  කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම සංවිධානාත්මක අපරාධකරු විසින් අපරාධ සිදු කිරීම සඳහා අවි ආයුධ සහ යතුරුපැදී විවිධ පුද්ගලයන් මාර්ගයෙන් මෙම සැකකරුට ලබා දී ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකරු විසින්  දෙහිවල පොලිස් වසමට අයත් බඩෝවිට හතරවන අදියර ප්‍රදේශයේදී  ඉකුත්  වසරේ සැප්තැම්බර් මස 15 වෙනි දින තරිඳු මදුෂාන් ස්වාරිස් (31) නැමැති පුද්ගලයා ඝාතනය කිරීම , එම වසරේ නොවැම්බර් 13 වෙනි දින ගල්කිස්ස පොලිස් වසමේ බඩෝ විට තුන්වන අදියරේ  ගයෂාන් චතුරංග ප්‍රනාන්දු (30) ඝාතනය කිරීම හා ඉකුත් ජනවාරි මස හත්වැනි දින ගල්කිස්ස වටරප්පල  ප්‍රදේශයේදී  බෝම්බිරියගේ සුදත් ගෝමස් නොහොත් මනෝ (37) හා ඔහුගේ ඥාති පුත් චානුක විමුක්ති පිරිස් (21) යන ද්විත්ව ඝාතන සිදුකිරීම සඳහා පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍වලට ඇබ්බැහි වුවෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Image


නීති විරෝධි ලෙස රට තුළට ගෙන ඒමට උත්සාහ කළ සතුන් සහ ඖෂධ තොගයක් අත්අඩංගුවට

Published on: February 05, 2025, 04:02 PM

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය හා එක්ව මන්නාරම පේසාලේ ප්‍රදේශයේ 2025 පෙබරවාරි මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පරෙවියන් (Pigeons), අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් (African love birds), පියාඹන ලේනුන් (Flying squirrels) සහ ඖෂධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් (01) සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නීතියේ රැහැනට අසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික ‍නෞකා තම්මැන්නා ආයතනයට ලද තොරතුරකට අනුව, එම ආයතනය සහ මන්නාරම කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශණ කාර්යාංශය එක්ව, මන්නාරම පේසාලේ ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම ලොරි රථය තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ පරෙවියන් (Pigeons) 220ක්, අප්‍රිකානු සුරතල් පක්‍ෂීන් (African love birds) 20ක්, පියාඹන ලේනුන් (Flying squirrels) 08ක්, ඖෂධ පෙති 230ක් සහ ඖෂධ දීයර අඩංගු බෝතල් 40ක් සමඟ එම ලොරි රථය සහ සැකකරුවන් තිදෙනෙක් (03) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම ඒකාබද්ධ මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 44ත් අතර වයසේ පසුවන ‍දඹුල්ල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සතුන්, ලොරි රථය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Image


හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි

Published on: February 05, 2025, 02:14 PM

ආණමඩුව නායික්කුලය  රඹේයාය ප්‍රදේශයෙ ගොවින්ගේ තෙත වී මිලදි ගැනිමට පැමිනි ව්‍යාපාරිකයකු කිසිවකුට සැක නොසිතන අයුරීන් ඔහු රැගෙන ආ බිම් බලැන්සයෙ බර වෙනස් කරමින්  ගොවින්ගේ වී හොරට කිරමින් සිටියදි ගොවින් විසින් අදාල ව්‍යාපාරීකයා හා ලොරි රථය සමග එහි සේවකයින් පිරිස ආණමඩුව පොලිසියට භාර දීමට 4 දින සවස කටයුතු කර තිබු බව කියයි.

මෙම ව්‍යාපාරීකයා රැගෙන ආ බිම් බලැන්සය කිසිවකුට සැක නොසිතන අයුරීන් එහි නියමිත බර සලකුණු නොවන ලෙසට පහත යකඩ රාමුවට අගල් පහේ යකඩ ඇණ දමා සිර කරමින් වී ලබා ගනිමින් තමන්ට වංචාවක් කල බව ගොවින් චෝදනා කරති.

ආණමඩුව රඹේයාය ප්‍රදේශයෙ  ගොවි මහතෙකුට අයත් වී තොගයක් කිරන අවස්ථාවේදි ඒ පිලිබදව නිවෙස් හිමි ගොවි මහතා ඇතුළු පවුලේ පිරිසට සැක සිති ඇති බවත් නිවැසියන්ට යම් සැකයක් මතුව ඇති බවට දැන ගත් ව්‍යාපාරීකයා කඩිනමින් අදාල වී සදහා මුදල් ගෙවා පිටව යාමට සුදානම් වන විට ගම්වාසින් එක්ව ලොරිය නවතා තිබු බව කියයි.

ඒ සමග බිම් බලැන්සය බිමට ගෙන පරික්ෂා කිරීමේදි හෙළිව ඇත්තේ නියමිත ලෙස සැකසි තිබු දෑ ඉවත් කර ඒ සදහා යකඩ ඇණ යොදා තිබු බවයි.

ගොවින් පවසන්නේ එසේ සැකසු විට තමන්ගේ එක් වී මිටියකින් කිලෝ 10 කට රහසේ හොරට කිරා ගැනිම සිදුවන බවයි.

අදලා සිද්දියට මුහුණ දුන් ගොවි මහතා වන එම්.එම්. මුදියන්සේ ගොවි මහතා මෙලෙස අදහස් දක්වන්නට විය.

“ අපි අහිංසක මිනිස්සු.මාස තුනකට වැඩි කාලයක් දහදුක් විදලා ගෙට ගත්ත වි ටික හොරට කිරාගෙන ගිහාම අපි ජීවත් වෙන්නේ කොහොමද ඇත්තටම අපිට හිතා ගන්න බැහැ.

මගේ තෙත වී කිලෝව රුපියල් 108 ගානේ මුදලට ගන්න මේ මුදලාලි පොරෝන්දු වුනා.ඒ නිසා මම වී ටික එයාට දුන්නා.සේරම වී කිරුවේ බිම් බලැන්සයෙන් ඒ කිරද්දි මට සැක හිතුනා හැම උරයකම තිබුනේ කිලෝ 35, 36 වගේ නමුත් අපේ දැනුමේ හැටියට කිලෝ 50 ට වැඩි වෙන්න ඕනා ඒ නිසා අපිට සැකය වැඩි වුනා.

ඒ ගැන අහපුහාම එක එක ඒවා කියලා කිරපු වී වලට සල්ලී දිලා යන්න සුදානම් වුනා.මමයි අපේ ළමයි එකතු වෙලා දෝස් කියලා බැන වැදුනා පස්සේ ගමේ කට්ටිය එකතු වෙලා බලැන්සය බිමට අරන් බැලුවා.

එතකොටයි දැක්කේ බලැන්සේ යකඩ තට්ටුව තිබෙන ඇණ ඉවත් කරලා නියමිත බර අදින එක අඩු කරන්න අගල් පහේ යකඩ ඇණ දාලා තිබේනවා.

අපි පොලිසියට කතා කරලා කියුවා.පොලිසිය අපේ කිරපු වි අරන් යන්න හැදුවා අපි ඒකට ඉඩ දුන්නේ නැහැ මොකද  මේ වි පොලිසියට අරන් ගිහින් උසාවි දාලා කවලා දෙයිද දන්නේ නැති නිසා. එතකොට වී තොගයම තෙත නිසා විනාශ වෙන්න අපිට දෙන්න බැරි හින්දා.හැබැයි පොලිසියට හොරුයි බලන්සැයි අල්ලලා දුන්න නිසා එයාලා ඉතිරි පරික්ෂණය කරලා දායි කියලා අපි හිතනවා යැයි ඔහු පවසන්නට විය.

ආණමඩුව පොලිසියෙ නිළධාරීන් පිරිසක් පැමින අදාල ලොරි රථය හා එහි තිබු තවත් වී තොගයක් හා බිම් බලැන්සය සමග ලොරි රථයෙ පොලිසිය වෙත අදාල පරික්ෂණ සදහා රැගෙන යාම සිදුවිනි.

කෙසේ වෙතත් ගොවින් පවසන්නේ රජය වී අලේවි මංඩලය සක්‍රිය කර තිබුනා නම් කිසිදු ලෙසකින් මෙලෙස ගම් පුරා ගමන් කරමින් වී මිලදි ගන්නා පිරිසට කිසිදු ලෙසකින් වී ලබා දීමක් සිදු නොකරන බවය.

Image


සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ

Published on: February 05, 2025, 01:25 PM

ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.

මහනුවර නුගවෙල ඊයේ (04දා) සවස පැවැති පාක්ෂික හමුවකදී ඒ මහතා එසේ කීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනරජ පෙරමුණෙන් තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරිම සඳහා මෙම  හමුව සංවිධානය කර තිබිණ‍

හාරිස්පත්තුව ප්‍රා දේශිය සභාවේ හිටපු මන්ත්‍රී ධනුෂක මල්වැව මහතා විසින් සංවිධානය කර තිබූ මෙම හමුවේදී තව දුරටත් දඅහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“1948  ඉඳලා මෙරට තිබුණ ප්‍රධාන සාම්ප්‍රදායික  පක්ෂ සියල්ල මේ වන විට බිඳ වැටී තිබෙනවා.  එක්සත්ජාතික පක්ෂය විශාල වශයෙන් බිඳ වැටිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බි ඳ වැටිල තියෙනවා. සමඟි ජන බලවේගය බිඳ වැටෙමින් තිබෙනවා. සමගි ජන බලවේගයේ අවසන්  ජනාධිපතිවරණය තමයි පසුගිය මැතිවරණය මින් පස්සේ ඔවුන්ට ජනාධිපතිවරණයකට එන්න වෙන්නේ නෑ.  ඔය විදිහට සාම්ප්‍රදායික පක්ෂ කඩා වැටෙද්දී අරගලය නිසා ජාතික ජන බලවේගයට බලයට එන්න පුළුවන් වුණා.

ජාතික ජල බලවේගය බලයට පත් වුනේ පොරොන්දු ගණනාවක් ලබා දීලා.තෙල් මිල අඩු කරනව කිව්වා විදුලි බිල තුනෙන් එකකික් අඩු කරනව කිව්වා.අත්‍යාවශ්‍ය භාණ්ඩලව මිල අඩු කරනව කිව්වා. වි වලට සහතික මිලක් දෙනව කිව්වා.වැඩකරන ජනතාවගේ පඩි මාස හයෙන් හයට වැඩි කරනව කිව්වා. මේ මාස කිහිපය තුල අපට පේනවා ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමියගෙයි කතා පුස් වෙඩිල්ලක්.

2015 ආණ්ඩුවේ දින සීය තුල තෙල් මිල අඩු වුණා.විදුලි බිල අඩු වුණා.පඩි රුපියල් 10,000 කින් වැඩි වුණා.සමෘද්ධිය රුපියල් 5000 කින් වැඩි වුණා. ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනාධිපති ධූරයේ බලතල කපන්න පුළුවන් උපරිමයෙන් කැපුවා.

වත්මත් ජනාධිපතිවරයා ජනාධිපති ධූරය  අහෝසි කරනව කියලයි. ආවේ ඇවිත් ආයතනවල 94 ක් තමන් යටතට පවරා ගත්තා ඔය ආයතන අනූ හතරේ වාඩි වෙන්නවත් වෙලාවක් තියෙනවාද? දවස ගානේ ගියත් මාස තුනක් යනවා.

හාල් කිලෝව 300 ට නැඟල තියෙන්නේ ඇමති  මීක් නෑ. පොල් 250 යි ඇමති මීක් නෑ. ව්‍යවස්ථාවෙන් දේශපාලඥයින්ගේ කටට ප්ලාස්ටර් ගැසිය යුතුයි.  වගකීමෙන් කතා කිරීමට ඔවුන් පුරුදු කළ යුතුයි.

අපේ කාලයේ රුපියල් 95 කට ඩීසල් ගත්ත ඔවුන් අද 280 ට ඩීසල් ගහගෙන අපෙන් අහනව  අපි මොනවද කළේ කියලා.   අපේ කාලයේ 117 ට පෙට්‍රල් අරගත්ත ඔවුන් අද රුපියල් 310 ට ගහගෙන අපෙන් අහනය මොනවද කළේ කියලා .

ජනතාව මෙවර අහු වෙලා ඉන්නේ එසේ මෙසේ රැවටීමකට නෙවෙයි. විශාල රැවටීමකටයි අහු වෙලා ඉන්නේ.

මේ ආණ්ඩුවට තියෙන ලොකුම අඩුව තමයි දැනුමක් නැති කම. තියෙන එකම දැනුම පන්ති පහේ දැනුම  පමණයි එතැනින් එහාට කිසිම දැනුමක් නෑ .අනෙක අත්දැකීම් නෑ  රජයකට කරුණු හතරක් අත්‍යාවශ්‍යයි දේශ මාමකත්වය අවශ්‍යයි. අවංකත්වය අවශ්‍යයි.ඒ වගේම දැනුම අවශ්‍යයි. පළපුරුද්ද සහ අත්දැකීම අවශ්‍යයි.  මේ ගොල්ලන්ගේ සමාජවාදයකුත් නෑ ධනවාදයකුත් නෑ තියෙන්නේ මුසාවාදය විතරයි.

මේ මහ මැතිවරණයේදී රජය කිව්ව මුසාවාදයට අපි රැවටුනේ නෑ කියල කියන්න  ළඟ එන පළාත් පාලන මැතිවරණය හොඳ අවස්ථාවක්”

මොහොමඩ් ආශික්

Image


බදුල්ලේ වායුගෝලයේ අහිතකර තත්ත්වයක්

Published on: February 05, 2025, 12:38 PM

බදුල්ල නගරය හා ඒ ආශ්‍රිත වායුගෝලය අද (5) සුළු වශයෙන් අහිතකර තත්ත්වයකට පත්ව තිබූ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (4) හා අද (5) දිනයේ මෙම තත්ත්වය පැවති අතර පෙරේදා දිනට සාපේක්ෂව ඊයේ දින තත්ත්වය අහිතකර වී ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ  බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ. එම් .එල් උදයකුමාර මහතා පැවැසීය

උතුරු දෙසින් පැමිණෙන දූෂිත සුළං ප්‍රවාහ හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර හැකි හැම විටම මුඛ ආවරණ පළඳින්නයිද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Image


වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න

Published on: February 05, 2025, 11:14 AM

වී අලෙයි මණ්ඩලය විසින් වී මිලදී ගන්නා මිල ගණන් මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය විසින් නාඩු වී මිලදී ගන්නවා කිලෝ එකක් රු.120ට. ඒ වගේම සම්බා කිලෝ එකක් මිලදී ගන්නවා රු.125ට. ඒ වගේම කීරි සම්බා කිගෝ එකක් මිලදී ගන්නවා රු.132ට.

Image


ස්වීඩනයේ පාසලක වෙඩි තැබීමක් - වෙඩික්කරු ඇතුලු 10ක් මරුට

Published on: February 05, 2025, 10:32 AM

ස්වීඩනයේ පාසල් පරිශ්‍රයක සිදු කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂ පත්ව තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, එයින් පුද්ගලයන් සිව් දෙනෙකු ශල්‍ය කර්ම සඳහා භාජනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Image


GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ

Published on: February 05, 2025, 09:25 AM

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමඟින් අපේක්ෂා කෙරේ.


පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Published on: February 05, 2025, 08:00 AM

මෙම සතියේ පාර්ලිමේන්තුව අද (5දා) සිට ලබන 07වැනිදා දක්වා දින 03ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.ඒ අනුව අද පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.පෙ.ව 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇත. අනතුරුව පෙ.ව 11.30 - ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි. ප.ව 3.30 - ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Image


සේ.අ.අරමුදලේ සාමාජිකයන් ලියාපදිංචිය අලුත් කරයි

Published on: February 04, 2025, 09:05 PM

සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන් ලියාපදිංචි කිරිමේ ක්‍රම වේදයේ වෙනසක් සිදුකර තිබේ. ඒ අනුව නව ලියාපදිංචිය සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.


විද්‍යුත් දුම්වැටි 262ක් සමග ගුවන් මගී කාන්තාව අත්අඩංගුවට

Published on: February 04, 2025, 06:51 PM

රුපියල් තිස් නව ලක්ෂ තිස් දහසක් වටිනා විද්‍යුත් දුම්වැටි 262 ක්  නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්  ුඅද (04දා)  අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පසුවන ව්‍යාපාරික කාන්තාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

ඊයේ අලුයම  මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන්යානයකින්  කටුනායක ගුවන්තොටුපොළට පැමිණ තිබූ ඇය රැගෙන ආ ගමන් මලු තුළ උරා බොන වාර 12,000 ක් (Smoking Shot) සහිත විද්‍යුත් දුම්වැටි 262 ක් සඟවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

මේ වනවිට ඇය පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන  07 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.

Image


අම්බලන්තොට තිදෙනෙකු ඝාතන සිද්ධියේ සැකකරුන් තිදෙනෙකු රිමාන්ඩ්

Published on: February 04, 2025, 04:27 PM

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්​​ගෙන් තිදෙනෙකු පෙබරවාරි 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාස භාරයට යොමු කර ඇත.

Image


පවතින ව්‍යවස්ථාව වහාම අහෝසි කරන්න

Published on: February 04, 2025, 02:53 PM

පවතින ව්‍යවස්ථාව වහාම අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසීහ.

කොළඹ අද(04දා) පැවති දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

Image


පළාත් පාලන ඡන්දේදී ඉතුරු ටිකත් හෝදලාම දායි රටේ ජනතාව

Published on: February 04, 2025, 01:52 PM

ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලන සංස්කෘතියට ආදාර්ශයක් ලබා දෙමින් සිටින බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.

“මඩ වලවල් වලම ලැගලා, අපේ රටේ ජනතාවගේ රීරී මාංශ උරාගෙන බීපූ දේශපාලඥයන්ය මේවා මැජික් තමයි. දුවගේ පුතාගේ මගුල් ගේත් තමන්ගේ ගෙදර වැඩ ටිකත් මේ රටේ ජනතාවගේ සල්ලි වලින්  කාබාසිනියා කරපු නායකයන්ට මේවා මැජික් තමයි. අපි මේ දෙන්නේ දේශපාල සංස්කෘතියේ ආදර්ශයක්. තව ටික කාලකින් බලන්නකෝ ​ඔය කෑ ගහන කට්ටියටත් මොකද වෙන්නේ කියලා. ඉදිරි පළාත් පාලන ඡන්දේ එනවා, ඉතුරු ටිකත් හෝදලාම අරයි මේ රටේ ජනතාව. ”

Image


දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

Published on: February 04, 2025, 11:25 AM

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාව සමග එළැඹෙන 06 වැනිදා ආරම්භ වන තරගයෙන් පසු ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇත.

එම තරගය දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100 වැනි ටෙස්ට් තරගය වේ.

මෙතෙක් ටෙස්ට් තරග 99ක් ක්‍රීඩා කර ඇති දිමුත් ලකුණු 7172ක් රැස් කරගෙන තිබේ.

Image


රු. කෝටි 9ක ලුණු ටොන් 2402ක් විනාශ වෙන්න ඉඩ හැරලා

Published on: February 04, 2025, 10:12 AM

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුණු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක (නව කෝටි තිස් දෙලක්ෂ හැටන දහස් නවසිය දහ නවයක ) වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.

පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වූ පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.

මෙයට අමතරව බුන්දල ලේවායේ 2016 -2021 නිපදවූ රුපියල් 2,342,398 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 73.98 ක් දිගු කාලයක් තිස්සේ  අලෙවි නොකර තිබූ බවද විගණනයෙන් පෙන්වා දී තිබේ.

2023 වසරට අදාළව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබූ මෙම විගණන නිරීක්ෂණ සම්බන්ධයෙන් ලුණු සමාගම විසින් විගණනය වෙත අදහස් දැක්වීමක්ද කර නැත.

පැරණි ලුණු තොග අලෙවි කර හානි වළක්වා ගන්නා ලෙසත් සිදුවූ හානිවලට අදාළ අලාභය වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගත යුතු බවත් විගණනයෙන් ලුණු සමාගමට නිර්දේශ ලබාදී ඇත.තත්වය මෙසේ තිබියදී කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් පසුගියදා ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් මෙරටට ආනයනය කළ අතර ඉදිරියේදී තවත් ලුණු මෙට්‍රික් ටොන් 12,450 ක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා විය.

ජේ. ඉඳුරුවගේ

Image


ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනූ ඉෂාදි අමන්දා දිවයිනට

Published on: February 04, 2025, 12:30 AM

ඇමෙරිකාවේ ලාස්වේගාස් හී පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනාගත්  ඉෂාදි අමන්දා අද (04දා) දිවයිනට පැමිණියාය.

මෙහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද ඇය සහභාගී විය.

Image


අපරාධකරුවන් 68ක් ඉන්ටර්පෝල් රතු නිවේදන

Published on: February 04, 2025, 09:15 AM

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 68 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

මෙම රතු නිවේදනවලට අනුව විදේශ රටවලදී අදාළ අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් පෙරේදා දිනයේ ඩුබායි රාජ්‍යයේදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් හෙතෙම පැවසීය.

මෙම සතියෙහිදී මෙම තිදෙනා මෙරට රැගෙන විත් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවත් මේ ආකාරයට විදේශ ගත වී සිටින අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ඉදිරියට ඉදිරිපත් කරන   බවත් සඳහන් කළේය.

මේ වසරේ ගෙවීගිය කාලයෙහිදී වෙඩි තැබීම් සිද්ධි 11ක් වාර්තා වී තිබෙන  බවද  මීට අදාළව සැකකරුවන් විසි දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඔහු සඳහන් කරයි.

මෙම වෙඩිතැබීම්වලින් පහක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදුකර තිබෙන බවත් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබෙන බවත් ඉතිරි වෙඩි තැබීම් හය පුද්ගලික හේතු මත සිදුවී තිබෙන බවත් වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් කෙටිකාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

මේ අනුව සැකකරුවන් විසිදෙනෙකු, පිස්තෝල ගිනි අවියක් හා  ටී පනස් හය ගිනි අවි තුනක් අත්අඩංගුවට ගත් බවත්, මෙම  ටී පනස් හය ගිනි අවි වෙඩි තැබීම්වලට සම්බන්ධද නැද්ද යන්න විමර්ශන සිදුවන බවත් ඔහු  පැවසීය.

Image


දහසක් අවලාද හා බාධා මැද රජය ස්ථාවරව ඉදිරියට යනවා

Published on: February 04, 2025, 08:56 AM

පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වත්මන් රජයේ පොරොන්දුව පරිදිම අද වන විට ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටින බවද ජනපතිවරයා නිදහස් දින සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් පවසයි.

ජනපතිවරයාගේ නිදහස් දින පණිවිඩය…

අද දින අප 77 වන ජාතික නිදහස් දිනය සමරන්නේ අලුත් නිදහසක් පිළිබඳ වූ බලාපොරොත්තු හද දරමිනි. ශ්‍රී ලංකා ඉතිහාසය ප්‍රව‍ර්තනය කරමින් උතුර, නැගෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක් ව ගොඩනැඟූ මහජනතාවගේ ආණ්ඩුවක් සමඟ අප මේ වන විට අලුත් මඟකට පිවිස ඇත. පසුගිය සියවසේ අපට අහිමි වූ සහ අපට මඟහැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනඟා ගැනීමේ අභියෝගය සමඟ අපි සැමදෙනා මේ වන විට සාමුහිකව පොරබදමින්  සිටිමු.

අපගේ අනාගත පරපුර උදෙසා අප දේශය නව ස්ථරයක් වෙත ඔසවා තැබිය යුතුය. රුහිරෙන් කඳුලින් අරගල කළ ඉතිහාසයේ සියලු විරුවන්ගේ කැපකිරීම්වල අපේක්ෂාව වූයේ ද එයයි. ඒ අනුව පුද්ගලිකවත් සාමූහිකවත් අප ඒකීය පද්ධතියක් ලෙස සමාජීය, පාරිසරික හා ආචාරධාර්මික මං ඔස්සේ සංවර්ධිත නූතන ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟිය යුතුය.

නව රජය ලෙස  එහිදී පසුගිය මාස හතර තුළ මූලික වශයෙන් සවිමත් ආර්ථිකමය පදනමක් මත රට ස්ථාවර කිරීම,  නව දේශපාලන සංස්කෘතියක් අභ්‍යාස කරමින්, දේශපාලනය හා දේශපාලනඥයා පිළිබඳ වූ නව පරමාදර්ශයක් වෙනුවෙන් කැපවීම, ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් තොරව අනෙකා දෙස සමානාත්මතාවෙන්, ගෞරවනීය හා සහකම්පනීය ලෙස බැලීම හා සැලකීම කෙරෙහි ජනතාව මෙහෙය වීම හා නීති බල ගැන්වීම, ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ අපගේ මුඛ්‍ය පරමාර්ථ සාධනය කර ගැනීම සඳහා වූ ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී එළැඹුම සනිටුහන් කරමින්, අවදානමට ලක් වූ හා ලක් විය හැකි කිසිඳු පුරවැසියෙක් මඟ නොහැරෙන පරිදි අත්‍යවශ්‍ය සමාජ කණ්ඩායම් වෙත ප්‍රවේශය සහතික කරන සුබසාධන යාන්ත්‍රණ සැකසීම, අපට මඟහැරුණු නව්‍ය විද්‍යා හා තාක්ෂණ දියුණුව අත්පත් කර ගැනීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමට අවැසි මුල් පියවර තැබීම, දූෂිත පාලකයන් සිටින රටක් ලෙස වූ පූර්ව නිගමනය බැහැර කර ලෝකයේ සියලු රටවල් හා ජාතීන් සමග වඩා විශ්වාසනීය ලෙස ගනුදෙනු කළ හැකි නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ යළි ශ්‍රී ලංකාව සන්නාම ගත කිරීම යන කාර්ය වෙත අපගේ අවධානය යොමු විය.

මේ අනුව පැවැති දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධා කිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැඟූ ජනතා රජය ක්‍රමානුකූලව නමුත්, ස්ථාවරව ඉදිරියට යමින් සිටී. අපගේ පොරොන්දුව පරිදිම අද වන විට අප ජාතික පුනරුද යුගයක් වෙත ශ්‍රී ලංකාව කැඳවා යාමට මේ වන විට සමත්ව සිටිමු. ඒ අනුව දැන් ඇත්තේ ඉහත කී පදනම මත ක්‍රමානුකූලව සියවස් ගණනක් අප දුටු සිහිනය සැබෑ කරගැනීම පිළිබඳ වූ ඉතිහාසයේ වඩා නිර්මාණශීලීම කාර්‍යය නොසැලෙන විශ්වාසයෙන් යුතුව ඉදිරියට රැගෙන යාමයි.

ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාව වඩා ශක්තිමත්ව හා විශ්වාසයෙන් යුතුව පෙළගැසෙන ලෙසත්, නිදහස පිළිබඳ වූ නූතන සුසමාදර්ශයක් ගොඩනැඟීමේ කාර්යය හා එක්වන ලෙසත්, පුනරුද යුගය සඳහා වන සාමුහික ඇරඹුමට එක්වන ලෙසත්, 77 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාවේදී මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවට මම ආරාධනා කර සිටිමි.

Image


සියලුදෙනා එකාවන්ව මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා

Published on: February 04, 2025, 08:29 AM

මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

77වැනි ජාතික නිදහස් දින සැමරුමේදී ජාතිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“අප සියලුදෙනා එකාවන්ව මේ මාතෘ භූමිය වෙනුවෙන් තවදුරටත් කළ යුතු නිදහස් අරගලයක් තිබෙනවා. මේ මෙහෙයුම තුළ අපේ ජාතියට ආහාර නිෂ්පාදනය කරන ගොවියන් හා ධීවරයන් ලෙස ඔබට එහි භූමිකාවක් තිබෙනවා. අපේ ජාතියට දැනුම නිෂ්පාදනය කරන, ඒ දැනුමෙන් අනාගත පරම්පරාවන් පෝෂණය කරන ගුරුවරුන් ලෙස ඔබට එහි කාර්යය භාර්යයක් තිබෙනවා. අපේ ජාතියේ නිරෝගී බව සුරකින සෞඛ්‍ය සේවයේ ක්‍රියාදරයන් ලෙස ඔබට එහි කාර්යය භාර්යක් තිබෙනවා. අපේ පුරවැසි ආරක්ෂාව සහතික කරන පොලීසිය සහ ආරක්ෂක අංශ ලෙස ඔබට එහි වගකීමක් තිබෙනවා. අපේ රට තුළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන , අපේ රට කාර්මික කරණය කරා ගෙන යන , අපේ රටේ සේවා ආර්ථිකය ශක්තිමත් කරන ඔබ සියලු දෙනාටම එහි සුවිශේෂී භූමිකාවක් තිබෙනවා. ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ගේ සිට කඳුකරයේ තේ දළු නෙලන ගැහැනුන්ගේ මිනිසුන්ගේ සිට අපේ දුරස්ව සිටිමින් දුරු රටවල අප වෙනුවෙන් වෙහෙසෙන්නන්ගේ සිට තොරතුරු තාක්ෂණය අපේ රට ඉහළට ගෙන යාමට වෙරදරන , සංචාරක කර්මාන්තයෙන් අපේ රට ඔසවා තබන්න වෙහෙසෙන ඔබ සැමට එහි භූමිකාවක් තිබෙනවා. ”

Image


රු.මි. 296ක් වැය කර නවීකරණය කළ ගබඩා වලින් නියමිත අරමුණු ඉටුකරගෙන නෑ

Published on: February 04, 2025, 08:25 AM

ආහාර දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 296 ක මුදලක් වැයකොට මෙට්‍රික් ටොන් 34,300 ගබඩා ධාරිතාවක් සහිත ගබඩා 06 ක් විද්‍යාත්මක ගබඩා ලෙස  නවීකරණය කොට ඇතත් එම අරමුණුවලට පටහැණි වෙමින් මෙම ගබඩා නිසි පරිදි නඩත්තු කරගෙන පවත්වාගෙන යාමට ආහාර දෙපාර්තමේන්තුව  කටයුතු කර නොමැති බව විගණනයේ දී හෙළි වී ඇත.

කල් ඉකුත් වූ ආහාර තොගයක් හමුවූ වේයන්ගොඩ අංක 09  දරන ගබඩාව ද එම ගබඩා හයට අයත් බව අනාවරණය වේ.ගබඩා තුනක ලෝක ආහාර වැඩසටහන යටතේ ලබා දෙන ආහාර ද්‍රව්‍ය වසරකට ආසන්න කාලයක් තිස්සේ තිබී ඇත.  බදු ගිවිසුම 2021-12-31 දින අවසන් ව ඇත. වේයන්ගොඩ අංක 01 ගබඩාව වෛද්‍ය සැපයුම් අංශය සඳහා වෛද්‍ය උපකරණ ගබඩා කිරීම සඳහා බදු පදනම මත ලබා දී තිබූ එකක් බව අනාවරණය වේ.මේ ගබඩාව පොල් කිරි අපනයන නිෂ්පාදන සිදු කරන පුද්ගලික ආයතනයක් වෙත වසර 04 ක කාලයක් සඳහා බදු පදනම මත ලබා දී තිබුණි.

හල් තොග උපරිම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් අවම කිරීම මෙන්ම විවිධ රසායන ද්‍රව්‍ය සඳහා වැයවන පිරිවැය අවම කිරීම ගබඩා විද්‍යානුකූලව සංවර්ධනය කිරීමේ අරමුණ විය. එහෙත්  විද්‍යාත්මක ගබඩා පවත්වාගෙන යාම සඳහා සවි කළ  වායු සමීකරණ පද්ධතිය ද නිෂ්කාර්යව තිබී ඇත.  ගබඩා ඉදි කළ අරමුණු සඳහා ඒවා භාවිත කොට නොමැත.

විද්‍යාත්මක පදනම මත සකස් කළ බව කියන එම ගබඩා නිසි පරිදි  පවත්වා ගෙන නොයෑම හේතුවෙන් එම ගබඩාවල දුමායන වාර 06 ක් සඳහා රුපියල්  තිස් එක්ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හතළිස් දෙකක මුදලක් (3,1671,842) වැයකොට ඇති බවද  ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති නවතම වාර්තාවක් මගින් අනාවරණය වේ.

Image


නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලීසියේ 1000ක්

Published on: February 04, 2025, 07:25 AM

අද (04දා) පැවැත්වෙන 77වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙන බව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේය.

නිදහස් උත්සවය සඳහා පැමිණෙන ආරාධිතයන් උදෑසන7.00ට පෙර පැමිණ අසුන් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත්, මෙම සියලුම දෙනාට නිදහස් මාවත දෙසින් පැමිණීමට හැකි බවද පැවසීය.

මහජනතාවට බෞද්ධාලෝක මාවත රූපවාහිනී සංස්ථාව දෙසින් පැමිණි ආසනවල  අසුන් ගත හැකි බවත්, අද දින ඒ අවට සමහර ප්‍රදේශවල රථවාහන ඇතුල් වීම සීමා කර තිබෙන බවද සඳහන් කළේය.

මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් අනන්‍යතාවය පරීක්ෂා කර බලා ඇතුල් වීමට අවස්ථාව ලබා දෙන බවත්, මේ නිසා මාර්ගය වසා තබා තිබෙන ප්‍රදේශ මගහැර කොළඹ දෙසට හෝ කොළඹින් පිටතට ගමන් කිරීමට අවස්ථාව තිබෙන බවද පැවසීය.

පෙළපාළිය ගමන් කරන අවස්ථාවේදී නිදහස් චත්‍රරස්‍රය දෙසට වාහන ඇතුල් කිරීමට අවස්ථාව නොමැති බවත්, විකල්ප මාර්ග භාවිත කර ගමන් කිරීමට මහජනතාවට හැකි බවද සඳහන් කළේය.

ආරාධනා පත්‍ර රැගෙන අමුත්තන්ට ඇතුල් විය හැකි මාර්ග කිව්ආර් කෝඩ් එක තුළ සඳහන් කර තිබෙන බවත්, ඒ අවට රථවාහන නැවැත්වීම සඳහාත් නැවතුම්පොළවල් සකස් කර තිබෙන බවද පැවසීය.

ත්‍රිවිධ හමුදා රථ පොලිස් හා සිවිල් ආරක්ෂක බළකා වාහන නැවැත්වීම සඳහාත් ස්ථාන සකස් කර තිබෙන බවත්, ජනතාවට අපහසුතාවයකින් තොරව නිදහස් උත්සවය නැරඹීම සඳහා අවස්ථාව සලසා දී තිබෙන බවද සඳහන් කළේය.

Image


77 වැනි අභිමානවත් නිදහස් දිනය අදයි

Published on: February 04, 2025, 06:56 AM

‘ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’ යන තේමා යටතේ 77වන නිදහස් දින උත්සවය අද (04දා) ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වේ.

අඩු පිරිවැයකින් මහජනතාවට සිදුවන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

හමුදා සාමාජිකයන් එක්දහස් අටසිය හැත්ත තුනකට හමුදා පෙළපාළිය සීමා කර තිබෙන බවත්, පසුගිය වසරට සාපේක්ෂව හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙන බවද පෙන්වා දෙයි.

ඉකුත් වසරේ ගුවන්යානා 19ක් නිදහස් උත්සවය වෙනුවෙන් යොදාගෙන තිබුණත්,  මෙවර ජාතික කොඩිය ගුවනින් රැගෙන යාම සඳහා පමණක් යානා තුනක් පමණක් යොදා ගන්නා ඉවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සාම්ප්‍රදායිකව අද (04දා) දහවල් 12.00 ට මුහුදේ නෞකාවක් තුළ නාවික හමුදාව විසින් වෙඩි මුර 25ක් පැවැත්වීමට කටයුතු කරන බවද පෙන්වා දෙයි.

Image


නිදහස් දිනයට නාවික හමුදාවෙන් ආචාර වෙඩිමුර 25ක්

Published on: February 03, 2025, 10:05 PM

නිදහස් දිනයට සමඟාමීව ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව කිරීම වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, ගාලු මුවදොර ඉදිරි මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව මත සිට 2025 පෙබරවාරි මස 04 වැනි දින මධ්‍යහ්න 1200 පැයට සිදු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාව නිදහස ලද 1948 පෙබරවාරි මස 04 වැනි දින එවකට රාජකීය නාවික හමුදාව විසින් ප්‍රථම වතාවට නිදහස් දිනය වෙනුවෙන් වෙඩිමුර ආචාරය පිරිනමා ඇත. එතැන් සිට  ශ්‍රී ලාංකීය ජාතියට ගෞරව පිණිස නිදහස් දිනයට සමඟාමීව ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමේ සම්ප්‍රදාය අඛණ්ඩව නාවික හමුදාව විසින් පවත්වාගෙන එනු  ලැබ ඇත.

ඒ අනුව, හෙට (2025 පෙබරවාරි 04) 77ත් වැනි ජාතික නිදහස් දිනයට සමඟාමීව ජාතියට ගෞරව පිණිස ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීම, වෙඩිමුර ආචාර පිරිනැමීම වෙනුවෙන්ම භාවිතා කරනු ලබන මිලි මීටර් 47 වර්ගයේ අවි 04ක් මඟින් සිදු කරනු ලැබේ.

Image


ලක්ෂ 25 විස්කි බොතල් කටුනායකින් පැන්නූ විදේශිකයෙක් අල්ලයි

Published on: February 03, 2025, 09:10 PM

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විස්කි බෝතල් 88 ක් තීරු බදු නොගෙවා ,කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “ හරිත මාවත “ (Green Channel ) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු 02/02 දින පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 42 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි. ඔහු 02/02 දින පස්වරු 02.00 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙසේ විස්කි බෝතල් තොගය සමග ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි  ඉන්දීය ජාතිකයා අත් අඩංගුවට ගෙන ඔහුගේ  අත් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ  ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර 19 ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මෙම ඉන්දීය ජාතිකයා සමග විස්කි බෝතල් තොගය සහ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ද 02/03 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී ඔහු 02/06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .

Image


බදු නොගෙවීම ගැන පියුමිට හා විරාජ්ට එරෙහි විමර්ශන ගොනු නීතිපතිට

Published on: February 03, 2025, 08:16 PM

ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරාජ් තාබුගල නමැත්තාට සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව කළ විමර්ශන ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි දේශීය  ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට අද (03) දැනුම් දුන්නේය.

බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇතැයි සඳහන් කරමින් විරාජ් තාබුගල නමැත්තාට සහ පියුමි හංසමාලි නමැත්තියට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරා ඇති පැමිණිලි කැඳවූ අවස්ථාවේදී දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා  මහතා ඒ බව දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ පැමිණිලි කැඳවු අවස්ථාවේදී දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණූ දක්වමින් කෙටි කලකින් රුපියල් කෝටි ගණනක් මුදල් ඉපවූයේ යැයි කියන විරාජ් තාබුගල නමැත්තා සහ විශාල මුදල් සහ දේපල ඇති බව කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමැත්තිය 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 190 වගන්තිය ප්‍රකාරව බදු පරිපාලනයට බාධා කර අපරාධමය වරදක් කර ඇතැයි දැනුම් දුන්නේය.

සැකකරුවන් මෙතෙක් කල් රජයට බදු නොගෙවීම, බදු වාර්තා ඉදිරිපත් නොකිරීම හා බදු ගෙවීමට ලියාපදිංචි නොවීමෙන් අපරාධමය වරදක් කර ඇතැයිද මේ සම්බන්ධයෙන් කළ විමර්ශන වල උධෘත නීතිපතිවරයාට යොමු කර ඇතැයිද කී නීතිඥ දිනේෂ් පෙරේරා මහතා බදුකරණයට අදාළව සැකකරුවන් අපරාධමය වරදක් කර ඇද්ද? යන්න පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකැවන්ට එරෙහිව ඉදිරියේදී අපරාධ නඩු පවරන බවද  සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විමර්ශන වල ප්‍රගතිය ජූලි 03 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියෝග කළාය .

සචිත්‍ර ගුණසේකර

Image


රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි

Published on: February 03, 2025, 07:28 PM

රුමේනියාවේ රැකියා ලබාගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්, රුමේනියා තානාපති කාර්යාලය හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.01.28 දින කාර්යාංශයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා රුමේනියාවේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් යොමුකරන කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන 164ක් පමණ සහභාගි විය. දැනට රැමේනියා රැකියා සඳහා ලියාපදිංචි රැකියා නියෝජිතායතන 235ක් පමණ කටයුතු කරයි.

රුමේනියාවේ විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලැබී තිබෙන අතර, එම රැකියා අවස්ථා සඳහා වීසා අයදුම් කිරීමේදී අධික ප්‍රමාදයන් ඇතිවන බවට විදේශ රැකියා නියෝජිතායතන විසින් කාර්යාංශයට දැනුම්දීමෙන් අනතුරුව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඒ සම්බන්ධව රුමේනියා තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

වීසා සඳහා ඉදිරිපත් කරන ලියවිලිවල තිබෙන අඩුපාඩු මෙන්ම වීසා ලබාගැනීමේදී පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් අසමත්වීම වැනි කාරණා මෙලෙස වීසා ප්‍රමාදයට හේතුවක් බව තානාපති කාර්යාලයෙන් දැනුම්දීමෙන් අනතුරුව, ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇත. එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස නිවැරදිව වීසා අයදුම්පත්‍ර සමග ලියකියවිලි ඉදිරිපත්කිරීම හා සම්මුඛ පරීක්ෂණයේදී ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව දැනුවත් කිරීම් මෙහි දි සිදුකරන ලදී.

එම දැනුවත් කිරීම්වලට අනුව ඉදිරියේදී වීසා ප්‍රමාදය අවම කිරීමට හැකිවෙතැයි කාර්යාංශය විශ්වාසය පළකරයි. එසේම සම්මුඛ පරීක්ෂණ සඳහා වීසා අයදුම්කරුවන් ඉදිරිපත් කිරීමට පෙර ඉංග්‍රිසි භාෂාවෙන් නිවැරදිව පිළිතුරු ලබාදීම සම්බන්ධව ඔවුන්ට විශේෂ වැඩමුළු පැවැත්වීමටද කටයුතු යොදා තිබේ.

මෙම අවස්ථාවට කාර්යාංශ සාමාන්‍යාධිකාරි ඩී.ඩි.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වන අනුර ලියන්වල, පී.පී.වීරසේකර, සෙනරත් යාපා යන මහත්වරුන්ද, ශ්‍රි ලංකාවේ රුමේනියානු තානාපති කාර්යාලයේ අන්තර්වාර භාරකරු මිහෙලා ඇන්ජෙලා රුටෙන්ස් මහත්මිය (Mrs. Mihaela-Angela Rutjens) හා රුමේනියානු තානාපති කාර්යාලයේ කන්සියුලර් ඇන්ඩ්‍රියා රලුකා ෆිලිප් මෙනවිය (Ms. Andrada-RalucaFilip) යන මහත්ම මහත්මීන් ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්විය.

Image


ගෝඨා හා සලේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Published on: February 03, 2025, 07:25 PM

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු සාක්ෂි කරුවෙකු කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ බුද්ධි අංශය වැරදිකරුවන් බවට පත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවත්, ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ආණ්ඩුව තුළ තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

කොළඹ අද (03දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.  බුද්ධි අංශ වැරදිකරුවන් බවට පත් කිරීමට සාක්ෂි ලබා ගැනීමට සූදානම් වන අසාද් මව්ලානා ගැන ප්‍රශ්න 08ක් එහිදී උදය ගම්මන්පිළ මහතා ඉදිරිපත් කළේය.

ඒවා මෙසේය.01.කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ අධීක්ෂණය යටතේ සිදුවන විමර්ශනයකට ලබා ගත් අසාද් මව්ලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කළේ කාගේ බලපෑමටද?

02.මව්ලානාට එරෙහිව ෆාතිමා බෙනාසීර් කරපු පැමිණිල්ල තමන් විසින් පිල්ලයාන්ගේ බලපෑමක් නිසා කරපු පැමිණිල්ලක් බවට ප්‍රකාශයක් කරන ලෙස පොලීසිය බලපෑම් කළේ කාගේ උවමනාවටද?

03.තමන්ට පොලීසිය බලපෑම් කරන බවට ෆාතිමා බෙනාසීර්ගෙන් පටිගත කළ ප්‍රකාශයක් අම්පාර පොලීසියේ ඩී.සී.ඩී.බී හී සුරක්ෂිතව තබා තිබේද?

04.සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ සෆ්රාස් මොහොමඩ් සුෆියාන්ව රිල්වාන්ට හඳුන්වාදීම පිළිබඳ පොලීසිය අසාද් මව්ලානාගෙන් ප්‍රශ්න කරනවාදඃ

05.ව්‍යාජ නමකින් පෙනීසිට ෆාතිමා බෙනාසීර්ව වංචනික ලෙස විවාහ කරගැනීම පිළිබඳ කල්මුනේ මහේස්ත්‍රත් උසාවියේ නඩු අංක  B/811/2023යටතේ ඇති නඩුව සඳහා අසාද් මව්ලානාව කල්මුනේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනවාද?

06.දෙහිවල ස්පෑන් ටවර් සුපිරි නිවාසයක් ඔහුගේ නමින්ම මිලදී ගැනීම පිළිබඳ මුදල් විශුද්ධි කරන පනත යටතේ අසාද් මව්ලානාගෙන් ප්‍රශ්න කරනවාද?

07.ඒ වගේම 2022 පෙරවාරි 22 දිනැති රුපියල් ලක්ෂ 20ක ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුවේ චෙක්පතක්  විවාහ වන අවස්ථාවේ බිරිඳට මහාර් ලෙස ලබා දෙමින්, එම චෙක්පත අගරුවීමෙන් සිදු කළ චෙක්පත් වංචාව පිළිබඳ අසාද් මව්ලානාට නීතිය ක්‍රියාත්මක කරනවාද?

08.ජනාධිපති විමර්ශන කමිටුවක් විසින් බොරුවක් බව තහවුරු කර ඇති බුද්ධි අංශ වලින් පාස්කු ප්‍රහාරය සිදු කළා යැයි කියන මිථ්‍යාවට යළි පණගැන්වීමට තිරපිටපත් සකස් කරන්නේ පුංචි ඡන්දයේදී ජනතාව යළිත් රැවටීමටද?

උදය ගම්මන්පිළ මහතා මෙසේද පැවසීය.

“පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවත්, ඔහු අල්ලා ගන්න බවත් පොරොන්දුවෙලා මේ ආණ්ඩුව බලයට පැමිණි බව අපි කවුරුත් දන්න කාරණයක්. සැබැවින්ම මේ ප්‍රහාරයට වගකිව යුතු අය. මේ ආණ්ඩුව තුළ සිටින නිසා මහ මොළකරුවෙකු ලෙස කවුරුන් හෝ කෙනෙකු ඉදිරිපත් කරලා, සැබෑ වගකිව යුත්තන් රැක ගැනීම තමයි මේ ආණ්ඩුවේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුත්ම තිර රචනාවක් සිදුවෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියලා චැනල් ෆෝ නාලිකාව චෝදනාවක් එල්ල කළා අපට මතකයි.

නමුත් ඒ චෝදනාව අතාර්කික, පදනම් විරහිත චෝදනා කියන එක ඉමාම් කමිටු වාර්තාවෙන් ඉතාම තාර්කිකව පෙන්නුම් කළ බව අපි පසුගිය ඔක්තෝබර් මාසයේ මේ රටට හෙළි කළා. අපි ඒ හෙළිදරව්ව කළාට පස්සේ තමන් හදාගත්ත බොරුව අතේ පත්තු වුණු නිසා අලුත් බොරුවක් හදා ගැනීමේ උත්සාහයක පසුගිය කාලයේ  ආණ්ඩුව යෙදිලා හිටියා. නමුත් තාර්කිකව අලුත් බොරුවක් හදාගන්න බැරිවුණු නිසා චැනල් ෆෝ බොරුවම ඉදිරියට අරන් ගිහින්  පාස්කු ප්‍රහාරය කළේ  ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන්, ඒ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන්න කියන චෝදනාව නගලා, එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරපු මේජර් ජනරාල් සුරේෂ් සලෙයි මහතාත් , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුව තුළ තිබෙනවා.

ඒ සඳහා පදනම විදියට තමයි පාස්කු ප්‍රහාරය සිදු කළේ  ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විසින් කියන මිථ්‍යාව සමාජගත කරන්න ආණ්ඩුව අසාර්ථක උත්සාහයක යෙදිලා ඉන්නේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ කියන බොරුව චැනල් ෆෝ නාලිකාව හරහා ලෝකයට කිව්වේ අසාද් මව්ලානා නොහොත් මොහොමඩ් මිහිලාර් මොහොමඩ් කන්සීර් කියන පුද්ගලයා. ඔහු දේශපාලන රැකවරණ පතා මේ වන විට ස්විස්ටර්ලන්තයට පැනගොස් සිටින්නේ. චැනල් ෆෝ නාලිකාව හරහා බොරු කීමේ විපාක දිට්ඨ ධම්ම වේදීනීය කර්ම ලෙස ඔහුට පලදෙන්න පටන් ගත්තා. ඔහු විවාහ දෙකක් කරගෙන හිටියේ. දෙවැනි විවාහය කරන් හිටියේ ඇත්ත නමින් නෙවෙයි, බොරු නමකින් පෙනී හිටලා ව්‍යාජ විවාහ සහතිකයක් හදාගෙන.

ඒත් චැනල් ෆෝ නාලිකාවේ අසාද් මව්ලානා කතා කරනවා දැක්කම දෙවැනි බිරිඳ මේ මම විවාහ වුණු පුද්ගලයා, ඔහුගේ ඇත්ත නම අසාද් මව්ලානා, වෙනත් නමකින් විවාහ වෙලා මාව රැවැට්ටුවා කියන කාරණය දැනගන්නවා. මේ අනුව විවාහක දෙවන බිරිඳ සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි ෆාතිමා ජෙස්ලි බෙනාසීර් තමන්ව බොරු නමකින් පෙනී සිටිමින් ව්‍යාජ විවාහ සහතිකයක් හදලා විවාහ කර ගැනීම පිළිබඳ ෆාතිමා බෙනාසීර් සයින්දමරුදු පොලීසියට පැමිණිල්ලක් කරනවා.

පොලීසිය මේ පැමිණිල්ල විමර්ශනය කරලා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු අංක B/811/2023 කියන බී වාර්තාව ගොනු කරලා අසාද් මව්ලානාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගන්නවා. ඒ විදෙස් ගමන් තහනම ගන්න විටත් මොහු රටින් පැනලා හිටියේ. පනින්න හේතුව පාස්කු ප්‍රහාරයට තිබෙන සම්බන්ධය.

දැන් මේජර් ජනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගන්න නම් අසාද් මව්ලානාගෙන් ප්‍රකාශයක් ලබා ගන්න ඕනෑ. නමුත් අසාද් මව්ලානාට ප්‍රකාශය ලබා දෙන්න ලංකාවට පැමිණෙන්න විදියක් නෑ විදෙස් ගමන් තහනමක් තිබෙන නිසා පොලීසියට සිදු වෙනවා ගුවන් තොටුපොලේදීම අත්අඩංගුවට අරන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න.දැන් මේ අයගේ සැලැස්ම වෙලා තියෙන්නේ  කෙළින්ම මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කරලා  අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත් වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන්න. ඒත් මේ වැඩේ කරගන්න බෑ මේ විදෙස් ගමන් තහනම තියෙන නිසා.

විදෙස් ගමන් තහනම ඉවත් කරන්නත් බෑ. මේ හොර විවාහය කරගන්න ව්‍යාජ විවාහ සහතිකය හදන්න මව්ලානාට සහය දුන්න අබ්දුල් රයිම් නැමැති පුද්ගලයා  පොලීසියෙන් අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරලා, මේ විට ඇප මත මුදා හැරලා ඉන්නේ. දැන් මේ ආණ්ඩුවේ පාස්කු නාටකය ඉදිරියට ගෙනියන්න  මේ විදෙස් ගමන් තහනම බාධාවක්.

මේ අනුව පොලීසියට උපදෙස් ලැබෙනවා ඉහළින් අසාද් මව්ලානාගේ නීතිඥයෙක් විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට උසාවියට මොසමක් ඉදිරිපත් කරයි, පොලීසිය ඒකට විරුද්ධ නොවී සිටිය යුතුයි කියලා. නීති විරෝධි කටයුත්තක් සඳහා ඉහළින් උපදෙස් ලැබෙනවා. ඇත්තම කතන්දරේ අසාද් මව්ලානා නෙවෙයි මේ නීතිඥයා ලෑස්ති කරන්නේ. මේ නීතිඥයා ලෑස්ති කරන්නේ අම්පාර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක්.

ඒ අනුව පසුගිය ජනවාරි 21 වැනිදා ආණ්ඩුව විසින්ම සූදානම් කළ නීතිඥවරයා කල්මුණේ මහේස්ත්‍රාත් උසාවියේ මෝසමක් ඉදිරිපත් කරලා අසාද් මව්ලානාට එරෙහිව තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්න කියලා අධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඉහළින් ලැබුණු උපදෙස් නිසා මේ විදෙස් ගමන් තහනම ලබා ගත් සයින්දමරුදු පොලීසියේ නිලධාරීන් එයට විරෝධය පළ කරන්නේ නෑ. ඒ අනුව අසාද් මව්ලානාට තිබෙන විදෙස් ගමන් තහනම උසාවිය විසින් ඉවත් කරනු ලබනවා.

දැන් මේ නීති විරෝධී ක්‍රියාව නිසා තමන්ට අනාගතයේ යම් දවසක ප්‍රශ්නයක් වේවි කියලා බියට පත් පොලිස් නිලධාරීන් ෆාතිමා බෙනාසීර්ව හමුවෙලා ඇයට බලපෑම් කරනවා ප්‍රකාශයක් ලබා දෙන්න ඔබ මේ පැමිණිල්ල කළේ ඇගේ උවමනාවට නෙවෙයි, හිටපු අමාත්‍ය පිල්ලයාන්ගේ බලපෑමෙන් කියලා. නමුත් මේ අභීත කාන්තාව පොලීසියේ බලපෑමට, රාජ්‍ය යාන්ත්‍රණයේ බලපෑමට යට නොවී ඒ ප්‍රකාශය සිදු කරන්න ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් පොලීසිය තවත් ලොකු අමාරුවක වැටෙනවා.

ඒ නිසා ඇය තමන්ට බලපෑම් කිරීම මත පොලීසියට පැමිණිලි කරනවා. ඒ පිළිබඳ පොලීසියේ ප්‍රකාශයක් සටහන් කරගන්නවා විතරක් නෙවෙයි, පොලීසිය තමන්ගේ මතු ආරක්ෂාවට ඇය කරන ප්‍රකාශය පටිගත කරනවා. ඒ පටිගත කළ ප්‍රකාශය මේ වන විට අම්පාරේ ඩී.සී.ඩී.බී එකේ සටහනක් තබලා මේ පටිගත කළ ඇගේ ප්‍රකාශය සුරක්ෂිතව තිබෙනවා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු කීර්තිමත් ත්‍රිපුද්ගල කමිටුවක් අසාද් මව්ලානා විසින් බුද්ධි අංශ වලට නගන චෝදනාව බොරු, ඇත්තෙන්ම පාස්කු ප්‍රහාරයට දායක වී ඇත්තේ අසාද් මව්ලානා කියලා නිගමනය කරලා තිබියදී ආණ්ඩුව මේ මිය ගිය කරුණට යළි පණ දෙන්න උත්සහ කරමින් බොරුවක් වැපිරීමට දරන උත්සාහයට මහජන මුදල් නාස්ති කරන්න දරන වෑයම අපි පොඩ්ඩක් අමතක කරමු. ආණ්ඩුවටත් දැන් මහ මොළකරුවෙකු සොයාගන්න බැරුව විපතක්නේ වෙලා තියෙන්නේ. මහජන මුදලින් හරි තමන්ගේ විලි වසා ගැනීමට රෙදිකඩක්  මසාගැනීමට ආණ්ඩු දරන උත්සාහයට අපි අනුකම්පා කරමු.

නමුත් බොරු නමක් දීලා ,වංචනිකව කාන්තාවක් විවාහ කරගෙන ඇගේ අනාගතේ විනාශ කිරීම ඇතුළු බලවත් අපරාධ ගණනාවක් සිද්ධ කරපු අසාද් මව්ලානාට මේ බොරුවට දැයක වුණොත් කළ සියලු වැරදි වලින් නිදහස් වීමට ආණ්ඩුව එකඟ වෙනවා නම් , කාන්තා විමුක්තිය ගැන පොත් ලියූ දේශන පැවැත් වූ ආචාර්ය හරිණි අමරසූරිය මැතිනිය අග්‍රමාත්‍ය ධුරය දරන සමයක කාන්තාවකට මෙවැනි අසාධාරණයක් වීමට ඉඩ හැරීම හැකිද, යුතුද කියන ප්‍රශ්නය අපි අගමැතිතුමියගෙන් අහනවා.

ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන ඕනෑම බොරු පරීක්ෂණයක් කරන්න, ඒකට කමක් නෑ. ඒත් අසාද් මව්ලානා කර ඇති අපරාධ කිසිවකින් ඊට හිලව් වීම සඳහා කලින් කරපු අපරාධ වලින් ඔහු නිදහස් කරන්න බෑ. ”

Image


වාද්දූව මා දැළකට අදත් මාලු වැස්සක්

Published on: February 03, 2025, 06:41 PM

වාද්දුව  මොල්ලිගොඩ  ප්‍රදේශයේ මා දැලකට අදත් (03) පෙරවරුවේ විශාල මාළු තොගයක් හසුව ඇති බව දැකගත හැකිවිය.වාද්දුව වෙරළ පාරේ ශාන්ත ප්‍රනාන්දු  මහතාට අයත් මා දැලකට මෙම මාළු තොගය පැටලී ඇති බව සදහන්වේ.

පරවු මාළු විශේෂයක් වන මාගුරුවෝ සහ කිරලාවෝ නමැති මාළුන් මෙම දැලට  හසුව ඇති අතර, පැය දෙකකට ආසන්න කාලයක්  මාළුන් ගොඩ ගනිමින් සිටින අයුරු දැකගත හැකි විය.

කිලෝ පහකට ආසන්න බරකින් යුත් පරව් කූරි 5000 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගෙන ඇති බවත්, ඒ හා සමාන ප්‍රමාණයක් දැලේ පැටලී සිටින නමුත් මාදැලේ කොටසකින් මිදී මත්සයින් පිරිසක් මුහුද ට යලි පිහිනා ගිය බවත් ධීවරයින් සදහන් කරති .

මෙම අවස්ථාව දෙක බලා ගැනීම සඳහා විශාල පිරිසක් මුහුදු වෙරළට පැමිණි  අතර  මාළු මිළදී ගැනීම සඳහා මත්ස්‍ය ව්‍යාපාරිකයින්ද පැමිණ සිටි අයුරු දැක ගතහැකි විය.

පසුගිය 31 දිනද මෙවැනි පරව් මාලු විශාල ප්‍රමාණයක් වාද්දුව තල්පිටිය රත්නායක පාරේ ධීවර තොටුපලේ මා දැලකට පැටලී සිටියහ.

පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව සුමිත් පොතුපිටිය

Image


මන්ත්‍රී අර්චුනාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියෝග

Published on: February 03, 2025, 05:59 PM

‍වලංගු  රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාදී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති  අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. කේ. ජයවීර මහතාට නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කලේ මෙම සිද්ධියට අදාළ නඩුව අද (3දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට ඇප මත මුදා හැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යන අයද මෙදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.

යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයකින්  යමින් සිටියදී  සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ  නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරී ඇත්තේ, ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා රියදුරු බලපත්‍රය සහ මෝටර් රථයේ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව අනුරාධපුර පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව දැන ගත් විගස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසෙමක් ඉදිරිපත් කරමින් නීතිඥ  සුනන්ද තෙන්නකෝන් මහතා මාර්ගයෙන් අධිකරණයට බාර විය.

මෙලෙස  අධිකරණයට බාර වෙමින්  සැකකාර මන්ත්‍රීවරයා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ රාමනාදන් අර්චුනා  තමා මෙම නඩුවේ සැකකරු බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාට සහ අනුරාධපුර  පොලිසියට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල් බී වාර්තාව මගින් පොලීසිය කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අර්චුනා  ලෝචනා නමැත්තෙකු සම්බන්ධයෙන් බවයි.

ඒ අනුව රාමනාදන් අර්චුනා  නමැති සැකකරු සහ අර්චුනා ලෝචනා නැමැති සැකකරු අතර  නමයෙහි පැහැදිලි පරස්පරතාවයක් තිබෙන බවද සඳහන් කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ සැකකරු ලෙස රාමනාදන් අර්චුනා  නමැති අය පිළිගත නොහැකි බව සඳහන් කරමින් ඔහු  මුදා හැරීමට නියෝග කෙරිණ.

පසුව වැඩි දුර වාර්තාවක් මගින් අනුරාධපුර  මූලස්ථාන පොලිසිය නඩුවේ නිවැරදි  සැකකරු රාමනාදන් අර්චුනා  යන අය බවට නම සංශෝධනය කරමින් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව අදාළ නඩුවේ සැකකරු ලෙස අධිකරණය රාමනාදන් අර්චුනා  බවට පිළිගනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලාස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  ආර්. එම්. කේ. ජයවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා සමග නීතිඥ චතුරංග ගමගේ මහතා පෙනී සිටියේය.

අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද / අනුරාධපුර බී.ජී. චතුරංග

Image


නීති විරෝධීව එකලස් කළ වාහන 5ක් අල්ලයි

Published on: February 03, 2025, 05:01 PM

නීති විරොධීව එකලස් කරන ලද වාහන පහක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා එකලස් කරන ලද හෝ සොරකම් කරන ලද වාහන වලට චැසි අංක කොට කූඨ ලේඛණ භාවිත කරමින් ලියාපදිංචි කර ඇති බවට සැක කරන ජීප් රථ දෙකක්, කාර් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් මෙසේ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව කලවාන පොලිස් වසමේ මානාන හා කොස්වත්ත ප්‍ර දේශවලදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වාහන සොයාගෙන තිබේ.

මෙම වාහන වල හිමිකරු සන්තකයේ තිබූ බලපත්‍ර පරීක්ෂා කරමින් සිටියදී ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන්  ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතළත් කර ඇත. ඉදිරි විමර්ශන කටයුතු කලවාන පොලීසිය හා වලාන දූඹණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදු කරයි.

Image


අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ මන්ත්‍රීධුරයට එරෙහිව පෙත්සමක්

Published on: February 03, 2025, 04:29 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද අබේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති හෙයින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කිරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා මහතා අභියාචනාධිකරණය රිට් පෙත්සමක් අද (03) ගොනු කළේය.

රේණුක පෙරේරා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහජන ආරක්ෂ සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධිර මහත්මිය ඇතුළු තිදෙනෙක් නම් කර ඇත.

නීතිඥ සජුනි සෙනවිරත්න මහත්මිය මඟින් පෙත්සම ගොනුකරන රේණුක පෙරේරා මහතා 2024 දෙසැම්බර් 10 වැනිදා ආනන්ද විජේපාල මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් පත් කළ බවත් පසුව 2024 දෙසැම්බර් 18 වැනිදා ඔහු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් පත් කළ බවත් සඳහන් කළේය.

ආනන්ද අබේපාල මහතා ජනාධිපති ලේකම්කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් රජය සමඟ විවිධ ගිවිසුම් වලට එළඹීමට සිදුවන හෙයින් එම තත්වය යටතේ ගිවිසුම් සම්බන්ධයෙන් බලපෑම් කිරීමට හැකියාව ලැබෙන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රාජ්‍ය සේවයේ තනතුරක් දැරිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ සඳහන් බවද මේ අනුව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම ව්‍යස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවද සඳහන් කර ඇත.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදාළ තනතුර දැරීම නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් සහ ස්වරිහාවය  උල්ලංඝනය කිරීමක් බවද පෙන්වා දෙන පෙත්සම්කරු වගඋත්තරකරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයන් නිකුත් කරන්නැයිද ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කරන රිට් ආඥවක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.

වගඋත්තරකරුට අමාත්‍යධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඔහුට දඩයක් නියම කරන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරු පෙත්සම විභාග කරන ලෙසත් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටී.

සචිත්‍ර ගුණසේකර

Image


ගුවන්තොටුපළේ ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව වැඩි කිරීමට යයි

Published on: February 03, 2025, 03:52 PM

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තය හරහා අතිවිශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රටට අඛණ්ඩව ගලා ඒම සහතික වනබව ඇමතිවරයා පැවසීය. ඒ ඉහත පර්යන්තයේ කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවේදීය.

එලෙස ගුවන්යානා තෙල් බෙදාහැරීම හරහා රටට ලැබෙන විශාල විනිමය ප්‍රමාණය අහිමි කරමින් ඒ සදහා තවත් විදේශ සමාගම් දෙකකටද අවසර ලබාදීමට පෙර පැවති රජය සැළසුම් කළත් ඵෙතිහාසික ජනතා ජයග්‍රහණය විසින් එම සැළසුම් පරාජය කළ බවද ඇමතිවරයා පැවසීය.

රටේ සම්පත් ආදායම් ලබන මාර්ග අන්සතු කරමින් පුද්ගලික ලාභ ලබන්නට තැත්කළ එම වැඩපිළිවෙල පරාජය කරමින් බලයට පත්වූ ජාතික ජන බලවේගයේ රජය රටට ආදායම් උත්පාදනය කරන මෙම ව්‍යාපෘතිය වඩාත් සංවිධිතව අවශ්‍ය යටිතල පහසුකම් හා ක්‍රමවේද වැඩිදියුණු කොට දිගින් දිගටම රටට විදේශ විනිමය ලැබීම සහතික කරනු ඇතැයි ප්‍රකාශ කළේය.

තවදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, ගුවන්යානා සදහා තෙල් නිකුත් කිරීමේදී ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්වපාලන ක්‍රමවේද භාවිතා කරන බවත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කරන්නට කටයුතු කර ඇති බවත් ඉන්ධන නල පද්ධතියද වැඩිදියුණු කර බණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිරි වසර 20කදී අවශ්‍ය වන නවීකරණ අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් සිදුකීරිමට මූලික අඩිතාලම දමා අවසාන බවත් පැවසීය. මුතුරාජවෙල සිට ඉදිකෙරෙන විශේෂ නලපද්ධතියක් හරහා මෙම පර්යන්තය වෙත ඉන්ධන රැගෙන ඒමේ සැලසුමක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සදහන් කළේය.

මෙම නිරීක්ෂන චාරිකාවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා කළමණාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගේ ඇතුළු ඉහළ නිළධාරීන් එක්වූහ.

Image


සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරුවෙක් පත් කිරීමේ තීරණය අත්හිටුවයි

Published on: February 03, 2025, 03:26 PM

සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත් කිරීමට නු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

තාවකාලික භාරකරු පත් කිරීමේ තීරණය පසුගියදා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ගෙන තිබුණි.

එමෙන්ම ලබන 11 වනදා පැවැත්වීමට නියමිත එම දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමට අදාල නිලවරණයේදී එස්. වී. චන්ද්‍රසිංහ මහතාට  ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

Image


මොරටුව සමූපේ සජබ දිනයි

Published on: February 03, 2025, 02:10 PM

මොරටුව විවිධ සේවා  සමුපකාර සමිති ඡන්දයේ නිරදේශිත ඡන්ද 99න් 51 ලබමින් සමගි ජනබලවේගය ජයග්‍රහනය කර ඇති අතර එහි නිලවරණය (1) මොරටුව සමුපකාර සමිතියේ පැවැත්විණි.

නිර්දේශිත ඡන්ද අනූනමයෙන් පනස් එකක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ජයග්‍රහණය කර ඇති අතර  ජාතික ජන බලවේගය ඡන්ද හතළිස් හයක් ලබා ගෙන ඇත.

එමෙන්ම ප්‍රතික්ෂේපිත ඡන්ද එකක් ලෙස සනිටුහන් විය

සාමූපකාර කොමසාරිස් නියෝජිතයකු හමුවේ නිලවරණය පැවැති අතර අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේග හිටපු නාගරික මන්ත්‍රී තිසර මෙන්ඩිස් මහතා පත් වී ඇත.

එමෙන්ම උප සභාපති ලෙස ධම්මික චන්ද්‍රරත්න මහතා පත් කරනු ලැබීය.’

සමූපකාර ඡන්දය ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා පැවැති අතර නිලවරණය මොරටුව සමුපකාර සමිතියේ ඊයේ පැවැත්විණි.

රෙඛා තරංගනී ෆොන්සේකා

Image


වැව් වල ආක්‍රමණික ශාක ඉවත් කිරීමට ගත් රු.මි. 84කින් මිලදී ගත් යන්ත්‍රයෙන් දින 238ක්ම වැඩ අරගෙන නෑ

Published on: February 03, 2025, 01:29 PM

දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැව් ආශ්‍රිත ආක්‍රමණික ජලජ ශාක, ගංගා සහ වැව් පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 84 ක් වැය කර මිලදී ගත් යන්ත්‍රය දින  238ක කාලයක් නිෂ්කාර්යව පැවැති බව ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි 31 දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙම යන්ත්‍රයේ අලුතැඩියා කටයුතු සඳහා දින 199ක කාලයක් ගතවී ඇති අතර යන්ත්‍රය ආනයන  කළ සමාගම ප්‍රමාණවත් සේවා සැපයීමක් සහ අලුත් වැඩියාවක් ද කර නොතිබූ බව එම වාර්තාවේ සඳහන් වෙයි.

යන්ත්‍රය මිලදී ගැනීමේදී මේ පිළිබඳ අවධානය යොමු කර නොතිබූ අතර මෙම යන්ත්‍ර මිලදීගෙන 2023 සැප්තැම්බර් 14 වැනිදාට දින 587ක් ගෙවී තිබේ. භාවිත කර ඇති කාලසීමාව පැය වශයෙන් ගත් කල පැය 414 ක් පමණක් බවද අනාවරණය වී ඇත.

යන්ත්‍රය මිලදීගෙන ඇත්තේ දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික තුනේ වැව් 905 ක ආක්‍රමණික ජලජ ශාක ඉවත්කර ප්‍රතිසංස්කරණය කිරීමට සඳහාය. ප්‍රතිසංස්කරණය කර ඇත්තේ අක්මීමන හියාර සහ මාකඳුර ප්‍රදේශයේ වැව් 03ක් බවද එම විගණන වාර්තාවෙන් අනාවරණය වෙයි.

Image


ලංගමට රු. කෝටි 46ක් පාඩු වෙන හැටි විගණනයකින් එළියට

Published on: February 03, 2025, 12:19 PM

වසර 13 කට පෙර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ සමාගමක් සහ තායිලන්තයේ විදේශ සමාගමකින් මෙරටට ගෙන්වන ලද බස් රථ අමතර කොටස්වලට නියමිත කාලසීමාවෙහි ගෙවීම් සිදු නොකිරීම නිසා රුපියල් කෝටි හතළිස් හයකට අධික මුදලක් අමතර මුදල් ලෙස ගෙවීමට ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2025/01/ 31 දින නිකුත් කර ඇති  විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙම සමාගම් දෙකෙන් මුලින්ම අමතර කොටස් ගෙන්වා ඇත්තේ 2011 වර්ෂයේ මාර්තු මාසයේ වන අතර එලෙස ගෙන්වන ලද අමතර කොටස් තත්ත්වයෙන් බාලවීම නිසා එම අමතර කොටස් ප්‍රතික්ෂේප කර නැවත ටෙන්ඩර් පටිපාටියට යන ලෙස කමිටුව මගින් නිර්දේශ කර ඇත.

එහෙත් එම නිර්දේශ නොසලකා 2012 වර්ෂයේ සිට ගමනාගමන මණ්ඩලය නැවත වසර 04 ක් අඛණ්ඩව රුපියල් එකසිය අනූ හතර කෝටි විසි ලක්ෂයක් වටිනා අත්‍යවශ්‍ය නොවන අමතර කොටස් මිලදීගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවෙහි සඳහන් වෙයි. ඒවායින් බොහොමයක් රත්මලාන සහ වත්තල ප්‍රදේශයේ ගබඩාවල නිෂ්කාර්යව පවතින බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙලෙස ගෙන්වූ අමතර කොටස් සඳහා ද මණ්ඩලයට ගෙවීම් ප්‍රමාද කර ඇති හෙයින් සැපයුම්කාර සමාගමට බේරුම්කරණ නඩුවක් පවරා ඇති අතර එම තීන්දුව වී ඇත්තේ රුපියල් හැටහය කෝටි හතළිස් ලක්ෂයක් සැපයුම්කරුට ගෙවීමටය.

එහෙත් එම මුදල ද මණ්ඩලය මගින් ගෙවා නොමැති අතර සැපයුම්කරු 02 වැනි වරටත් බේරුම් කරණ නඩුවක් පවරා ඇත. එම තීන්දුව ප්‍රකාරව මණ්ඩලය රුපියල් එකසිය දොළොස් කෝටි හැට ලක්ෂයක් සැපයුම්කරුට ගෙවා ඇත.

මේ නිසා ගමනාගමන මණ්ඩලයට සිදුවී ඇති පාඩුව රුපියල් හතළිස් හය කෝටි විසි ලක්ෂයක් බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

චන්දන සමරවික්‍රම

Image


විශේෂ ව්‍යාපෘතියකට ජොන්ටි රෝඩ්ස් එයි

Published on: February 03, 2025, 11:52 AM

දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් , තුන් දින සංචාරයක්  සදහා 02/03 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා තමන් පැමිණි බවත් , පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

ජොන්ටි රෝඩ්ස් 02/03 දින අලුයම 05.25 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 148 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ගුවන් තොටුපොළ සේවිකාවන් විසින් ඔහු පිළිගනු ලැබීය .

කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ ජොන්ටි රෝඩ්ස්  කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කළේය .

Image


වාර්ෂිකව පුද්ගලයන් මිලියන 58ක් බාහිර රෝගී අංශයට ඇවිත්

Published on: February 03, 2025, 11:31 AM

මෙරටෙහි වාර්ෂිකව පුද්ගලයන් මිලියන 58ක් පමණ රජයේ රෝහල් බාහිර රෝගී අංශ වෙත පැමිණෙන බවට ප්‍රජා වෛද්‍යා විශේෂඥවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති, විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා සඳහන් කර සිටියේ පුද්ගලයන් මිලියන 03ක් පමණ රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ලබා ගන්නා බවයි.එසේම පුද්ගලයන් මිලියන 07ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන බවද ඔහු පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පුද්ගල ආයු අපේක්ෂාව මේ වන විට ස්ත්‍රී අවුරුදු 80ක් සහ පිරිමි අවුරුදු 73ක් පමණ වන අතර වැඩිහිටි කාණ්ඩයේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.

Image


ජනවාරි මාසයේදී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

Published on: February 03, 2025, 11:25 AM

මෙම වසරේ ජනවාරි මාසය තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 5,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.මනතුංග මහතා පැවසීය.

​කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් ගංජා කිලෝග්‍රෑම් 602ක්, අයිස් කිලෝග්‍රෑම් 24 ග්‍රෑම් 245ක්, හෂීෂ් කිලෝග්‍රෑම් 25 ග්‍රෑම් 483ක්, හෙරෝයින් කිලෝග්‍රෑම් 6ට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහිදී මේ හා සම්බන්ද සැකකරුවන් 5,000ට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන අපි ඔවුන්ට​ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ”

Image


ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු සභාපති බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

Published on: February 03, 2025, 10:59 AM

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු සභාපතිවරයා වූ කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අද(03දා) අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 85  වියේ පසුවිය.

Image


විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රු. කෝටි 63ක් අහිමි වුණ හැටි මෙන්න

Published on: February 03, 2025, 10:29 AM

පළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන් සඳහා ලබාදීමට නියමිත වෘත්තීය පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ ගෘහ සේවා රැකියාවන් සඳහා යවා ඇති බවත් ඔවුන්ට පුහුණුව ලබා නොදී විදේශ ගත කිරීමෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි වී ඇති බවත් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

2022 ජුනි 07 දිනැති කාර්යාංශයේ සභාපතිගේ ලිපියට හා 2023 ජනවාරි 09 දිනැති නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිගේ ලිපි හා ආයතනික චක්‍රලේඛ උපදෙස් අනුව පළමු වරට විදේශගතවන ගෘහ සේවිකාවන්ට රුපියල් 22,410 ක මුදලක් අයකර විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මගින් දින 28 ක NVQ(3) මට්ටමේ නේවාසික පුහුණුවක් ලබා දිය යුතු බව විගණන කාර්යාලය සඳහන් කරයි.

එහෙත් 2023 මුල සිට 2024 මැයි 29 දක්වා කාර්යාංශය මගින් එම පුහුණුව ලබා නොදී ගෘහ සේවිකාවන් 28,165 ක් විදේශ රැකියාවලට යැවීම මගින් කාර්යාංශයට ලැබිය යුතු රුපියල් 631,177,650 ක පුහුණු ආදායමක් අහිමි කරගෙන ඇතැයි එම කාර්යාංශය සම්බන්ධයෙන් විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කළ විගණන විමසුමට කාර්යාංශය විසින් විගණනය වෙත අදහස් දක්වා නැත.මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසද විගණන කාර්යාලය කාර්යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.

ජේ. ඉඳුරුවගේ

Image


ජනපතිවරයාගේ යාපනය සංචාරයට ගුවන් යානා භාවිත කළේ නෑ

Published on: February 03, 2025, 09:10 AM

ජනපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා යාපනයේ සිදුකළ සංචාරයට ගුවන් යානා තුනක් භාවිත කළ බවට පළවන වාර්ති අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

ජනපතිවරයාගේ යාපනය සංචාරය සඳහා කිසිම විටක ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිත නොකළ බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ජනපතිවරයා එම සංචාරය සිදු කළේ නිල මෝටර් රථයෙන් බවත් ජනපතිවරයා ගුවන් යානා භාවිත කළ බවට සමාජ මාධ්‍ය ජාල හරහා පළවන වාර්ත පදනමකින් තොර බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

Image


හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

Published on: February 03, 2025, 08:30 AM

මෙරට ප්‍රකට කර්මාන්ත කරුවෙකු සහ ව්‍යාපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා අද(03දා) අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 වියේ පසුවිය.

Image


කසිප්පු වලිය තිදෙනෙකුට මරු කැඳවයි

Published on: February 03, 2025, 08:40 AM

අම්බලන්තොට පොලිස් වසමේ ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ දී ඊයේ (2) ප.ව. 7.30ට පමණ දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්  තිදෙනෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

6 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් අම්බලන්තොට මාමඩල ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ ඇති   ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ  නිවසට  ගොස් එහි සිටි ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ තිදෙනාම  කපාකොටා මෙම ඝාතනය කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත.

මෙහිදී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.කෙසේ නමුත් මියගිය තිදෙනාටම බරපතල කැපුම් තුවාල ඇතිබවයි පොලිසිය පවසා සිටියේ.

මෙසේ මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික(39), හේවාකුමානායක රසික ප්‍රියදර්ශන(45),මාදව උදයංග මල්ලිකාරච්චි(34) යන  ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසා සිටින්නේ.

මරණකරුවන් හා තවත් පාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී පොලිසියට අනාවරණය වී ඇති බවට මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තුමන්ගේ උපදෙස් මත  අම්බලන්තොට පොලිසිය ඇතුළු තවත් පොලිස් ස්ථාන කීපයක නිලධාරීන්  වැඩිදුර විමර්ශන සඳහා යොදවා තිබෙන බව  පොලීසිය පවසා සිටි.

නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට ද මේ වනවිට ලැබුණු තොරතුරු ලැබී ඇති බවත් කෙසේ නමුත් ඝාතනයට මුල්වූ හේතුව නිසියාකාරව මෙතක් තහවුරු වී නොමැති බවත් පොලිසිය පවසා සිටි.

Image


අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්

Published on: February 03, 2025, 07:28 AM

ක්‍රියාශීලිත්වයෙන් තොර දිවි පැවැත්ම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන ප්‍රධාන සාධක හේතුවෙන් මෙරට තුළ මේ වනවිට වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් අතර සීග්‍රයෙන් පිළිකා තත්ත්ව වර්ධනය වෙමින් පවතින බවට ශ්‍රී ලංකා පිළිකා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අනාවරණය කර සිටී.

ඒ අනුව එහි ලේඛකාධිකාරී,රුධිර පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් වන බවත් මත්පැන්, දුම්කොළ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් තත්ත්වය වර්ධනය වන බවත්ය.

මීට අමතරව අවශ්‍ය ප්‍රමාණයට පලතුරු සහ එළවළු ආහාරයට නොගැනීම ඇතුළු සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය නොකිරීම හා අධික තරබාරුවද වයස අවුරුදු 50ට අඩු අයට පිළිකා ඇතිවීමට හේතුවක් වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ අවධානය දැඩිව යොමුවිය යුතු බවයි.

Image


සපත්තු වව්චර් හා පාසල් උපකරණ දීමනාව පෙබ. 05 දාට පෙර ගෙවා අවසන් කරනවා

Published on: February 02, 2025, 10:05 PM

රජය මගින් පාසල් සිසුන්ට සපත්තු මිලදී ගැනීමේ  සඳහා ලබා දෙන වවුචර් පත්ද අස්වැසුම අහිමි පවුල්වල දරුවන් ට පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් 6000ක දීමනාව ද,  පෙබරවාරි  5 වැනිදා වන විට බෙදා අවසන් කරන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සපත්තු  මිලදී ගැනීම සඳහා සපත්තු වවුචර් පත් සිසුන්  250 ට අඩු පාසල්වලට හිමි වෙයි.එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදාදීම, අවසන් අදියරේ පවතින බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර, අස්වැසුමට ඇතුළත් නොවූ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට, පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන රුපියල් 6000 දීමනාව ද, ලබන 5 වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.ඒ යටතේ ප්‍රතිලාභ ලබාගන්නා සිසුන් සංඛ්‍යාව, ලක්ෂ 5 කට ආසන්න වෙයි.සිසුන් 250 ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල, අස්වැසුම ප්‍රතිලාභය හිමිනොවන සියලු සිසුන්ට මෙම මුල්‍යාධාරය හිමිවේ.

කමල් ශ්‍රී ලියනගේ

Image


නව කජු ප්‍රභේද දෙකක් වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂීකර්ම පිඨයෙන් වගා කරවන්ට

Published on: February 02, 2025, 09:28 PM

වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ  පීඨය හා ශ්‍රී ලංකා කජු සංස්ථාව ඒකාබද්ධව වසර ගනනාවක සාර්ථක අත්හදා බැලිම් වල ප්‍රතිපලයක් ලෙස වැඩි දියණු කල ශක්ති හා විජනිත නමින් කජු ප්‍රභේද දෙකක් ගොවි ජනතාව වෙත හදුන්වා දීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙ ශ්‍රවණාගාරයෙ පැවති විශේෂ උත්සයකින් පසු සිදුවිනි.

ශ්‍රී ලංකා කජු සංස්ථාව විසින් වයඹ විශ්ව විද්‍යාලය සමග අත් වැල් බැද ගනිමින් කජු වගාව ව්‍යාප්ත කිරීම හා  ඉහල අස්වනු ලබා ගැනිම,දිවයිනෙ සෑම පළාතකටම ගැලපෙන ලෙස කජු ප්‍රභේදයන් පර්යෙෂණ වලින් පසු මෙලෙස  ගොවින්ට හදුන්වා දිම වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂීකර්ම හා වැවිලි කර්මාන්ත පීඨය  සමග එක්ව  කටයුතු කර තිබු අතර එහි ප්‍රතිපලයක් ලෙස ශක්ති හා විජනිත යන ප්‍රභේද හදුන්වා දීමට කටයුතු කර තිබුනී.

වයඹ විශ්ව විද්‍යාලයෙ උප කුලපති මහාචාර්ය උදිත් කේ.ජයසිංහ මුදලිගේ, වයඹ විශ්ව විද්‍යාලයෙ හිටපු උප කුලපති මහාචාර්ය එස්.ජේ.බී.ජයසේකර  වයඹ විශ්ව විද්‍යාලයෙ වැවිලි හා කළමනාකරණ පිඨයෙ මහාචාර්ය හා කජු පර්යෙෂණ හා කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය ඩි.සී.අබේසිංහ ,වයඹ විශ්ව විද්‍යාලයෙ කෘෂීකර්ම හා  වැවිලි හා කළමනාකරණ පිඨයෙ පිඨාධිපති මහාචාර්ය ජේ.සි.එදිරිසිංහ,

හා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ඒ.පි.සුමනසිරි, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත්, කජු සංස්ථාවේ සාමාන්‍යාධිකාරි කේ.ජී.පී.පී.අබේසිරි ගුනවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා වගාකරුවන් රැසක් එක්ව සිටිහ.

වයඹ විශ්ව විද්‍යාලය කජු සංස්ථාව සමග ඒකාබද්ධව වසර 24 කට වැඩි කාලයක්   සිදුකල පර්යෙෂණ වල ප්‍රථිපලයක් ලෙස මෙයට පෙර කජු ප්‍රභේද 11 ක් එළි දක්වා හදුන්වා දී තිබු අතර   නව ප්‍රභේද ලෙස ශක්ති හා විජනීත  හදුන්වා දීමත් සමග එය ප්‍රභේද 13 දක්ව වර්ධනය කර ගැනිමට හැකිව තිබේ.

නව අත්හදා බැලිම් වලින් එළි දැක්වු ශක්ති හා විජනිත ප්‍රභේද වල ඉහල අස්වැන්ක් ලබා ගැනිම,දිවයිනේ සෑම පළාතකම වගාකල හැකි විම, වසර හතරකට අඩු කාලයකින් අස්වැන්න ලබා ගැනිමට හැකිවිම මෙම නව ප්‍රභේද වල සුවිශේෂත්වයක් බව කියයි.

එසේම හදුන්වාදුන් නව ප්‍රභේද වන විජනිත ශාඛය සාර්ථක අස්වැන්නකට ඉඩ කඩ වැඩි බවත් එහි කජු පුහුලම කහ පැහැති වර්ණයෙන් දිස් විමත් කජු ගෙඩියක බර ග්‍රෑම්ස් 7.9 කට වැඩි අතරම පොතු ගැලවිමේ ප්‍රතිශතය සියයට 30 යුක්ත වන බව කියයි.

එසේම අනෙක් කජු ප්‍රභේදය වන ශක්ති ශාඛය මධ්‍යම ප්‍රමානයෙ ගසක වර්ධන හැකියාව පෙන්නුම් කරන අතරම එහි පුහුලම රතු පැහැති වර්ණයෙන් යුක්ත වෙති.මෙම ප්‍රභේදයද දිවයිනේ සෑම ප්‍රදේශයෙ සාර්ථකව වගා කල හැකි සේම ඉහල අස්වැන්නකින් යුත්ත වන අතරම එහි ගෙඩියක බර ග්‍රෑම්ස් 7.1 ඉක්මවා යන බව කියයි.එසේම මදයෙ බර ග්‍රෑම්ස් 2.5 ක් වෙන බව කියයි. පොතු ගැලවිමේ ප්‍රතිශතය සියයට 30 ක් වෙන බව තහවුරු කර තිබේ.

නව කජු ප්‍රභේද දෙක පුත්තලම දිස්ත්‍රික්කයෙ වගාකරුවන්ට හදුන්වා දිම හා එය වගාකරුවන්ට සංකේතවක් ලෙස බෙදා දීම සමග  කජු පුවත් සගරාව එළි දැක්විම ඇතුළු කටයුතු රැසක් මෙම අවස්ථාවෙදි සිදුවිය.

Image


රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි

Published on: February 02, 2025, 08:10 PM

“මම දන්නවා මම මැරුණොත් උඹට කවුරුවත් නැහැ , යන්න තැනක් , කියන්න කෙනෙක් නැහැ කියල ,ඒත් දුවේ මගෙ ලෙඩේ මට දරා ගන්න බෑ. ඒ නිසා මගේ කාලෙ ඉවරයි. මම යනව .මට සමාවෙයන් “ යනුවෙන්  සිරුරේ පහළ කොටසේ හටගෙන තිබූ වේදනාකාරී රෝගයක් දරාගැනීමට නොහැකි වූ කාන්තාවක් සිය දියණියට ලිපියක් ලියා තබා දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි මහරගම පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය දෙපානම ප්‍රදේශයේ පදිංචි (51) ඇවිරිදි දෙදරු මවක බව පොලීසිය කියයි.

මරදාන සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු මන්දගාමී දුම්රියකට මහරගම සහ පන්නිපිටිය අතර ප්‍රදේශයේදී පැන මෙම කාන්තාව දිවි හානි කරගෙන තිබූ අතර පසුව එම දුම්රියෙන්ම කොට්ටාව දුම්රිය ස්ථානයට මළ සිරුර ගෙන ඇවිත් භාරදී තිබූ බව පැවසේ.

පසුව මේ පිළිබඳව ලද තොරතුරකට අනුව පොලිසිය එම  ස්ථානයට ගොස් මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා කැඳවා ස්ථානීය පරීක්‍ෂණයක් සිදු කළ අතර එහිදී මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර ඇත්තේ පශ්චාත් නරක පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසයි.

මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය සාම විනිසුරු ඩග්ලස් රූපසිරි මහතා සිදුකරන අතරතුරදී මියගිය කාන්තාව විසින් ලියන ලද ලිපියක් ඇයගේ  දියණිය විසින් ඉදිරිපත් කර තිබූ අතර “ මොකක්ද මේ මගේ කරුම ජීවිතේ, උඹට වැඩකුත් නෑ , මමත් ජීවිත කාලයම දුක් විඳිනවා. මට දැන් එපා වෙලා තියෙන්නේ.ඒ නිසා පොතේ මම යනවා මට සමාවෙයන් “ යනුවෙන් එහි ලියා තිබූ බව කියයි.

පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය වරුණා ජයසුන්දර මහත්මිය විසින් සිදු කළාය.

එහිදී අනතුරට ලක් වූ දුම්රියේ රියදුරු කැඳවා ප්‍රකාශයක් සටහන් කරගන්නා තෙක් මියගිය කාන්තාවගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු ඩග්ලස් රූපසිරි මහතා නිගමනය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පො.කො (103484) ප්‍රම්ත නිළධාරීහු පරීක්ෂණ මෙහෙයවූහ.

Image


වී වලට සහතික මිලක් දෙන කැබිනට් පත්‍රිකාව සඳුදා

Published on: February 02, 2025, 07:29 PM

මේ දිනවල වී ගොවින් ඇතැම් ප්‍රදේශවල අස්වැන්න නෙලන බවත්, එම වී මිල දි ගැනිමට සහතික මිලක් නියම කරමින් (03) දින කැබ්නට් පත්‍රිකාවක් රැගෙන එන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසිය.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඒ බැව් කියා  හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිණි.

මෙහිදි අදහස් දැක් වු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ වී අස්වැන්න නෙලිමෙන් අනතුරුව රටේ ජනතාවට පාලන මිලට සහල් මිල දි ගත හැකි බවයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් නිතිමය ගැටළු කිහිපයක් ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ජනාධිපතිවරණයේදි සහ මහ මැතිවරණයේදි ජාතික ජන බලවේගය ජයගත් සේම පළාත් පාලන මැතිවරණයේදි ජාතික ජන බලවේගයෙ බහුතර පළාත් පාලන ආයතන බලය ලබා ගන්නා බවද අමාත්‍යවරයා පැවසිය.

Image


පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපති ආචාර්ය තුෂාරා රත්නායක

Published on: February 02, 2025, 06:41 PM

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් පත් කර ඇත.

ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ‍‍්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.

Image


කුණු කොල්ලයට ගිය කැරට් විකුණගන්නත් බැරිවෙයි

Published on: February 02, 2025, 05:55 PM

වියලුව හා ඒ අවට ප්‍රාදේශවල කැරට් අස්වැන්න ඉහළ යාම හේතුවෙන් ඊයේ (01)  මීගහකිවුල නගරයේ පැවැති සති පොළ වෙත වෙළඳුන් රැගෙන ආ කැරට් විකුණා ගත නොහැකිව  පොළ භූමියේම ගොඩ ගසා තිබුණි.

රැගෙන ආ කැරට් තොග ඉතා අඩු මිලකට විකිණීමට තැත් කළද එසේත් කළ නොහැකි වූ බැවින් කැරට් මේ අයුරින් ඉවත දමා යන බව වෙළෙන්දෝ පැවසූහ.

කැරට් ගෝනි යළිත් රැගෙන යෑමට තවත් මුදලක් වැය කරනවා වෙනුවට මෙලෙස ඒවා විසිකර යෑම තමුන්ට ලාභදායි බව ද වෙළෙන්දෝ පැවසූහ.

එන් කේ නිශ්ශංක මීගහකිවුල

Image


ගම්පොළින් පැහැරගත් දරුවා හැටන්හිදී වාහනයෙන් පැන ගනියි

Published on: February 02, 2025, 05:05 PM

ගම්පොළ නගරයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වීආපසු නිවස බලා යමින් සිටි දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු සිහි විසඥ කොට පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.

එම දරුවා ඊයේ (01) සවස එසේ උපකාරක පන්ති නිමාවී ආපසු නිවස බලා යමින් සිටියදී එම දරුවා (ජාවා ගෙදර සහිඳු සේහන්ස ඒකනායක) කිසියම් ද්‍රව්‍යයක් මුහුණට අල්ලා සිහිසුන් කොට වෑන් රථයකින්  රැගෙන යමින් සිටියදී හැටන් පොලිස් වසමේ මල්ලි අප්පුව ප්‍රදේශයේදී දරුවා ප්‍රකෘති තත්ත්වයට පත් වී ඇති අතර රාත්‍රී 7.30 ට පමණ වෑන් රථයේ ජනේලයක් විවෘත කොට ඉන් පැන ගෙන ඇති බව පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව දරුවා පොලිස් භාරයට ගෙන දෙමව්පියන්ට භාරදීතිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් සහ ගම්පොළ පොලිසි ඒකාබද්ධව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවද පොලිසිය කියයි.

Image


කෝවිලේ අලුත්වැඩියාවේ සිටි කම්කරුවා කොන්ක්‍රීට් කුට්ටියකට බිලි

Published on: February 02, 2025, 04:39 PM

කොන්ක්‍රීට් කුට්ටියක් හිස මත වැටීමෙන්   බණ්ඩාරවෙල පොලිස් වසමට අයත්  ක්‍රේග් වත්ත උඩ කොටසේ  පිහිටි ශ්‍රී සිවසුබ්‍රමනියම්  හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතුවල නියැලී සිටි පුද්ගලයෙකු අද (02) දහවල් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ක්‍රේග්වත්ත උඩකොටස, බණ්ඩරවෙල පදිංචි ටී.සුබ්‍රමනියම්, (65) නැමැති අයෙකි. හිංදු කෝවිලේ අලුත් වැඩියා කටයුතු සිදුකිරිම  සදහා එහි පරණ කොටස් ඉවත් කරමින් සිටියදී ඔහු මෙම අනතරට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Image


ඕස්ට්‍රේලියාවට මි.මී.700 ඉක්ම වූ අධික වැසි - ගංවතුර හේතුවෙන් දහසකට වැඩි පිරිසක් නිවාස හැර යයි

Published on: February 02, 2025, 03:55 PM

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 1000ට වැඩි පිරිසන් නිවාස හැර ගොස් තිබේ.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වසර 60කට වැඩි කාලයක් තුළ බලපෑ ඇති දරුණුතම ගංවතුර මෙය විය හැකි බවට එරට කාලගුණ විද්‍යාඥයන් පවසා ඇති අතර, මෙහිදී ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 700 ඉක්මවූ තද වැසි ඇද හැලී ඇත.

Image


ඉන්දීය අයවැයෙන් ලංකාවට දෙන මුදලේ වෙනසක් නෑ

Published on: February 02, 2025, 03:55 PM

2025 වසර වෙනුවෙන් ඉන්දීය භාරතීය ජනතා පක්ෂ රජයේ අයවැයෙන් මෙවර ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300 ක මුදල් වෙන් කර තිබේ. 2024 අයවැයෙන්ද ඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලකි.

Image


දකුණු අප්‍රිකාව හඬවා ඉන්දියාව කාන්තා ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

Published on: February 02, 2025, 02:43 PM

වයස අවුරුදු 19 පහල කාන්තා ලෝක කුසලානය ඉන්දීය කණ්ඩායම දිනා ගැනීම අද (02දා) සමත් විය.

එහිදී දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 09කින් පරායට පත් කරමීට ඔවුන් සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 82ක් රැස් කළාය.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළාය.

Image


කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්

Published on: February 02, 2025, 02:17 PM

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන්  සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික උද්‍යානයන් තුළට ගෘහාශ්‍රිත සතුන් රැගෙන යාම, නිදහස් කිරීම, වන සතුන්ට ආහාර ලබාදීම් මෙන්ම සංචාරකයින් තමන්ට ලැබී ඇති බලපත්‍රයේ දැක්වෙන කොන්දේසි කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්, එවැනි ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයන්ට හා පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.

ශාන් හුලංනුගේ

Image


කොටි සුනඛ ගැටලුව ගැන පරික්ෂණයක්

Published on: February 02, 2025, 02:17 PM

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ යයි දැක්වෙන කොටියෙකු සහ සුනඛයෙකු අතර සිදු වන පොර බැදීමක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන්  සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික උද්‍යානයන් තුළට ගෘහාශ්‍රිත සතුන් රැගෙන යාම, නිදහස් කිරීම, වන සතුන්ට ආහාර ලබාදීම් මෙන්ම සංචාරකයින් තමන්ට ලැබී ඇති බලපත්‍රයේ දැක්වෙන කොන්දේසි කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදවල් බවත්, එවැනි ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයන්ට හා පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.

ශාන් හුලංනුගේ

Image


ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර විභාගයකට පොලිස් ආරක්ෂාව,

Published on: February 02, 2025, 01:26 PM

2024 වර්ෂයේ  උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය හෙට (3දා) සිට ලබන 14 දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදු කරන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රථම වතාවට මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බව උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පැවසීය.

පොලිස් ආරක්ෂාව යටතේ පැවැත්වෙන වර විභාගක් මෙන්ම  මෙවර උතුරු මැද පළාතේ පැවැත්වෙන මෙම විභාගයේ අනෙක් විශේෂත්වය වන්නේ පාසල් තුන්වන වාරය අවසන් කර තිබියදී, තුන්වන වාර විභාගයක් පැවැත්වීමයි.

මේ සඳහා වන විභාග ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරන ලද ප්‍රශ්න පත්තර මෙම දරුවන් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවත් මේ වන විට එම ප්‍රශ්න ප්‍රශ්නපත්‍ර උතුරු මැද පළාතේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල තිහක එම ප්‍රශ්න පත්තර රඳවා විභාග දිනයේදී අදාළ විදුහල්පතිවරුන් වෙත පොලිස් ආරක්ෂාව යටතේ ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා සදහන් කලේය.

පළාත තුළ දරුවන් 26000ක් පමණ දෙනෙකු සාමාන්‍ය පෙළ පෙරහුරු විභාගය සඳහා පෙනී සිටින බවත් ඔවුන් වෙනුවෙන් ඉතා සැලසුම් සහගතව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කරන බවත් අනෙකුත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන අයුරින් එම පෙරහුරු විභාගය පැවැත්වීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කීය.

ප්‍රශ්න පත්තර පිටවීම සම්බන්ධයෙන් වූ චූදිතයන් සදහා නීතිමය කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද සිදුකරමින් යන බවත් පවසන ලේකම්වරයා තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදීද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා වාර විභාග ප්‍රශ්න පත්තර මුද්‍රණය කිරීමට කටයුතු කරන බවත් නිලධාරීන්ගේ සහය ඇතිව ඉදිරියේදී පොලිස් ආරක්ෂාවකින් තොරව වාර විභාග පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවය.”

ඉකුත්  ජනවාරි 5දා උතුරු මැද පළාතේ තුන්වන වාර පරීක්ෂණය ආරම්භ විය.එහිදී 11වන ශ්‍රේණියේ පාසල් සිසුන්ට පෙනී සිටීමට හැකි වූයේ මුල්ම දිනයේ පැවැත් වූ ආගම ප්‍රශ්න පත්‍රයට පමණි. පසුදා (6දා) පැවැත්වීමට නියමිතවව තිබූ සිංහල විෂය සඳහා වූ විභාගය පැවැත්වීමට පෙර එය සමාජ මාධ්‍ය ඔස්සේ සැරි සැරීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත ජනවාරි 20දා නැවත පැවැත්වීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කරන ලදී.

එහෙත් අඛණ්ඩව අනෙකුත් ප්‍රශ්න පත්‍රද සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීම හේතුවෙන් 11වන ශ්‍රේණියේ තුන්වන වාර පරීක්ෂණය සම්පූර්ණයෙන් අත්හිටුවා නැවත නව ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර විභාගය පැවැත්වීමට බලධාරීහු තීරණය කලහ.

Image


වාද්දුවේ මා දැලකට මාළු වැස්සක්

Published on: February 02, 2025, 12:39 PM

වාද්දුව තල්පිටිය රත්නායක පාරේ ධීවර තොටුපලේ  මා දැලකට පසුගියදා (31) විශාල මාළු තොගයක් හසුව තිබුණි.

වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි නිහල් පෙරේරා මහතාට අයත් මා දැලකට මෙම මාළු තොගය පැටලී ඇති බව සදහන් වේ.

පරවු මාළු විශේෂයක් වන මාගුරුවෝ සහ කිරලාවෝ නමැති මාළුන් මෙම දැලට  හසුව ඇති අතර, පැය තුනක පමණ කාලයක් මාළුන් ගොඩ ගනිමින් සිටින බව දැකගත හැකි විය.

කිලෝ පහකට ආසන්න බරකින් යුත් පරව් කූරි 4000 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගත්  බව ධීවරයින් සදහන් කරයි .

මෙම අවස්ථාව දෙක බලා ගැනීම සඳහා විශාල පිරිසක් මුහුදු වෙරළට පැමිණෙමින් සිටින අතරින්,  අවට සංචාරක හෝටල්වල රැඳී සිටින සංචාරකයින්ද මෙය නැරඹීම සඳහා වෙරළට පැමිණෙමින් සිටියහ.

පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා

Image


ජනපතිගේ ආරක්ෂාවට ගිය ඩිෆෙන්ඩර් රථයක් අනතුරක

Published on: February 02, 2025, 11:46 AM

අනුරාධපුර පාදෙණිය  ඒ - 28 ප්‍රධාන මාර්ගයේ, තලාව නගරය ආසන්නයේදී ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් රථයක් ඊයේ (1දා) අලුයම මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින්, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා රෝහල් රෝහල්ගත කර ඇති අතර,  ඒ සම්බන්ධයෙන් තලාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ , අවිස්සාවේල්ල පදිංචි එච්. එම්.  කුසල් ධනංජය රත්නායක (24), කුලියාපිටිය පදිංචි බී.එම්. රන්දික පියුමාල් බස්නායක (රියදුරු ) (29), බී.එම්, ඉෂාර ධනංජය දිසානායක (26), නමැති පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ  රියදුරු ලෙස කටයුතු කරන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි තනුජ මදුසංග කරුණාසේන නැමැති 33 හැවිරිදි  පුද්ගලයෙකි.

ජනාධිපති  ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථය යාපනය ප්‍රදේශයේ විශේෂ රාජකාරී නිරත වී, නැවත අනුරාධපුර දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබියදී තලාව නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.

ඩිෆෙන්ඩර් රථයේ රියදුරගේ අධික වේගය හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම රථය මාර්ගයේ ඉවතට පැන විදුලි රැහැන් කණුවක හා ෙබෝක්කුවේ ගැටී  රථය පෙරළී ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ සිව් දෙනා ගෙන් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර  ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත රියදුරු ලෙස රාජකාරී කරනු ලබන අය තලාව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් අනතුර සිදුවන අවස්ථාවේදී  රියැදුරා ලෙස කටයුතු කර ඇත්තේ, ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරෙකු ලෙස කටයුතු කරන පොලිස්  කොස්තාපල්වරයෙකි.

තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

Image


අයියාගේ ඇගට යටවී මාස 6 ක බිළිදිය මරුට

Published on: February 02, 2025, 10:59 AM

නිවසේ නිදා සිටී මාස හයක බිළිදියක වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යටවී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කළුතර දකුණ වෙනිවැල්කැටිය ප්‍රදේශයේ පදිංචිව සිටී විනුල්යි දිහාක්‍යා නමැති බිළිදියක මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය.

බිළිදිය සිය දෙමාපියන් සහ වයස අවුරුදු දෙකක පමණ වැඩිමහල් සොහොයුරා සමග  ඇදක නිදා සිට ඇති බවත් , පෙරේදා (01) අළුයම අවධිව බලන විට බිළිදිය හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙලී ඇති බවත් සදහන් වේ.

බිළිදියව කළුතර නාගොඩ ළමා සහ මාතෘ  රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති  බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කළුතර හදිසි මරණ පරීක්ෂක පී.සී. මාතර ආරච්චි මහතා සහ උසස් පොලිස් නිළධාරින් විසින් සිදුකල විමර්ශන වලින් පසු  මහේස්ත්‍රාත්  නියෝගයක් ලබාගෙන   අධිකරණය වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ යුතු බව දැනුම් දී තිබේ.

ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින් පරීක්ෂණ පැවැත්වීමෙන් පසු කළුතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කළුතර  නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කරන ලදී.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි 55318 සැරයන් එස් ඒ ආර් කේ ද  සිල්වා පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය

Image


ජාතික පාසල් 88 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 06 දා සිට

Published on: February 02, 2025, 10:07 AM

දිවයින පුරා පිහිටි  ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල්  88 ක  පවතින  විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි  ෙඅධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මේ සඳහා ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු   සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ‍

මෙම  සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද  අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ජේ. ඉඳුරුවගේ

Image


සිංහරාජය ආහ්‍රිතව උගුල් අටවා කෘමීන් ඇල්ලූ ස්පාඤ්ඤ ජාතිකයා රිමාන්ඩ්

Published on: February 02, 2025, 09:10 AM

සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිත පරිවාර වනාන්තර තුළ උගුල් අටවා කෘමි සතුන් ඇල්ලු ස්පාඤ්ඤ ජාතිකයකු  (31) වනදා අත්අඩංගුවට ගත් බව  කලවාන අඩවි වන කාර්‍යාලය පැවසිය .

අත්අඩංගුවට ගත් ස්පාඤ්ඤ ජාතික සැකකරුවා කාලෝස් නසරියෝ නැමති තිස් හත් හැව‍රදි පුද්ගලයකු බව අඩවි වන කාර්‍යාලය පැවසීය.  මෙම ස්පාඤ්ඤ ජාතිකයා දින තුනක් තිස්සේ සිංහරාජයේ නවාතැන්පොළක ලැගුම් ගෙන සිංහරාජය ආශ්‍රීත පරිවාර වනාන්තර වල යමින් උගුල් අටවා සලඹයින්, සමනලුන් ,කෘමී විශේෂ අල්ලා ඇති බව අනාවරණය වූ බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසීය .

ඔහු සතුව තිබී කෘම් සතුන් අල්ලන නවීන පන්නයේ උගුල් අත්අඩංගුවට ගත් බව කලවාන  අඩවි වන කාර්‍යාලය පැවසීය.  අත්අඩංගුවට ගත් සැසැකකාර ස්පාඤ්ඤ ජාතිකයා කලවාන අඩවි වන කාර්‍යාලය මගින් කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත 31 වනදා ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම මස දහවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කලවාන මහේස්ත්‍රාත් නයනී කරුණාරත්න මහත්මිය නියෝග කර සිටියාය.

කලවාන අඩවි වන නිලධාරි කේ.කේ.ආර් කංනන්ගර , සිංහරාජ අඩවි වන කාර්‍යාලයේ අඩවි වන පාලක එන්.එන්.ඩබ්ලිව් .එම් ගුණරත්න , බිට්ටු වන නිලධාරි එස්.එල්.පී කුමාර ,වන ක්ෂේත්‍ර සහකාරවරුන් වන අමිල චන්ද්‍රසේන , සුරේෂ් වසන්ත යන නිලධාරින් මෙම වැටලිම සිදු කර කෘමි සතුන් සමග සැකකාර ස්පාඤ්ඤ ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ .

කලවාන උපේන්ද්‍ර

Image


අද සිට වැස්ස අඩුවෙයි

Published on: February 02, 2025, 08:06 AM

දිවයි‍නේ වැසි තත්ත්වපේ අඩුවීමක් අද (02) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් මඩකලපුව, අම්පාර හා මුලතිව් දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදි හෝ රාත්‍රි කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි යැයිද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් පවසයි.

Image


බස් හා වෑන් අනතුරින් දෙදෙනෙක් මරුට 35ට තුවාල

Published on: February 01, 2025, 07:21 PM

හබරන ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ අලි වංගුව ප්‍රදේශයේ 01 වෙනිදා පෙරවරු එකොළහට පමණ පෞද්ගලික බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනකු මිය ගොස් තවත් තිස්පස් දෙනකු තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට හා දඹුල්ලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හබරණ පොලිසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ,වෑන් රථයේ රියදුරුවන ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 32 වියැති දෙදරු පියකු හා බස් රථයේ ගමන් ගත් හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 66 වීයැති කාන්තාවක් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන හබරණ පොලිසිය පවසයි.

ගාල්ල,හික්කඩුව ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ත්‍රීකුණාමල ප්‍රදේශයට ගමන් කරමින් සිටි බස්රථයක්, කින්නියා ප්‍රදේශයේ පදිංචි අයෙකු විදේශගත වීමට කටුනායක බලා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවඅනතුර පිලිබද පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය සඳහන් කරයි.

මෙම අනතුරෙන් කාන්තාවන් විසි දෙදෙනකු සහ පිරිමි පුද්ගලයන් දහ තුන්දෙනෙකු තුවාල ලබා ඇති අතර,තුවාල ලැබූවන්ගෙන් හත් දෙනකු හබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,සෙසු පිරිස දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාරය ලබන බව හබරණ පොලිසිය පවසයි.

මෙම අනතුරට හේතුව වෑන් රථයේ රියදුරට නින්ද යාම බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය කියයි.බස් රථය සහ වෑන් රථය මුහුණට මුහුණ ගැටී  බස් රථය පාරෙන් ඉවතට පෙරළී ඇති අතර අනතුර සිදුවන විට බස් රථයේ 55 දෙනෙකු සහ වෑන් රථයේ සිව් දෙනෙකු සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

ත්‍රිකුණාමලය සහ යාපනය ප්‍රදේශයේ දින දෙකක විනෝද චාරිකාවකට පැමිණි පිරිසක් මෙම අනතුරට පත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ හබරන පොලිසිය විසින් සිදු කරයි.

මනම්පිටිය නිමල්  ජයරත්න

Image


“අඛණ්ඩ ‘ජීවනී’ සැපයුමකට අවධානය

Published on: February 01, 2025, 04:21 PM

පාචනය හා වමනය නිසා ඇතිවන විජලනය වළක්වාලීම සඳහා මුඛ විජලන ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරණු ලබන ජීවනී (Oral rehydration salts – (ORS) නිෂ්පාදනවල අඛණ්ඩ සැපයුමක් මෙරට සෞඛ්‍ය අංශයේ වෙළඳපොළ තුළ පවත්වාගෙන යාමටත් ජීවනී නිෂ්පාදන වෙළඳපළ පුළුල් කිරීම සඳහාත් නිෂ්පාදනයට අදාළ නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පාලන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් ලබා දෙනු ලැබුයේ පසුගිය දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ය.

මේ වන විට සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජීවනී නිෂ්පාදන බෙදාහැරීමේ යම් දුර්වලතාවයක් වාර්තා වන බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත වාර්තා වීමත් සමග අමාත්‍යවරයා පුර්ව දැනුම් දීමකින් තොරව කරුණු විමසීම සදහා මෙම විශේෂ නිරීක්ෂණ චාරිකාව සිදුකරන ලදී.

ජීවනී නිෂ්පාදන කරනු ලබන මෙරට එකම ආයතනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවයි. එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන රත්මලාන නිෂ්පාදනාගාරය තුළ උපරිම ධාරිතාවය යටතේ මාසිකව 1000 ml පැකට් 33500 ක් අයත් වන කාණ්ඩ 25 ක් ද (33500 X 25), 200 ml පැකට් 165500 බැගින් වන කාණ්ඩ 8 ක් ද (165500 X 8)  මාසිකව නිෂ්පාදනය කරනු ලබයි.

මේ වන විට ප්‍රමාණ දෙකකට අයත් ජීවනී නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන්නේ එකම යන්ත්‍රයක් බවත්, එම යන්ත්‍රය ද වසර 12 පැරණි බව ද මෙහි දී අනාවරණය විය. වර්තමානයේ වෙළදපොළ පවතින ඉල්ලුමට සරිලන නිෂ්පාදන ධාරිතාවය එක් යන්ත්‍රයකින් නිෂ්පාදනය කිරීමට නොහැකි බව ද කාර්ය මණ්ඩලය අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර වර්තමානය වන විට වෙළදපොළ තුළ ජීවනී නිෂ්පාදනවල අතිරික්තයක් නොවීම එයට හේතුවක් වී ඇති බව ද මෙහි දී හෙළි විය.

මෙම තත්ත්වය පිළිබඳ රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ අමාත්‍යවරයා අවශ්‍ය යන්ත්‍ර මිල දී ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දෙනු ලැබීය. එමෙන් ම පවතින සේවක ගැටළු සහ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

රත්මලානේ පිහිටි මෙම නිෂ්පාදනාගාරය තුළ ජීවනී නිෂ්පාදනවලට අමතරව ග්ලූකෝස් සහ VG සමේ මතුපිට ආලේපනය ද නිෂ්පාදනය කරනු ලබයි. 23 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ද එහි සේවයේ නිරතව සිටිති.

මෙම අවස්ථාව සඳහා රත්මලාන ගබඩා සංකීර්ණයේ සහ නිෂ්පාදන ඒකකයේ වෙළද කළමණාකරු ෆ්‍රෑන්ක් පෙරේරා, වැඩබලන කළමණාකරු එස්.පී.ගුණතිලක, යන මහත්වරුන් මෙන් ම සේවක පිරිසක් ද එක්වු අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී වීරසිංහ මහතා කරුණු පැහැදිළි කිරීම සඳහා දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධ විය.

Image


මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Published on: January 31, 2025, 09:07 PM

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද (31) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image


පාකිස්තාන යුද නැවක් කොළඹ වරායට

Published on: February 01, 2025, 02:28 PM

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS ASLAT’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 පෙබරවාරි 01) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Frigate (FFG) වර්ගයට අයත් ‘PNS ASLAT’ නෞකාව, දිගින් මීටර් 123ක් හා නැව් මුළුව 243ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් MUHAMMAD AZHAR AKRAM කටයුතු කරනු ලබයි.

එමෙන්ම, ‘PNS ASLAT’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.තවද, නිල සංචාරය අවසන් කරමින් ‘PNS ASLAT’ නෞකාව 2025 පෙබරවාරි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතව ඇත.

Image


යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වැදගත් ව්‍යාපෘතියකට නිදහස් කිරීමට සූදානම්

Published on: February 01, 2025, 11:29 AM

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු  බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර  කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

රටේ සංවර්ධන කටයුතු  වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත්  ඉඩම් ලබා දිය යුතු බවද  කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ,  යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (31)  පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.

යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියක් සඳහා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.

යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වා ගෙන යාම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනා ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය.

ඒ අතරින් පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද වත්මන් රජය සැලසුම් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමට මෙහිදී අවධානය යොමු විය.

උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙන බවද ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රීලාංකිකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

උතුරු පළාත විශේෂ කොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජයඅවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයින් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තුවන බැවින් සංචාරකයින් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේමැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේතවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායකමහතා පැවසීය.

එසේම ධීවර ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන්මැදිහත්වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිතා කරන පළාත වශයෙන් උතුරු පළාතහඳුනා ගෙන ඇති බවත් මේ වන විට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමටකටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා නව ජල ව්‍යාපෘති සඳහා මෙවරඅයවැයෙන් මුදල් වෙන කරන බවද පැවසීය.

උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව පිළිගන්නා බව පැවසූජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය , කෘෂි කර්මාන්තය ඇතුළුසමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුකරන බව සඳහන් කළේය. ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට දේශපාලනඅධිකාරියත් රාජ්‍ය යාන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිඅනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Image


මෝටර් වාහන ආනයනයේදි රජය කොන්දේසි 9ක් පනවයි

Published on: February 01, 2025, 10:02 AM

වාහන ආනයන සීමා ඉවත් කිරිමේ තෙවැනි අදියරට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් කොන්දේසි 9ක් පනවා තිබේ. වාහන ආනයන සිමා ඉවත් කිරිමේ තෙවැනි අදියර අද 01 දා සිට ක්‍රියාත්මක වෙයි.

විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනියම වැය කරමින් විශාල වශයෙන් වාහන ආයනය කර තොග රැස් කිරිම අධෛර්යමත් කිරීම, රාජ්‍ය ආදයම වැඩි කර ගැනිම යන කරුණු මුල් කර ගනිමින් මෙම කොන්දේසි පනවා තිබේ.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත පරිදි වෙයි….

Image


මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Published on: January 31, 2025, 09:07 PM

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද (31) දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image


කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්

Published on: January 31, 2025, 06:38 PM

කිරිබත්ගොඩ නිමිඇදුම් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන අතර වසරේ සෑම දිනකම මෙම නගරය ජනාකීර්ණව පවතී.මෙම නගරයට විවිධ  අවශ්‍යතා සදහා පැමිණෙන ජනතාවගේ සහ නගරයේ  පදිංචිකරුවන්ගේ ජනජීවිතයට බාධා වන අන්දමින් කිරිබත්ගොඩ  එක්සත් වෙළඳ සංගමය විසින් සිදුකල ශබ්ද දූෂණය  වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නියෝග මත අත් හිටුවා ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව ඔවුන්ට අයත් ආධාරක කණුවල මෙම ශබ්දවාහිනි යංත්‍ර දොළහ සවිකර තිබිණි. මෙම ශබ්ද දූෂණයට එරෙහිව ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේ  නමක් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව  ඔවුන්ට අයත් දේපළ පාවිච්චි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් පොලිස් ආඥා පනතේ සදහන් නීති අනුව මහජන පීඩාවක් ඇති වන පරිදි ශබ්ඳ දූෂණය සිදුකිරීම වරදක් බවත් පොලිස් පතිවරයා විසින්  කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතාට දැණුම් දී තිබිණි.

ඒ අනුව පොලිස් අධිකාරී වරයා විසින් පොලිස් පතිවරයාගේ නියෝගය කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වරයාට දැණුම් දීමෙන් අණතුරුව පොලිසිය  වෙළඳ සංගමයේ නිලධාරීන්ට ඒ බව දැණුම් දී ඇත.

පොලිසිය නියෝගය ලබාදී  දින තුනක් තුල ශබ්දවාහිනි යන්ත්‍ර ගලවා ඉවත් නොකල හොත් පොලිස් නිලධාරීන් යොදවා ඒවා ඉවත්කර අධිකරණයට භාරදීමට පියවර ගැනීමට සිදුවෙන බව පොලිසිය වෙළඳ සංගමයේ නියෝජිතයන්ට දැණුම් දීමෙන් අණතුරුව ශබ්දවාහිනි යන්ත්‍ර  ඔවුන් විසින් ගලවා ඉවත්කර ගෙන  ඇතැයි තොරතුරු වාර්තා වී ඇත.

ශබ්ද දූෂණයට එරෙහිව ප්‍රදේශවාසින් හා එක්ව නීතියේ සහාය පැතූ  කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාන විහාරාධිපති  පූජ්‍යපාද මාකොළ මංගල හිමිපාණන් වහන්සේගෙන් මේ පිලිබදව  විමසූ අතර උන්වහන්සේ මෙසේ පැවසූහ.

“අපි විරුද්ධ උනේ ජනජීවිතය අව්ල් කරන ශබ්ද දූෂණයටයි. එක රටක් එක නීතියක් කියන එක රටේ ජනතාව තුල තියෙන විශාල බලාපොරොත්තු වක්. රටක පවත්නා නීතිය උස් පහත් දුගීදුප්පත් කියන විවිධ කෝණයන්ට ලඝු නොකර සැමට පොදුවේ එක නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

මෙම ශබ්ද දූෂණය සම්බන්ධ ගැටළුව පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ නීති ප්‍රකාරව විසඳා තිබෙන බව දක්නට ලැබෙනවා. එතුමාට කිරිබත්ගොඩ ජනතාව ගේ ගෞරවණීය   ස්තුතිය පුද කරනවා” යැයි මාකොළ  මංගල හිමිපාණන් වහන්සේ  පැවසූහ.

Image


සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි

Published on: January 31, 2025, 08:54 PM

මාසිකව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනයට සමගාමිව අද මධ්‍යම රාත්‍රි සිට සුපිරි ඩිසල් මිල පමණක් ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

ඒ් අනුව සුපිරි ඩිසල් ලිටරයක මිල රුපියල් 331ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් වි නොමැත.

Image


කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්

Published on: January 31, 2025, 06:38 PM

කිරිබත්ගොඩ නිමිඇදුම් කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් වන අතර වසරේ සෑම දිනකම මෙම නගරය ජනාකීර්ණව පවතී.මෙම නගරයට විවිධ  අවශ්‍යතා සදහා පැමිණෙන ජනතාවගේ සහ නගරයේ  පදිංචිකරුවන්ගේ ජනජීවිතයට බාධා වන අන්දමින් කිරිබත්ගොඩ  එක්සත් වෙළඳ සංගමය විසින් සිදුකල ශබ්ද දූෂණය  වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ මහතාගේ නියෝග මත අත් හිටුවා ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව ඔවුන්ට අයත් ආධාරක කණුවල මෙම ශබ්දවාහිනි යංත්‍ර දොළහ සවිකර තිබිණි. මෙම ශබ්ද දූෂණයට එරෙහිව ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේ  නමක් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් අධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබිණි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව  ඔවුන්ට අයත් දේපළ පාවිච්චි කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් පොලිස් ආඥා පනතේ සදහන් නීති අනුව මහජන පීඩාවක් ඇති වන පරිදි ශබ්ඳ දූෂණය සිදුකිරීම වරදක් බවත් පොලිස් පතිවරයා විසින්  කැලණිය කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක මහතාට දැණුම් දී තිබිණි.

ඒ අනුව පොලිස් අධිකාරී වරයා විසින් පොලිස් පතිවරයාගේ නියෝගය කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වරයාට දැණුම් දීමෙන් අණතුරුව පොලිසිය  වෙළඳ සංගමයේ නිලධාරීන්ට ඒ බව දැණුම් දී ඇත.

පොලිසිය නියෝගය ලබාදී  දින තුනක් තුල ශබ්දවාහිනි යන්ත්‍ර ගලවා ඉවත් නොකල හොත් පොලිස් නිලධාරීන් යොදවා ඒවා ඉවත්කර අධිකරණයට භාරදීමට පියවර ගැනීමට සිදුවෙන බව පොලිසිය වෙළඳ සංගමයේ නියෝජිතයන්ට දැණුම් දීමෙන් අණතුරුව ශබ්දවාහිනි යන්ත්‍ර  ඔවුන් විසින් ගලවා ඉවත්කර ගෙන  ඇතැයි තොරතුරු වාර්තා වී ඇත.

ශබ්ද දූෂණයට එරෙහිව ප්‍රදේශවාසින් හා එක්ව නීතියේ සහාය පැතූ  කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාන විහාරාධිපති  පූජ්‍යපාද මාකොළ මංගල හිමිපාණන් වහන්සේගෙන් මේ පිලිබදව  විමසූ අතර උන්වහන්සේ මෙසේ පැවසූහ.

“අපි විරුද්ධ උනේ ජනජීවිතය අව්ල් කරන ශබ්ද දූෂණයටයි. එක රටක් එක නීතියක් කියන එක රටේ ජනතාව තුල තියෙන විශාල බලාපොරොත්තු වක්. රටක පවත්නා නීතිය උස් පහත් දුගීදුප්පත් කියන විවිධ කෝණයන්ට ලඝු නොකර සැමට පොදුවේ එක නීතියක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

මෙම ශබ්ද දූෂණය සම්බන්ධ ගැටළුව පොලිස්පතිවරයා විසින් පොලිස් ආඥා පනතේ නීති ප්‍රකාරව විසඳා තිබෙන බව දක්නට ලැබෙනවා. එතුමාට කිරිබත්ගොඩ ජනතාව ගේ ගෞරවණීය   ස්තුතිය පුද කරනවා” යැයි මාකොළ  මංගල හිමිපාණන් වහන්සේ  පැවසූහ.

Image


ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුභ ආරංචියක්

Published on: January 31, 2025, 03:53 PM

අමාත්‍ය විජිත හේරත් හා මෙරට ඉතාලි තානාපති Damiaro Francovigh අතර හමුවක් සිදුවී තිබෙනවා. මෙහිදී දැනට ඉතාලි රැකියා වීසා ලබාගැනීම අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් තානාපති වරයාගෙන් විමසීමක් කොට තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන්ට රැකියා වීසා ලබාදීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවටත් ශ්‍රී ලාංකික රියඳුරු බලපත්‍රය ඉතාලිය තුළ පිලිගැනීමේ ගිවිසුම හා තවත් ගිවිසුම් කිහිපයකටත් එහිදී අත්සන් තබා තිබෙනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

Image


විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ

Published on: January 31, 2025, 03:37 PM

“බලයට එන්න ඉස්සර ඉදලම අපි මේ ආයතන විකුණනවට විරුද්ධව වැඩ කලා… අපේ ඒ අරමුණු,වැඩ පිළිවෙල අදත් එහෙමයි. බලශක්ති හා මූල්‍ය ක්ෂේත්‍රවල රජයට අයිති අධිපතීත්වය, හිමිකාරීත්වය ආරක්ෂා කරගත යුතුයි කියලා අපි මැතිවරණයට කලින් ඉදලම කියල තියෙනවා.

ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. කිසිම විදියකින් අපි මේ ආයතන විකුණන්නේ නෑ. ප්‍රතිව්‍යුහගතකරණය හරහා අපි කරන්නේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම කියන කොටස් වෙන්කරන එක විතරයි. ඒවා සියයට සියයක් රජය සතු සමාගම්. කිසිම කොටසක් පුද්ගලික අයිතියට හිමිකරන්නේ නෑ. ඒක හින්දා මේ ආයතනවල අනාගතය, සේවක ඔබේ රැකියා සුරක්ෂතතාවය අපි තහවුරු කරනවා…” යනුවෙන් අමාත්‍යවරයා අදහස් පල කළේ ඊයේ නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් එහි නිළධාරීන් හා සේවකයින් අමතමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

“රටේ දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් 40%ක් පමණ සපුරන ලක්විජය බලාගාරය මෙරට විදුලි පද්ධතිය අඛණ්ඩව හා ස්ථාවරව පවත්වාගෙන යාමට දක්වන දායකත්වය සැළකිල්ලට ගනිමින් බලාගාරය ඉහළම තත්වයෙන් යුතුව නඩත්තු කටයුතු කල යුතු බවත්, ඉහළම ක්‍රමවේද භාවිත කරමින් පවත්ගෙන යා යුතු බවත්” අවධාරණය කලේය. දැනට ඉහත කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබදව තෘප්තිය පළ කල අමාත්‍යවරයා, ඒ සඳහා මෙහෙයවීම්කරන ඉහල කළමනාකාරීත්වය හා සේවකයින් අගය කිරීමටද අමතක නොකළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) නාලක විජේකෝන්, බලස්ථාන කළමනාකරු ජී.ඩබ් බමුණුසිංහ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Image


උඩරට දුම්රිය ධාවනයට බාධා

Published on: January 31, 2025, 11:54 AM

උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැලේ සහ කොටගල අතර ඩෙවෝන් ගේට්ටුව අසලදී අද (31) උදෑසන විශාල පස්කන්දක් දුම්රිය මාර්ගය ට කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

මෙසේ දුම්රිය මාර්ගය ට පස්කන්ද කඩා වැටිම නිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට කොටගල දුම්රිය ස්ථානයේ සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය තලවාකැලේ දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

මාර්ගය ට කඩා වැටී ඇති පස්කදු ඉවත් කිරීමට නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් පිටත් කර යවා ඇති බවත් , මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ  බදුල්ල අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

Image


2024 ජනවාරිය ඉක්මවා 2025 ජනවාරියේ ලංකාවට සංචාරකයන් එයි

Published on: January 31, 2025, 11:12 AM

2025 ජනවාරි මස 26 දා වන විට ශ්‍රී ලංකාවට සංචාරකයන් 212 838ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

2024 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 208 253ක් පැමිණ ඇති අතර 2025 ජනවාරි මස නිමාවීමට දින පහක් ඉතිරිව තිබියදීම 2024දී ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණි වසර වන 2018 වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය 238 924කි.

Image


කෝප්, කෝපා කමිටු විගණන වාර්තා ගැන විගණකාධිපතිගේ අදහස

Published on: January 31, 2025, 09:50 AM

වාර්ෂිකව විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන2,500ක් පමණ වන විගණන වාර්තාවල නිර්දේශ 95%ක් පමණ ක්‍රියාත්මක නොවන බවත්, එය ඉතාමත් කනගාටුවට කරුණක් බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා අනාවරණය කළේය.

එය ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ ක්‍රමවේදයක් නොමැති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම පැවසීය.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) යන කාරක සභා සඳහා අධිකාරීමට බලයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් විගණකාධිපතිවරයා එහිදී යෝජනා කර සිටියේය.

කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම්- අපි ඔඩිට් කරන්නේ ඊළඟ අවුරුද්දේ ඔඩිට් එකේදී නිවැරදි වෙන්නනේ. එහෙම මුකුත්ම ක්‍රමවේදයක් නැද්ද තවම ?

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න– අපේ රටේ එහෙම ක්‍රමවේදයක් නෑ. ඒක තමයි ඇත්තටම මෙතන තියෙන කනගාටුම කාරණාව. මේක සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට අයි.එම්.එෆ් එකත් මීට කලින් අවස්ථා ගණනාවකදී විගණකාධිපතිත් එක්ක සාකච්ඡා කරන්න ආවා. මගෙන් ඇහුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කාර්යක්ෂමතාව කොහොමද කියලා. 95%ක්ම ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා කියන්න වුණේ.

විගණකාධිපතිවරයා වාර්ෂිකව වාර්තා 2500ක් විතර ඉදිරිපත් කරනවා. ඒ වාර්තාවලින් ක්‍රියාත්මක වෙන්නේ ඉතාමත්ම සුළු සංඛ්‍යාවක්. ඒක තමයි මහජනයා අතර බොහෝ විට මතයක් ඇවිල්ලා තියෙන්නේ මේවා නිකන් කතා පෙට්ටි කියන එක. අපිත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් වෙනවා, අදාළ ආයතනවලටත් ඉදිරිපත් වෙනවා. නීතියේ තියෙනවා අදාළ ආයතනවල ප්‍රගතිය විගණකාධිපතිට දැනුම් දෙන්න කියලා. පාර්ලිමේන්තුවට අධීක්ෂණ කමිටු දෙකෙන් වාර්තා ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ විවාද කරලා අදාළ ආයතනවලට ඉදිරිපත් කරනවා.

කෝප්, කෝපාවල ස්ථාවර නියෝගවලම තියෙනවා සති 08ක් ඇතුළත අදාළ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා මේ නිර්දේශ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න ඕනි කියලා. පාර්ලිමේන්තුවේ ඒ ගත්ත ක්‍රියාමාර්ගය පරික්ෂා කරන්න ක්‍රමවේදයක් නෑ. ඉන්පසු නැවත එනවා කෝප්, කෝපාවලට. ඊට පස්සේ කෝප්, කෝපාව ඒකට ක්‍රියාත්මක වන  ක්‍රමවේදයක් නෑ. ඒක නිසා ආයේ එනවා විගණකාධිපතිවරයාට. මේක සයිකල් එකක් වගේ කැරකි කැරකි යනවා.

කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම්-අඩුම තරමේ කෝප්, කෝපාවල ක්‍රියාකලාපයන්වල හරි වෙනස්කමක් කරන්න පුළුවන්ද ?

විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න– මම නම් කියන්නේ කෝප්, කෝපාවලට මීට වඩා අධිකාරීමය බලයක් දෙන්න ඕනි කියන එක.


හිනිදුම වෙඩි තැබිමකින් තිදෙනෙක් මරුට

Published on: January 31, 2025, 07:04 AM

හිනිඳුම පනංගල ප්‍ර ‍ෙද්ශයේදි ඊයේ රාත්‍රී සිදුකළ වෙඩි තැබිමකින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

නවාතැන්පළක මෙම වෙඩි තැබිම සිදුකර තිබුන අතර එයින් නවාතැන්පොළේ හිමිකරු ඇතුළු දෙදෙනෙක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබුණි.

ඊයේ රාත්‍රි මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර ටි. 56 ගිනි අවියකින් එම වෙඩි තැබිම සිදුකර තිබේ. මරණකරුවන් නවාතැන්පොලේ සාදයක් පවත්වමින් තිබියදි මෙම වෙඩි තැබිම සිදුකර තිබුණි.

Image


කුකුළු මස් හා බිත්තර තොග මිල පහළට

Published on: January 31, 2025, 08:49 AM

සාමාන්‍ය තත්ත්වයේ කුකුල් මස් කිලෝවක තොග මිල රුපියල් හයසියය දක්වා පහත වැටී තිබෙන අතර, බිත්තරයක තොග මිල රුපියල් 28ත් රුපියල් 29ත් දක්වා පහත වැටී තිබේ.

එහෙත් ඇතැම් ප්‍රදේශවල කුකුල් මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 900ත් රුපියල් 1100ත් අතර මිලක පවතින බව ජනතාව සඳහන් කරති.

මීට අමතරව ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් හතළිහක මිලකට අලෙවි කරමින් තිබෙන අතර, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 32ත් රුපියල් 35ත් අතර මුදලකට අලෙවි කරමින් තිබේ.

දෛනික ඉල්ලුම ඉක්මවා කුකුල් මස් ලැබීම නිසා රුපියල් හත්සියයත් අටසියයත් අතර තොග මිලකට අලෙවි වූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් හයසියයක් දක්වා මේ වන විට පහත වැටී තිබෙන බවද තොග වෙළඳුන් සඳහන් කරති.

දෛනික බිත්තර ඉල්ලුම ඉක්මවා බිත්තර තොග ලැබීම නිසා සුදු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 28ක් දක්වාත්, දුඹුරු පැහැති බිත්තරයක තොග මිල රුපියල් 29ක් දක්වාත් පහත වැටී තිබෙන බවද බිත්තර තොග වෙළඳුන් පෙන්වා දෙති.

Image


2023දී අඩුවෙන් වැඩ කළත් පාස්පෝට් එකේ නිලධාරීන්ට රු. කෝටි 20ක දිරි දීමනා දීලා

Published on: January 31, 2025, 07:45 AM

විදේශීය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී දැඩි ප්‍රමාදයක් පැවතුණද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා 2023 වර්ෂයේදී දිරිදීමනා වශයෙන් රුපියල් විසිකෝටි අසූහත් ලක්ෂ අනූදෙදහස් නවසිය හැත්තෑ හතරක මුදලක් ගෙවා ඇති බැව් අනාවරණය වී ඇත.

කෝටි 20කට අධික මුදලක් මෙහි නිලධාරීන් සඳහා දිරිදීමනා ගෙවා තිබුණද ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන අයදුම් පතක් ලියාපදිංචි කිරීමෙන් පසු මණ්ඩලික නිලධාරියකු විසින් පරීක්ෂා කර පද්ධතියට දත්ත ඇතුළත් කිරීම සඳහා මාස 10 සිට මාස 14 දක්වා කාලයක් ගත කර තිබේ. එමෙන්ම සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි මස සිට ජූලි මාසය දක්වා අයදුම්පත් 321,216 ක් ලැබී තිබුණද එම වර්ෂයේදී නිකුත් කර ඇත්තේ ගමන් බලපත්‍රවලින් 198,392කි. එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල 62% කි.

දිරි දීමනා ක්‍රමය වාර්ෂිකව සමාලෝචනය කළ යුතු වුවද ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම දිරිදීමනා ලබා ගැනීම සඳහා ඉලක්කගත සීමාවක් හඳුන්වා දී තිබුණද දිරි දීමනා ගණනය කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කර නොමැති බවද හෙළි වේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා දිරිදීමනා ගෙවීමේ සංශෝධන ක්‍රමය අනුව මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වුවද ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලද ලිපිවල පිටපත් විගණනයට ඉදිරිපත් කර නොතිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සංශෝධිත දිරිදීමනා ක්‍රමයේ කොන්දේසි ඇතුළත් කරමින් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව උපදෙස් අඩංගු චක්‍රලේඛයක් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් කර යුතු වුවද එසේ නිකුත් කර නොතිබූ බව එම විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම තොරතුරු අනාවරණය වූයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයේ වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවකිනි.

චන්දන සමරවික්‍රම

Image


සරසවි සිසුවෙකුගේ මාසික වියදම රු. 25000යි, මහපොළ රු.10000ක් කරන්න

Published on: January 30, 2025, 10:29 PM

අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි පවතින ගැටලු විසඳීම සඳහා අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් වෙන්කරන ලෙස අද (30දා) අයවැය දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට යෝජනාවලියක් භාර දුන් බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.

මේ වන විට  විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන, පාසල් යන අංශ සියල්ලම පාහේ බරපතළ ලෙස බිඳ වැටීමකට ලක්ව තිබෙන බවද එම සංගමයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය. පැවති ආණ්ඩු විසින්  අධ්‍යාපනය පිළිබඳ වගකීමෙන් රජය නිදහස් වී එය ක්‍රමක්‍රමයෙන් පෞද්ගලික අංශයට විවෘත කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්ත්වය ඇති වූ බවද හෙතෙම පැවසීය.

මේ අනුව  අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදනයෙන් 3% දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස ඉල්ලා  සිටි බවත්, ඉන් පසුව එය ක්‍රම ක්‍රමයෙන් සියයට හයක් දක්වා ඉහළ දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන   මහපොළ හා  ශිෂ්‍යාධාර වාරිකය ආහාර වියදම් පියවා ගැනීම සඳහාවත් ප්‍රමාණවත් නොවන බවද මේ වන විට  ශිෂ්‍යයෙකුගේ  මාසික වියදම රු.25000 ක පමණ අගයක් දක්වා වැඩි වි තිබෙන බවද මදුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසීය.

මේ නිසා   මහපොළ හා ශිෂ්‍යාධාර වාරිකය රු.10000 ක්  බවට පත් කරන ලෙස  යෝජනා කළ  බවද හෙතෙම පැවසීය.උසස්පෙළ සමත්ව  විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වන සිසුන්ට අවස්ථාවක් ලෙස පවතින විවෘත විශ්වවිද්‍යාල සංකල්පය නගා සිටුවිය යුතු අතරම මූලික පහසුකම් නොමැති පාසල්වලට පන්ති කාමර, ජලය, වැසිකිළි, විදුලිය පහසුකම් සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලා සිටි බවද ඔහු සඳහන් කළේය.

පාසල් උපකරණ මත වැඩ් බදු පනවා  තිබෙන නිසා එම උපකරණ මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන හෙයින් අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල අඩු කිරීමටද අයවැයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙසට ඉල්ලා සිටි  බව හෙතෙම  පැවසීය.

Image


මම දේශපාලනයට කැමති නෑ ටික දිනකින් සමුගන්නවා

Published on: January 30, 2025, 09:01 PM

තමන් වැඩි දිනක් දේශපාලනයේ නොයෙදෙන බව  යාපනය දිස්ත්‍රික් පාර්ලිම්න්තු මන්ත්‍රී රාමනදන් අර්චුනා මහතා පැවැසීය.

අනුරාධපුර විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“දේශපාලනයට එන්න ඕනැ කියලා මම ඔය උපාධි මොකුත් කරලා නැහැ. මම ඇත්තටම දේශපාලනයට කැමති නැහැ. මම අවුරුදු 38 වෙනවා කිසිම කෙනෙකුට ඡන්දෙ දීලා නැහැ. දැන් ඇත්තටම ඇවිල්ල ඉන්නේ මිනිසුන් වෙනුවෙන්. ඒ නිසා මම වැඩි දවසක් ඉන්නේ නැහැ මේ දේශපාලන වේදිකාවේ.  මම කැමතිම නැති විෂයක් තමයි දේශපාලනය කියන්නේ .හැබයි මම ඉන්න කාලෙ නම් මම කෙලින් ඉන්නවා. ”

රඹෑව පොලිස් වසමේ ගල්වල මන්සන්ධියේදී රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැණින.

Image


ජපන් රැකියා පුහුණු සංචිතයක්

Published on: January 30, 2025, 08:10 PM

ශ්‍රි ලාංකිකයින් ජපානයේ රැකියා සඳහා යොමුකිරිමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, ජපානයේ IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.

මෙහිදී දෙපාර්ශවය විසින් කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජපන් රැකියා බඳවාගැනීමේ වැඩසටහන් වල ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනු ලැබූ අතර, නව රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. ජපානයේ සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බවත් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කරගත යුතු බවටත් සාකච්ඡා කරන ලදි.

ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සභාපතිතුමා මෙහිදී ස්තූතිවන්ත වූ අතර, අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ද රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට විවරකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන්ද ජපාන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියේය.

කාර්යාංශය විසින් ශ්‍රමිකයින් බඳවාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිතොෂි මහතා ප්‍රසාදය පළකළ අතර, ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ලබාදීමට අවශ්‍ය පියවරගන්නා බවද සඳහන් කළේය.

මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා යන මහත්වරුන් හා IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා මහතා (Mr. Masanobu Komiya) එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා මහතා (Mr. Hideti Thamura) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image


ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා විසඳුම් සෙවීමට අනු කමිටු තුනක්

Published on: January 30, 2025, 07:32 PM

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ආශ්‍රිත ගැටලු සඳහා නෛතික සහ පරිපාලනමය විසදුම් සෙවීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරිණි.

මෙසේ අනු කමිටු ත්‍රිත්වයක් පත් කෙරුනේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව 2025.01.24 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමු සැසිවාරයේ ප්‍රථම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, ඒ අනුව, වරාය සහ සිවිල් ගුවන් සේවා  නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 60 ක සහ අදාළ රාජ්‍ය ආයතනයන්හී නිලධාරින් 40 ක පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මේ අනුව ප්‍රවාහන කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තිය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා එක් අනුකමිටුවක්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් විතාන, දිනිදු සමන් සහ දේවානන්ද සුරවීර යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කර තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්ෂේත්‍රය යොමු කරවීම සඳහා තවත් අනුකමිටුවක් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතීත්වයෙන් සහ සුගත් වසන්ත ද සිල්වා, තනුර දිසානායක සහ සුජීව දිසානායක යන ගරු මන්ත්‍රීවරුන්ගේ සාමාජිකත්වයෙන් පත් කිරීමට තීරණය වී ඇත.

එසේම ප්‍රවාහන කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය හරහා ආදායම් ජනනය කිරීම අරමුණු කරගනිමින් අනෙක් අනුකමිටුව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සභාපතීතීත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීන්ද්‍ර බණ්ඩාර සහ ධනුෂ්ක රංගනාත් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පත්කර තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයේ කෙසේ වුව ද, මෙම කාරක සභාවන් තුළ පාට පක්ෂ භේද නොමැති බවත්, සියලු මන්ත්‍රීවරයන්ගේ සහයෝගය ඇතිව පවත්නා ගැටලු හඳුනා ගැනීමත්, ඒ වෙනුවෙන් විසදුම් සෙවීමත් එක්ව සිදු කළ යුතු බව මෙහිදී අදහස් දක්වමින් ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේය. ඒ අනුව, ඊට අදාළව කටයුතු කළ හැකි, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට වග කියන, අනු කමිටු ත්‍රිත්වයක් පත් කිරීමට ඔහු මෙහිදී යෝජනා කරනු ලැබූ අතර, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු කේෂ්ත්‍රයේ නියුතු සේවකයන්ගේ අයතීන්, ගැටලු සහ ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කළ යුතු බවට මෙහිදී අවධාරණය කරනු ලැබීය.

මෙහිදී මන්ත්‍රීවරුන් විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ පවත්නා පුරප්පාඩු ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් කරුණු කාරණා මතු කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි ප්‍රයෝගික ක්‍රියාමාර්ග පිළිබඳව ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව තුළ සලකා බැලිණි.

එමෙන්ම, අබාධිත පුද්ගලයන් සඳහා පවත්නා පහසුකම් වලට අමතරව තවදුරටත් පහසුකම් සැලසීමට ඉදිරියේදී කටයුතු සලසන බවට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීහු මෙහිදී අදහස් දක්වමින් පැවසුහ.

Image


හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නේට ඇප

Published on: January 30, 2025, 07:05 PM

“ඉසුරු සවිය’‘ නමැති සැමරුම් උත්සවය සඳහා සමුපකාර අරමුදලින් මුදල් වැය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (30දා) නියම කළාය.

වසර 14ක කාලයකට පෙර කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ඇති සැමරුම් උත්සවය සඳහා සමුපකාර අරමුදලින් මුදල් වැය කරන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය විසින් එසේ නියම කරන ලදි.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල උධෘත පරීක්‍ක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් දෙන ලද උපදෙස්වලට අනුව ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගන් ලැබූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඊයේ පස්වරුව වන විට අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් 2011 වසරේදී ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමුපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ උධෘත පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා දුන් උපදෙස් මත සැකකරු අත්අඩංගතුවට ගත් බව දැනුම් දුන්හ.

සැකකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් මීට වසර 14කට පෙර වූ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ. කරුණු සලකා බැලීමෙන් අනතතුරුව සැකකරුට ඇප නියම කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලීසියට නියම කළාය.

Image


සුවසැරිය තවදුරටත් පුළුල් කරනවා

Published on: January 30, 2025, 06:59 PM

‍1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක  “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ පසුගියදා රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ  “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි.  මෙහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුලු අංශ කිහිපයක් මෙන්ම “සුවසැරිය” ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය.

අනතුරුව 1990 “සුවසැරිය” පදනම අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි මෙහෙයුම් කටයුතු සහ යෝජිත සැලසුම් මෙන්ම පවතින ගැටළු පිළීබදව ද  විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

සේවා පවත්වාගෙනයාමේ දී කාර්ය මණ්ඩල හිඟතාව, සිටින කාර්ය මණ්ඩලට ලබාදෙන පහසුකම් පුළුල් කිරීම,  හදිසි වෛද්‍ය තාක්ෂණ ශිල්පී (EMT) හිඟතාවය සලකා නව බඳවා ගැනීම සහ පුහුණුව ලබාදීම, භාණ්ඩාගාරයෙන් වෙන් කරනු ලබන අරමුදල් ප්‍රමාණය තව දුරටත් ඉහළ නැංවීමට පියවර ගැනීම, දේශීය හා විදේශීය ආධාර ලබාගැනීම, වැටුප්, නව නිල ඇදුමක් හදුන්වාදීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් සමග දීර්ඝව කරුණු සාකච්ඡා කරන ලදි.

මෙහිදී අමාත්‍යවරයා 1990 “සුවසැරිය” ගිලන් රථ සේවාව පිළිබදව නව ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදි. ‌ සේවකයින්ට සේවා ගරුත්වයක් ලබාදීමට වැඩපිළිවෙළක් දියත් කරමින් දීර්ඝ කාලීනව සේවකයින් අඛණ්ඩව රඳවා ගැනිමට අවශ්‍ය කටයුතු සිදු කිරීම. ආකර්ශණීය වැටුපක් ලබාදීම, කාර්ය මණ්ඩල පුහුණු කිරීම් කටයුතු ශක්තිමත් කිරීම පිළිබදව ද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

කාර්ය මණ්ඩල හිඟතාව මත සේවා කටයුතු අකර්මණ්‍ය වීමට කිසිදු අකාරයකින් ඉඩ නොදී පවත්වාගෙන යාම සදහා අවශ්‍ය වන්නේ නම් ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලවල සහාය ගිලන් රථ සේවාව සදහා යොදා ගැනීමේ හැකියාව ද මෙහිදී විමසා බලන ලදි. එමෙන්ම කාර්ය මණ්ඩලයට තවදුරටත් පුහුණු අවස්ථාවන් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව ද අමාත්‍යවරයා අවධානය යොමු කරන ලදි.  නව ගිලන් රථ 150 ක් ලබාගැනීමට අදාළව දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

“සුවසැරිය” ගිලන් රථ සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන අතරෙහිම සංචාරක ක්ෂේත්‍රයේ වැනි අංශ පිළිබදව අවධානය යොමු කරමින් සංචාරකයින් වැඩි පිරිසක් ගැවසෙන ප්‍රදේශ තුළ ද මෙම සේවාව දැනටත් වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

“සුවසැරිය” ගිලන් රථ සේවාව මගින් දැනට ගිලන් රථ 322 ක් දිවයින පුරා සිය සේවා අඛණ්ඩව සපයන බවත්, ඉන් ගිලන් රථ 25 ක් මෙරට රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. දිනකට දුරකථන ඇමතුම් 5000 ඉක්මවා සම්බන්ධ කර ගනිමින් දෛනිකව දළ වශයෙන් 1050 පමණ අවස්ථා ඉක්මවා සිය සේවාවන් සපයන බව ද  මෙහිදී අනාවරණය විය.

මෙම අවස්ථාවට 1990 “සුවසැරිය” පදනමේ සභාපති නිරෝෂන් රත්නායක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන වෛද්‍ය අරුණ පාලිත සම්පත්, නලින් රත්නදීප පෙරේරා, ෂර්වින් අර්සකුලරත්න, තරිදු කාරියවසම් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Image


සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝවේ පොලිස් ජීප් රථය පැදවූ කොස්තාපල්ගේ වැඩ තහනම්

Published on: January 30, 2025, 04:46 PM

පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් අනතුරුව එම ජීප් රිය නොනවත්වා ධාවනය කළ පොලිස් කොස්තාපල් රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.

පසුගිය 28දා රත්මලාන ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. එදිනම ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ජීප් රිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Image


කඳපොළ එළවළු වගාව ජලයෙන් යටවෙයි

Published on: January 30, 2025, 06:07 PM

මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද (30) දින අලුයම ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදු කර ඇති එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවිමෙන් විනාශයට පත් වි ඇත.

කදපොල ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නුවරඑලිය බෝමුරු ඇල්ලට ජලය ගලා බසින ඇළ මාර්ග පිටාර ගැලිමෙන් එලවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වු බව ගොවින් කියා සිටියෝය.

ඇළ මාර්ගය පිටාර ගැලිම නිසා නුවරඑලිය කදපොල ගල්පාලම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම ජලයෙන් යට විම නිසා නුවරඑලිය රාගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.

Image


එජාප හා සජබ එකතුවීමට සාකච්ඡා කිරීම හොඳ දෙයක්

Published on: January 30, 2025, 05:29 PM

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවීමට තිබූ කාලය පසු වී තිබුණත්ඒ සම්බන්ධයෙන් පරක්කු වී හෝ සාකච්ඡා කිරීම හොඳ කටයුත්තක් බව මල්වතු පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය අද (30) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මහා නා හිමියෝ ඒ බව පැවසූහ.

පක්ෂ කැඩී යාම මේ වන විට සාමාන්‍ය දෙයක් වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ පක්ෂ දෙකට තුනට කැඩී ගොස් ඇති බවද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

මීට පෙරද එක්සත් ජාතික පක්ෂය එකතුවීමක් සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වුවත් එය සාර්ථකවීමක් නොපෙනුනු බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ තනි පක්ෂයක් වශයෙන් පැවති එක්සත් ජාතික පක්ෂය දෙකඩ වූ පසු යළිත් එකතුවීමක් පිළිබඳව 2020 දී හඬක් නැගුන ද දෙපාර්ශ්වයේම පැවති යම් යම් අඩුපාඩු හේතුවෙන් එය දිනෙන් දින පසුපසට ගිය බවයි.

රට ආර්ථික වශයෙන් වැටුණු අවස්ථාවේ තනතුරු හා ජයග්‍රාණ පසෙක තබා රට හා ජනතාව ගැන සිතාපක්ෂ දෙක එකතුවීමට තිබූ බවද මල්වතු මහා නා හිමියන් හමුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Image


සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝ පොලිස් ජීප් රථය පැදවූ කොස්තාපල්ගේ වැඩ තහනම්

Published on: January 30, 2025, 04:46 PM

පොලිස් ජීප් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් අනතුරුව එම ජීප් රිය නොනවත්වා ධාවනය කළ පොලිස් කොස්තාපල් රියදුරුගේ සේවය අත්හිටුවීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.මෙම සිදුවීමට අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයට යොමුකර තිබුණ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි.

පසුගිය 28දා රත්මලාන ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. එදිනම ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ජීප් රිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Image


ඔස්ට්‍රේලියානු ඉනිම අත්හිටුවයි

Published on: January 30, 2025, 04:15 PM

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රික්ට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම අත්හිටුවීමට මීට සුළ මොහොතකට පෙර කටයුතු කළේය.

එලෙස ඉනිම අත්හිටුවන අවස්ථාවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 654ක් ලබා සිටියේය.

Image


ප්‍රියන්ත මායාදුන්නේ අත්අඩංගුවට

Published on: January 30, 2025, 03:33 PM

හිටපු අමාත්‍යංශ ලේකම් වරයකු වූ ප්‍රයන්ත මායාදුන්නේ අපරාද පරීක්ෂණ විසින් අත්අඩගුවට ගෙන තිබෙනවා.

2011 වසරේදී සිදු කරන ලදැයි පැවසෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු පිළියන්දල ප්‍රදේශයේදී අද (30) අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් පොලිසිය පවසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

Image


හිටපු පා.ම. මාවෙයි සේනාධීරාජාගේ අවසන් කටයුතු ලබන ඉරිදා

Published on: January 30, 2025, 03:30 PM

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධීරාජා මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා ( 02දා) සිදු කිරීමට නියමිතව තිබේ.

නිවසේ ඇද වැටීම හේතුවෙන් සිදු වූ අනතුරකින් පසුව ඒ මහතා රෝහල් ගත කළ අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(29දා) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

Image


අමෙරිකාවේ ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත්වූ 19 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

Published on: January 30, 2025, 02:30 PM

අමෙරිකාවේ ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 19 දෙනෙකු​ගේ සිරුරු සොයාගෙන තිබේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 60ක් සහ හෙලිකොප්ටරයේ සිව්දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාරතා කළේය.

අනතුරින් පසු අසල පිහිටි ගගකට ගුවන් යානය සහ හෙලිකොප්ටරය කඩා වැටුණු අතර, මේ වන විටත් සෙවීම් කටයුතු සිදු කරමින් පවතී.

Image


ලංකා සතොස භාණ්ඩ වර්ග 05 මිල පහත දමයි

Published on: January 30, 2025, 01:08 PM

ලංකා සතොස ආයතනය විසින් භාණ්ඩ වර්ග 05ක මිල පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ලොකු ලූනු (ආනයනික) මිල රු.230 සිට රු.220 දක්වා රු.10කින් අඩු කර තිබේ.

එමෙන්ම පාන් පිටි රු.175 සිට රු.165 දක්වා රු.10කින්ද, සුදු සීනි රු.240 සිට රු.235 දක්වා රු.5කින්ද අඩු කර තිබේ.

එමෙන්ම රතු පරිප්පු රු.288 සිට රු.285 දක්වා රු.3කින් සහ සුදු කැකුළු (ආනයනික) රු.210 සිට රු. 209 දක්වා රුපියලකින් අඩු කර තිබේ.

Image


කවාජාගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක්

Published on: January 30, 2025, 11:46 AM

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු උස්මන් කවාජා ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.

දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර, මීට සුළු මොහොතකට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 111ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 464ක් ලබා සිටියේය.

Image


77 වැනි නිදහස් උත්වය රටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරනවා

Published on: January 30, 2025, 11:00 AM

77 වැනි නිදහස් දින සමරු උත්සවය මෙරට නව යුගයක සමාරම්භය සනිටුහන් කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එන්.එච්.අබේරත්න මහතා පැවසීය.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“77 වැනි නිදහස් දින සමරු උත්සවය මේ රටේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන නිදහස් දින උත්සවයක් බවට පත්වීම අනිවාර්යයි. ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ තමයි මෙවර නිදහස් උත්සවය සමරන්නේ. ”

Image


ඔස්ට්‍රේලියානු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

Published on: January 30, 2025, 10:00 AM

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය සඳහා වන තරගය ආරම්භ වී තිබේ.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 2ක් දැවී ලකුණු 330ක් ලබා සිටියේය.

Image


ගුවන් යානයක් සහ හෙලිකොප්ටරයක් එකිනෙක ගැටෙයි - අනතුරෙන් මගීන් 60ක් ගඟකට වැටෙයි

Published on: January 30, 2025, 09:30 AM

අමෙරිකාවේ ගුවන් යානයක් හමුදා හෙලිකොප්ටර්ක ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ පුද්ගයන් 60 දෙනෙකු සිට ඇති අතර, හෙලිකොප්ටරයේ සිව් දෙනෙකු සිටි  බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හමුදා හෙලිකොප්ටරය පුහුණු සැසියක් සඳහා සහභාගී වෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

මෙම අනතුරින් පසු ගුවන් යානය සහ හෙලිකොප්ටරය අසල පිහිටි ගඟකට වැටී ඇති අතර, මේ වන විට එහි සෙවීම් කටයුතු සිදු කරමින් පවතී.

Plane collides with US Army helicopter near Regan National Airport in Washington DC over the Potomac River.It has been reported that 60 passengers were on board with unknown fatalities. A massive search and rescue is underway.Follow:@AFpostpic.twitter.com/DoOoY7gO4u

Image


පොලිස් ජිප් රියක් අනවසරයෙන් ගෙන ගොස් අනතුරක් කළ කොස්තාපල් අත්අඩංගුවට

Published on: January 30, 2025, 07:59 AM

පොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස්  ගල්කිස්ස රත්මලාන  බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේදී   ත්‍රී රෝද රථයක හප්පා එහි රියදුරු ට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.

සැකකාර කොස්තාපල්වරයා පෙරේදා 28 අළුයම් කාලයේ උසස් නිලධාරීන්ගේ අවසරයක් නොමැතිව  පොලිස් ජීප් රථය රැගෙන රත්මලාන මැලිබන් හන්දි දෙස සිට  මොරටුව දෙසට ධාවනය කිරීමේදී රත්මලාන දුම්රිය පෙළ පාර දෙස සිට බෙලෙක් කඩේ හංදිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබූ බව පොලිසිය කියයි.

ජීප් රථය පැද වූ රියදුරා මත්පැන් පානය කර සිටි බවට අනාවරණීය වී යැයි උසස් පොලිස් නිලධාරියකුු පැවසීය

තුවාල ලද ත්‍රී රෝද රථ රියදුරා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත

සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර අප මත මුදා හැරිය බව උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි


අත්අඩංගුවට ගත් අර්ච්චුනාට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව මෙන්න

Published on: January 29, 2025, 10:15 PM

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව අනුරාධපුර මහේස්ත්‍රා්ත් අධිකරණය ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව ඇප මත මුදා හැරීමට මෙහිදී නියෝග කර ඇත.

Image


සැලකිය යුතු වී පංගුවක් රජයට සහතික මිලට දෙන්න

Published on: January 29, 2025, 09:26 PM

සැලකිය යුතු වී පංගුවක් රජයේ සහතික අවම මිලට දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලන බවත් , රජයේ ගබඩාවලට ලැබෙන එක වී ඇටයක්වත් තුට්ටු දෙකට විකුණන්නේ නැති බවත්, එම වී සහල් බවට පත් කර පාරිභෝගික ජනතාවට ඉතා සාධාරණ මිලකට,පවතින මිලට වඩා අඩු මිලකට ලබා දෙන බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

මහවැලි පුනරුද සතියට සමගාමීව අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ බී ලූනු බීජ ගම්මානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව ,ගොවි හමුවක් පවත්වා , මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Image


මුදල් කාරක සභාවට වැරදි තොරතුරු දුන්නට නිලධාරීන් සමාව අයැදියි

Published on: January 29, 2025, 08:23 PM

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට  වී තොග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දත්ත  වැරදි බවත්, ඊට සමාව අයැදින බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කළහ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ආචාර්ය හර්ෂ ද සිල්වා  මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28දා) රැස් වූ අවස්ථාවේදී සභාපතිවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔවුන් මේ බව සඳහන් කළහ.

Image


ආරක්ෂක මාණ්ඩලික තනතුර ගැන ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශය මෙන්න

Published on: January 29, 2025, 06:36 PM

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවත්වාගෙන යාමට කටයුතු නොකරන බවත්, අවශ්‍යතාවයක් ඇති වුවහොත් එම තනතුර  නැවත පිහිටුවීමක් සිදු කරන බවත් ආරක්ෂක  ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.

Image


ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා - තරගය දිනට නතර කරයි

Published on: January 29, 2025, 04:40 PM

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සඳහා වන තරගය දිනයට නතර කර තිබේ.

ඒ අනුව අද (29දා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 81.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 330ක් ලබා සිටියේය.

වර්ෂාව ඇද හැලීමත් සමග අද දිනට නියමිත වේලාවට පෙර තරගය නතර කිරීමට කටයුතු කළේය.

Image


මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

Published on: January 29, 2025, 04:20 PM

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Image


ස්ටීවන් ස්මිත් සුවිශේෂි කඩයිමක් පසු කරයි

Published on: January 29, 2025, 03:04 PM

ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන නායක ස්ටීවන් ස්මිත් සුවිශේෂි කඩයිමක් පසු කර යෑමට අද(29දා) සමත් විය.

ඒ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් දිවියේ 10,000 ලකුණ ලබා ගැනීමට සමත් වීමෙණි.

Image


හබරණ - මින්නේරිය මාර්ගයේ බස් රථ අනතුරක්

Published on: January 29, 2025, 01:30 PM

හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී  සිදුවූ අනතුරකින් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (29දා) උදෑසන  පුද්ගලික් බස් රථයක් සහ ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Image


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන් නිකුත් කෙරේ

Published on: January 29, 2025, 12:30 PM

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන් නිකුත් කර තිබේ.

ඒ අනුව ලබන මාර්තු 17 වැනිදා විභාගය ආරම්භ වීමට නියමිතව ඇත.

Image


කුම්භමේලා උත්සවයේ තෙරපීමක්

Published on: January 29, 2025, 11:30 AM

ලොව විශාලතම ආගමික උත්සවය වන ඉන්දියාවේ කුම්භමේලා උත්සවයේ තෙරපීමක් ඇතිව තිබේ.

ඉන් පුද්ලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සිටී ද යන්න මේ වන විට සේවීම් කටයුතු සිදු කරමින් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

Image


මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ධීවරයන්ට ලැබුණු අධිකර නියෝගය මෙන්න

Published on: January 29, 2025, 10:19 AM

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ති​බේ.

එහිදී ලබන 10 වැනිදා දක්වා  මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Image


කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

Published on: January 29, 2025, 09:30 AM

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29දා) ආරම්භ වේ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතව ඇත.

Image


වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන්ගෙන් රු. මිලියන 6ක් දඩ අරගෙන

Published on: January 29, 2025, 08:28 AM

පසුගිය දින කිහිපයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන්  170කට අදාළ , දැනට පැවරූ නඩුවලින්  රුපියල් මිලියන 6.5ක  (රුපියල් මිලියන හයයි දශම පහක්) දඩ මුදලක් අයකරගෙන තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල්  අලෙවිකරන වෙළෙඳුන් සොයා  සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බවද අධිකාරිය පෙන්වා දෙයි.

ඊයේ (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල,පේරාදෙණිය, ගෙලිඔය, ගම්පල, උදුපුස්සලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක්  විශේෂ වැටලිම් සිදුකර තිබේ.

මේ අනුව  වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළෙඳුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද එම අධිකාරිය සඳහන් කරයි.

ඊයේ  දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවි කළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව  රුපියල් 750,000.00  ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 3ක් සඳහා  එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කළ බව පෙන්වා දෙයි.

පසුගිය දිනවල මාතර  දිස්ත්‍රික්කයේ  වෙළෙඳුන් 10 දෙනෙකු අධිකරණවලට  ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර ඇත.

ඒ අනුව පසුගිය දිනවල සහ ඊයේ  දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වලට අදාළව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරන ලද වෙළෙඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මගින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා විමර්ශන ක්‍රියාත්මක වන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Image


නිදහස් උත්සවයේ පෙරහුරු අද සිට

Published on: January 29, 2025, 07:27 AM

පෙබරවාරි 04වන දිනට යෙදෙන 77වන නිදහස් දිනය වෙනුවෙන් පෙරහුරු කටයුතු අද (29දා) සිට ආරම්භ කරන බව පොලීසිය සඳහන් කරයි.

‘ජාතික පුනරුදයට පෙළගැසුමු’ යන තේමාව යටතේ මෙවර නිදහස් දිනය සැමරුම් උත්සවය ලබන 04 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

මෙම පෙළිපාළිය යුද, ගුවන්, නාවික, හමුදා හා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම, සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගෙන් සමන්විතව පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙහි පෙරහුරු කටයුතු අද දිනයේ සිට ලබන 02වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද මාර්ග ආරක්ෂාව සහ රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

නිදහස් චත්‍රරස්‍රය අවට තිබෙන පාසල්වල දරුවන්ට පාසල් පැමිණිමට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් මෙම පෙරහුරු කටයුතු සිදුකරන බවද සදහන් කලේය

අද  දිනයේ සිට  ලබන 02 වන දින දක්වා පෙරහුරු පැවැත්වෙන කාලසීමාව තුළ කුරුඳුවත්ත පොලිස් වසමේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද පැවසීය.

විශේෂ රථවාහන සැලසුම් ක්‍රියාත්මක වන කාලය තුළදි ප්‍ර දේශයේ පදිංචි ජනතාවට අපහසුතාවයන් ඇති නොවන ආකාරයට අවශ්‍ය  කටයුතු සලසා දී තිබෙන බවද ස ඳහන් කළේවය.

පෙරහුරු කටයුතු උදේ 8.00 පසු ආරම්භ කරන බවත් එයට හේතුවි තිබෙන්නේ පෙරහුරු පැවැත්වෙන ප්‍ර දේශවල පිහිටි පාසල් 13 ක දරුවන්ට නිසි ලෙස පාසල්වලට පැමිණිමට පහසුකමී සලසා දමට බවද  පැවසිය

Image


අදානි සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කර නෑ

Published on: January 28, 2025, 10:15 PM

ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කරගෙන නොමැති බවත්, විදුලි ඒකකයක මිල ඉහළ බැවින් එය ඩොලර් සත 6ට වඩා අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඒ අනුව එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට හැකිවෙනු ඇති බවට රජයට විශ්වාසය තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.”අපි රජයක් හැටියට විශ්වාස කරනවා ඒ මිල වැඩියි කියලා. ඒ අනුව රටටත් වාසිදායක වන ආකාරයට ඩොලර් ශත 6ටත් වඩා අඩු ප්‍රමාණයකට අරන් යන්න තමයි මේ සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. මම හිතනවා ඒක රටක් විදියට අපි අත්පත් කරගත යුතු තත්ත්වයක්.

මේ ව්‍යාපෘතිය නෙවෙයි කැන්සල් වෙන්නේ. 2022 තමයි මේකට මුලින්ම එකඟතාව පළ කරලා සාකච්ඡාව ආරම්භ කරලා තිබුණේ. ව්‍යාපෘතියේ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් තමයි සාකච්ඡා දියත් වෙමින් තියෙන්නේ. අපි රජයක් හැටියට උත්සාහ කරමින් ඉන්නවා රටට වාසියක් වෙන ආකාරයට මිල ගණන් සංශෝධනය කර ගන්න. පුනර්ජනනීය කිව්වට වැඩක් නෑ. රටට වාසියක් තියෙන්න ඕනි. අපේ මැදිහත් වීම තිබෙන්නේ මේක තව ප්‍රමාණයක් අඩු කරගන්න. ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා.”

Image


අඹ ගෙඩියක් රු. 246000ට විකිණෙයි

Published on: January 28, 2025, 09:21 PM

යාපනය පූතූර් මුරුගන් හින්දු කෝවිලේ පැවති දේව මෙහෙයකින් අනතුරුව පැවත්වුණ පූජා භාණ්ඩ වෙන්දේසිකදී එහි තිබූ අඹ ගෙඩියක් රුපියල් 246,000 ක මුදලකට වෙන්දෙසි වූ බව කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය.

මෙම වෙන්දේසිය ඊයේ (27දා) රාත්‍රියේ පවත්වා තිබුණේ කෝවිලේ වාර්ෂික දේව මංගල්‍යය වෙනුවෙනි.

අදාළ වෙන්දේසියේදී මෙම අඹ ගෙඩිය මිලට ගනු ලැබුවේ විදෙස්ගතව සිට පූතූර් ප්‍රදේශයේ පදිංචියට පැමිණි බැතිමතෙකු විසිනි.

මෙලෙසින් දේව පූජාවෙන් ලබගන්නා අඹ ගෙඩිය නිවසට රැගෙන ගෙස් තැන්පත් කිරීමේදී සාමය, සෞභාග්‍යය ළඟාවන බවට හින්දු වැසියන්ගේ මතයක් පවතින අතර කෝවිලේ සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙවැනි මුදලකට මෙම අඹ ගෙඩිය වෙන්දේසියේදී මුදල් ලබා ගැනීම තවත් හේතුවක් වූ බව හිමිකරු පැවසීය.

උතුරු පළාතේ හින්දු කෝවිල්වල වාර්ෂික කෝවිල් උත්සව මේ දිනවල පවත්වනු ලබන අතර මීට පෙරද වවුනියාවේ හින්දු කෝවිලක එක් අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට සහ තවත් හින්දු කෝවිලක අඹ ගෙඩි 3 ක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වීම සිදු විය.

Image


ආණ්ඩුව භාණ්ඩ ආනයනය කරන්නේ ලැබෙන බදු ආදායම ගැන හිතලයි

Published on: January 28, 2025, 08:25 PM

වර්තමානයේ බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙන බවත්, ඒ සියලු භාණ්ඩ ආණ්ඩුව ආනයනය කරනුයේ පාරිභෝගික ජනතාව ගැන සිතා නොව ඉන් ලැබෙන බදු අදායම ඉලක්ක කරගෙන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ අනුව ආණ්ඩුවට එරෙහි ජනතාවගේ විරෝධය සමූපකාර ඡන්දයෙන් පෙන්නුම් කරමින් තිබෙන බව ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ අද බරපතළ භාණ්ඩ හිඟයක් තිබෙනවා. පොල් හිඟයක් තියෙනවා. සහල් හිඟයක් තියෙනවා. ලුණු හිඟයක් තියෙනවා. ඒ හැම දේටම උත්තර ආනයනය කිරීම. ඒ ආනයනය කරන්නේ පාරිභෝගික ජනතාවට ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ අඩු මිලකට ලබා දෙන්න නොවෙයි.

බදු ආදායම ඉලක්ක කරගෙන තමයි ඒ සෑම දෙයක්ම ඉෂ්ට සිද්ධ වෙන්නේ.මැතිවරණ කාලයේ කිව්වා  විදුලි බිල අඩු කරනවා කියලා තුනෙන් එකකින්. රු.3000 බිල රු.2000 කරනවා කිව්වා. රු.9000 බිල රු.6000 කරනවා කිව්වා. විදුලිබල මණ්ඩලය අධික ලෙස ලාභ ලබන මොහොතක එහි ඇමතිවරයා කියනවා තුනෙන් එකකින් විදුලි බිල අඩු කරන්න බෑ.

යෝජනා ඇවිල්ලා තියෙන්නේ විදුලි බිල 38%කින් වැඩි කරන්නලු. ඊට පස්සේ මොකක්ද වුණේ? මහජන උපයෝගිතා කොමිසම හරහා රටේම ජනතාව මහජන අරගලයක් කළා. ප්‍රශ්න කළා. චෝදනා කළා. අභියෝග කළා. කරුණු ඉදිරිපත් කළා. මේ තරම් අධික ලාභයක් ලබලත් ඒකේ වාසිය පාරිභෝගික ජනතාවට නොදී ඉන්න බෑ කියන තර්කය මත , පීඩනය මත මහජන උපයෝගිතා කොමිසම විදුලිබිල 20%න් අඩු කළා.

ඒ අඩු කිරීම කරනකොට ඊළඟ දවසේම විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරනවා එහෙම අඩු කරන්න බෑ, මේවා මුදල් අමාත්‍යාංශයෙන් අහල කරන්න ඕනෑ කියලා. අද රටේ පොදු ජනතාවගේ හඬ , පොදු ජනතාවගේ මතය සමූපකාර ඡන්ද ප්‍රතිඵලවලින් හොඳින් පැහැදිලි වෙනවා. ජනතාවගේ විරෝධය මත අනිවාර්යෙන්ම එය රජයට බලකිරීමක් වෙනවා ජනතා හිතෛෂී පියවර ක්‍රියාත්මක කරන්නට. ”

Image


රට ඉඳි බද්දට සහනයක් දෙනවා

Published on: January 28, 2025, 07:21 PM

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමලාන් උපවාස උත්සවයට සෞදි රජයේ ප්‍රදානයක් ලෙස ලබා දුන් රට ඉඳි සඳහා රේගුව අය කරගෙන ඇති බද්ද සඳහා සැලකිය යුතු සහනයක් ලබා දීමට ආණ්ඩුව මැදිහත් වන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද (28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු  කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“රට ඉඳි ගෙන්වීම සම්බන්ධයෙන්  මුස්ලීම් භක්තිකයන්ගේ උත්සවය වෙනුවෙන් රජය සැලකිය යුතු මට්ටමකට බද්ද අඩු කරනවා. නමුත් ඒ දිනය ප්‍රකාශ කරන්න කලින් ගෙනාපු තොගයක් තමයි බද්දට අහුවෙලා තිබුණේ. මේ උත්සවයට ගෙනාපු රට ඉඳි කියලා කියන නිසා ඒකට සහනයක් ලබා දෙන්න ආණ්ඩුව මැදිහත් වෙමින් ඉන්නවා. “

Image


සුදත්තට එරෙහි මනූෂගේ පෙත්සම විභාගයට

Published on: January 28, 2025, 06:43 PM

මාධ්‍යවේදී සුදත්ත තිලකසිරි මහතා පවත්වා ගෙන යන යූටියුබ් නාලිකාවේ කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ගොනුකර ඇති පෙත්සම පෙබරවාරි 07වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28දා) නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ කේ.එම්.එම්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

වගඋත්තරකරු විසින් පවත්වා ගෙන යන යූටියුබ් නාලිකාවෙන් කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාස කර ඇතැයි සඳහන් කරන හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, එහෙයින් 2024 අංක 08 දරන අධිකරණ ආයතනවලට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ පනත යටතේ ඔහු වරදක් කර ඇති හෙයින් විභාගයක් පවත්වා ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නැයි ඉල්ලා ඇත.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩුව සමථයට පත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත්, යෝජනාව පරිදි සමථයක් ඇති නොවන්නේ නම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නේ යැයිද කීය.

වගඋත්තරකර සුදත්ත තිලකසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන ඊයේ පෙරවරුවේ තම සේවාදායකයාට ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන මස 07වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

සචිත්‍ර ගුණසේකර

Image


අම්බලන්තොට දිගු සහල් පෝලිමක්

Published on: January 28, 2025, 05:56 PM

මේ වනවිට පවතින රතු කැකුළු සහල් අර්බුධය හමුවේ ජනතාවට අවශ්‍ය රතු කැකුළු සහල් පවතින 220 පාලන මිල යටතේ ලබාදීමට  අම්බලන්තොට වෙළඳ සංගමය මැදිහත්ව අද අම්බලන්තොට නගරයේදී සිදු කරන ලදී.

එමෙන්ම මේ ආකාරයෙන් පාලන මිල යටතේ ලබාදෙනු ලැබූ සහල් ලබා ගැනීම සඳහා දිඟු පොලිමක්ද දක්නට ලැබුණු අතර කසේ නමුත් ජනතාව ප්‍රකාශ කර සිටියේ රටින් ගෙන්වන සහල් පරිබෝජනයට අපහසු බැවින්  මේ ආකාරයෙන් හෝ රතු කැකුළු සහල් ලබාදීමට කටයුතු කිරීම ගැන සතුටු වන බවයි.

මේ ආකාරයෙන් පසුගිය දින කීපයකදීම අම්බලන්තොට වෙළඳ සංගමය මැදිහත්ව සහල් මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් පාලන මිල යටතේ අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව අවශ්‍ය රතු කැකුළු සහල් ලබාදීමට කටයුතු කර තිබුණි.

Image


කැබිනට් තීරණ

Published on: January 28, 2025, 05:44 PM

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි දැක්වෙයි.

Image


කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි

Published on: January 28, 2025, 05:05 PM

වත්මන් ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය ස්ථාපනය කරනු ලැබූ අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.

රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරයි.

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය

ගිය වසරේ රේගුවට පැවරී තිබෙන වගකීම ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි. පසුගිය වසරේ රේගුව අත්කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා. ආදායම් ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් කඩා වැටුණ රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ආර්ථික අර්බුදයෙන් පිය මනින්නට නම් ආදායම් ප්‍රතිශතය වැඩි කර ගත යුතුයි. ආර්ථිකය කඩා වැටීම නිසා ආනයන අපනයන වෙළඳපොළ හැකිළුණා. අප සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුවයි. එම නිසා මතුපිටින් ආර්ථික දේහය සුවපත් වී ඇති බව පෙනුණත් සම්පූර්ණ ආර්ථික දේහය තුවාල වී තිබෙනවා. එම නිසා ආර්ථික අර්බුදයෙන් සංයමයකින් යුතුව පියමැනිය යුතුයි.

කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි. එම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත රුපියල් බිලියන 2550ක ආදායම සපුරා ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.

රේගුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නව වැටුප් තලයක පිහිටුවීමට යෝජනාවක් අද ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් මහ භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවක මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය සහ තාක්ෂණය එක් කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. ශක්තිමත් ආයතන ව්‍යුහ ඇති කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් කටයුතු කරනවා.

පසුගිය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණය සම්බන්ධයෙන් යම් ප්‍රතිවිරෝධයක් තිබුණා. එම පැවති මතභේද නිසා ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට දේශපාලන අධිකාරිය ගෙන ආ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවට සිදු කරන්නට වූයේ නැහැ. නිවැරදි වෙලාවට යහපත් ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමට දුෂ්කර වූ කාලයක් තිබුණා. නිවැරදි වෙලාවට ආයතන ව්‍යුහ වෙනස් නොකිරීම නිසා ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අප බොහෝ දේ අත්පත් කර ගැනීමට පෙර පිටස්තරයන් අපේ දේවල් අත්පත් කර ගනු ලැබුවා. එම නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගෙන ගැනීමට තිබූ සමහර අවස්ථා රටක් ලෙස අපට අහිමි වුණා.

ඉදිරියේදී ශ්‍රී ලංකා වරාය බහාලුම් ලක්ෂ 113ක මෙහෙයුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා සේවකයින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. එසේ නොකර රටක් ලෙස ඉදිරියට යන්න බැහැ.

මේ වසරේදී රුපියල් බිලියන 2550ක ආදයම් ඉලක්කයක් රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.

විශේෂ මෙහෙවරක් සිදු කළ රේගු නිලධාරීන් 20ක් ඇගයීම සදහා ලෝක රේගු සංවිධානය නිකුත් කර ඇති සහතික පිරිනැමීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. නිලධාරීන් දෙදෙනකු සඳහා කුසලතා සම්මානද මෙහිදී පිරිනැමිණි.

Image


මාවෙයි සේනාධිරාජා හදීසියේම රෝහලගත කෙරේ

Published on: January 28, 2025, 04:29 PM

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අද (28) දින හිදීසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන් මගින් වාර්ථා වන්නේ මාවෙයි සේනධිරාජා නිවසේදී ඇදවැටීමෙන් හිස වැදීමෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටය.

රෝහලගතකල මාවෙයි සේනාධිරාජා මහතා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර කරන බවට වෛද්‍යවරුන් පැවසූහ.

Image


හිටපු ජනපතිගේ ලිපි ශීර්ෂයකින් ගිය ලිපිය ව්‍යාජද සත්‍යයද කියලා හොයන්න

Published on: January 28, 2025, 03:45 PM

ජාවාරම්කරුවෙකුගේ ජාවාරම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක්ද? සත්‍ය එකක්ද? යන්න පිළිබඳ විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක්ද? සත්‍ය එකක්ද? යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට ඔහුගේ ජාවාරම් කටයුතු කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතු ලිපියක් යවා ඇතැයි දැනුම් දුන්නේය.

මාතර තැපැල් කාර්යාලයෙන් මෙම ලිපිය තැපැල් කර ඇතැයි විමර්ශන වලදී හෙළිවී ඇතැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝග කර තිබී ඇතැයිද දැනුම් දුන්හ.එලෙස යවා ඇති ලිපි සත්‍ය ලිපිද? එසේත් නැතිනම් අසත්‍ය ලිපිද? යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විමර්ශන වල ප්‍රගතිය දැනුම් දීම සඳහා කල් දෙන්නැයි ඉල්ලීමක්ද කළහ. ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රත්වරිය ඒ සඳහා අවසර දුන්නාය.

සචිත්‍ර ගුණසේකර

Image


කොතරම් යෝජනා ඉදිරිපත් කළත් සහල් මිල පාලනය ඉවත් කරන්නේ නෑ

Published on: January 28, 2025, 03:00 PM

කොතරම් යෝජනා ඉදිරිපත් වුවද සහල් මිල පාලනය ඉවත් කිරීමට රජය සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද(28දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ​මේ බව සඳහන් කළේය.

“සහල් වලදී කොතරම් අය එළියේදී යෝජනා ඉදිරිපත් කළත් ඒ සහල් මිල පාලනය ඉවත් කරන්න රජය සූදානම් නෑ. ”

Image


තෙත වි කිලෝව රු. 80ට බැහැලා

Published on: January 28, 2025, 02:39 PM

සමගි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව ආණ්ඩු මතවාදයට විරුද්ධව කටයුතු කරන සෑම පුද්ගලයකුම හා කණ්ඩායමක්ම එකතු කර ගැනීමේ සාකච්ඡාවක් මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් දුරකථන ලාංඡනය මුල් වෙමින් සමගි ජන බලවේගයේ නායකත්වයෙන් සන්ධානයක් නිර්මාණය විය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය තුල යටි අරමුණු නොමැතිව සැබෑ ලෙසම රට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ නම් සමගි ජන බලවේගයට එකඟතාවය සහ අවනත විය යුතු බවද සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද (28දා) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මේවන විට තෙත වී කිලෝ එකක මිල රුපියල් 80 - 95 අතර මිල ගණන් වලට අලවි වන බවත්, මහ මෝල් හිමිකරුවන් විසින් වී ගබඩා පුරවා ගන්නා තෙක් රජයේ වී මිලදී ගැනීම සිදු නොකරන බව වත්මන් ආණ්ඩුවේ හැසිරීම තුළින් තහවුරු වන බවද මන්ත්‍රීවරයා කීය.

වත්මන් ආණ්ඩුවේ නොහැකියාවන් ජනතාව අතරට යෑම වසා ගැනීම සඳහා සිදු කරන විවිධ ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති බවත්, බලය ලබා ගැනීමට පෙර ගොවීන් වෙනුවෙන් කතා කල නාමල් කරුණාරත්න අමාත්‍යවරයා මේ වන විට එම ගොවියා වෙනුවෙන් පෙනී නොසිටින  රෝහණ බණ්ඩාර මහතා පවසයි.

අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, දෙවන කොටස රඟ දක්වමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතාව අතර විවේචන ඇති වෙමින් සමූපකාර ඡන්ද පරාජයට පත්වෙමින් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප වෙමින් පවතින බවද පවසන රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ උගන්ඩාවේ මුදල් , මිග් යානා ගනුදෙනු යටපත් කර ආණ්ඩුවට එරෙහිව ඇතිවන මතවාද වෙනස් කර ගැනීම සඳහා විශාල ප්‍රමාණය සොරකම් වෙනුවට කුඩා ප්‍රමාණය සොරකම් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් මෙවැනි කටයුතු මගින් දුක් මහන්සියෙන් තමන් හම්බ කරගත් දේවල් නැවත ගිනි දෙවියන්ට පූජා කරන මතවාද ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

Image


20 හැවිරිදි තරුණිය දුම්රියට පැන්නාද? ගැටුණාද?

Published on: January 28, 2025, 01:42 PM

පරසන්ගස්වැව පොලිස් වසමේ පරසන්ගස්වැව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (27දා) පස්වරුවේදී, 20 හැවිරිදි තරුණියක්  දුම්රියක ගැටී ජීවිතක්ෂයට ඇති බව, පරසන්ගස්වැව පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරසන්ගස්වැව පාර, පානියන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි අවිශ්කා හංසමාලි කුමාරි නැමති 20 හැවිරිදි තරුණියකි.

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අංක 4022  දරණ, නගරාන්තර දුම්රියේ ගැටී ඊයේ (27දා) පස්වරු 4.50ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මරණකාරිය පා පැදියකින් පැමිණ, එය දුම්රිය ස්ථානයට මඳක් දුරින් පරසන්ගස්වැව  හන්දිය ආසන්නයේ නවතා දුම්රිය මාර්ගය ආසන්නයට ගමන් කරනවාත්  සමග දුම්රියේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම මරණය සිය දිවි නසා ගැනීමක්ද, නැති නම්, දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට යාමේදී, මරණකාරිය දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූවාද යන්න දැන ගැනීම සඳහා වැඩි දුර විමර්ශන සිදු කරන බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මරණකාරියගේ හිසට , පාදයකට සහ අතකට බරපතල  තුවාල  සිදුව තිබූ බවද පොලිසිය වැඩි දුරටත්  සඳහන් කළේය.

Image


දුම්රිය ඊ ටිකට්පත් වංචාවට තවත් දෙන්නෙක් අල්ලයි

Published on: January 28, 2025, 12:59 PM

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ටිකට්පත් වෙන් කරවා ගැනීමට ඇති පරිගණක පද්ධතිය වෙතින් මිලදී ගන්නා ලද දුම්රිය ටිකට් පත් වැඩි  මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්  සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නෙක් ද අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුගන්නාව ,කඩවත්ගම, උළුගේ තැන්න ප්‍රදේශයේදීය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම එක්ව පවත්වාගෙනු යනු ලබන අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට ඇති ක්‍රමවේදයේ ඔස්සේ මෙම වංචාව සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය  මගින් සැකකරු  අත් අඩංගුවට ගෙන ඇත.  32 හැවිරිදි  සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

Image


සාරියෙන් ආ මරුවා

Published on: January 28, 2025, 12:12 PM

පොල්පිතිගම පොලිම් වසමේ ගල්ටැංවැව හිරිපිටිය මාර්ගයේ දංගොල්ලාගාම ප්‍ර දේශයේදි ගල්ටැංවැව සිට හිරිපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකාරිය ඇඳගෙන සිටි සාරියෝ කොටසක් යතුරු පැදියේ පිටුපස රෝදයට හිරවි යතුරුපැදිය මාර්ගයේ පෙරළිමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකාරිය හිරිපිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ගෙන යමින් සිටියදි ජිවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 53ක් වන නිකදළුපොත  ප්‍ර දේශයේ පදිංචිකාරියක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබුණි.

Image


යාපනය විශ්ව විද්‍යාලයේ ගැටළුව කඩිනමින් විසඳනවා

Published on: January 28, 2025, 12:11 PM

යාපනය විශ්ව විද්‍යාලයේ උද්ගතව තිබෙන ගැටළුව කඩිනමින් විසඳීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

ඉල්ලීස් 05ක් මුල් කරගනිමින් යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද(28දා) සිය නැවත දැනුම්දෙන තුරු දේශන වර්ජනයක් ආරම්භ කර තිබේ.

Image


සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නව අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු

Published on: January 28, 2025, 11:23 AM

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික) පසුගිය 23 දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල (විශ්‍රාමික) වෙනුවට ඔහු නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත් කොට ඇත.

Image


මහනුවර මහියංගයනය පාර සම්පූර්ණයෙන්ම විවෘත කරයි

Published on: January 28, 2025, 10:27 AM

පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීමේ අවධානම මත රාත්‍රී කාලයේදී තාවකාලිකව වසා දැමුණ මහනුවර මහියංගන මාර්ගය වාහන ගමනාගමනය සඳහා ඊයේ (27) රාත්‍රියේ සිට නැවත විවෘත කළ බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

ඉකුත් 21 දින සිට සෑම දිනකම පස්වරු 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා රාත්‍රී කාලය සම්පූර්ණයෙන් මාර්ගය වසා තිබුණු මෙම මාර්ගය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නිර්දේශ මත නැවත විවෘත කිරීමට පියවර ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මාර්ගයට පෙරළී තිබුණු ගල් සහ තවදුරටත් අවදානම් තත්ත්වයේ පැවැති ගල් මේ වනවිට ඉවත්කොට ඇති අතර මාර්ගයේ තත්ත්වය පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අධ්‍යයනය කොට වාර්තාවක් ලබාදීමට නියමිතය.

Image


අද සිට ආයෙත් වැස්ස වැඩිවෙයි

Published on: January 28, 2025, 09:25 AM

අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සඳහන් කරයි.

අද ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර මඩකළපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද පෙන්වා දෙයි.උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන් කරයි.දිවයිනේ නිරිතදිග කොටසේ අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත්,බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු වළක්වා  ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටියි. මුහුදු සුළං සැලකීමේදී  සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 25-35)පමණ වේ.

කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 45-55 පමණ දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Image


සජබ හා එජාප තවත් සාකච්ඡාවක් අද

Published on: January 28, 2025, 08:29 AM

ඉදිරි දේශපාලන කටයුතු එක්ව සිදු කිරීමේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තවත් සාකච්ඡාවක් අද (28දා) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ‘අද’ පුවත්පතට පැවසීය. එම සාකච්ඡාව අද කොළඹදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් සාකච්ඡා වට ගණනාවක් පැවති අතර, එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමින් පැවති බවද මහලේකම්වරයා පැවසීය.ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩලවලින් අනුමැතිය හිමි වූ අතර, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පිහිටුවනු ලැබිණ.

Image


මේ වසරේදී දරුකමට ළමුන් පිටරටට දීම ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

Published on: January 28, 2025, 07:29 AM

ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය  ඉල්ලුම් කරුවන් සඳහා  මෙම ලිත් වර්ෂය සඳහා   සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින්  දරුකමට හදාවඩා ගැනීම් ආඥා  සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්‍ රාජ් මහත්මිය විසින්   අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව ළමයින් දරුකමට හදා වඩා ගැනීමේ  ආඥා පනතේ 3 වගන්තියේ 5අ උප වගන්තියේ ආ 1 ඡේදය යටතේ සඳහන් අයදුම්කරුවන් වෙනුවෙන්   2025 ලිත් වර්ෂය සඳහා සියලු අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින්  දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් විය යුතු බව ජනවාරි 08 දාතමින් නිකුත් කර ඇති මෙම  ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනතේ ආ 1 ඡේදය යටතේ සඳහන් වන්නේ ලාංකික පුරවැසියන් නොවන හා කවර අවස්ථාවක හෝ ලාංකික පුරවැසියන් ලෙස  නොසිටි ,ලංකාවේ වාසය නොකරන හා  වසතිය නොමැති අය නමින් ළමයින්  දරුකමට හදා වඩා ගැනීම සඳහා   කරනු ලැබිය හැකි ඉල්ලීම් සඳහා වූ ආඥාවන්‍ ය.

Image


පුද්ගලික පරිහරණය සඳහා වූ මෝටර් රථ ඇතුළු වාහන ආනයනයට දොර ඇරේ

Published on: January 28, 2025, 01:14 AM

පුද්ගලික පරිහරණය සඳහා වූ මෝටර් රථ ඇතුළු වාහන ආනයනය සඳහා පනවා තිබූ තහනම 2025 පෙබරවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (27දා) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වාහන ආනයනයට අවසර දෙමින් නිකුත් කළ මෙම ගැසට් නිවේදනයට අනුව, වසර තුනක් දක්වා පැරණි පාවිච්චි කළ මෝටර් රථ ආනයනය කිරීමට අවසර හිමිවෙයි.

කොවිඩ්-19 වසංගතය සමග උත්සන්න වූ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට ලක්ව සිටි ශ්‍රී ලංකාව, 2020 වනවිට බොහෝ භාණ්ඩ ආනයනය තහනම් කළ පසුබිමක වාහන ආනයනයද අත්හිටුවන ලදී. කෙසේ වෙතත් පසුගිය වසර අවසානය වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය කෙමෙන් යථාතත්ත්වයට පත්වීමත් සමග ආනයන සීමා පැනවූ බොහෝමයක් භාණ්ඩ සඳහා දොරටු විවර වුවත්, ආනයනය කිරීමට අවසර දී ඇති අවසාන අයිතම අතර වාහනද වේ. කෙසේ වෙතත්, ආනයන සීමාව සම්බන්ධයෙන් තවදුරටත් සීමාවන් පවතී.

අති විශේෂ ගැසට් නිවේදනයට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවෙකුට ඕනෑම වාහන ප්‍රමාණයක් ආනයනය කළ හැකි අතර, වෙනත් ඕනෑම පුද්ගලයෙකුට ඉදිරි මාස 12 තුළ එක් වාහනයක් ආනයනය කළ හැකිය. කෙසේ වෙතත්, ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමෙන් දින 90ක් ඇතුළත එය විකුණා ගැනීමට නොහැකි නම්, එම වාහනය තමාගේ නමින් ලියාපදිංචි කිරීමට සිදුවනු ඇති අතර, නැතිනම් සියයට 3ක දඩ මුදලක් ගෙවිය යුතුය.

1969 ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන පනත යටතේ මෙම රෙගුලාසි නිකුත් කර ඇත.

ඒ් ඒ් වාහන කාණ්ඩ සඳහා වාහන ආනයනයේදි සලකා බලන වසර සිමා

බස් රථ කාණ්ඩයබස් රථ රියදුරු ඇතුලුව මගීන් 10-12 (වසර 3 1/2)බස් රථ රියදුරු ඇතුලුව මගීන් 13-24 (වසර 5)බස් රථ රියදුරු ඇතුලුව 25 සහ ඊට වැඩි (වසර 10)

මෝටර් කාර් කාණ්ඩය

මෝටර් කාර් (වසර 3)

ත්‍රීරෝද රථ (වසර2)ක්‍රීඩා උපයෝගීතා වාහන (ජීප්) (වසර 3)සියලුම භූමි වාහන (වෙරල බයිසිකල්) ( වසර 3)

ද්විත්ව කාර්‍ය වාහන(වෑන්) ( වසර 4)තනි කැබ් රථ (වසර 4)ද්විත්ව කැබ් රථ ( වසර 4)ගිලන් රථ ( වසර 3)හර්සස් (වසර 3), දොඹකර ලොරි කාණ්ඩය, පාපැදි කාණ්ඩය , ට්‍රේලර් සහ අර්ධ ට්‍රේලර් කාණ්ඩය යන කාණ්ඩ වලට අයත් වාහන ආනයනය කිරීම සදහා මේ අනුව අවසර හිමිවේ

මහීෂා චන්ද්‍රගුප්ත/දිනේෂ් සමරකෝන්

Image


නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ

Published on: January 27, 2025, 11:07 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ඒ මහතා වෙත භාර දුන්නේය.

ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා ඉතිහාසයට එක් වෙයි.

එළැඹෙන ජනවාරි 29 වන දා සිට බල පැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇති අතර වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා ලබන 29 වන දා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතය.

එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණ සූර යන පදක්කම්වලින්ද උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇත.

Image


ඇල්ල ඔඩිසි එක් ගමන් වාරක ලාභය රු. ලක්ෂ 7

Published on: January 27, 2025, 10:25 PM

ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් සම්බන්ධ වංචනික ක්‍රියා නවතා දැමීම සඳහා එක් පුද්ගලයෙකුට ටිකට් පත් පහක් පමණක් ලබා දීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී. ජයසුන්දර මහතා මහතා සඳහන් කළේය.

ටිකට්පත් ලබාගත් පිරිස්ම දුම්රියේ ගමන් කරනවාද යන්න පරීක්ෂා කරන බවත් ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත්  වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ සිදුකරන බවත් හෙතෙම පැවසීය.

ඇල්ල ඔඩිසි දුම්රිය මගින්  එක් ගමනකින් රුපියල් ලක්ෂ හතක පමණ ලාභයක් ලැබෙන බවද ඊයේ (27දා) කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ සඳහන් කළේය.

Image


2030දී ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ජනපති දෙයි

Published on: January 27, 2025, 09:25 PM

නව රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාවට එක් වෙමිනි.

2024 වසරේ ඩොලර් බිලියන 16.1ක්ව පැවැති අපනයන ආදායම මෙම වසරේදී ඩොලර් බිලියන 18.2ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන අතර, 2030 වන විට  ඩොලර් බිලියන 36 දක්වා වර්ධනය කිරීමට නව වැඩපිළිවෙළ හරහා  අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීම දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරගනිමින් අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථිකයක් වෙත යොමු වීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ පිහිටීම, මානව සම්පත සහ ස්වභාවික සම්පත් උපයෝගී කර ගනිමින් දීර්ඝ කාලීන කර්මාන්ත සංවර්ධන සැලැස්මක් ඇති කිරීමද මෙහිදී අවධානයට ලක් විය.

එමගින් බිඳ වැටී ඇති දේශීය නිෂ්පාදන කර්මාන්ත නැවත පණ ගැන්වීම, අපනයන කර්මාන්ත තරගකාරී කිරීම, සේවා කර්මාන්ත ප්‍රවර්ධනය, නව විභවයන් හරහා ලෝක වෙළඳපොළ අත්පත් කර ගැනීම, ජාතික සැලැස්මකට අනුව සෘජු විදේශ ආයෝජන කැඳවීම,නව ආයෝජන සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම, අඩු පිරිවැය, අවශ්‍ය යටිතල පහසුකම් සහ යෙදවුම් සැපයීම පිළිබඳවද මෙහිදී අවධානයට යොමු විය.

•  මෙරට පැමිණෙන සංචාරකයින් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ සඳහා ඇතුළත් වන බදු නැවත ලබා දීමේ පද්ධතියක් (VAT REFUND SYSTEM) ගුවන් තොටුපළේ පිහිටුවීමට මෙහිදී තීරණය කරන ලදී.

•  අපනයන නිෂ්පාදිත පරික්ෂා කිරීමේදී සිදු වන ප්‍රමාදය හා අකාර්යක්ෂමතා මඟහරවා ගැනීම සඳහා Manual පද්ධතිය වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්වයංක්‍රීය පද්ධතියක් (Scanning) කටුනායක ගුවන් තොටුපළේ ස්ථාපිත කිරිමට සැලසුම් කළ අතර, ඒ සඳහා ප්‍රතිපාදන කර්මාන්ත අමාත්‍යාංශයෙන් වෙන් කිරීමට එකඟ වන ලදී.

•  ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරන දුම්රිය එංජින් අපනයන සඳහා බාධාවක්ව පැවැති, “දුම්රිය එංජින් පරීක්ෂා කිරීම” මෙරට තුළ සිදු කිරීමට අවසර ලබා දීම ද තීරණය විය.

•  අපනයන කර්මාන්ත තුළ පිරිවැය අඩු කර ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව හඳුන්වා දීමටත්, නවීන තාක්ෂණය උපයෝගි කර ගෙන පිරිවැය ඵලදායිතාව ඇති කරමින් විදුලිබලය ඉතිරි කරන අපනයනකරුවන් දිරිගැන්වීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටත් තීරණය කරන ලදී.

•  අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යවසායකයින්  හා  ආයෝජකයින් මූලික කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙස් (CESS) අරමුදලින් ප්‍රතිපාදන ලබා දීමට තීරණය කරන ලදී.

• අපනයන කර්මාන්තය තුළ සිදු කරන දේශිය හා විදේශිය ආයෝජන දිරි ගැන්වීම සඳහා ආයෝජන පහසුකම් සැලසීමේ කමිටුවක්  (Investment Facilitation Committee) ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී.

• නිවැරැදිව අපනයන අගය හඳුනා ගනු ලබන ක්‍රමවේදයක් තුළින් අපනයනය කරනු ලබන මැණික් හා ස්වර්ණාභරණ සඳහා අපනයන දිරිගැන්වීම් ලබා දීමට මෙම සාකච්ඡාවේදී තීරණය විය.

•  මෙරට තුළ නිෂ්පාදනය කරන විද්‍යුත් උපකරණ හා විද්‍යුත් උපාංග අපනයනය සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන අතර, මේ සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී තීරුබදු පහසුකම් ලබා දීමට මෙහිදී සාකච්ඡා විය.

• ඉහත සඳහන් තීරණ ක්‍රියාත්මක කිරීමේදී  අපනයන කර්මාන්තය ආශ්‍රිත දත්ත පද්ධති ඩිජිටල්කරණය කිරීමට විශේෂ අවධානය යොමු විය.

•   සේවා අපනයන දිරි ගැන්වීම  සඳහා බැංකු ඇපකර  සීමාව වැඩි කිරීම  පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවේදී අපනයනය  ආශ්‍රිතව දැනට පවතින ගැටලු හා  ඒවාට ඇති විසඳුම් පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡාවට  ගැනිණි.

මෙහිදී ඇඟලුම් අපනයන පරීක්ෂා කිරීමේදී  මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ  අතර, ඒවා  සඳහා සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවෙන් විසඳුම් ලබා දීමද  සිදු කෙරිණි.

1980 සැප්තැම්බර් 11 පිහිටුවන ලද මෙම සභාව වරින් වර රැස් වුවද, 1992 සිට 2020 දක්වා මෙම සභාව රැස් වී නොමැති අතර, 2020 රැස්වීමේදී පවා අපනයන ක්ෂේත්‍රය දියුණු කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ක්‍රියාත්මක කර නොමැත. එනයින් 2025 වසරේ මෙම  සභාව රැස්ව අපනයන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වසර 28කින්  පසුව  වීමද විශේෂත්වයකි. වෙළෙඳ, නාවික, වැවිලි කර්මාන්ත, කෘෂිකර්මාන්ත, කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, ධීවර, මුදල්, විදේශ කටයුතු, ක්‍රමසම්පාදන හා ග්‍රාමීය සංවර්ධන විෂයභාර අමාත්‍යවරු මෙම සභාවේ නියෝජිතයන් ලෙස කටයුතු කරනු ලබයි. ගෝලීය තරගකාරීත්වය  ඉහළ නැංවීම සඳහා ජාතික අපනයන සංවර්ධන ප්‍රතිපත්ති හා වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය  සුනිල් හඳුන්නෙත්ති, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න,  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,  ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ යන අමාත්‍යවරුද,  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතාද,  අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය  නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Image


යුද හමුදාව වී ගබඩා 84ක් නවීකරණය කරයි

Published on: January 27, 2025, 08:37 PM

දිස්ත්‍රික්ක 15 ක් තුළ තිබෙන වී ගබඩා 84ක් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් භාවිතයට සුදුසු අයුරින්  යථාතත්වයට පත් කිර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.

මෙවර  කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, එම වී මිලදී ගැනීමෙන් පසු වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී ගබඩා තුළ ගබඩා කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ.

එලෙස වී ගබඩා කිරීමට නියමිත වී අලෙවි මණ්ඩලයට අයත්‌ වී ගබඩා හා ඒ අවට භූමිය දීර්ඝ කාලීනව භාවිත නොකිරීම හේතුවෙන්‌ භාවිතයට සුදුසු අයුරින්‌ පිරිසිදු කිරීමට සහ සුළු අලුත්‌වැඩියා සිදු කිරීමට සිදුව තිබුණි.

මේ අනුව  ආරක්‍ෂක ලේකම්‌වරයාගේ උපදෙස් පරිදා  යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මේ මස 18 වැනි දින සිට අද ( 27 වන දින) දක්වා සියලු ආරක්‍ෂක සේනා මූලස්ථාන විසින් දීපව්‍යාප්ත වී ගබඩා පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිණ.

එම වැඩසටහනට අනුව අද දිනය වනවිට යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණයෙන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් වී ගබඩා 84ක් භාවිතයට සුදුසු අයුරින් පිරිසිදු කර යථාතත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, අනුරාධපුර, පොලොන්නරුව, මඩකලපුව, මහනුවර, මාතලේ, බදුල්ල, මොණරාගල, කොළඹ, කුරුණෑගල, රත්නපුර, හම්බන්තොට සහ මාතර ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 15 ක් තුලළ සිදු කළ බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.

Image


මේ දක්වා සාත්තු සේවා වෘත්තිකයන් 119ට ඊශ්‍රායෙල් දොර ඇරෙයි

Published on: January 27, 2025, 07:26 PM

2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ජනවාරි 29 වන දින ඊශ්‍රායලය බලා යාමට නියමිත 152 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 34 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම අද දින (27) කාර්යාංශයේදී සිදුවූ අතර, ඊට කාන්තාවන් 29 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු අයත්වේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA)  ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2009 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Image


පොලීසියේ අත්අඩංගුවට ගත් වතු කළමනාකරුට හෘදයාබාධයක් හැදෙයි

Published on: January 27, 2025, 06:42 PM

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතුයායේ පරිසර අධි සංවේදී කලාපයේ වටිනා ගස් 90ක් නීති විරෝධී අයුරින් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ වතු කළමනාකාරවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට හෘදයාබාධයක් වැළඳී රෝහල් ගතකළ බව පොලිසියය කියයි.

එම වතුයායේ වැටුන ගස් සහ මැරුණ ගස් 411 ක් කපා ඉවත් කිරීම සඳහා ටෙන්ඩරයක් ලබාගෙන වතුයායේ පරිසර අධි සංවේදී කලාපයේ තිබූ සපු, ටූනා, මාරා, ඇල්බිසියා, සබුක්කු ඇතුළු වටිනා ගස් 90ක් කපා ඉවත් කොට ඇති බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම වතුයායේ නියෝජ්‍ය වතු අධිකාරිවරයා සහ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර වතුයායේ කළමනාකාරවරයා අද (27) මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට එසේ හෘදයාබාධයක් වැළඳුන බව පොලිසිය කියයි.

එසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

වතු කළමනාකාරවරයා පොලිස් ආරක්ෂාව යටතේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු සම්බන්ධයෙන් උසාවියට කරුණු වාර්තා කිරීමට නියමිතය.

මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Image


වන අලි 20 ක රංචුවක් අක්කර දෙකක කොමඩු කිලෝ 3000 විනාඩි 30 න් ගිල දාලා

Published on: January 27, 2025, 01:06 PM

ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි  වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.

27 දින අලුයම කඩා වැදි ඇති මෙම වල් අලි රංචුව අක්කර 2 කට වැඩි භුමියක තිබු අස්වැන්න නෙළිමට දින කිපයක් පමනක් තිබු කොමඩු කිලෝ 3000 මෙලෙස ගිල දමා පිටව ගොස් ඇත්තේ එහි තිබු ජල නල පද්ධතිය ඇතුළු අනිකුත් දෑ වනසමින් බව මෙම ඉඩමේ හිමිකරු වන ආර්.ඩි.සුනන්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පවසා සිටියෙ “මම මේ වෙද්දි හෘද සැත්කම් දෙකකට අවස්ථා දෙකකදී මුහුණ දුන්නා.ඒ තත්වයක් තියෙද්දි තමා මේ ඉඩම කට්ටිය කුලියට දාගෙන වැඩ කරවලා ගොවිතැන් කලේ.

මමයි පුතායි ඉඩමේ ඉද්දි දැක්කා එක අලියෙක් එනවා.අපි කෑගහලා එලවා දැම්මා.ඒ එක්කම අපි ඉල්ලගෙන වගා කරන ඉඩමට ගිහින් එද්දි අලි රංචුව වගාවට පැනලා වනසනවා කරන් කිසිම දෙයක් නැහැ ටෝච් ගහලා බලද්දි අලි 20 කට වැඩි රංචුවක් හිටියා.මේ වගාවේ පලමු අස්වැන්න එකේ කිලෝ 3000 කට වැඩියි.කොමඩු වලින් විතරක් ලක්ෂ හතරක වැඩි පාඩුවක් වෙලා.ඒ මදිවට ජල නල පද්ධතිය,පොල් පැල වනසලා එවත් ලක්ෂ 4 කට වැඩි පාඩුවක්.

දැන් කරකියා ගන්න දෙයක් නැති වෙලා.දහ දුක් විදලා වගා කලාම අලින්ට කන්න දිලා අපි බලන් ඉන්න වෙලා. මම දැන් දහ අතේ කල්පනා කරන්නේ ඉතිරි වගාවන් කර ගන්නේ කොහොමද කියලා. අලින්ගෙන් අපිට තිබෙන කරදරය දැන් අවුරුදු 10 කට වැඩියි.”

Image


උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම ගැන මහ බැංකු වාර්තාවට මුදල් කාරක සභාවේ අවධානය

Published on: January 27, 2025, 05:57 PM

ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ ඇති මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ දක්වා ඇති පරිදි  උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) වාර්තාව පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවදී (COPF) සාකච්ඡාවට ලක් විය.

මෙම වාර්තාව 2024 වර්ෂයේ දෙවන සහ තෙවන කාර්තු සඳහා  මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසු‍මේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් බැහැරවීම් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබුණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 23වනදා රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදුවිය.

ශ්‍රී ලංකා මහ බැංකුවට (CBSL) අනුව, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ (CBA) 26(5) වගන්තියට අනුව, මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) දක්වා ඇති උද්ධමන ඉලක්කය අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා නිශ්චිත ආන්තිකයකින් පවත්වාගැනීමට මහ බැංකුව අපොහොසත් වුවහොත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එය මහජනතාවට ද ලබා ගත හැකිය.

2023 ඔක්තෝම්බර් 03වැනිදා අත්සන් කරන ලද මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය 5% ලෙස දක්වා ඇති අතර මහ බැංකු පනතේ 26 (5) වගන්තියේ අවශ්‍යතාව මත උද්ධමන ඉලක්ක සඳහා වන ආන්තික ප්‍රතිශතාංක ± 2 ක් ලෙද දක්වා තිබේ.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමන අනුපාතිකය, 2024 දෙවන සහ තුන්වන කාර්තු දෙකෙහි අඛණ්ඩව කාර්තු දෙකක් සඳහා මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමේ (MPFA) නියම කර ඇති ආන්තිකයට වඩාපහළින්උද්ධමන ඉලක්කයෙන් බැහැර ව තිබුණි. එය පිළිවෙලින් 1.4% ක් සහ 0.8% ක් ලෙස වාර්තා වී ඇති බැවින් ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (5) වගන්තිය යටතේ අවශ්‍ය වාර්තාව මුදල් අමාත්‍යවරයා හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන් විසින් දීර්ඝව කරුණු පැහැදිලි කරන ලද අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරන ලද විමසීම් ප්‍රශ්න සඳහාද පැහැදිලිකිරීම් සිදු කරන ලදි. මේ අනුවඋද්ධමන ඉලක්කයෙන් බැහැර වීමට හේතුවන  ප්‍රධාන සාධක සම්බන්ධයෙන්ද මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළ අතර විදුලි ගාස්තුව, දේශීය ඉන්ධන මිල, අහාර මිල, ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කිරීම, පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය, බැංකු පොලී අනුපාතය, මූල්‍ය පද්ධතිය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් පෙන්වා දෙන ලදි. තවද ශ්‍රී ලංකාව 5% උද්දමන ඉලක්ක නිවැරදිව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අතර මුදල් ප්‍රතිපත්තිය වඩාත් අවධානය යොමු කොට නිවැරදි තුළනයක් සහිතව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පෙන්වාදෙන ලදි.

Image


බීමතින් රිය අනතුරක් කළ පළා ගිය උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

Published on: January 27, 2025, 05:40 PM

කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව බීමතින් රාජකාරී කරමින් සිටියදී පොලිස් කැබ්‍ රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී ඊයේ (26)දා අත් අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකි .

මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලීසියේ සිට අඹේපුස්ස යුද හමුදා කඳවුර වෙත කෑගල්ල  පොලිසියට අයත් කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගලිගමුව ප්‍රදේශයේදී මෙම කැබ් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කර ඉදිරියෙන් ආ ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුර සිදුවීමෙන් පසුව පොලිස් කැබ් රථය නොනවත්වා එම ස්ථානයේ සිට වරකාපොල දෙසට ධාවනය වෙමින් තිබියදී අනතුරට භාජනය වූ පුද්ගලයා  සහ එම ස්ථානයේ සිටි තවත් කිහිප දෙනෙකු කැබ් රථය පසුපස ලුහුබැඳ  වරකාපොළ පොලිස් වසමට අයත් තෝලංගමුව  ප්‍රදේශයේදී කැබ් රථය නවතා වරකාපොළ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව වරකාපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ප්‍රසාද් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිද්ධියට සම්බන්ධ  පොලිස් පරීක්ෂකවරයා සහ කැබ් රථය  අත් අඩංගුවට ගෙන තිබිණ.

පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වරකාපොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටින බවට තහවුරු වී ඇති බවද පොලිසිය පවසන අතර සිවිල් පුරවැසියෙකුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයටම තනතුර තරාතිරම නොබලා මෙම උප පොලිස් පරීක්ෂක වරයා හටද තදින් නීතිය ක්‍රියාත්මක කරන බව වරකාපොල  පොලිසියේ ස්ථානාධිපති සී .ප්‍රසාද් මහතා මෙහිදී පැවසීය.

බීමතින් අනතුරක් සිදුකර පලායාමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල පොලිස් මූලස්ථානය වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය හා කෑගල්ල මූලස්ථාන පොලිසිය මගින් සිදු කරනු ලබයි.

Image


හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ

Published on: January 27, 2025, 05:06 PM

හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි.

පිවිතුරු හෙළ උරුමයේ නායකා මේ බව සදහන් කර සිටියේ අද (27) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී නීතිඥ උදය ගම්ම්නපිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

“මාලිමා ආණ්ඩුව දුන්නු බොරු පොරොන්දු වැලේ ඉදිරියෙන්ම තිබුණු අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමා නායකයින් රස කරමින් කියූ පොරොන්දුවක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක. ඒක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිඛිතව සඳහන් වෙනවා. එහෙනම් ඇයි දැන් ඒක ගැන සද්ද නැත්තේ? අමතක වෙලා ද?  අමතක වෙලා නොවේ.  අමතක කරලා.  වඩාත් නිවැරදිව කිව්වොත් අමතක කරන්න සිද්ධ වෙලා. ඇයි අපි එහෙම කියන්නේ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ.  ඕනෑ නම් අනුර ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ සිට ඉදිරියට එන ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් අහෝසි කරන්න.  නමුත් දැනට ඉන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි බෑ.  අපි ඒ වගන්තිය කියවමු.

යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන්පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය.  පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බල නොපාන්නේය.

කවුද කියන්නේ උදය ගම්මන්පිල නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රාජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක රකින්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා දියුරුම් දීලා වැඩ පටන් ගත්තේ ඒ පොරොන්දු අනුව නම් එතුමාට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ.

මේ වගන්තියේ කියන විධියට ව්‍යවස්ථාවේ මේ වගන්තිය සංශෝධනය කළත් ඊට පටහැනි වෙනත් වගන්තියක් ගෙනාවත් ඒකෙන් අතීතයට බලපාන්නේ නෑ.  බලපාන්නේ අනාගතයට විතරයි.  සරලවම කිව්වොත් දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිම ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් මාලිමා ආණ්ඩුවට නෑ.

විශ්‍රාම වැටුපක් අතීතයට බලපාන්න අහෝසි කරන්න විතරක් නොවේ අඩු කරන්නත් බෑ.  ඒක ලෝකය පුරාම පිලිගත් නීතිමය මූලධර්මයක්.  ඒකට හේතුව තමයි තමන් සේවය කරන කාලයේ දී විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් විශ්‍රාමික ජීවිතයේ දී වියදම් කරන්න මුදල් ඉතිරි කරන්න ඒ සේවකයා පෙළෙඹෙන්නේ නෑ. ඒකට නීතියේ කියනවා සුජාත අපේක්ෂාවේ න්‍යාය නැතිනම් doctrine of legitimate expectation.  වයස අවුරුදු 80 දී විතර විශ්‍රාම වැටුප අහෝසි කරලා ජීවත් වෙන්න තිබෙන එකම ආදායම අහිමි කලොත් ඒ අයට ඒ වයසේ දී රස්සාවක් කරන්නත් හැකියාවක් නෑ.  ඒ නිසා ජනාධිපතිවරුන්ගේ විතරක් නොවේ කිසිම පුද්ගලයෙකුගේ ලැබෙන විශ්‍රාම වැටුපක් අහෝසි කරන්නත් බෑ.  අඩු කරන්නත් බෑ.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක මාලිමාවේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක්.  ඒකෙන් පේන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු මාලිමා මැතිවරණ ප්‍රකාශනය සකස් කරපු කමිටුවේ සිටියේ නෑ කියන එකයි.  මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ කීර්තිමත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන කේ ටී චිත්‍රසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ගැන කමිටුවක් පත් කලා.  ඒ කමිටු වාර්තාව ගැන ආණ්ඩුව සද්ද බද්ද මුකුත් නෑ.  හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් නෑ කියලා මේ කමිටුව දැනටමත් ආණ්ඩුවට දන්වලා ඇති.  ඒකයි නිල නිවාස වලින් එළියට ඇදලා දමනවා කියලා තර්ජනය කරමින් විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පොරොන්දුව අමතක කරන්න උත්සාහ කරන්නේ.

කිසිම අධ්‍යනයකින් තොරව හුදු ජනතාව රවටා ඡන්ද ගැනීමේ අරමුණින් මාලිමාව ජනතාවට ලබා දුන් බොරු පොරොන්දු වැලෙන් ව්‍යවස්ථාව පවා උල්ලංඝණය වන එකම බොරුව බවට හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි කිරීමේ යෝජනාව පත් වෙනවා.  තමන් ලබා දුන් බොරු පොරොන්දු සිහිපත් කරන විපක්ෂයේ දේශපාලකයින් මර්දනය කිරීම සහ මඩ ගැසීම අද ආණ්ඩුවේ එකම උපාය මාර්ගය වී තිබෙනවා.”

Image


වී වලට සහතික මිල පමා කරන්නේ ගොවිය ගැන හිතලාමයි

Published on: January 27, 2025, 04:15 PM

වී කිලෝවක් වෙනුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කළ යුතු සහතික මිල ප්‍රකාශ කිරීම පමා කරන්නේ හිතා මතාම යැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ “ අමු තෙත වී පසුගිය දවස් වල රුපියල් 140ට ගියා. දැන් ඒක ටික ටික පහළට ඇවිත් තියෙනවා. එතකොට වේලපු වී කිලෝවක් කීයක් වෙනවද? රු. 160ට ආසන්න මිලක් වෙනවා.

මේක විකෘතියක් එහෙම ගියොත් හාල් කිලෝව කීයක් වෙයිද? හාල් කිලෝව රුපියල් 300ක් වත් වෙයි. මේ විකෘතිය තමයි ගොයම් කපන කාලයට මුලින්ම නිර්මාණය කරන්නේ.

මේ තත්ත්වය යටතේ ගොවි ජනතාව වැඩි මිලකට වී විකුණනවා. ඒකට අවස්ථාව දෙන්න ඕන. ගොවියට දැනට වී විකුණාගැනීමට ගැටලුවක් ඇවිත් නෑ.

වී වලට මිලක් නෑ කියලා ප්‍රශ්නයක නෑ. මේ ප්‍රශ්න දෙකම නැති නිසා ආණ්ඩුවට මැදිහත් වෙන්න අවශ්‍ය නෑ. අපි මොකටද මැද්දෙන් පැනලා අපි ගැටලුවක් ඇති කරන්නේ.

මේ පවතින මිල පහළට එනවා. එතකොට ගොවි ජනතාවට අසාධාරණයක් වෙනවා. ඒ අනුව තමයි අපි වී කිලෝවක අවම මිල ප්‍රකාශයට පත්කලේ නැත්තේ. මේකේ නාඩි අපිට තේරෙනවා. කල් යල් බලා අපි නියම මිලක් නියම කරනවා. ගිය වතාවේ නිශ්පාදන වියදමට එකතු කරලා තිබුණේ රුපියල් 5යි. ඉතිහාසයේ ප්‍රථම වතාවට නිශ්පාදන වියදමෙන් සියයට 30ක් එකතු කරලා ගොවියට දෙනවා.”

Image


පළාත් පාලන ඡන්ද පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්

Published on: January 27, 2025, 03:30 PM

පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගය අවසන් කළ ශේෂ්ඨාධිකරණය තීන්දුව ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කථානායකවරයා වෙත යොමු කරන බව අද (27) දැනුම් දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාග කෙරිණී.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර්, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නීතිඥ කොෂල්‍යා ජයවීර, ගල්කිස්ස හිටපු නගරාධිපති උපුල් ගමගේ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශිරන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් පෙත්සම් ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් කල්දමා ඇති පලාත් පාලන. මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලූතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයි දැනුම් දුන්හ.

මේ හේතුවෙන් නාමයෝජනා ඉදිරිපත් කර තිබු අපේක්ෂකයන්ට ඉමහත් අසාධාරණයක් වන්නේ යැයිද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද කී නීතීඥවරු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටිති.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මූලික අරමුණ වුයේ පනත් කෙටුම්පතේ තිබු දුර්වලතා මගහැරීම බවත් නව ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී ඔවුන්ගේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවත් කීය.

මෙම පනත් කෙටුම්පත මගින් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා වන බවත් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු වන බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම පනත් කෙටුම්පත මඟින් කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවත් කී නිර්මලන් විග්නේෂ්වරන් මහතා සරල බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ අනුමැතියෙන් මෙම පනත සම්මත කළ හැකි යැයි කීය.දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සම්බන්ධ තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කරන බව දැනුම් දුන්නේය.

පෙත්සම්න්කරුවන් වෙනුවෙන් නීතිඥ භූපති කහපිටිය මහතා සමඟ ජනාධිපනීතිඥවරුන් වන විරාජ සිල්වා සහ රහුෆ් හකිම් යන මහත්තුරු පෙනී සිටියහ.වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා පෙනී සිටියේය.

සචිත්‍ර ගුණසේකර

Image


අපි හිතා මතාම තමයි වී කිලෝවක අවම මිල තවමත් ප්‍රකාශ නොකර ඉන්නේ

Published on: January 27, 2025, 03:12 PM

වී සඳහා අවම මිල නියමිත වේලාවට තීරණය කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

දැන් කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අමු තෙත වී පසුගිය දවස් වල රු.140ට ගියා. දැන් ඒක ටික ටික පහලට ඇවිල්ලා තියෙනවා. එතකොට වේලපු වී කිලෝවක් කීයක් වෙනවාද? රු.160ට ආසන්න මිලක් වෙනවා. මේ විකෘතියක්නේ. එහෙම ගියොත් සහල් කිලෝ එකක් කීයක් වෙයිද? රුපියල් 300ක්වත් වෙයි සහල් කිලෝ එකක්. මේ විකෘතිය තමයි ගොයම් කපන කාලයට නිර්මාණය කරන්නේ. මොන තත්ත්වයක් යටතේ වුණත් ගොවි ජනතාව වැඩි මිලකට මේ වෙලාවේ වී විකුණනවා. ඒකට අවස්ථාව අපි දෙන්න ඕනී. අපේ රජය අවම මිල නියම කළොත් මොකක්ද වෙන්නේ? විකෘති තත්ත්වයක් යටතේ පවතින මිල පහලට එනවා. ඒක තුළ ගොවිජනතාවට නැවත අසාධාරණයක් වෙනවා. අපි හිතා මතාම තමයි මේ වි කිලෝ එකේ අවම මිල තවමත් ප්‍රකාශ නොකර ඉන්නේ. මොකද අපිට මේකේ නාඩි හොඳට තේරෙනවා. කල් යල් බලලා අවම මිල අදාල වෙලාවට අපි නියම කරනවා. ”

Image


2024 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකයා මෙන්න

Published on: January 27, 2025, 02:50 PM

2024 වසරේ අයි.සී.සී. එක්දින ක්‍රීඩකය සම්මානය ඇෆ්ගනිස්ථානයේ තුන් ඉරියව් ක්‍රීඩක අස්මතුල්ලාහ් ඕමර්සායි දිනාගෙන තිබේ.

Image


විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් අයියා හා මල්ලි අල්ලයි

Published on: January 27, 2025, 01:56 PM

මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පහර දුන් බව කියන බීමත් අයියා මලෝ දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ පහර කෑමට ලක්ව ඇත්තේ මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය කල්‍යාණ තිස්ස නමැති වෛද්‍ය වරයකු වනඅතර ඔහු මුහුණේ තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (26) රාත්‍රියේ රාජකාරි නිමවා රෝහල් පරිශ්‍රයේ විලියම් ගොපල්ලව මාවතේ පිටවීමේ දොරටුව අසලදී එසේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

වෛද්‍යවරයා එම ස්ථානයෙන් ගමන් කරන විට රෝහල් ආරක්ෂක අංශ සමග ත්‍රී රෝද රථ රියදුරෙකු කිසියම් ආරවුලක් ඇති කරගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී වෛද්‍යවරයා පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

අධික බීමතින් සිට ඇති ත්‍රී රෝද රථ රියදුරු සහ ඔහුගේ සහෝදරයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හන්තාන ගැමුණු මාවතේ පදිංචිකරුවන් බව පවසන පොලිසිය ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මුලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Image


වන අලි 20 ක රංචුවක් අක්කර දෙකක කොමඩු කිලෝ 3000 විනාඩි 30 න් ගිල දාලා

Published on: January 27, 2025, 01:06 PM

ආණමඩුව කොට්ටුකච්චිය රන්සේල ගම කොමඩු වගාවකට කඩා වැදුන 20 කට වැඩි  වල් අලි රංචුවක් එම වගාවේ අස්වැන්න නෙලීමට තිබු කිලෝ 3000 කට ආසන්න ප්‍රමානය විනාඩි 30 යාමටත් පෙර ගිල දමා වගාවද වනසා ගොස් ඇති බව ඉඩම් හිමියා පවසයි.

27 දින අලුයම කඩා වැදි ඇති මෙම වල් අලි රංචුව අක්කර 2 කට වැඩි භුමියක තිබු අස්වැන්න නෙළිමට දින කිපයක් පමනක් තිබු කොමඩු කිලෝ 3000 මෙලෙස ගිල දමා පිටව ගොස් ඇත්තේ එහි තිබු ජල නල පද්ධතිය ඇතුළු අනිකුත් දෑ වනසමින් බව මෙම ඉඩමේ හිමිකරු වන ආර්.ඩි.සුනන්ද ජයසිංහ මහතා පවසයි.

ඔහු වැඩි දුරටත් පවසා සිටියෙ “මම මේ වෙද්දි හෘද සැත්කම් දෙකකට අවස්ථා දෙකකදී මුහුණ දුන්නා.ඒ තත්වයක් තියෙද්දි තමා මේ ඉඩම කට්ටිය කුලියට දාගෙන වැඩ කරවලා ගොවිතැන් කලේ.

මමයි පුතායි ඉඩමේ ඉද්දි දැක්කා එක අලියෙක් එනවා.අපි කෑගහලා එලවා දැම්මා.ඒ එක්කම අපි ඉල්ලගෙන වගා කරන ඉඩමට ගිහින් එද්දි අලි රංචුව වගාවට පැනලා වනසනවා කරන් කිසිම දෙයක් නැහැ ටෝච් ගහලා බලද්දි අලි 20 කට වැඩි රංචුවක් හිටියා.මේ වගාවේ පලමු අස්වැන්න එකේ කිලෝ 3000 කට වැඩියි.කොමඩු වලින් විතරක් ලක්ෂ හතරක වැඩි පාඩුවක් වෙලා.ඒ මදිවට ජල නල පද්ධතිය,පොල් පැල වනසලා එවත් ලක්ෂ 4 කට වැඩි පාඩුවක්.

දැන් කරකියා ගන්න දෙයක් නැති වෙලා.දහ දුක් විදලා වගා කලාම අලින්ට කන්න දිලා අපි බලන් ඉන්න වෙලා. මම දැන් දහ අතේ කල්පනා කරන්නේ ඉතිරි වගාවන් කර ගන්නේ කොහොමද කියලා. අලින්ගෙන් අපිට තිබෙන කරදරය දැන් අවුරුදු 10 කට වැඩියි.”

Image


මෝටර් රථයක් ඇළකට වැටි පුද්ගලයෙක් මරුට

Published on: January 27, 2025, 12:16 PM

බද්දේගම නාගොඩ මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් කැප්පිටියාගොඩ අඟුරුවල පාලමෙන් පහළට ඇද වැටීමෙන් එහි ගමන්කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නාගොඩ පොලීසිය පවසයි .

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ  බද්දේගම ගොතටුව ප්‍රදේශයේ පදිංචි අයි.ජී.ඩී.එස්. කුමාර (44) නැමති බැංකු නිලධාරියෙකි.

නාගොඩ ප්‍රදේශයේ සිට බද්දේගම දෙසට ධාවනය වෙමින් තිබියදී මෝටර් රථය ඇලටවැටී  ඇති බවත්, එම අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇත්තේ ඔහු පමණක් බවත්, රියදුරුට නින්දයාම නිසා මෙම අණතුර සිදුවන්නට ඇතැයි සැක කරන බවත් පොලීසිය පවසයි.

නාගොඩ පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

බද්දේගම සරත්  ආනන්ද ගමගේ

Image


ජනවාරි මුල් දින 22ට සංචාරකයන් 177403ක් ඇවිත්, දිනක සාමාන්‍ය පැමිණීම 8000යි

Published on: January 27, 2025, 11:25 AM

ජනවාරි මාසයේ මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 177043ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව දිනකට 8000ක අගයක සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ජනවාරියේ ශ්‍රි ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 30 847කි. පසුව රුසියාව හා එංගලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරක පිරිසක් පැමිණ තිබේ.

Image


මත්පැන් නිසා වසරකට ලංකවේ පුද්ගලයන් 20000ක් මිය යනවා

Published on: January 27, 2025, 10:28 AM

ශ්‍රී ලංකාවෙහි වර්ෂයකට මත්පැන් හේතුවෙන් පුද්ගලයන් 20000ක් පමණ මිය යන බවත්, ඒ හේතුවෙන් දරුවන් 40,0000 ක් පමණ අසරණ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර, දුම් කොළ, නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.

එහි සභාපතිනි, මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කර සිටියේ කාන්තා පියයුරු පිළිකාවලට හේතුවන ප්‍රධානතම අවදානම් සාධකයක් ලෙස ඇල්කොහොල් හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව සුරාබදු කොමසාරිස් වරයා කියූ අඩුමිල බෝතලයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ විරුද්ධ බව මහාචාර්යවරිය අවධාරණය කළාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.

“2023 ජනවාරි මසදී ලෝක සෞඛ්‍ය සංවිධානය කීවේ ඕනෑම මට්ටමක මද්‍යසාර සිරුරට හානිකර බවයි.සුරාබදු කොමසාරිස් වරයා කියූ අඩුමිල බෝතලයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ විරුද්ධ වනවා.

අරක්කු මිල වැඩි කිරීමෙන් අරක්කු පරිභෝජනය වැඩි වනවා. කසිප්පු බොන අය එසේම බොනවා.කසිප්පුවල සිට අරක්කු වෙත හැරීමක් වන්නේ නෑ.“මද්‍යසාර නිසා කායික මානසික රෝග වැඩි වනවා.මද්‍යසාර නිසා ලස්සන ජීවිතයක් පොහොසත් රටක් යන සංකල්පය විනාශ වී රට තවත් දිළිඳු වෙනවා”

Image


යෝෂිතට අධිකරණය දැන් ලබා දුන් තීන්දුව මෙන්න

Published on: January 27, 2025, 10:27 AM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබා දීමට  කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝගය කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබේ.

අධිකරණය විසින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඒ අනුව සෑම මසකම අවසන් ඉරිදා දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වාර්තා කළ යුතු බවටද නියෝග කර ඇත.

Image


සුනඛයෙකුගේ හිස ලණුවකින් සිර කර මරා දැමිමට කාන්තාවක් අල්ලයි

Published on: January 27, 2025, 10:12 AM

සුනඛයෙකුගේ හිස ලණුවකින් සිර කර මරා දැමිමේ සිදුවිමට අදාළව අවුරුද 48ක කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාන්කුලම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. සිදුවිමට අදාළ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය විය. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Image


යෝෂිත රාජපක්ෂව අධිකරණයට රැගෙන එයි

Published on: January 27, 2025, 09:45 AM

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට රැගෙනවිත් තිබේ.

Image


සමෘද්ධියේ විනය දඬුවම්වල ලිහිලෙන් රුපියල් කෝටි 50 ක මූල්‍ය වංචා සිදුවෙලා

Published on: January 27, 2025, 09:26 AM

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තුසිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා අවස්ථා 180 කට අදාළව රුපියල් මිලියන 498.7 ක මූල්‍ය වංචාවන් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මේ අතරින් 2014 සිට 2018 අතර බැංකු හා බැංකු සමිතිවල සිදුවූ අක්‍රමිකතා 15 කට අදාළව රුපියල් මිලියන 263.8 ක මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳව සහ  2019 සිට 2023 තෙක් දෙපාර්තමේන්තුවේ වංචා විමර්ශන අංශයට වාර්තාවී  තිබූ  මූල්‍ය අක්‍රමිකතා අවස්ථා 165 කින් සිදුවූ  රුපියල් මිලියන 234.9 ක මූල්‍ය වංචාවලින් රුපියල් මිලියන   218.4 කට අදාළ මූල්‍ය වංචා 98 ක විනය කටයුතුද තවමත් අවසන් වී නැතැයිද ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.

මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දිගින් දිගටම මෙසේ මූල්‍ය වංචාවන් සිදු කිරීමට බැංකු පද්ධතිය තුළ පවතින අඩුපාඩු හා විනය නියෝග තුළින් දඬුවම් ලිහිල් වීමද හේතුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.ජාතික විගණන කාර්යාලය මගින් නොබෝදා නිකුත් කළ 2023 වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ විගණන නිරීක්ෂණ  මගින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

ජේ.ඉඳුරුවගේ

Image


2024 වර්ෂයේදී තේ නිෂ්පාදනය ඉහළට

Published on: January 27, 2025, 08:29 AM

2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් පසුව පසුගිය 2024 වර්ෂයේ මාර්තු මස සිට දෙසැම්බර් 31 දක්වා මාස (09)ක කාලසීමාව තුළදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 264ක් දක්වා ඉහල යාමක් සිදුවී ඇති බව වැවිලි හා පරිසර ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් එස්. චන්ද්‍රකීර්ති මහතා පැවැසීය.

අමාත්‍යාංශයේ ඉලක්කය වර්ෂික තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 400ක් දක්වා ඉහළ නැංවීම බවත් ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති සඳහන් කරන ලදී.

මෙරට තුළ ප්‍රාදේශීය වැවිලි සමාගම් 24 ක් පිහිටුවා ඇති බවත් ඉන් කුරුණෑගල සහ සහ හලාවත පිහිටුවා ඇති වැවිලි සමාගම් පමණක් රාජ්‍ය අංශය යටතේ පාලනය වන බවත් ඉතිරි වැවිලි සමාගම් 22 පුද්ගලික අංශයට අයත් වන අතර මෙම වැවිලි සමාගම් 24 යටතේ ක්‍රියාත්මක වන වතු සංඛ්‍යාව 458 ක් බවත් ලේකම්වරයා සමග කරන ලද විමසීමේදී ප්‍රකාශ කරන ලදී.

චන්දන සමරවික්‍රම

Image


2023දී රුපියල් බිලියන 15.8 විදෙස් ණය ගිණුම් ගත කර නෑ

Published on: January 27, 2025, 07:36 AM

රුපියල් මිලියන 15,823 වටිනා විදේශීය රාජ්‍ය ණය රාජ්‍ය මුල්‍ය ප්‍රකාශනවල ගිණුම්ගත කොට නොතිබූ බව ජාතික විගණන කාර්යාලයේ මගින් 2025/01/25 දින නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි’

විදේශීය රාජ්‍ය ණය භාවිතා කිරීමට භාවිතා කරන පරිගණක පද්ධතියේ වාර්තාව සහ රාජ්‍ය මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේදී 2023 වර්ෂයේ සැප්තැම්බර් 31 දින වන විට මෙකී විදේශීය ණය මුදල රජයේ මූල්‍ය ප්‍රකාශනවල ගිණුම් ගත කර නොතිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන් වෙයි. ගිණුම් ගත නොකළ විදේශීය ණය මුදල් භාවිතා කර දරා ඇති වියදම්ද 2023 වර්ෂයේදී ගිණුම්ගත කොට නොමැති බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

සියලු විදේශීය ණය ගිණුම්ගත කර අදාළ වියදම් නිවැරදිව සටහන් කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත. ගිණුම් ගත නොවූ විදේශීය ණය වටිනාකම මුළු විදේශීය ණය වටිනාකමින් 0.5% බවත් කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

විදේශීය ණය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුව වෙත නිරන්තර උපදෙස් ලබා දෙමින් ඒවා ගිණුම්ගත කිරීමට කටයුතු සිදුකරන බව කළමනාකාරීත්වය විසින් වැඩිදුරටත් විගණනයට සඳහන් කර ඇත.

රජයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

චන්දන සමරවික්‍රම

Image


අත්අඩංගුවට ගැනීම් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Published on: January 26, 2025, 10:15 PM

කඩිනමින් සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ කඩිනමින් සිදු කරන බවත්, දුෂ්කර සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ  දුෂ්කරතාව දරාගෙන ඊට ගතවන කාලයත් සමග සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමානයේ අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබන්නේ පරීක්ෂණ සඳහා බවත්, එසේ නොමැතිව කිසිදු පුද්ගලික හඹා යාමක් නොමැති බවත් අද (26දා) අනුරාධපුරයේ පැවති සුහද හමුවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ඉතිහාසයේ ආණ්ඩු පෙරලිලා ආණ්ඩු හැදිලා තියෙන්නේ කොහොමද? සමහර වෙලාවට උපයෝගී කර ගන්නවා ඒ අයගේ පවුල් පරම්පරා. ඒ මත නායකයෝ හදලා තියෙනවා, ආණ්ඩු හදලා තියෙනවා. තාත්තත් අගමැති, අම්මත් අගමැති, එහෙනම් දුව ඉඳුරාම ජනාධිපති කියලා තෝරලා තියෙනවා. එහෙම නැතිනම් මාමා ජනාධිපති, බෑනා ජනාධිපති, අයියා ජනාධිපති, මල්ලි ජනාධිපති. එහෙම නායකයෝ හැදිලා තියෙනවා, ආණ්ඩු මාරු වෙලා තියෙනවා.

මේ සැරේ එහෙමද? නෑනේ. ඒ කියන්නේ පවුල් බලයකින් තොරව ආණ්ඩුවක් හැදුණා. ඒ විතරක් නෙවෙයි වෙනදා ආණ්ඩු හැදෙනවා විශාල ලෙස සල්ලි පොම්ප කරලා. එහෙම සල්ලි පොම්ප කළාද මේ මැතිවරණයේදී? නෑ. අපේ ජයග්‍රහණය සල්ලි පොම්ප කරලා නෙවෙයි. තව ආණ්ඩු හැදිලා තියෙනවා ඒ අයට තිබෙන විශාලතම මාධ්‍ය බලයෙන්. තව විදියකට ආණ්ඩු හැදෙනවා කුමන්ත්‍රණ කරලා. මතකනේ පාස්කු වගේ ප්‍රහාර. පරීක්ෂණ යනවා හොඳට හොඳේ. බයවෙන්න එපා. ඒ වගේ කුමන්ත්‍රණවලින් ආණ්ඩු හැදුණා. කුමන්ත්‍රණ නැති, පවුල් බලය නැති, ධන බලය නැති,මාධ්‍ය බලය නැති ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව පිටුපස තිබෙන ප්‍රධානම බලය තමයි මේ එක්රැස් වෙලා සිටින ජනතාව.

අපිට බලය ලැබිලා සතියක් දෙකක් යද්දි ඩොලර් එක 308 දක්වා ගියා. තව ටිකක් ඉස්සරහට ගියා නම් ඩොලරයේ පාලනය ගිලිහෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන , ආයෝජකයන් කෙරෙහි, ව්‍යවසායකයන් කෙරෙහි , අපේ ආර්ථිකයන් හසුරවන්නන් කෙරෙහි පළමුකොටම ආණ්ඩුවේ විශ්වාසය ඇති කළා. අපි ඩොලරයේ අගය 300 යටට ගෙනාවා.දැන් මාස 3-4කට ආසන්න කාලයක් අපි  ඩොලරයේ අගය 300ට අඩුවෙන් තියාගෙන තියෙනවා. ඊළඟට කොටස් වෙළඳපොළ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා.

කොටස් වෙළඳපොළේ වර්ධනයෙන් පෙන්නුම් කරනවා ආයෝජකන් අපේ රටේ ආර්ථිකය කෙරෙහි තබා තිබෙන විශ්වාසය. පසුගිය දෙසැම්බර් මාසයේ සිට දිනපතා කොටස් වෙළඳපොළ ඉහළ යනවා. ඒක ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳ පිළිබිඹුවක්. ඊළඟට අපේ රට බංකොලොත් භාවයට පත්වෙලා  තිබුණේ. ණය දෙන්නේ නැති, අපේ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා තිබුණේ. පසුගිය දෙසැම්බර් 21 වැනිදා ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කළා. අපි ගෙවන්න තිබුණා ණය ගෙවන විදිය ගැන සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ලංකාව එතෙක් පැවති බංකොලොත් භාවයෙන්  නිදහස් කරගත්තා දෙසැම්බර් 21වැනිදා. අපෙ ආණ්ඩුව හදලා මාසෙකින්.

වංචාවක් වුණාම පරීක්ෂණ කරන්න තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ පරීක්ෂණ මත නඩු පවරනවා  නීතිපති දෙපාර්තමේන්තුව. නඩු විභාග කරනවා අධිකරණය විසින්. ඒක තමයි තියෙන ක්‍රමවේදය. දේශපාලන අධිකාරියේ අපි පරීක්ෂණ කරන්න යන්නේ නෑ. අපි නඩු පවරන්න යන්නේ නෑ. උසාවියේ අපි නඩු කියන්න යන්නේ නෑ.ඒ සඳහා ආයතන හදලා තියෙනවා.  අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදලා තියෙනවා පරීක්ෂණ කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව හදලා තියෙනවා ඒ පරීක්ෂණ වලට සහය දෙන්න සහ පරීක්ෂණය හරියට ගොනු කරලා අධිචෝදනා පත්‍ර ගොනු කරලා නඩුව ගෙනියන්න. අපි කරලා තියෙන්නේ මේ ආයතන වලට පණ පොවන එක.

දැන් මේ අත්අඩංගුවට ගන්නේ පරීක්ෂණය සඳහා. සමහර විට උසාවියෙන් ඇප දෙනවා. කාවවත් දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තියාගන්න එක නෙවෙයි අපේ වැඩේ. පරීක්ෂණය කිරීම සඳහා තමයි මේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ. පරීක්ෂණ ඉවරවුණාට පස්සේ නඩු ගොනු කරලා වරදකරුවන් කරලා හිරේ යවන්න ඕනෑ. ඒක කරනවා. අපි කවුරුවත් පෞද්ගලිකව හඹා යන්නේ නෑ. එතකොට කට්ටිය කියනවා ලොකු ඒවා නැතුව පොඩි ඒවනේ එළියට එන්නේ කියලා. ඉතින් ඉවර වෙන ඒවා තමයි එළියට එන්නේ. අපිට කියන්න බෑනේ ලොකු එක අවසන් නෑ පොඩි එක මෙහෙම තිබුණාවේ කියලා.

පහසු ඒවා ඉක්මනින් ඉවර වෙනවා.අපහසු ඒවට කල් යනවා. ඉක්මනින් සාක්ෂි, සාධක මතුවෙන ඒවා ඉක්මනින් කරනවා.  දුෂ්කරතා තියෙන ඒවා දුෂ්කරතා දරාගෙන කාලයක් යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ ඔහොම. ලොකු ඒවත් එයි. පොඩි ඒවත් එයි. ඒත් අපිට තේරීමක් නෑ. නම් හැටියට තේරීමකුත් නෑ. ලොකු පොඩි කියලා තේරීමකුත් නෑ. අපි ආයතනවලට බලය දීලා තියෙනවා කරන්න කියලා. ”

Image


සංචාරක කර්මාන්තයට නැංවීමට හා දුර ගමන් සේවා සඳහා නව දුම්රිය ධාවනයට එක් කරයි

Published on: January 26, 2025, 09:12 PM

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හා දුර ගමන් සේවා සඳහා නව දුම්රිය ධාවනයට එක්කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නව දුම්රිය ධාවනයට එක්කර තිබේ.

මේ අනුව කොළඹ සිට කන්කසන්තුරේ දැක්වා පෙබරවාරි 01 දා දිට රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කිරීමට නියමිතය.

උඩරට දුම්රිය ගමන සඳහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඇල්ල ඔඩිසි - කොළඹ  අමතර ගමන් වාරයක්, ඇල්ල ඔඩිසි නුවර සෑම සති අන්තයකම අමතර දුම්රියක්, ඇල්ල ඔඩිසි නානුඹය නමින් සඳුදා දිනවල හැර නව දුම්රියක් ධාවනයට එක්කිරීමට නියමිතය.

Image


ඇල්ල ඔඩිසියේ රු 4000ක ටිකට් පතක් රු 28000කට විකිණූ ත්‍රීරෝද රථ රියදුරු අල්ලයි

Published on: January 26, 2025, 08:26 PM

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල්4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින්අත් අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙය වීමෙන ඊයේ (26) පෙරවරුවේ ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කාන්තාවන් දෙදෙනා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ ටිකට් පත් දෙක අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000ක මුදලකට ලබාගත් බවයි.

පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ ටිකට්පත් දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට අලෙවි කිරීම සඳහා ත්‍රී රෝද රථ රියදුරුට ලබා දී ඇති බවයි.

ඒ ආකාරයට අලෙවි කරන එක් දුම්රිය ටිකට් පතකින් රුපියල් 5000ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන බවටද ත්‍රිරෝද රථ රියදුරු පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.

ඔහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටදපොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශනඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතභාරදීමට නියමිතය.

Image


ජපුර දන්ත වෛද්‍ය පීඨයට අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක්

Published on: January 26, 2025, 07:38 PM

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන  අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන දන්ත වෛද්‍ය සිසුන් ලබන වසර මැද භාගයේ දී අනිවාර්යෙන් ම මහාචාර්ය පුහුණුව සදහා යොමුකළ යුතු වුවත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැලසුම් සම්පූර්ණ නොවීම මහත් ගැටලුවක් ව පැවතුණි.

මේ පිළිබඳව දැනුවත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත පීඨය සහ මෙයට සම්බන්ධ සෙසු ආයතන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසි සාකච්ඡාවක් කැඳවු  අතර එහි දී එම  දන්ත වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීමේ ගැටළුවට කඩිනම් විසඳුමක් ලෙස කළුබෝවිල ශික්ෂණ  රෝහලේ  සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ  දී විධිමත් අයුරින් එම පුහුණුව ලබා දීමට තීරණය කරන ලදී.

කළුබෝවිල ශික්ෂණ රෝහලට සහ මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය සඳහා අවශ්‍ය වන විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, දන්ත තාක්ෂණ නිලධාරීන් මෙන් ම අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් අනුයුක්ත කිරීමටත්, අවශ්‍ය උපකරණ හැකි ඉක්මනින් ලබා දීමටත් පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

එමෙන් ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක්, මහරගම මුඛ සෞඛ්‍ය ආයතන පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් මෙහිදි තීරණය වූ අතර මේ සදහා නිසි සැලසුමක් යටතේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව  ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙරට ස්ථාපිත වූ දෙවන දන්ත වෛද්‍ය පීඨය ලෙස 2022 වර්ෂයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආරම්භ වූ මෙම දන්ත වෛද්‍ය පීඨය අංගම්පූර්ණ වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙහි දී පැවසී ය.

Image


ජනවාරි සහ පෙබරවාරි මාසවල රාත්‍රී අහසේ ග්‍රහලෝක 6ක්

Published on: January 26, 2025, 06:41 PM

බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක් මේ දිනවල සිදු වන අතර එය තාරකාවිද්‍යා ලෝලීන්ට සහ තරු නිරීක්ෂකයින්ට දර්ශනීය දසුනක් ලබා දෙයි.

සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත් ය. යුරේනස් සහ නෙප්චූන් දුරේක්ෂයකින් දැකිය හැකිය. මෙම අහස් පෙරහැර ජනවාරි 29 දක්වා මේ දිනවල හිරු බැස යෑමෙන් පසු විනාඩි 90 ක් ඇතුළත හොඳින් දැකගත හැකි බව ද  කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ   සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති  මහාචාර්ය  චන්දන ජයරත්න මහතා පැවසීය.

සියලුම ග්‍රහලෝක අහස හරහා එකම පොදු මාර්ගයක් අනුගමනය කරන බැවින්, බටහිර සිට නැගෙනහිරට ඇද ඇති මනඃකල්පිත රේඛාවක් වටා දළ වශයෙන් බැලීමෙන් ඒවා හඳුනා ගැනීම පහසුය. ඒවා අහස හරහා චාපයක් තුළ දිස් වුවද, ග්‍රහලෝක ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ සරල රේඛාවක සකසා නොමැත.

බටහිර දෙස බැලීමෙන් ආරම්භ කරන්න. සිකුරු ග්‍රහයා අහසේ දීප්තිමත්ම ග්‍රහයා වන අතර සෙනසුරු ඊට මදක් පහළින් පිහිටා ඇත. ග්‍රහලෝක දෙක අතර රේඛාවක් අඳින්න, ඉන්පසු බ්‍රහස්පති  ඉහළින් සොයා ගැනීමට එම රේඛාව අනුගමනය කරන්න. රේඛාව අනුගමනය කරමින් තව ඉහලට බලන්න. එවිට අඟහරු ග්‍රහයා නැඟෙනහිර දෙසින් රතු පැහැයෙන් දිදුලන ආකාරය ඔබට පෙනෙනු ඇත. එය පෘථිවියේ සිට සූර්යයාට කෙළින්ම විරුද්ධ ව මේ දිනවල පිහිටන නිසා  වැඩි දීප්තියකින් දිස්වේ.

අනෙක් ග්‍රහලෝක දෙක පියවි ඇසට නොපෙනේ. යම් පුහුණුවක් සහිතව දුරේක්ෂයකන් බැලූවිට, සිකුරු ග්‍රහයාට මදක් ඉහළින් සහ  එහි දකුණට වන්නට නිල් පැහැයෙන් දිදුලන නෙප්චූන් ග්‍රහලෝකය දැකගත හැකි බවත්, බ්‍රහස්පති ග්‍රහයාට බටහිර දෙසින් යුරේනස් ග්‍රහලෝකය දිස්විය හැකි බවත් මහාචාර්ය ජයරත්න මහතා පැවසීය.

Image


වැටුප් වැඩිවෙන හැටි ජනපති කියයි

Published on: January 26, 2025, 05:59 PM

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කරන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. අනුරාධපුරයේ පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මෙතෙක් සිදුවූයේ රාජ්‍ය සේවකයාගේ වැටුපට අමතර දීමනා ලබාදීම බවද ඔහු පැවැසීය. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කරන බවද ඔහු පැවැසීය.

Image


ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ගැටුමක්

Published on: January 26, 2025, 05:30 PM

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමකින් රැඳවියන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Image


විදේශිකයෙක් පැදවූ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

Published on: January 26, 2025, 05:15 PM

කොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (26) දින පස්වරු 3 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදිය.

කුලි පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි විදේශිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථය ධාවනය කර ඇති අතර, අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා කියා සිටියේ.

Image


වැඩි මිලට අලෙවි කරන්න ගිය රතු කැකුළු අන්තිමට 220ට අලෙවි කරයි

Published on: January 26, 2025, 04:06 PM

වැඩි මිලට විකිණීම සඳහා ප්‍රවාහනය කරමින් තිබු දේශීය රතු කැකුලු හාල් තොගයක් සමග ලොරි රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරීයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

කල්මුණේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය තණබද්දේගම තොග වෙළෙඳ සැලකට මෙම හාල් තොගය ගෙන එමින් තිබු බව එම අධිකාරීය වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී සිය භාරයට ගත් කිලෝ පනහෙ හාල් මිටි 175 ක් කිලෝ එකක් රුපියල් 220  බැගින් පාරිභෝගික කටයුතු අධිකාරීයේ විමර්ශන නිලධාරීන්ගේ අධික්ෂනය යටතේ අලෙවි කරවීමට පියවර ගෙන ඇත.

චන්දන සමරවික්‍රම

Image


කමිඳුට අයි.සී.සී. සම්මානයක්

Published on: January 26, 2025, 03:33 PM

2024 අදාළව අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.

ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග රටා තුනෙන්ම පසුගිය වසරේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 1451ක් රැස් කර ඇති අතර, පිතිකරණය සාමාන්‍ය 50ක් පමණ අගයක් රඳවාගෙන ඇත.

Image


මිනිස්සුන්ගේ ප්‍රශ්න ජනප්‍රිය වෙන වැඩ කරලා නවත්වන්න බෑ

Published on: January 26, 2025, 02:21 PM

ජනප්‍රිය වන වැඩ කරමින් ජනතාවගේ ප්‍රශ්න නැවැත්වීමට කටයුතු කළ නොහැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

“මේ දැන් ඉන්න මිනිස්සුන්ට අපිව නතර කරන්න පුළුවන්ද? අපිව නතර කරන්න බෑ. අර නඩුව දානවා, ​මේ නඩුව දානවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න ජනප්‍රිය වෙන වැඩ කරලා නවත්වන්න බෑ.”

Image


සති දෙකක් දෙන්න මට, සහතික මිලට වැඩියෙන් එක හාල් ඇටයක් වෙළඳපොලේ නෑ

Published on: January 26, 2025, 01:13 PM

සහතික මිලට වඩා අඩුවෙන් මිස වැඩි මිලට සහන් වෙළඳපොලේ විකිණීමට ඉඩ නොතබන බවත්, ඒ සඳහා තමාට සති දෙකක කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

“ අපි දැනටමත් රුපියල් කෝටි 500ක් වෙන් කරා වී මිලදී ගන්න. මෑත ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල. ලංකා​වේ සියලු වී තොග රැස් කරන්නන්, සහල් මෝල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් සියලු දෙනා ලියාපදිංචි වෙන්න ඕනී ආණ්ඩුවේ. ආණ්ඩුවේ ලියාපදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බෑ, වී කොටන්න බෑ. තව සති දෙකක් දෙන්න මට. සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළඳපොලේ නෑ. ”

Image


ශිෂ්‍යත්ව ප්‍රථිඵල එන්න කලින් මෙලොවින් සමුගත් දරුවා ලකුණු 159ක් අරන් පාසලෙන්ම ශිෂ්‍යත්ව සමත් එකම දරු

Published on: January 26, 2025, 11:56 AM

මෙවර පැවැත්වුන පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිට ප්‍රථිපල ලැබිමට පෙර මිිට මාස එකහමාරකට පෙර අවාසනාවන්ත ලෙස  මියගොස් ඇති දරැවෙකු ලකුණු 159  ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත් වි ඇත.

බලංගොඩ වලේබොඩ, වතුකාරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි සුපුන් සදරැවන් නැමැති මෙම දරැවා බලංගොඩ වලේබොඩ  තෝරවෙලකන්ද විදුහලේ ඉගෙන ලැබු අතර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් එම පාසලේ සමත් විි ඇති එකම දරැවාද මෙම දරැවා විිම  විශේෂත්වයකි.

මෙම අනුවෙිදනිිය සිද්ධිය සමිබන්දයෙන් මව වන කේ.ඩි. කුසුමා පොඩිමැණිකේ මහත්මිය හැඩු කඳුලින් මෙසේ  පැවැසුවාය.

“මගේ දරැවා මෙිි පාර ශිෂ්‍යත්ව විභාගය ලියලා ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටියා. එයා බලංගොඩ තෝරවෙලකන්ද විදුහලේ තමයි  ඉගනගත්තේ. ශිෂ්‍යත්ව විභාගය ලියලා ඇවිත් අපි එක්ක කිිවා මට ලකුණු එකසිය හැටකට ආසන්න ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්  කියලා.

ඒ්ත් ප්‍රතිපල එන්න මාස එකහමාරකට කලින් එයාට එකපාරටම ඇති වුන රෝගයක් හේතුවෙන් එයා අපිව දාල යන්න ගියා. අද  ප්‍රතිපල බලන කොට එයට ලකුණු 159 ක් ලැබිලා තියෙනවා. පාසලෙන් මගේ දරැවා විතරයි මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලා  තියෙන්නේ. ඉතින් අපිට මෙිි ප්‍රතිපලය ගැන සතුට වෙන්න බෑ.”

රාස්සගල සමිපත් ප්‍රියනන්දන

Image


අත්ලේ සඟවාගෙන යා හැකි ගිනි අවියක් පොලිස් භාරයට

Published on: January 26, 2025, 10:47 AM

අත්ලේ සඟවාගෙන රැගෙන යා හැකි  අඟල් 4 - 1/2  ක් පමණ දිගැති ඉතාලියේ නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් කහතුඩුව මාගම්මන ඉදිකරමින් පවතින  නිවසක කුෂන් මෙට්ටයක් තුල සඟවා තිබියදී සොයා ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

එම ගිනි අවිය සමග  2 දශම 2 ජීව උණ්ඩ පහක් සහ 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම ගිනි අවියේ හිමිකරු වන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකුගේ මස්සිනා ආධාර අනුබලදීම යටතේ හෝමාගම දොලේ කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

මීට සිව් දිනකට ඉහතදී ඉතාලියේදී මිය ගිය පුද්ගලයෙකුට අයත් හෝමාගම මාගම්මන ඉඳිකරමින් පවතින නිවසක මත්ද්‍රව්‍ය චෝදනාවකට මැගසින්  බන්ධනාගාරයේ රඳවා සිටින  පුද්ගලයෙකු විසින් ගිනි අවියක් සඟවා ඇති බවත් එය ඔහුගේ මස්සිනාට රැගෙන යාම සඳහා දුරකථන ඇමතුම් මඟින් උපදෙස් ලබා දී ඇති  බවත්  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ  මොරගහහේන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්  (9294) රෝහණ නිලධාරියාට ලද තොරතුරක්  ලැබී තිබූ බව පොලිසිය කියයි

ඒ අනුව   පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්.  සි. මදුශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළකා හොරණ කඳවුරේ නිලධාරීන් සමඟ එම නිවස වටලා පුරා පැය 4 කට අසන්න කාලයක් සෝදිසියට ලක්කර  මෙට්ටිය තුළ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ ගිණි අවිය සහ ජීව උණ්ඩ සොයාගැනීමට සමත් වී ඇත

පොලිස් නිලධාරීන් එම නිවස  වැටලිමට පැය දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගත් සැකකරු. එම නිවස වෙත ගොස්  ගිනි අවිය සොයා ගැනීමට උත්සාහ දරා ඇතත් එය නිශ්ඵල වී ඇතැයි  සැකකරුගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි

මෙම ගිනි අවිය  බන්ධනාගාර ගතව සිටින පුද්ගලයාට ලද ආකාරය සහ එමගින් මනුෂ්‍ය ඝාතන සිදුකර තිබේද යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය  කහතුඩුව පොලිසිය වෙත භාරදී ඇත.

Image


බස් රථ තුනක් එකිනෙක ගැටෙයි - 29 දෙනෙකු රෝහල් ගත කෙරේ

Published on: January 26, 2025, 10:00 AM

ගාල්ල, ඉමදුව, අඟුලුගහ ප්‍රදේශයේදී අද(26දා) පෙරවරුවේ බස් රථ තුනක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පෞද්ගලික මගී බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Image


දැන් පොල් රු 240යි වැටුප රු. 50000කින් වැඩි කරන්න

Published on: January 26, 2025, 09:40 AM

දැන් හොරු හොරු කියනවානේ. හොරු ඇල්ලීමට ආසියාවේ තියෙන බලසම්පන්නම පනත අපි ගෙනල්ලා තියෙනවා. දැන් ඉක්මනට හොරු අල්ලල ඉවර කරන්න ඕන. තාම මේකට ඕන කට්ටියවත් පත්කරලා නෑ. යැයි හිටපු අමාත්‍ය වජිර අබේවර් ධන මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (25) කළේ ගාල්ල උලුවිටිකේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ  ගාල්ල, අක්මීමන සහ හබරාදූව ඒකාබද්ධ බල මණ්ඩලය රැස්වීම අමතමිනි.

“අපේ රනිල් වික්‍රමසිංහ මහතා රටට වැඩදායී අණ පනත් ගෙනත් තියෙනවා. ආර්තික පරිවර්තන පනත ගෙනත් තියෙනවා, ඒකෙන් මේ රටේ වර්තමානයේ, අනාගතයේ ආර්තිකය ගැන කියනවා. දැන්නම් මේ පනත උල්ලංගනය වෙමින් යනවා. එදා මේ පනත්වලට විරුද්ධව උසාවි ගියා. ඒ වගේම පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලක් ගැන, මතිවරණ වියදම් ගැන, මහ බැංකු පනත, මේ වගේ පනත් 92ක් ගෙනාවා. මේවා අහිතකරනම් අවලංගු කරන්න. දැන් තුනෙන් දෙකක බලයකුත් තියෙනවානෙ.

අපේ වත්තේ පොල් තියෙනවා. පොලුත් තිබුණා, රිලවුත් හිටියා, රනිලුත් හිටියා, පොල් ගෙඩිය රුපියල් 100ට තිබුණා. දැන් මේ මොහොතේ රනිල් නම් පාලකයා පොල් රුපියල් 100යි. එදා රුපියල් 100ට තියෙනකොට රනිල් මහත්තයා කිවුවා පඩිය රුපියල් 25000කින් වැඩිකරනවා කියලා, දැන් පොල් 240යි. හරිනම් මේ එන අයවැයෙන් පඩිය රුපියල් 50000ක් වැඩි කරන්න ඕන.

Image


ජනාධිපති අරමුදල පෙබරවාරි 07 දා සිට ගමට එයි

Published on: January 26, 2025, 08:29 AM

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල   ප්‍රාදේශීය ලේකම් කාර්යාල  මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ලබන 07දා ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව, කොළඹට පමණක් සීමාවී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයීය සේවා සැපයීම  දිවයින පුරා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල  341හිම ස්ථාපිත කෙරෙන උප කාර්යාල මඟින් ක්‍රියාත්මක කිරීමට  සැලසුම් කර තිබේ.

තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර එය  දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මේ අනුව පෙබරවාරි 07 වැනිදා සිට ඇරඹේ.

ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති මාර්ගගත සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙල හඳුන්වාදීම තුළින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.

මෙහිදී ඕනෑම කෙනෙකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් භාර දිය හැකිය.

රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීම සිදු කෙරිණි.

Image


වසරේ විස්සයි 20 කණ්ඩායමට වනිඳු හසරංග නම් වෙයි

Published on: January 26, 2025, 07:13 AM

2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ විස්සයි20 කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග නම් කර තිබේ.

ඔහු හැරෙන්නට වෙනත් ශ්‍රි ලාංකික ක්‍රිඩකයෙක් මෙම කණ්ඩායමට නම් කර නොමැත. කණඩායමේ නායකත්වයට ඉන්දීය නායක රෝහිත් ෂර්මා නම් කර තිබේ.

වනිදු හසරංග ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිම්හි 3 වැනි ස්ථානයේත් තුන් ඉරියව් ක්‍රිඩක ශ්‍රේණිගත කිරිම්හි හයවැනි ස්ථානයේත් රැදී සිටියි.

ඔහු 2024 තරග 20කදි ලකුණු 179ක් හා කඩුලු 38ක් දවා ගැනිමට සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ වසරේ විස්සයි20 කණ්ඩායම

රෝහිත් ශර්මා (නායක), ට්‍රැවිස් හෙඩ්, පිල් සෝලට්, බාබර් අසාම්, නිකලොස් පූරන්, සිකන්දර් රාසා, හර්දික් පාණ්ඩ්‍යා, රිෂාඩ් ඛාන්, වනිඳු හසරංග, ජස්ප්‍රිට් බුම්රා, අර්ශදිප් සිං

Image


යෝෂිත ලබන 27දා තෙක් රිමාන්ඩ්

Published on: January 25, 2025, 07:21 PM

මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පෙරවරුවේදි තංගල්ලේදි අත්අඩංගුවට ගැණින.

Image


වසංගත රෝග පාලනය සහ වැළැක්වීම ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

Published on: January 25, 2025, 06:51 PM

මෙරට සෞඛ්‍ය සේවාවේ වසංගත රෝග පාලනය සහ වැළැක්වීම සදහා පුමඛ කාර්යභාරයක් සිදු කරන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ස්ථාපිතව ඇති වසංගත රෝග විද්‍යා අංශයේ සේවා කටයුතු ශක්තිමත් කරමින් ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට මෙන් ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

1959 වර්ෂයේ සිට වසර ගණනාවක් පුරාවට මෙම ඒකකය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයින් විසින් මෙහෙයවනු ලබන අතර, අද වනවිට මෙම ආයතනය ශ්‍රී ලංකාවේ බෝවන රෝග, වසංගත රෝග පාලනය, රෝග ආවේක්ෂණය, පර්යේෂණ හා තාක්ෂණික පුහුණුව ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ලබයි. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන කාර්යයක් වන අතර, එය ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉතාමත් සාර්ථක සහ ඵලදායී මහජන සෞඛ්‍ය වැඩසටහනකි.

ඒ අනුව පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වසංගත රෝග විද්‍යා අංශයේ ක්‍රියාත්මක එක් එක් අංශ වෙත ගොස් එම අංශයන් හි වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බැලීමට කටයුතු කරන ලද අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඇතුළු ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සම  ග එ්කකයේ ඉදිරි වැඩකටයුතු සැළසුම් කිරීමට අදාළ පුළුල් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවා‌වේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඉටු කරන බවයි. එය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට ලක්විය යුතු විශාල සේවාවක් බව ද ඒ මහතා පැවසීය. ඉදිරියටත් ශක්තිමත් හා විධිමත්  සේවාවක් ලෙස එම කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පියවර ගන්නා බවත්, හදුනා ගත් ගැටළු සදහා කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබීය.

‌රෝග ආවේක්ෂණ කටයුතුවලට අමතරව සියලු එන්නත්කරණ වැඩසටහන් යාවත්කාලීන කිරීම,  වසංගත පාලන පුහුණු වැඩසටහන් ආදී කටයුතු පිළිබදව අමාත්‍යවරයා මෙහි දී පුළුල් විමර්ශණයක නිරත විය. එමෙන් ම ශ්‍රී ලංකාවේ වසංගත රෝගවල වර්තමාන තත්ත්වය තක්සේරු කිරීමත්, වැඩි අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමත් අත්‍යාවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ හා ක්ෂේත්‍ර නිරීක්ෂණවල වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා වසංගත රෝග නිවාරණ ක්ෂේත්‍රයේ භාවිතා වන නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳව ගැඹුරු දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම සහ නවීන තාක්ෂණයත් සමග ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යාම පිළිබඳ ව ද අමාත්‍යවරයා මෙහි දී වැඩි අවධානයක් යොමු කරන ලදි.

වසර තිහකට ආසන්න සිවිල් යුද්ධය, COVID-19 වසංගතය වැනි තත්ත්වයන් තුළ ප්‍රතිශක්තිකරණ සහ ආවේක්ෂණ ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යාමටත්, රෝග තුරන් කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමටත් වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කළ ආකාරයත්, වසූරිය සහ පෝලියෝ රෝගය තුරන් කිරීම මෙන් ම සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම රෝගය රට තුළින් තුරන් කිරීම ආදී වශයෙන් මෙම අංශය විසින් ලබාගනු ලැබූ විශේෂිත ජයග්‍රහණ පිළිබඳවත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල වත්මන් තත්ත්වයන් පිළිබදවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහි දී කටයුතු කරනු ලැබීය.

ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම අරමුණු කරගෙන රෝග කාරක කලින් හඳුනාගැනීම පාලනය හා වැළැක්වීම සදහා පිහිටුවීමට අපේක්ෂිත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මුලික සැලසුම් පිළිබඳව ද   (Centre for Disease Control and Prevention) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


යෝෂිත අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Published on: January 25, 2025, 03:01 PM

යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් මිලියන 34ක මුදලක් වැය කර රත්මලාන ප්‍ර දේශයේ නිවසක් හා ඉඩමක් මිලදි ගැනිමේ සිදුවිමකට අදාළව කරන ලද විමර්ශනවලවට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

මෙම මිලදි ගැනිමට මුදල් ලැබුණ ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනවලට අදාළ උදෘත ගොනු නිතිපතිවරයා වෙත යොමු කිරිමෙන් පසු එම නඩුවේ සැකකරුවෙක් ලෙස යෝෂිත රාජපක්ෂ මහතා නම් කිරිමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට අනාවරණය විමෙන් පසු නිතිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනිම සිදු කළ බව පොලීසිය නිවේදනය කරයි.

Image


යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

Published on: January 25, 2025, 11:37 AM

හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේනතුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරදි සිදුකර තිබිම හේතුවෙන් බෙලිඅත්ත ප්‍ර දේශයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් තතිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු සම්බන්ධධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

Image


අද වහින පැති මෙන්න

Published on: January 25, 2025, 10:01 AM

ඌව හා දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එසේම උතුරු හා උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

දිවසයිනේ සෙසු ප්‍ර දේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්  ඌව, බස්නාහිර, සබරගමුව ස දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දන්වයි.

Image


රාත්‍රි සාද ශබ්දවාහිනි යන්ත්‍ර භාවිත වේලාව සංශෝධනයට

Published on: January 25, 2025, 08:43 AM

රාත්‍රි සාද පැවැත්විමේදි රාත්‍රි 10 තෙක් පමණක් ශබ්දවාහිනි යන්ත්‍ර භාවිතයට දි තිබෙන කාලසිමාවේ සංශෝධනයක් කිරිමට  බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසිය.

ගාල්ල ප්‍ර දේශයේ හෝටලයක පැවැති රාත්‍රි සාදයකදි රාත්‍රි 10න් පසු ශබ්දවාහිනි යන්ත්‍ර භාවිතයට පොලිසිය අවසර නොදිමෙන් ඇතිවූ ගැටලු කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.

මෙය ශ්‍රේෂ්ඨාධිකරණය මිට වසර ගණනාවකට පෙර ලබාදි තිබූ තින්දුවක් බවත් එම තින්දුව සංශෝධනය කර ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කිවේය.


අස්වැසුම හා සමෘද්ධි පවුල්වල දරුවන්ට ජපාන රැකියා

Published on: January 24, 2025, 08:00 PM

රටක් විදිහට අපි හොඳ ශක්තිමත් ආර්ථිකක් සහිත රටක් වුනා සහනාධාර ලබන තත්ත්වයට පත්වෙන්නේ නැති බවත්, කවුරුත් කැමතිම තමන් ඉපදිච්ච මවු රටේ ස්වශක්තියෙන් නැගී සිටින්න බවත්, නමුත් අවාසනාවකට රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට අද දින (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එක්වෙමිනි.

“මෙම අලුත් අවස්ථාවක් මෙතෙක් කල් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මෙවැනි අවස්ථාව ලබා දුන්නේ මේ විශේෂ කාණ්ඩයට නොවේ. අද සමෘද්ධි සහනාධාර ලබාදුන් ඒ වගේ ම අස්වැසුම ලබන පවුල්වල දුවා දරුවන්ට විදේශ රැකියා සදහා විශේෂ අවස්තාවක් සපයලා තිබෙනවා. අපේ අමාත්‍යාංශයත් සමාජ සවිබලය ගැනිවීමේ අමාත්‍යාංශයත් ඒකාබද්ධව තමයි මෙම වැඩසටහන ආරම්භ කරන්න. ඔබලා සමෘද්ධි හෝ අස්වැසුම ලබන පවුල් වල දූ දරුවෝ. ඇයි අපි සහනාධාර ලබන්න තත්ත්වයට පත්වුනේ ? රටක් විදිහට අපි හොඳ ශක්තියමත් ආර්ථිකක් සහිත රටක් වුනා නම් ඔබට ඒ තත්ත්වයට පත්වෙන්නේ නෑ. කවුරුත් කැමතිම තමන් ඉපදිච්ච මවු  රටේ ස්වශක්ති යෙන් නැගී සිටින්න.

නමුත් අවාසනාවකට අපේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අපි බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කරා. එහි ප්‍රථිපලයක් ලෙස තමයි සමෘද්ධි හා අස්වැසුම ලබන පවුල් විශේෂයෙන් මේ අවස්තාවට සහභාගීවන වෙන්නේ. රටක් දියුණු කරන්නනම් නිෂ්පාදනය මත නම් වූ ආර්ථිකයක අපි යන්න ඕනි. භාණ්ඩ හා සේවා මත  නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික දැක්මක් සහිත රටක් ගෙනියනවා නම් අපිට කාගේවත් සහනාධාර අවශ්‍ය වෙන්නේ නෑ. තමන්ගේ ශක්තියෙන් නැගිටලා තමන්ගේ දෙපයින් නැගිටලා ආදයම හොයා ගන්න පුලුවන්. අපේ බලාපොරොත්තු ඉලක්කේ තියෙන්නේ ඒක සහනාධාර ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න නොවේ. නමුත් ඔබ කවුරුත් දන්නවා.

අද අපි ආර්ථික වශෙයෙන් වැටිච්ච රටක් ඒ නිසා අපිට සිද්ධවෙලා තියෙනවා. මේ යම් කිසි මට්ටමකට ගොඩ එනකම් ඒ අන්තර්කාලය සදහා යම් යම් ක්‍රියාමාර්ග ගන්න. එන්න එවැනි ක්‍රියාමාර්ගයක් තමයි මේ තියෙන්නේ. රට ආර්ථික වශයෙන් දිගු කාලීනව සංවර්ධනය කරන්න. කෙට් කාලීන, මාධ්‍යකාලීන්, දීර්ඝ කාලීන දැක්මක් සහිත වැඩපිළිවෙලක් අවශයයි. එවැනි වැඩපිළිවෙලක ආරම්භය තමයි අපි මේ ඉන්නේ. හැබැයි ඒ අන්තර් කාලය සදහා අපිට මේ ආර්ථිකය කළමනාකරණය  කරගන්න යම් ක්‍රියාමාර්ග අවශ්‍ය වෙලා තිබෙනවා.

විදේශ විනිමය රටට ලබාගන්න පුලුවන් ප්‍රධාන ක්ෂෙත්‍ර දෙක තමයි විදේශ රැකියා හරහා සහ සංචාරක කර්මාන්ත  හරහා. කෙටි කාලීනව මේ ක්ශේත්‍රය දෙක නගාසිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. දිගු කාලීනව මං අර මුලින් සඳහන් කරපු ඒ සැලැස්මට යන්න ඕනි. නමුත් ඒ අන්තර් කාලය ගොඩනංවා ගන්න අද ලෝකය පුරා වැඩකරන ශ්‍රි ලාංකිකයෝ මිලියන තුනහමාරක් විතර ඉන්නවා. විවිධ ක්ශේත්‍රවල වැඩ කරනවා. වෘත්තිකයන් විවිධ මට්ටමි වල රැකියාවල නියුක්ත වෙනවා ඒ වගේම  අපිට හැමදාම විදේශ විනිමය එවනවා .අවුරුද්දකට ඩොලර් මිලියන 6500 ක් පමණ එවනවා.

මේ වන විට සංචාරක ක්ශේත්‍රයෙත් විදේශ විනිමය උපයන ප්‍රමාණය වැඩිවෙමින් තිබෙනවා.මේක රටක් විදිහට මේ තියන අර්බුදයෙන් ගොඩ ඒම සදහා ලොකු අත්වැලක් .ඔබ ජපානයට ගිහිල්ලා ජපානය තුළ අලුත් රැකියාවලට සම්බන්ධ වෙලා .විශේෂයෙන් ම දියුණු ජපානයේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ආර්ථිකත් එක්ක සම්බන්ධතා වෙච්ච රැකියාවලට යොමු වෙලා ඔබේ අනාගතය දියුණු කරගන්න ඒ වගේම  රටේ අනාගතය දියුණු කරන්නත් මැදිහත් වෙන්න .ඒක ඔබේ පවුලේ, පුද්ගලික ජීවතයට වගේම රටේ දියුණුවටත් ඉවහල් වෙයි.

මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපි තවදුරටත් මේ සහනාධාර දෙන තත්ත්වයේම තියාගන්න නෙවෙයි .ඔබේ අම්මා තාත්තාට සමෘද්ධිය අස්වැසුම ලැබෙන තත්ත්වයට පත්වුනේ අර තිබුණු ආර්ථික බංකොලොත්කම නිසා.ඔබ ඒ තත්ත්වයෙන් ඔබේ පවුල මුදවා ගත යුතුයි.ඔබ ස්වාධීනව රටේ ආර්ථිකය දියුණු කරන්න යම් කිසි ව්‍යසායකත්ව වැඩසටහනකට සම්බන්ධ වෙන්න.එහෙම වුනොත් තමයි ඔබේ ආර්ථිකය සංව­ර්ධ­න­ය වෙන්නේ අද අපි මේ ලබාදෙන අවස්තාව ඔබේ ජීවිතයේ වටිනාම අවස්තාවයි.ඔබ ජපානයට ගිහින් ඔබේ ජීවිතය සාර්ථක කරගත්තොත් රටේ ආර්ථිකත් සාර්ථක වෙන්නේ.අපි මේ සිදුකරන වැඩෙත් සාර්ථක වෙන්නේ

Image


කෝපා සභාපතිධුරය මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාට

Published on: January 24, 2025, 06:52 PM

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අභිනව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (24) පත්විය. දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) අභිනවයෙන් රැස්වූ අවස්ථාවේදී ඒ මහතා මෙසේ පත්කිරීම සිදු කෙරිණි.

සභාපතිධුරය සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ නම  ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  චන්දන සූරියආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනාකර ස්ථිර කරන ලදී.

කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රට දැවැන්ත මූල්‍ය අර්බුදයෙන් නිවැරදි දිශානතිය වෙත රැගෙන යාමේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු දෙනාගේම කැපවීම අපේක්ෂා කරන බවයි. එසේම කාරක සභාවේ ඉදිරි කටයුතු ඉතා අපක්ෂපාතීව සහ ස්වාධීනව ඉටුකිරීමට අපේක්ෂා කරන බවත් නොබියව නිවැරදි තීන්දු තීරණ ගෙන ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට කිසිසේත්ම පසුබට නොවන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

Image


පහ සමත් ඇය අංක 1යි

Published on: January 24, 2025, 03:30 PM

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත ලංකා ප්‍රථම  ස්ථානයක්, කළුතර දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත්  ලබා ගැනීමට  හොරණ රාජකීය  ජාතික පාසලේ රණතුංග ලියනගේ  බිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව  ලකුණු 188 ක්  ලබමින් සමත් වී  ඇත.

හොරණ  මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙක් වන  දිළුම් මදුරංග මහතාය. ඇගේ මව  සජානා නේපාලි  මහත්මියයි.

හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන  කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල්  අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මේ සඳහා ලබා දී ඇත.

එසේම ඇය අනුර අල්විස් සහ සුරාජ් මධුරප්පෙරුම යන ගුරුබවතුන්ගෙන්ද උපකාරක පන්ති අධ්‍යාපනය ලබා ඇත.( IJ)

මංගල එදිරිසිංහ

Image


සති අන්තයේ කාලගුණය කුමක් වෙයිද?

Published on: January 24, 2025, 03:04 PM

ඌව සහ දකුණු පලාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට හෝ  ගිගුරුම් සහිත වැසි අතිවන බව කාළගුණ විද්‍යා මධ්‍යස්ථානය දන්වා සිටියි. උතුරු හා උතුරු -මැද පලාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව තවදුරටත් ප්‍රකාශකොට සිටියි.

ඒ් අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දැනුම් දී ඇත.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

Image


අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කර සිටි සැරයන්ගේ රාජකාරි තහනම්

Published on: January 24, 2025, 01:11 PM

අධික ලෙස මත්පැන් පානය කර පානදුර උතුර පොලිස් වසමේ කෙසෙල්වත්ත  ගරාජයක කාමරයක ඇඳක් මත පොලිස් නිල ඇඳුමින්  පිරිසක්   සමග    නිදාගෙන සිටියදී ස්ථාන මාරු කරන ලද පොලිස් සැරයන්වරුන් දෙදෙනාගෙන් අයකුගේ රාජකාරී වැඩ ඊයේ 23 දින සිට තහනමට ලක් කළ බව පානදුර කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රාජකාරී සඳහා පිටත්ව ගිය සැරයන්වරු දෙදෙනා අධික ලෙස බීමත්ව සිටින බවට ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව එම ස්ථානයට යාමේදී එක් පොලිස් සැරයන්වරයෙකු  සපත්තු යුගලද නොමැතිව  වෙරි මතින් තවත් තිදෙනකු සමග ඇඳක් මත නින්ද ගොස් තිබුණි.

අනතුරුව ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එලෙස ඇඳෙයි  නින්ද ගොස් සිටි සැරයන්වරයකු පොලිස් නිලධාරින් දෙදෙනකු විසින් කුඩා දරුවකු රැගෙන එන ආකාරයෙන් උස්සා ගෙන පැමිණ පොලිස් ජීප් රථය ට දමාගෙන  පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණ.

මීට මාසයකට පමණ ඉහතදී මෙම සිද්ධිය වී තිබූ අතර ස්ථානාධිපතිවරයා විසින් එම දිනවල ඒ සම්බන්ධයෙන් උසස් නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව  පානදුර උතුර පොලිසියේ රථ වාහන අංශයට අනුයුක්තව සිටි සැරයන්වරු දෙදෙනා පානදුර පින්වත්ත සහ බණ්ඩාරගම පොලිසි වලට  මාරු කරනු ලැබීය.

පින්වත්ත පොලිසියට මාරු කරන ලද සැරයන් වරයා  විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව එම නිලධාරියාව පෙරේදා (22) පානදුර මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රසාන් විජේතුංග මහතා වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඔහු Benzodiazepines (Bzo) නැමති මධ්‍යයි මේ භාවිතා කර ඇති බවට තහවුරුකර වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව සැරයන්වරයාගේ  රාජකාරී වැඩ ඊයේ (23) සිත ක්‍රියාත්මක වන පරිදි  තහනම් කරනු ලැබූ බව උසස් පොලිස්  නිලධාරියා  වැඩිදුරටත් පැවසීය.

අධික ලෙස  ඇඳෙයි නින්ද ගොස් සිටි සැරයන්වරයා ව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කුඩා දරුවෙකු රැගෙන එන ආකාරයෙන් ජීප් රථය වෙත රැගෙන එන අයුරු වීඩියෝ දර්ශනයක් මීට දින කීපයකට ඉහතදී සමාජ මාධ්‍යවල සංසරණය වන්නට ද විය.

Image


මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

Published on: January 24, 2025, 12:10 PM

පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව ගනු ලැබූ තීරණයකට අනුව මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගාස්තුව රුපියල් 450ක සිට රුපියල් 2,000ක් දක්වා ඉහළ දමා තිබේ.

ඊයේ (23දා) රැස්වූ පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම සංශෝධනයත් සමග මන්ත්‍රීවරයෙකුගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 600ක්, දිවා ආහාරය සඳහා රුපියල් 1,300ක් සහ සවස තේ සඳහා රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබේ.

මිල සංශෝධනය පෙර උදෑසන ආහාරය සඳහා රුපියල් 100ක්, දිවා ආහාරය සඳහා රුපියල් 300ක් සහ සවස තේ සඳහා රුපියල් 50ක් වැය විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආපන ශාලාවේ අමුත්තෙකුට සංග්‍රහ කිරීම සඳහා අමතරව අය කරනු ලබන රුපියල් 275ක මුදල එම ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට මෙහිදී තීරණය කර තිබේ.

Image


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයා ලකුණු 188

Published on: January 24, 2025, 10:55 AM

2024 වසරට අදාළව පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ දරුවෙක්  ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියයි. මිට අමතරව ලකුණු 187 හා 186 යන ප්‍රමාණයන් ලබාගත් දරුවන්ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය. සිසු සිසුවියන් 17 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන ඇති බවද ඔහු පැවැසිය.

Image


Fitch Ratings, ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණිය ඉහළ දමයි

Published on: January 24, 2025, 10:29 AM

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) විසින් ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය මෑතකදී නැවත ක්‍රමාංකනය කිරීමෙන් අනතුරුව, මෙරට බැංකු 10ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

ඒ පසුගිය දෙසැම්බර් 20දා ෆිච් විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන දේශීය-මුදල් නිකුත් කරන්නන්ගේ පෙරනිමි ශ්‍රේණිගත කිරීම (IDR) “CCC-“ සිට “CCC+” දක්වා ඉහළ නැංවීමෙන් පසුව නවතම යාවත්කාලීන කිරීම සිදු කරමිනි.

ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීමේ පරිමාණය නැවත ක්‍රමාංකනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අදාළ බැංකුවල ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමට ෆිච් කටයුතු කර ඇති අතර, තවත් බැංකු 5ක ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම්ද සහතික කිරීමට කටයුතු කර තිබේ.

මෙම ජාතික පරිමාණ ශ්‍රේණිගත කිරීම් යනු දේශීය ආයෝජකයන්ට අවදානම වෙන්කර හඳුනා ගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත අවදානම් ශ්‍රේණිගත කිරීමක් වන අතර, බැංකුවල ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී රටේ අනෙකුත් නිකුත් කරන්නන්ට සාපේක්ෂව ඔවුන්ගේ ණය සුදුසුකම් සලකා බැලීමක් සිදු කරයි.

ඒ අනුව, ලංකා බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වාත්, මහජන බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වාත්, කොමර්ෂල් බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වාත්, හැටන් නැෂනල් බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වාත්, සම්පත් බැංකුව ‘A(lka)’ සිට ‘AA-(lka)’ දක්වාත්, සෙලාන් බැංකුව ‘A-(lka)’ සිට ‘A+(lka)’ දක්වාත්, DFCC බැංකුව ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වාත්, ජාතික සංවර්ධන බැංකුව ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වාත්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ‘A-(lka)’ සිට ‘A(lka)’ දක්වාත්, පෑන් ඒෂියා බැංකුව ‘BBB-(lka)’ සිට ‘BBB(lka)’ දක්වාත් ෆිච් ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවා තිබේ.

එමෙන්ම, සහතික කළ ශ්‍රේණිගත කිරීම් සහිත බැංකු ලෙස, අමානා බැංකුව, යුනියන් බැංකුව, සණස සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව සහ කාගිල්ස් බැංකුව දක්වා තිබේ.

Image


වී කිලෝවක මිළ පහළට

Published on: January 24, 2025, 09:36 AM

වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබුණත් වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බවත්, මේ නිසා වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවත් ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

සහතික මිලක් නියම නොකිරීමට අමතරව රජය විසින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියත් තවමත් ආරම්භ කර නොමැති බවත්, මේ නිසා කඩිනමින් වී සඳහා සහතික මිලක් නියම කළ යුතු බවද එම සංවිධානයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා මහතා සඳහන් කළේය.

ත්‍රිකුණාමලේ ප්‍රදේශයේ අස්වැන්න මේ වන විට වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, මේ අනුව රතු කැකුළු වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මුදලකටත්, අනෙකුත් වී වර්ග රුපියල් 110 ත් සහ 115ත් අතර ඉතාම පහළ මිලකට මිලදී ගනිමින් තිබෙන බවද පැවසීය.

මේ වන විට සහල් මිල ජනතාවට දරාගත නොහැකි මිලකට ඉහළ ගොස් තිබෙන  බවත්, එසේ තිබියදී ගොවියාගේ අස්වැන්න අඩු මුදලට මිලදී ගනිමින් තිබෙන බවද සඳහන් කළේය.

Image


බීජ අර්තාපල් නිෂ්පාදනයට වැය කළ මුදල් වතුරේ

Published on: January 24, 2025, 08:38 AM

පිදුරුතලාගල පිහිටි රජයේ බීජ අර්තාපල් ගොවිපළේ පසුගිය මහකන්න 03ක් තුළදී රුපියල් දෙකෝටි හැට හය ලක්ෂ පනස් නවදහස් හත්සිය අසූ පහක(26,659,785) මුදලක් වැය කර බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් 247,500 ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද නිෂ්පාදනය කර ඇත්තේ බීජ අර්තාපල් කිලෝග්‍රෑම් 97,638 ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් පෙරේදා (22 දා) නිකුත් කරන ලද විගණන වාර්තාවකින් අනාවරණය වෙයි.

එය අපේක්ෂිත බීජ අර්තාපල් නිෂ්පාදනයෙන් 39% ක් තරම් ඉතා අඩු මට්ටමක පැවැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  අදාළ ඉල්ලකගත බීජ නිෂ්පාදනය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා විගණනයට සඳහන් කර ඇත්තේ විවිධ හේතු මත ඇස්තමේන්තු ගත අස්වැන්න (වර්ෂාව සහ අධික සෝදාපාලුව) අඩු වන බවත් 100%කින් ප්‍රායෝගික නොවන බවත්ය.

චන්දන සමරවික්‍රම

Image


ඇමති හා නියෝජ්‍ය ඇමති වාහන, ඉන්ධන දීමනා හා කාර්ය මණ්ඩල පහසුකම් සීමා පනවයි

Published on: January 24, 2025, 07:25 AM

වර්තමාන ආණ්ඩුවේ  අමාත්‍යවරයෙකුගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට නිල වාහන දෙක බැගින් භාවිත කළ හැකි බවත් ඒ වෙනුවෙන්  එක් මාසයක් සඳහා උපරිම ඉන්ධන ලීටර් 900ක් සඳහා ප්‍රතිපාදන සපයන බව ජනාධිපති ලේකම් විසින් නිකුත් කළ උපදෙස් මලාවේ සඳහන් වේ.

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරිම සඳහා පහසුකම් සැලසීමට අදාළ උපදෙස් මලාවේ අමාත්‍යාංශ උපදේශකවරුන් පත් කර ගැනීම,  වාහන හා ඉන්ධන, දුරකතන,  කාර්ය මණ්ඩල පත් කිරීම ඇතුළුව ලබා දෙන පහසුකම් පිළිබඳව එහි සඳහන් කර තිබේ.

මේ අනුව  අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා වෙන්කරගත හැකි  උපරිම වාහන සංඛ්‍යාව දෙකක් ලෙස සඳහන් වේ.

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා රාජ්‍ය සංස්ථාවක, ව්‍යවස්ථාපිත ආයතනයක හෝ රාජ්‍ය සමාගමක වාහන යොදා ගන්නේ නම් හෝ බාහිරින් කුලී පදනමින්  වාහන ලබා ගන්නේ නම්  ඒ සම්බන්ධ වගකීම අමාත්‍යංශ ලේකම්වරයා විසින් දැරිය යුතු බවත්,  කුලී පදනමින්  වාහන ලබා ගැනීමේදී  එම වියදම් අනුමත ප්‍රතිපාදන සීමාවල පවතින බවට ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වගබලාගත යුතු  බවත් සඳහන් කර තිබේ.

අමාත්‍යවරයෙකුට කාර්ය මණ්ඩල සමාජිකයන් 15 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට කර්යමණ්ඩල සමාජිකයන් 12 දෙනෙකු යොදා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

අමාත්‍යාංශ සඳහා පූර්ණකාලීන සුදුසුකම් සහිත උපදේශකවරුන් පත් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.  කිසියම් අමාත්‍යාංශයක විෂය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන අවස්ථාවලදී එකී එක් එක් විෂය ක්ෂේත්‍රයන් සඳහා බඳවාගත හැකි අතර, එහි උපරිම සංඛ්‍යාව දෙදෙනෙකු නොඉක්මවිය යුතුය. උපදේශකවරුන් පත් කර ගැනීමේ බලය විෂය භාර අමාත්‍යවරයා සතුවන අතර එම පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සටහනක් මගින් දැනුවත් කළ යුතු බවද සඳහන් කර ඇත.එමෙන්ම ඔවුන් සඳහා වැටුප් හා දීමනා හා ප්‍රවාහන පහසුකම් රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 03/2016 හා චක්‍ර ලේඛ 22/99 හි SL3 තනතුරුවල සීමාවන් ඉක්මවා නොවිය යුතුවේ.

අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වෙත කාර්යාලයට දුරකථන දෙකක්, නිවාසයට එකක්, ජංගම දුරකතන එකක් හා කාර්යාල ෆැක්ස් එකක් අයත්වන අතර කාර්යාල හා  නිවාස දුරකතන මාසික දීමනාව රුපියල් විසිදහසක් වේ.  ජංගම දුරකතනය සඳහා රුපියල් දසදහසක් හිමිවේ.

කාර්ය මණ්ඩලවල දුරකතන දීමනා සැලකීමේදී පෞද්ගලික ලේකම්ට රු.6000ක මාසික දීමනාවක් හා  සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරීන්ට රු.5000 බැගින් දීමනා හිමිය.

මාධ්‍ය ලේකම්ට හා පෞද්ගලික ලේකම්ට කාර්යාල දුරකතනයක්, ජංගම දුරකතනයක් හා කාර්යාල ෆැක්ස් එකක් හිමි වන අතර සම්බන්ධීකරණ ලේකම් හා  මහජන සම්බන්ධතා නිලධාරි සඳහා කාර්යාල දුරකතනයක් හා ජංගම දුරකතයක් හිමි වේ.

අමාත්‍යවරයෙකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනා බැගින්  පත් කරගත හැකිවේ.  පෞද්ගලික ලේකම්වරයෙක්,  මාධ්‍ය ලේකම්වරයෙක්,  මහජන සම්බන්ධතා  නිලධාරිවරයෙක්, කාර්යාල කාර්ය සහායකවරුන් දෙදෙනෙකු  හා රියදුරන් දෙදෙනෙකු බැගින් පත් කර ගත ගැනීමටද හැකිවේ.

පුද්ගලික සහකාරවරයෙකු පත් කර ගැනීම සඳහා අමාත්‍යවරයාට පමණක් අවස්ථාව ලබාදී තිබෙන අතර  කළමනාකරණ සහකාරවරුන් පත් කර ගැනීමේදී අමාත්‍යවරයාට 05 දෙනෙකු පත් කර ගත හැකි වේ. නියෝජ්‍ය අමාත්‍යවරයාට පත් කර ගත හැක්කේ පුද්ගලික සහකාරවරුන් තිදෙනෙකු පමණි.

Image


ආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් වෙන්නේ නෑ

Published on: January 23, 2025, 10:05 PM

ආණ්ඩු හා නිලධාරීන් වෙනස් වුවත් රටේ නීතිය වෙනස් නොවන බව පෙන්වා දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා සැකකරුවන් අල්ලන්නේ නැතුව වසර 10 ක කාලයක් ගතවනතුරු කළේ කුමක්දැයි රහස් පොලිසියෙන් අද (23) ප්‍රශ්න කළේය.

රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වසර 10කට පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය  අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හැරීමට නියම කරමින් එලෙස ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා වසර 10ක කාලයක් ගතවනතුරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර දැන් ඇවිත් සැකකරුවන් නම් නොකිරීමට හේතු ලෙස ඉදිරිපත් කරන තර්කවල හරය කුමක්දැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

රුපියල් ලක්‍ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු බැගින් වන ශරීර ඇප මත සැකකරුවන් සිව්දෙනා මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා  අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් ඇප කොන්දේසියක් පැනවීය.

මසකට වරක් රහස් පොලිසයේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට බාරදෙන ලෙසද නියම කළේය.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ ඔහුගේ බිරිඳ වන වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන එස්. අමරසේකර හා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ අනුර සෙනවිරත්න නමැත්තන්ය.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් පෙරේදා රාත්‍රී මෙම සැකකරුවන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගත් අතර පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේතුංග මහතා සිද්ධියට සම්බන්ධ කරුණු දක්වමින් 2014 වසරේදී ගංවතුරින් අවතැන් වූ බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46,110/-ක මුදලක් ලබාගෙන, එම මුදලින් ගත් බව කියන වියලි ආහාර ද්‍රව්‍ය ගංවතුර ආධාර සඳහා ලබා නොදී එම මුදල් 2015 ජනාධිපතිවරණ සමයේ වියළි ආහාර මලු බෙදා දීමට යොදා ගෙන ඇතැයි කීය.

මාලගේ රංජිත් පෙරේරා මහතා 2015 මැයි මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් 2014 වසරේදී ගංවතුරින් අවතැන් වූ පන්නල, බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් 2500/- බැගින් වටිනා ආහාර මථ 2500ක් ලබාදීමට බව කියමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් රුපියල් 61,46,110/-මුදලක් ලබාගෙන ඇති බවත් එම මුදලින් ගත් ආහාර මථ 2500 සැකකාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ පන්නල ඉරියගොල්ල මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගෙන ගොස් ඇති බවත් කී පොලිස් පරීක්ෂක විජේතුංග මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ  බවත් දැනුම් දුන්නේය.

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ 2015 ජනාධිපතිවරණය ආසන්න සමයේ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කර ඇතැයිද ඒ සමයේ ඇය ඛණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට ලිපියක් යවමින් ගංවතුරින් විපතට පත්වුවන්ට සහන සැලසීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නැයි ඉල්ලමින් ලිපියක් යවා ඇතැයිද දැනුම් දුන් විජේතුංග මහතා සැකකාර අනුර සෙනෙවිරත්න නමැත්තා පන්නල ස.තො.ස. කාර්යාලයෙන් බිල්පත් හතරක් මගින් අදාළ භාන්ඩ මිලදීගෙන ඇතැයිද දැනුම් දුන්නේය.

එලෙස මිලදීගත් භාණ්ඩ සඳහා නැවතත් වච්චර් පත් හතරක් ඛණිජ තෙල් සංස්ථාවට ඉදිරිපත් කර සංස්ථාවෙන් යළි ප්‍රතිපාදන වෙන් කරගෙන ඇතැයිද මුල් බිල්පත් සඳහා අත්සන් කර භාන්ඩ ලබාගෙන ඇත්තේ හතරවැනි සැකකාර අනුර සෙනෙවිරත්න නමැත්තා යැයිද කී විජේතුංග මහතා මේ සම්බන්ධයෙන් කළ විමර්ශන ගොනුව 2015 ඔක්තෝම්බර් 26 වැනිදා නීතිපතිවරයාට යවා කළ ඉල්ලීමකට අනුව ඒ කාලයේම නීතිපතිවරයා උපදෙස් දෙමින් සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ අධි චෝදනා ගොනු කළ හැකි වරදක් අනාවරණය වී ඇති බවට දැනුම් දී ඇතැයි කීය.

සිද්ධියට අදාළව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන්ගෙන්, ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හා ආපදා කළමණාකාරන මධ්‍යස්ථාන නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත් ඔවුන්ගේ ප්‍රකාශ අනුව රජයෙන් හැර වෙනත් කිසිදු ආයතනයකින් ගංවතුර ආධාර දී නැති බවත් කී විජේතුංග මහතා සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශශන කකරන හෙයින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි  ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙය සම්පූර්ණයෙන්ම අනීතික හා ද්වේෂ සහගත විමර්ශනයක් යැයිද විමර්ශන ආරම්භ කළ එෆ්.සී.අයි.ඩී.ය නීත්‍යානුකූල ආයතනයක් නොවන බව නොයෙක් වර ප්‍රකාශ වී ඇතැයිද කීය.

ඛනිජ තෙල් සංස්ථාවෙන් ලැබුණු චෙක්පත් මගින් ස.තො.ස. ආයතනයෙන් භාණ්ඩ ලබාගෙන ඇති බවත් ගංවතුර ආපදාවක් රටවල් තුළ තිබූ බවත්, විපතට පත් සිය`ථදෙනාට ආධාර දුන් බව සියලූ දෙනා දන්නා බවත්, සැකකරුවන් කිසිදු ආධාරයක් තමන්ගේ පරිහරණයට ගෙන නොමැති බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සැකකාර අනුර පියදර්ශන මහතා කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවත් පෙන්වා දුන්නේය.

සියලු විත්තිකරුවන් පසුගිය වසර දහය මු`ථල්ලේ ලංකාවේ පදිංචිව සිටි අය බවත් වසර 10ක් තිස්සේ නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන් තම සේවාදායකයින්ටද අගතියක් වී ඇති බවත් පෙන්වා දුන් කාලිංග ඉන්දතිස්ස මහතා විමර්ශන අවසන් කර නීතිපතිවරයාගේ උපදෙස් පවා ලබාදී තිබීම ඇතුළු කරුණු සලකා බැලීමේදී තම සේවාදායකයින්ට ඇප නොදීමට තරම් හේතූ ඉදිරිපත්වී නොමැති හෙයින් ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

දෙවැනි සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් සංස්ථාවෙන් ගත් මුදල් තමන්ගේ සාක්කුවට දමා ගැනීම සඳහා සැකකරුවන් වංක සහයෝගයෙන් කටයුතු කර නැති බවත් සැකකරුවන්ටට ඇප දීමෙන් මහජන කැලඹීමක් ඇති නොවන බවත කීය.

තම සේවාදායිකාව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනාගෙන් එක් අයෙකු බවත් කී ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා තම සේවාදායිකාවට ඇප නියම කකරන්නැයි ඉල්ලා සිටියේය.

සචිත්‍ර ගුණසේකර

Image


රාජකාරී වෙලාවේදී නිදා සිටි පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

Published on: January 23, 2025, 09:10 PM

තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැලපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටින ආකාරයේ දැක්වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බවත් මෙම සිදුවීමට අදාළ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා තම දැඩි අප්‍රසාදය පළකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.මේ වන විට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඉන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

Image


රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් තබා ගැනීමට සැලසුම්

Published on: January 23, 2025, 08:14 PM

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.

තවද දැනට අඩපනව පවතින සුළු හා මධ්‍ය  පරිමාණ සහල් කර්මාන්ත නඟා සිටුවීම රජයේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකන බවද ජයරත්න මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් සමග පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 23 වෙනිදා පැවැති සාකච්ඡාවකදී ජයරත්න මහතා එම කරුණු අනාවරණය කළේය.

මෙහිදී සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන්ට මේ සඳහා දායකත්වය ලබාදිය හැකි ආකාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක්විය.

සුළු පරිමාණ සහල් සැකසුම්කරුවන් මෙහිදී පෙන්වා දුන්නේ බොහොමයක් කුඩා සහල් සැකසුම්කරුවන් පැවති ආර්ථික දුෂ්කරතා තත්ත්වයන් මත තම ව්‍යාපාර අඩපණව තිබෙන බවත්, ඒ පිළිබඳව රජයේ අවධානය ලක්කර මෙවර රජය ඉදිරිපත් කොට ඇති වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා තමන් උපරිම ලෙස දායකත්වය ලබාදෙන බවය.මෙම අවස්ථාවට සමුපකාර අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. මදනායක, ආහාර කොමසාරිස් උපුල් අල්විස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් ජේ.රලි යුදින්, සතොස සභාපති කෝසල විල්බව, උතුරු මැද ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ලලිත් තිස්ස කුමාර මහතා ඇතුළුව සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගම්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මනම්පිටිය නිමල් ජයරත්න

Image


හන්තාන වතු යායේ වතු අධිකාරී හා සහකාර වතු අධිකාරී අල්ලයි

Published on: January 23, 2025, 07:29 PM

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයට අයත් කොටසේ ගස් 90ක් නීති විරෝධීව කපා ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වතුයායේ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයා මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පදිංචිකරුවකු සහ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය කියයි.

හන්තාන වතු යායේ අධි සංවේදී පරිසර කලාපයේ ඇති වැටුණු ගස් සහ මැරුණු ගස් ඉවත් කිරීමේ ටෙන්ඩරයක් ලබාගෙන පසුගිය වසරේ ඔක්තෝම්බර් සහ දෙසැම්බර් කාලය අතරතුර මෙම මහා පරිසර විනාශය සිදුකොට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම නීති විරෝධී පරිසර විනාශය අනාවරණය වීමත් සමග ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් අදාළ වතු අධිකාරිවරයා සහ සහකාර වතු අධිකාරිවරයාගේ වැඩ තහනම් කොට තිබූ අතර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නීති අංශය මගින් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කොට තිබුණි.

ඒ අනුව පරිසර අධිකාරිය ඇතුළු ඊට අදාළ අනෙකුත් සියලු රජයේ ආයතනවල වාර්තා කැඳවා සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම වතුයායේ තිබූ ඉතා වටිනා සපු, ටූනා, ඇල්බීසියා හා සබුක්කු ගස් 90ක් පමණ කපා ඉවත් කොට ඇති බවට එම විමර්ශනයේදී අනාවරණය වී තිබූ අතර වතු යායේ ඇති වැටුණු ගස් සහ මැරුණු ගස් කිසිවක් ඉවත් කොට නොමැති බවද අනාවරණය වී තිබුණි.

Image


ජල පහර මැද නතර වූ බස් රියේ සිසුන් බේරා ගැනෙයි

Published on: January 23, 2025, 06:44 PM

මිහින්තලේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මිහින්තලේ මහ කනදරා වැව වාන් දැමීම හේතුවෙන්මහකණදරාව දකුණු ඉවුර ප්‍රදේශයේ සිට මිහින්තලේ මහ විද්‍යාලයට, පතිරාජ තෙන්නකෝන් කනිෂ්ඨ විද්‍යාලයට  වෙත පාසල් ළමුන් රැගත් බස් රථයක් අද (23දා) අනතුරට ලක්ව තිබේ.

මහ කනදරාව  දකුණු ඉවුර හරහා වැටී ඇති මාර්ගයේ ගල්පාලම අසල සපත්තු පාලම අසලින්  මාර්ගය හරහා ජලය ගලා යාමත් සමග, ඒ හරහා පාසල් ළමුන් රැගත්  බස් රථයක් ධාවනය කිරීමේදී  එම බස් රථයේ බැටරියට ජලය පිරි යාමත් සමග  බැටරිය පුපුරා ගොස්, බස් රථය ජල පහරට හසුව මෙම අනතුර සිදුව  තිබේ.

ඉන්පසු එහි ගමන් ගත් පාසල් දරුවන් පිරිසක්  ශ්‍රී ලංකා නාවික හමුදාවේ බට පිරිස් විසින් කඩිනමින් මුදවා ගැනීමට කටයුතු කලහ.

Image


දුම්රිය ඔන්ලයින් ටිකට් වංචාවේ සුල මුල ක්‍රමයෙන් එළියට

Published on: January 23, 2025, 06:42 PM

සංචාරක ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ගමනේ ඊ ටිකට්පත් වංචාවට සම්බන්ධ ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම මහා වංචාවේ සුල මුල හෙළිවෙමින් තිබෙන බව පොලිසිය කියයි.

මහනුවර සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම ත්‍රී රෝද රථ රියැදුරු නීති විරෝධී දුම්රිය ඊ ටිකට්පත් 12ක් සමග අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ රුපියල් 130,000ක මුදලක් සහ එම ටිකට්පත් අලෙවිය සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ගිණුම් ඇතුළත් පොතක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම පොතේ ඔහු සටහන් තබා ඇති ගිණුම්වලට අනුව සති දෙකක් වැනි කාලයක් තුළදී දුම්රිය ඊ ටිකට් පත් 500ක් පමණ ඔහු විසින් අලෙවි කොට ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

රුපියල් 2000ක වටිනාකමකින් යුත් මෙම දුම්රිය ටිකට් පතක් රුපියල් 15,000කට අධික මුදලකට විදේශීය සංචාරකයන්ට අලෙවි කරන බවට කරුණු අනාවරණය වී තිබුණි.

සැකකාර ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට ගැනීමෙන් පසුවද ඔහුට ලබා දීම සඳහා ත්‍රිකුණාමලයේ සිට පැමිණි බස් රථයක ඒවා තිබූ දුම්රිය ඊ ටිකට්පත් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම බස් රථයේ රියදුරගෙන් සහ සහායකගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ මහනුවර දුම්රිය ස්ථානයේ සිට ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට ස්ථාන මාරුවක් ලබා සිටින දුම්රිය සේවකයෙකු විසින් එම ටිකට් පත් ලබාදුන් බවයි.

ඒ ඔස්සේ සිදු කරන විමර්ශන වලදී මෙම මහා වංචාව පිටුපස සිටින දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවද පොලිසිය කියයි.

Image


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

Published on: January 23, 2025, 05:53 PM

2024 වසරේ පැවැත් වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මුදාහැර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වනwww.doenets.lkහෝwww.results.exams.gov.lkවෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 319284ක් පෙනී සිටි ඇති අතර කඩයිම් ලකුණුවලින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51244කි.

Image


දුම්රිය ඊ ටිකට් වංචාවට තිදෙනෙක් අල්ලයි

Published on: January 23, 2025, 05:14 PM

දුම්රිය E ටිකට් පත් චංවාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන සහ පරීක්ෂණවලට අනුව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට් වංචාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවද පැවසීය.

මේ අනුව ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු තාක්ෂණික නිලධාරිවරයෙකුව, දුම්රිය E ටිකට් 92ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (22දා) අත්අඩංගුවට ගෙන තිබෙන බවද සඳහන් කළේය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් අනුව, මෙම ටිකට් පත් සංචාරකයන්ට සහ අනෙකුත් සංචාරකයන්ට වැඩි මුදලට විකිණීම සඳහා ළඟ තබා ගත් බවට කරුණු අනාවරණය වී ඇති බවද පැවසීය.

එමෙන්ම මෙම සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාතලේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවද සඳහන් කළේය.

මීට අමතරව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඔවුන්ට ලත් තොරතුරකට අනුව, E ටිකට්පත් 29ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවද පැවසීය.

සැකකරු සන්තකයේ තිබී රුපියල් 131,000කට ආසන්න මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙන බවද පවසා සිටියේය.

මෙම පුද්ගලයන්ට E ටිකට් පත් ලබාදුන් පුද්ගලයන් සොයාගැනීම සඳහාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වන බවද පැවසීය.

මේ අනුව, චංවාව සිදුකර මෙම ටිකට් පත් වෙනත් පාර්ශ්වයන් වෙත ලබාදුන් තැනැත්තන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.

Image


2025 දී විදේශ රැකියා 340,000 ක්

Published on: January 23, 2025, 05:09 PM

2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනට අද දින (23) කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී එක්වෙමිනි.

ඔහු වැඩිදුරටත් සදහන් කලේ නියාමනයන් සිදුකොට නිවැරදිව රැකියා සදහා ජනතාව විදේශගත කළ යුතු බවත්, කාර්යාංශයේ නීති රෙගුලාසිවලට යටත්ව නිරතුරුවම කාර්යාංශයේ අභිමානයද රැකගෙන කටයුතු කළ යුතු බවයි. එසේම විදේශ රැකියා බලපත්‍ර ලබාගත් ඇතැම් ඒජන්සි ආයතන වංචනික ක්‍රියාවල යෙදෙන බවට තමන් වෙත තොරතුරු වාර්තා වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවත්, මුදලට නොව මනුෂ්‍යත්වයට මුල්තැන ලබාදෙමින් ව්‍යාපාරයන්හි නිරතවන ලෙසත් එය විදේශ රැකියා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා දැඩි බලපෑමක් කරනු ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නව විදේශ රැකියා වෙළඳපොල අවස්ථාවන් සොයාගැනීමේදී විදේශ රැකියා නියෝජිතායතන ලබාදෙන සහයෝගය ඉතා අගය කළ වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගැටළු කඩිනමින් නිරාකරණය කරගැනීම සඳහා කාර්යාංශය උපරිම සහයෝගය ලබාදෙන බවද සඳහන් කළේය.

මෙහිදී කාර්යාංශයේ කටයුතු පිළිබඳ, කාර්යාංශය මගින් ලබාදෙන්නා වූ අනුමැතින්, ලබාදෙන පුහුණු හා කාර්යාංශ පනත ආදී කරුණු රැසක් පිළිබඳව ද රැකියා ලාභීන් දැනුවත් කරන ලදි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සුදුසුකම් ලැබූ නව රැකියා නියෝජිතයින් 30දෙනෙකු අද දින වැඩසටහනට සහභාගී විය.

Image


ආනයනය කරන වාහනවල මිල ඉහළ යනවා

Published on: January 23, 2025, 04:14 PM

පෙබරවාරි මාසයේදී වාහන ආනයනය කිරිමේදී අනිවාර්ය යෙන්ම වාහන මිල ඉහළ යන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. සිරස රූපවාහිනී නාළිකාවේ සටන වැඩසටහනේදී ඔහු මේ බව පැවැසීය. වාහන සම්බන්ධයෙන් වන දෙවැනි වෙළඳපොළට ගැටලුවක් ඇති නොවන පරිදි එම මිල ගණන්වලට වඩා ඉහළින් ආනයනය කරන වාහන තබා ගැනීමට සිදුවන බව ජනපතිවරයා සඳහන් කළේය.

“වාහන ආයනය කරන්නේ අවුරුදු 5ට පසුවයි. ශක්තිමත් ඩොලර් සංචිතයක් තියෙන නිසා නොවෙයි ආර්ථිකය ඉදිරියට ගෙන යා යුතු නිසයි අපි වාහන ආනයට ඉඩ දෙන්නේ.

වාහන විසින් සියල්ල කඩා වැටෙන තැනට යන්න බෑ. අපි ඉතා ප්‍ර වේශමෙන් මෙය කළ යුතුයි. මිල ගණන් ගත්තොත් දැනට තියෙන්නේ ඩොලරය 190 වගේ තියෙන කොට ගෙනාව ඒවා. දැන් ඩොලරය 300ට ආසන්න වෙලා තියෙනවා.

එතකොටම වාහනයක මිල ඩොලරය වැඩි වෙලා තියෙනවා සියයට 40කින් විතරම එතනම මිල වැඩිවෙනවා. අපේ වැට් බද්දත් සියයට 18 ට වැඩි වෙලා තියෙන නිසා තවත් මිල වැඩිවෙනවා.

අපේ වාහන වෙළදපොලේ දෙවැනි වෙළඳපොලක් තියෙනවා. බොහෝ අය ලීසින් කරලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් හැදිලා තියෙනවා. ඒ මාකට් එකයි මේ මිලයි සමාන වුණොත් එතනත් අර්බුදයක් හැදෙනවා.

සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් එක්ක මේ අලුත් වාහන ගලපන්න ඕනත ඒ මාකට් එකට වඩා ඉහළින් ගෙන්වන වාහන මිල තියන්න ඕන. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක කඩා වැටුණොත් බැංකු ලීසින් ආයතන කඩා වැටෙන්න පුළුවන්.

අපි මහ බැංකුව සමග සාකච්ඡා කළා මේ වසරේදී ඩොලර් කොපමණ වෙන් කළ හැකිද කියලා. වාහන ආනයනය කරද්දී පෙබරවාරි මාසයේ ඔක්කොම ගෙනාවොත් ඩොලරයට ඇතිවන තෙරපුම විශාලයි. පර්මිට් වලට අවස්ථාව ලැබෙන්නේ නෑ. බිලියන 1.2ක වගේ ඩොලර් ප්‍රමාණයක් තමයි වෙන් කරන්නේ. ආරම්භයේදී මිල ඉහළ යාවි. ඊට පස්සේ ක්‍රමිකව මේක ස්ථාවර වේවි. ඇත්ත මිල යම් ප්‍රමාණයකට ඉහළ යාවි”

Image


අනුර යාපා ඇතුලු පිරිසට ඇප

Published on: January 23, 2025, 03:25 PM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිවුදෙනා ඇපමත මුදා හැරීමට අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකර තිබෙනවා

2014 වසරේදී ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබා දෙන බවට ගෙන එම මුදල් 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් ලත් චෝදනා මත හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනුනා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

Image


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන අගමැතිනිය දුන්න පිළිතුර

Published on: January 23, 2025, 02:43 PM

අධිකරණයේ අත්හිටුවීම මත ප්‍රමාද වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද(23දා) අග්‍රමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

Image


දරුවාට බෙහෙත් ගෙන්න ගිය එක්දරු පියෙකු මෝටර් රථයකට යට වී මරුට

Published on: January 23, 2025, 01:43 PM

දරුවාට බෙහෙත් රැගෙන ඒමට ත්‍රිරෝද රථයෙන් ෆාමසියට යමින්  සිටී එක්දරු පියෙකු මෝටර් රථයක ගැටී පෙරලී තවත්   මෝටර්  රථයකට  යටවී ම්යගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ පයාගල අංගම්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දමිත් අනුරංග නමැති 25 හැවිරිදි එක්දරු පියෙකු  බව පොලිසිය කීය.

ත්‍රී රෝද රථය කළුතර දෙස සිට බේරුවල දෙසට ගමන් කර ඇති අතර , උතුරු පයාගල මංසන්ධිය ආසන්නයේදී දකුණු පස පිහිටි ෆාමසිය දෙසට  හැරවීමට සූදානම්ව සිටියදී පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටී ත්‍රීරෝද රථය මාර්ගයේ දකුණු පසට පෙරළී ගොස් තිබේ. ඒ සමගම බේරුවල දෙසින් පැමිණි වෙනත් මෝටර් රථයක ත්‍රී රෝද රථය ගැටී ඇති බව පොලිසිය කීය.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු කළුතර නාගොඩ සීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර , රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝටර් රථ දෙකෙහි රියදුරන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබේ. රියදුරන් දෙදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

පානදුර සුමිත් පොතුපිටිය

Image


ඩීසල් ඉන්ධන බවුසරයට භූමිතෙල් කලවම් කර බෙදා හරින්න හදලා

Published on: January 23, 2025, 12:57 PM

ඩීසල් ඉන්ධන වලට භූමිතෙල් මිශ්‍ර කර බෙදාහැරීමට සූදානම් කර තිබූ ඉන්ධන බවුසරයක්  සපුගස්කන්ද පොලිස් වසමේ මාබිම ප්‍රදේශයේ දී පසුගියදා ( 21) පස්වරුවේදී අත් අඩංගුවට ගත් බව බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි

කිරිබත්ගොඩ පොලිසියට ලැබුන හදිසි තොරතුරක් මත කරන ලද මෙම වැටලීමේදී හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි කරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

මෙහිදි ඩීසල් ඉන්ධනවලට භූමිතෙල් කලවම් කර ඇති බවට සැක කරන ඉන්ධන ලීටර් පන්දහසක් පමණ අඩංගු ස්විච් යතුරක් නැති ඉන්ධන බවුසරයක්, වතුර මෝටරයක්, ඉන්ධන කලවම් කිරීමට යොදාගත් බවට සැක කරන අඩි හතරක් දිග ප්ලාස්ටික් බටයක්,ප්ලග් කටවල් තුනක් සහිත අඩි අනූවක් පමණ දිගැති වයරයක්,ගිනි නිවීම සදහා යොදාගන්නා කුඩා ප්‍රමාණයේ සිලින්ඩරයක් ආදිය ද අත් අඩංගුවට ගෙන ඇත.

මෙලෙස කලවම් කරන ලද ඉන්ධන දිවයිනේ විවිධ ප්‍රදේශවල හදුනාගත් ස්ථානවලට බෙදාහැරීම සිදූකර ඇතැයි විශ්වාස කෙරේ.

ඉන්ධන බවුසරයෙන් ලබා ගත් ඉන්ධන සාම්පල රජයේ රස පරීක්ෂක වෙත යොමුකර විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද භූමිතෙල් සහ ඩීසල් ඉන්ධන ලබාගෙන ඇති ආකාරය පිළිබඳවද තොරතුරු ලබාගැනීමට නියමිතය.

Image


සභානායක වෙනස් වෙයිද?

Published on: January 23, 2025, 12:23 PM

පාර්ලිමේන්තුවේ අදට (23දා) නියමිත පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ.

මෙහිදී මේ වන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් ප්‍රකාශ කරමින් සිටී.

එමෙන්ම මෙම අවස්ථාවේ සභානයක බිමල් රත්නායක මහතාට වෙන් කර ඇති ආසනයේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

මෙහිදී විපක්ෂයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා එය සුදුසු නොමැති බවට ප්‍රකාශ කිරීමත් සමග ඔහු ඉන් ඉවත්ව ගියේය.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම අසුනෙන් ඉවත් වන ලෙස සඳහන් කර සිටියේය.

Image


කොළඹ බදුල්ල දුම්රියවලින් මාසිකව හිස් ප්ලාස්ටික් හා වීදුරු බෝතල් 20000ක් එකතු කරයි

Published on: January 23, 2025, 11:25 AM

කොළඹ බදුල්ල අතර ධාවනය වන දුම්රියවලින් විදුරු හා ප්ලැස්ටික් හිස් බෝතල් 20000ක් පමණ මාසිකව එකතුවන බව එහි සේවකයෙක් පැවසීය.

දිනපතා දුම්රියේ ගමන් කරන මගීන් පරිහරණයෙන් පසු හිස් ප්ලාස්ටික් හා වීදුරු බෝතල් ආසන මත සහ තැනින්තැන දමා තිබියදි බදුල්ල දුම්රිය මැදිරියේ සේවකයන් විසින් ඒ්වා දුම්රිය ස්ථානයේම ආරක්ෂිතව ගොඩකර පිටස්තර ආයතන වලට අළෙවිකිරීමට කටයුතු කරන බව කියයි.

ඉවත දමන දව්‍ය අතර හිස් ජල බෝතල්,බීර ටින්,මත්පැන් බෝතල් වැඩි වශයෙන් තිබෙන බව කියන අතර දුම්රියේ ගමන්කරන ඇතුම් මගීන් ධාවනය වන දුම්රියෙන් පිටතට අපදව්‍ය දැමීමෙන් පරිසරික විනාශයන්ද සිදුව තිබේ.

ලුණුගල ප්‍රසන්න පද්මසිරි

Image


මෝදර නිවසක් ඉදිරිපිට මල් වැඩමක් සහ ජීවඋණ්ඩ

Published on: January 23, 2025, 10:46 AM

මෝදර හියුබට් පෙදෙස නිවසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22)  මල් වඩමක් සහ ටි 56  ජීව උණ්ඩ 10 ක් තබා ගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි. නිවසේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව එම මල් වඩම සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන ඇත.

අනතුරුව සීසීටී වී දර්ශන පරික්ෂා කිරීමේදී කිසියම් පුද්ගලයකු 22 අලුයම එම මල් වඩම සහ ජීව උණ්ඩ නිවස ඉදිරිපිට තබා යන අයුරු දර්ශනය වන බව පොලිසියේ සඳහන්කරයි.

එම නිවසේ හිමිකරු වන පැමිණිලිකරුගේ ඥාතියකු විදේශවිදේශගතව සැඟව සිට මෙරට  සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව ජාවාරමේ නිරත චමිත් උදයංග නමැති අය සමග අමනාප වී ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

ඒ හේතුවෙන් ඔහුගේ පාර්ශවය විසින් මෙම ක්‍රියාව සිදු කළේද යන්න අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. මෝදර පොලිසිය මගින් විමර්ශන සිදු කෙරේ.

Image


පවුල පිටින් ගිහින් සුපිරි වෙළඳසැල්වලට සුද්දයක් දිලා

Published on: January 23, 2025, 12:16 AM

මාස 11 සිගිති දැරියක අත දරාගෙන   සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර 17 හැවිරිදි රූමත්   තරුණියක් ඇයගේ සැමියා සහ, තරුණියගේ පියා සහ තීරෝද රථ රියදුරුද වන බව පොලිසිය සඳහන් කරයි.

එම සැකකාරිය සහ සැකකරුවන් සමඟ   රුපියල් 55000/= කට ආසන්න වටිනා කිරිපිටි වර්ග ,සුවඳ විලවුන් ,  ෂැම්පු බෝතල් ඇතුළු දේපල රැසක් සමග ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉංගිරිය පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් 49551 පතිරාජ නිලධාරියා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉංගිරියේ කැට කැරැල්ල මාර්ග බාධකයේ පෙරේදා (22) දිවා රාජකාරී යෙදී සිටියදී බස්නාහිර පළාත් බුද්ධි එකට අනුයුක්ත පොලිස් කොස්තාපල් 61586 චතුරංග නිලධාරියා ලබාදුන් තොරතුරකට අනුව  රත්නපුර දෙස සිට  පැමිණ මාර්ග බාධකය හරහා ඉංගිරිය දෙසට යාමට පැමිණි තීරෝද රථයක් නවතා එහි සිටි පුද්ගලයන් පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී තීරෝද රථයේ සිටි කාන්තාව ඇතුළු සිව් දෙනාටම ජාතික හැඳුනුම්පත් නොවීම හේතුවෙන් ඇතූ සැකයක් මත තවදුරටත් රියදුරුගේ බලපත්‍ර ඉල්ලා පරික්ෂා කිරීමේදී ඒවාද කල් ඉකුත් වූ ලිපි ලේඛන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඒ සිටි එක් පුද්ගලයෙකුගේ හැසිරීම් රටාවේ ඇති වූ සැකයක් මත පොලිස් සැරයන් 49951 පතිරාජ නිලධාරියා තීරෝද රථය තුළ පරික්ෂා කිරීමේදී  එහි පිටුපස භක්කි තුළ අසීමිත ආකාරයෙන් පිටිකිරි සුවඳ විලවුන් ෂැම්පු බෝතල් ආදිය තිබීම සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔවුන්ගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමේදී මෙම භාණ්ඩ සියල්ලම ඉකුත් 20/21 පානදුර වෑකඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකින් සොරා ගත් දේපළ බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් සොරාගත් එම දේපළ  රත්නපුර ,.කිරිඇල්ල ආදී ප්‍රදේශවලට විකිණීමට රැගෙන ගොස් ඒවා වෙළඳසැල් හිමියන් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇටයිද පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතර සිටින මාමා සහ බෑනා තදින් මත්ද්‍රව්‍ය  වලට ඇබ්බැහි  වුවන් වන අතර අපරාධ රැසකට සම්බන්ධව සිට මීට මාස එකහමාරකට පමණ ඉහතදී බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයන් බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

ඉංගිරිය පොලිසියේ වැඩ බලන  ස්ථානාධිපති  පොලිස් පරික්ෂක  අරුණ ශාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 49551 පතිරාජ පොලිස් කොස්තාපල් 106345 මදුසංක , සිවිල් ආරක්ෂක ( කාන්තා) චමිලා මහත්ම මහත්මිහු පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය  මොරටුව එගොඩ උයන, නදීමාවත, ශ්‍රී දීප මිත්ත මාවත,හා  පානදුර කළුදෑවල පදිංචි වයස අවුරුදු 17  සහ 40 අතර පසුවන්නන්ය.ඔවුන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ /ඉංගිරිය නිමාලි කහවල

Image


ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න

Published on: January 23, 2025, 09:04 AM

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී රැස් වූහ.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දෙන ලදී.

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ  නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.

ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම්   ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.-

Image


අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේගේ මන්ත්‍රීධුරයට එරෙහි පෙත්සම විභාගයට

Published on: January 23, 2025, 07:42 AM

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (22) තීරණය කළේය.

පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමට අපේක්ෂා කරන බැවින් සියලු වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බව දැනුම් දෙමින් අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය.අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා හමුවේ පෙත්සම කැඳවීය.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ,  පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවට පත්කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන අවස්ථාවේදී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරයි.

රාජ්‍ය සේවයේ නිරතව සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියට පටහැනි යැයයි සඳහන් කරන පෙත්සම්කරු මේ වන විට ඇමතිවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කරන්නැයි ඉල්ලා සිටී.

ඒ බව තීන්දු කරමින් ක්-වොරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධූරය බලරහිත රිටි ආඥාවන් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී. පෙත්සම කැඳවවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් සියලු වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් පසු පෙත්සම සලකා බැලීම සුදුසු බව සඳහන් කළේය.

සියලුම වගඋත්තරකරුවන්ට ලබන 27 වැනිදාට පෙර නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස නියම කළ අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි 19 වැනිදා කැඳවන ලෙසද නියෝග කළේය.

සචිත්‍ර ගුණසේකර

Image


හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ සී.අයි.ඩී අත්අඩංගුවට

Published on: January 22, 2025, 11:10 PM

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අද(22දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2014 වසරේදී ඛණිජතෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් මිලියන 6.1ක් මුදලක් ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට ලබා දෙන බවට ගෙන එම මුදල් 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Image


කුරින්චන්කර්නි පාලම හදන්න ඩො.මි. 10.5ක්

Published on: January 22, 2025, 10:20 PM

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රා දේශීය ලේකම් කොට්ටඨාසයේ පුද්ගලයන් 100000ට පමණ සිය ගමනා ගමන හා ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්චන්කර්නි පාලමේ ඉදිකිරිම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කරන බව මුදල් අමාත්‍යාංශ කියයි.

ඒ අනුව පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදවීමට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීමට මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හා සෞදි සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ (නීති) අබ්දුල්මොසොන් ඒ අල්මුද්ලාා මහතා විසින් සිදුකර තිබේ.

එම සංශෝධිත ගිවිසුම මගින් පේරාදෙණිය බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ අපේක්ෂිත ඉතිරි මුදල් මාර්ග ජාල සංවර්ධනය ව්‍යාපෘතිය වෙත මාරු කිරීමට අපේක්ෂිත අතර එය කුරින්චකර්නි පාලම ඉදිකිරීමේ කටයුතු සඳහා වෙනු කිරීමට නියමිතය. මෙම පාලම ඉදිකිරීමෙන් ප්‍රවාහන අපහසුතා රැසක විසදුම් ලැබෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

Image


දඹුල්ල ආර්ථිකයට අද පොල් ගෙඩි 1900යි - පොල් ගෙඩියක තොග මිල රු 175යි

Published on: January 22, 2025, 09:14 PM

දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල විශාල වශයෙන් පොල් තොග ලැබුණද 22 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයට ලැබී ඇත්තේ පොල් ගෙඩි 1900 ක් පමණක් බවත් එය ලැබුණු විගසම අලෙවි වූ බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එක පොල් ගෙඩියක් ක තොග මිල රුපියල් 175ක් ලෙස සටහන්ව තිබූ බව වෙළෙන්දෝ වැඩිදුරටද පෙන්වා දුන්නේය

දඹුල්ල නගරයේ  සිල්ලර වෙළඳසැල් රැසකට ගොස් පොල් ගෙඩියක් මිලදී ගැනීමට උත්සාහ කළද එකම ස්ථානයක හෝ පොල් අලවිය සඳහා නොතිබිණි.

දඹුල්ල නගරයේ පිහිටි ලංකා සතොස ආයතනය ද පොල් අලවිය සඳහා නොමැති බව එම වෙළඳසැල් සේවකයෝ පෙන්වා දුන්හ

කෙසේ වෙතත් පොල් හිඟය නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව හෝටල් හිමිකරුවෝ පෙන්වා දෙන අතර ඔවුන් ව්‍යංජන පිසීම සඳහා වෙළඳසැල්වල ඇති පිටිකරන ලද  පොල් කිරි පැකට් රැගෙන එන බවද ඔවුහු වැඩිදුරට ද පෙන්වා දෙති

දඹුල්ල නගරයේ බොහෝ දෙනකු කියා සිටියේ පොල් ගෙඩියක් රුපියල් දෙසීයක් දෙසිය තිහත් අතර මිල ගණන් යටතේ පසුගිය දිනවල සිල්ලරට අලෙවි වුවද මේ වන විට පොල් ගෙඩියක් එම මිලට හෝ ලබා ගැනීමට වෙළඳපොලේ නොමැති බවය

පොල් ගෙඩියක් වෙළඳපොලේ සොයනවා යන්න කලුනික සොයන හා සමාන බවද දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.

Image


රු. කෝටි 7ක මුදල් අක්‍රමිකතාවක් ගැන නාමල්ට එරෙහි විමර්ශයක් ඇරඹීමට නියෝග

Published on: January 22, 2025, 08:19 PM

සුඛෝපභෝගී නිවාස සහ හෝටල් අඩංගු ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සඳහා අක්කර 4.3 ක ඉඩම ‘වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර්’ සමාගමට බදු දීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 07ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශනය සඳහා නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන විමර්ශන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මියට රහස් පොලිසියට අද (22) නියම කළාය.

සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් රහස් පොලිසිය ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය. පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

අල්ලස් කොමිෂමේ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන්ද පෙනී සිටි අතර අල්ලස් කොමිෂම මෙන්ම රහස් පොලිසියද සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තා ඉදිරිපත් කළහ.

අධිකරණය කළ නියෝගයකට අනුව අදාළ විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන් අල්ලස් කොමිෂම සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද ඉදිරිපත් කරමින් සුඛෝපභෝගී නිවාස සහ හෝටල් අඩංගු ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සඳහා අක්කර 4.3 ක ඉඩම ‘වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර්’ සමාගමට බදු දීමේදී සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 07ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි විමර්ශන කරන බව දැනුම් දුන්නේය.

සුඛෝපභෝගී නිවාස සහ හෝටල් අඩංගු ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සඳහා අක්කර 4.3 ක ඉඩම ‘වන් ට්‍රාන්ස්වර්ක් ස්ක්වෙයාර්’ සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70 ක අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට දුෂණ විරෝධී හඬ සිවිධනයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සිද්ධියය සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන වර්ශන කරන ලෙස රහස් පොලිසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය ජූනි 04 වැනිදා පැමිණිල්ල යළි කැඳවන ලෙස නියම කළාය.

සචිත්‍ර ගුණසේකර

Image


සතොස භාණ්ඩ වර්ග 10ක මිල අඩු කරයි

Published on: January 22, 2025, 07:24 PM

ජනතාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් භාණ්ඩ වර්ග 10ක මිල අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම මිල අඩු කිරීම අද (22දා) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස නිවේදනය කරයි.

Image


රුපියල් කෝටි ගණනක් වංචා කළ විදෙස් රැකියා ජාවාරම්කරුවෙක් අල්ලයි

Published on: January 22, 2025, 06:32 PM

ඉතාලියේ සහ රුමෙනියාවේ රැකියා දෙන බව පවසමින් අතරමැදියකුගේ බැංකු ගිණුමක් යොදාගෙන විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කළ බව කියන පුද්ගලයෙකු කළාතු ඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මයිලපිටියේ පදිංචිකරුවෙකු වන අතරමැදි බැංකු ගිණුම් හිමිකරු විසින් තම බැංකු ගිණුමට පුද්ගලයකු අසාමාන්‍ය ලෙස මුදල් ගෙන්වා ගන්නා බවට තළාතු ඔය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුගේ ගිණුම පරික්ෂා කිරීමේදී ඒ වන විටද මාස හයක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් ලක්ෂ 90ක මුදලක් බැර වී තිබී ඇති අතර එම මුදල් සැකකරු විසින් ලබාගත් බවද පැමිණිලිකරු පොලිසියට පවසා තිබේ.

එම පැමිණිලිකරු සැකකරුගේ හිතවතෙකු බවද ඔහුට සුළු සුළු මුදල් උපකාර සිදුකොට සැකකරු විසින් මෙම මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සැකකරු පදිංචි වී සිටි මයිලපිටියේ. නිවස පරීක්‍ෂාකිරීමේදී එහි තිබූ අත් බෑගයක් තුළ රුපියල් 346480.00ක මුදලක්ද රැකියා ලබාදෙන බවට සකස් කරන ලද කූඨ ලේඛන, රබර් මුද්‍රා, විදේශ ගමන් බලපත්‍ර, ජංගම දුරකථන දෙකක් සහ රියදුරු බලපත්‍රයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ රියදුරු බලපත්‍ර ද භාවිතා කොට ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර ඔහු හම්බන්තොට, පිළියන්දල සහ දියතලාව ආදි ප්‍රදේශවලද පදිංචිව සිටිමින් මෙම වංචාව සිදුකොට ඇති බවට අනාවරණය වී තිබේ.

Image


සහල් ආනයනයේදී අය කළ බදු වලින් රු. බිලියන 10.9 ක ආදායමක්

Published on: January 22, 2025, 06:00 PM

ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය සඳහා රජයේ මුදල් කාරක සභාවේ අනුමතිය හිමිවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව ඊයේ ( 21) රැස්වූ අවස්ථාවේදී මීට අදාළ අනුමතිය ලබා දීම සිදුවිය.

2018 වසරේදී ලබාදුන් අමාත්‍ය මණ්ඩල අනුමතිය මත සිංගප්පූරුව සමඟ එළැඹි නිදහස් වෙළඳ ගිවිසුම 2024 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නියෝගය නිකුත් කර තිබූ අතර විවිධ හේතුමත මෙය ක්‍රියාත්මක වීම ප්‍රමාද වී ඇති බවත් නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. මෙම ගිවිසුම යටතේ භාණ්ඩ හා සේවා, ආයෝජන කටයුතු, බුද්ධිමය දේපළ හිමිකම්, විදුලි සංදේශ, ඊ- වානිජ ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වී ඇත.

මේ අනුව රේගු ආනයන බද්ද (CID) සඳහා අදාළ වන තීරුබදු ලිහිල්කරණය සහ ආනනයනයේදී පනවා ඇති අනෙකුත් බදු වන සෙස් (CESS) බද්ද සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන(PAL) බද්ද සම්බන්ධිත තීරුබදු ලිහිල්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීම සිදුවේ. කාණ්ඩ කිහිපයක් යටතේ තීරුබදු ලිහිල් කිරීම සිදුවන ආකාරය නිලධාරීහු දීර්ඝ ලෙස කාරක සභාවට පැහැදිළි කළහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපය තුළ ආයෝජකයෙක් විසින් ආරම්භ කර ඇති විශේෂ ව්‍යාපෘතියක් සඳහා බදුසහන සැලසීමට අදාළ නිවේදනය ද කාරක සභාවේදී නැවත සළකා බැලීමෙන් අනතුරුව අනුමතිය ලබාදීම සිදුවිය. 2022 වසරේ එළැඹි ගිවිසුමකට අනුව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ මෙම නිවේදනය පළකර තිබිණි.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයෙකු විසින් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම ‍කාරක සභාවට පැහැදිළි කළ අතර රෙදිපිළි නිෂ්පාදනයට අදාළ රෙදිපිළි වර්ණ ගැන්වීම, රෙදි විවීම ආදි කාර්යයන් එකම භූමියක සිදුවේ. ඇ.ඩො මිලියන 35ක මෙම ව්‍යාපෘතියෙන් විදේශ විනිමය වියදම් අඩු කිරීම අරමුණු කර ගෙන ඇති අතර දේශීය රැකියා අවස්ථා 490ක් පමණ ඇතිවේ.

ඇගලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ අනෙකුත් රටවලට සමගාමීව තරගකාරී වෙළඳපල අත්පත් කරගැනීමට මෙවැනි ව්‍යාපෘති වැදගත් බව පෙන්වා දුන් කාරක සභාව ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට සමත්  සමානාත්මතාවයෙන් යුතු බදු ප්‍රතිපත්පතියක අවශ්‍යතාවය ද  අවධාරණය කරන ලදී.

මේ අතර ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවූ අතර සහල් ආනයන  බලපත්‍ර පාලනය තාවකාලිකව ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලස්වීම පිණිස මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබිණි.  2025 ජනවාරි 10 දක්වා සහල් ආනයනය සඳහා අවස්ථාව හිමිවූ බවත් මෙම කාලය තුළ සහල් ආනයනයේදී අය කළ රු. 65ක බදු මුදලින් රු. බිලියන 10.9 ක ආදායමක් රජයට හිමිවූ බවත් ඔවහු පෙන්වා දුන්හ.

තවද සහල් හිඟය සඳහා හේතුවන කාරණා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්ව සහල් නිෂ්පාදනය ‍සහ තොග පවත්වා ගැනීම ඇතුළු  අදාළ නිවැරදි දත්ත පවත්වා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

එසේම  මීට පෙර කාරක සභාවේදී සළකා බැලුණු ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි නැවත සලකා බලා අනුමතිය ලබාදීම ද මෙහිදී සිදුවිය. ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන  ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනය සඳහා මෙම රෙගුලාසි හදුන්වා දී තිබිණි. එසේම මාස තුනක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සාකච්ඡා කොට  ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වන  ප්‍රමිතිකරණය හා තත්ත්ව පාලනයට අදාළ රෙගුලාසිවල ගැටලු පවතීනම් නැවත සමාලෝචනය කරන ලෙස ද දැනුම් දුන්නේය.

Image


සෞඛ්‍ය හා ජනමාධ්‍යයට ඇමෙරිකාවේ සහාය අඛණ්ඩව

Published on: January 22, 2025, 05:48 PM

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක් ඊයේ (21) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙම හමුවේ දී මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවේ මෙන් ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය  මෙන් ම මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා ඇමරිකානු රජය දක්වන සහ‌යෝගය සහ ප්‍රදානයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව ලබාදීමට වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ මෙන් ම මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමට  නව රජය ගෙනයන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කළේය.

එමෙන් ම මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාව දේ‍‍‍‍‍‍ශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ආයුර්වේදය හා බද්ධ කරමින් සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කිරීමට යෝජිත සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද එවැනි විශේෂ සැලසුම් සහගත ව්‍යාපෘති රාශියක් වත්මන් රජය ගෙන යනු ලබන නව වැඩපිළිවෙළ තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.‍

මෙරට තුළ යම් යම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සදහා ඉදිරි දෙවසර තුළ දී මෙරට රජයේ රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ මෙරට‍ රාජ්‍ය අනුග්‍රහයෙන්  නිෂ්පාදනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත්, මාධ්‍යවේදීන් සදහා වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේ ම ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් තිබීම පිළිබඳව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ඇමරිකානු තානාපතිනිය දැනුවත් කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස්වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කරන ලදී.  එම සේවාව අඩුපිරිවැයකින් ලබා දෙන උසස් ම සේවාවක් බව ද ඇය පෙන්වා දුන් අතර  ශ්‍රී ලංකාවේ වත්මන් සෞඛ්‍ය අභියෝග ජය ගැනීම සඳහා ලබා දියහැකි සහය පිළිබඳවත් අමාත්‍යවරයාගෙන් කරුණු විමසමින් ඇමරිකානු තානාපතිනිය දැනුවත් විය.

මින් පෙර අවස්ථාවන්වලදී මෙරට සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය සදහා අවශ්‍ය සහය මෙන් ම විවිධ ප්‍රදානයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර තිබෙන බව සිහිපත් කළ ජූලි ජේ.චංග් මහත්මිය ජනමාධ්‍ය ක්ෂේත්‍රය සදහා ද අවශ්‍ය ඉදිරි සහය අඛණ්ඩව ලබා දෙන බව ද පැවසීය.

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි ඉදිරි දියුණුව ඇති කිරීමට ඇමරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික,දැනුම සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු සහයෝගයන් මෙන් ම උපකාරයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය මෙහි දී අවධාරණය කර සිටියා ය.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ප්‍රමුඛ වත්මන් රජය ගෙන යනු ලබන නවමු වැඩපිළිවෙළ ඇයගේ විශේෂ ඇගයීමට ද  මෙහි දී ලක්විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඇමරිකානු තානාපති කාර්යාලයේ මහජන කටයුතු පිළිබඳ උපදේශක හයිඩි හැටන්බැක් (Heidi Hattenbach) යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

Image


6 වසරෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටළු පිළිබඳ අවධානය

Published on: January 22, 2025, 05:30 PM

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන ලදී.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂක තුමිය හා එම ශාඛාවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4ක නියෝජිතයින්ද එක්විය.

Image


වෝන්- මුරලි ටෙස්ට් තරගාවලියේ ටිකට් රු. 12500ටත්

Published on: January 22, 2025, 04:56 PM

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ප්‍ර වේශ පත්‍ර අලෙවිය මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ අනුවwww.srilankacricket.lkවෙබ් අඩවියෙන් හා කොළඹ පිහිටි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍ර යෙන් මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ලබා ගැනීමට අවස්ථාව තිබේ.

රු. 500, රු 7500, රු 10000 හා රු 12500 යන මිල ගණන්වලට ප්‍ර වේශපත්‍ර මිල තීරණය කර තිබේ.

Image


රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්

Published on: January 22, 2025, 04:01 PM

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරුන් අතරින් මේ වන විට රජයේ නිල නිවාස භාවිත කරන්නෙ තිදෙනෙක් පමණක් බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

සිරස රූපවාහියේ සටන වැඩසටහනට ඊයේ රාත්‍රී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. මෙහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය ප්‍රකාශ කරමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතා ධුර කාලය අවසන් වූ විට රජයේ නිල නිවාසයක් භාවිත කිරීමකින් තොරවම තමන්ගේ පෞද්ගලික නිවසට ගිය බවයි.

එසේම හේමා ප්‍රේමදාස මහත්මිය ආණ්ඩුවේ නිවසක සිටියත් ප්‍රශ්නය සමාජ ගත වූ විට නිවස භාර දුන් බවයි. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව පැමිණි පසු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල නිවස භාරදුන් බවද ජනපතිවරයා පැවැසීය.

මේ වන විට නිල නිවාස භාවිත කරන්නේ හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා චන්ද්‍රිකා කුමාරතුංග යන අය පමණක් බවද ජනපතිවරයා පැවැසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට රැදී සිටින විජේරාම මාවතේ අක්කර එකයි පර්චස් 13ක ඉඩමේ සකස් කර ඇති නිල නිවස වර්ග අඩි 30500ක් පමණක් බවත් රජයේ තක්සේරුව අනුව එම දේපලේ වටිනාකම රු. කෝටි 350ක් පමණ වන බවද ජනපතිවරයා පැවැසිය. එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 46ක් පමණක් වන බවට තක්සේරු දෙපාර්තමේන්තුව ගණන් බලා ඇති බවද ජනපතිවරයා සඳහන් කළේය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දේපලේ වටිනාකමේ මාසික කුලිය රුපියල් ලක්ෂ 20ක් බවටත්, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේ මාසික කුලිය රුපියල් ලක්ෂ 9ක් බවට ගණන් බලා ඇති බවද ජනපතිවරයා පැවැසීය.

තමන්ට විශ්‍රාම ගිය පසු නිවසක් හෝ ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය නොවන බවද ජනපතිවරයා සඳහන් කළේය.

Image


දයාසිරි පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් 03ක් භාරදෙයි

Published on: January 22, 2025, 04:00 PM

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අද (22දා) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිට වෙත භාර දී තිබේ.

Image


විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට යෝජනාවක්

Published on: January 22, 2025, 03:35 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ මුලිකත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස් විය. මේ අවස්ථාව සමගින් සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ මහත්මින් ද සහභාගිවී සිටියහ.

මෙදින රැස්වීමේ මූලික අරමුණ වූ සංසදය සඳහා දසවන පාර්ලිමේන්තුවට අදාළ වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් සමඟ සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංසදයේ සභාපති ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් ලංකාවේ විවාහවන වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද සංසදයේ අවධානය යොමු කරන ලදී.

ලංකාවේ දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ අදාළ පාර්ශ්වයන්ගේ යෝජනා ලබාගැනීමටත් ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය මගින් සකස් කිරීමත් යෝජනා විය. එමෙන්ම “ළමයා” යන්න නිවැරදි ලෙස අර්ථකතනයක් ලබාදීමට අවශ්‍ය සංශෝධන සිදු කිරීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමු විය.

එමෙන්ම නවවැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග කාන්තා අභිවෘද්ධිය නගා සිටුවීම සහ සවිබල ගැන්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත්කළ සංශෝධන කළ යුතු කරුණු ඇතුළත් පනත් කෙටුම්පත් නැවත ඉදිරිපත් කිරීමටත් යෝජනා කෙරිණි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ හිටපු සභාපති සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් සඳහා වන සංශෝධන තව දුරටත් අධ්‍යනය කර ඒ සඳහා නව යෝජනා ඇතුළත් කරමින් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට තීරණය විය. එම සංශෝධන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික ගරු මන්ත්‍රීවරියන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සංසදයේ සභාපතිවරිය වැඩි දුරටත් පැවැසීය.

එමෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට මෙම දසවැනි පාර්ලිමේන්තුව තුලින් බලපොරෝතුවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය මෙහිදී ප්‍රකාශ කලාය

Image


ලංකාවේ කුකුළු මස් චීනයට

Published on: January 22, 2025, 02:48 PM

කුකුළු මස් කොටස් චීනයට අපනයනය සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දන්වා සිටිනවා. ජනාධිපතිවරයා පසුගියදා කල චීන සංචාරයේදී ඒ්සඳහා එකඟතාවන්ට එළඹි බව ඒ්මහතා වැඩිදුරටත් අද ( 22) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

Image


සංචාරක වීසා, රැකියා වීසා බවට පරිවර්තනය පෙබරවාරි 13 සිට බහරේනයේ තහනම්

Published on: January 22, 2025, 02:25 PM

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. පෙබරවාරි මස 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.

ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ. ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.

මෙම තත්ත්වය මත බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බව තානාපති කාර්යාලය නිරීක්ෂණය කර ඇත. මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගිකොටගෙන බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගතනොවන ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

Image


තෙත වී සඳහාත් සහතික මිලක් ඉල්ලයි

Published on: January 22, 2025, 01:19 PM

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ගොවින් දැඩි අපහසුතාවයකට පත් වීම හේතුවෙන්, තෙත වී මිලදී ගැනීමේ වැඩ පිළිවෙලක් රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කල යුතු බවත් සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් ලෙස තමන්ට ඒ සඳහා රජයට සහාය දැක්විය හැකි බවත් ජාතික සහල් කර්මාන්ත කරුවන්ගේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. ඒ.ආර්.කේ.වික්‍රමාරච්චි පැවසීය.

ජාතික සහල් කර්මාන්ත රුවන්ගේ සම්මේලනයේ සාමාජිකයන් පිරිසක් විසින්  අද (22දා) අනුරාධපුරයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ගොවීන්ගේ වී අස්වැන්න කුණු කොල්ලයට අලෙවි වීම වැළැක්වීම සඳහා තෙත වී මිලදී ගැනීමේ කඩිනම් වැඩ පිළිවෙලක් රජය මගින් ආරම්භ කල යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිලිවල අසාර්ථක වන බවත් වික්‍රමාරච්චි මහතා පැවසීය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගාවන් විනාශ වුවද සැලකිය යුතු අස්වැන්නක් මෙවර බලාපොරොත්තු විය හැකි බැවින් රජයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ සහල් කර්මාන්තකරුවන් සක්‍රීයව දායක කර ගනිමින් වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය කඩිනම් කල යුතු බව පෙන්වා දුන් ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කලේ බැංකු වල පවතින අසාදුගත ලේඛන මග ඇර රුපියල් මිලියන දස දහසක් ලෙස රජය මගින් වෙන් කර ඇති ඔඩපන ණය ක්‍රමය යටතේ වී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට අවස්ථාවක් ලබා දිය යුතු බවය.

“වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන අධික මිල පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ වනතෙක් තක්සේරු කර නැති බවත් මෙවැනි ආකාරයට වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලක් වැය වීමට ප්‍රධානතම හේතුව කෘෂිකර්මාන්තයට අදාල යන්ත්‍රෝපකරණ ආනයනය සඳහා වැය වන ඉහල තීරු බදු වන අතර වී නිෂ්පාදන වියදම අඩු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට සහන ලබා දිය යුතු බවත් ඉඟිණිමිටිය ගොවිජන සේවා කාරක සමිතියේ සභාපති චමින්ද ප්‍රනාන්දු මහතා මෙහිදී  පැවසීය.

මෙවැනි ආකාරයට ගොවින් සඳහා සහන ලබා දෙන්නේ නම් වී කිලෝ එකක් සඳහා ගොවීන් විසින් රජයෙන් ඉල්ලා සිටින රුපියල් 130 ක සහතික මිල අඩු කර ගත හැකි බව ද ඒ මහතා සදහන් කලේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වේලා ගැනීම සඳහා ගොවීන්ට හැකියාවක් නොමැති බැවින් සහල් මාෆියාකරුවන්ගෙන් ගොවි ජනතාව බේරා ගැනීම සඳහා තෙත වී සඳහාද අනිවාර්ය මිලක් නියම කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව චමින්ද ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කීය.

“වර්තමාන රජය මුහුණ පෑ සහල් අර්බුදයට වගකිව යුත්තේ පසුගිය රජයේ කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා බවත් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සහල් හිඟයක් ඇති වූවොත් ඊට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ස්ථීර වශයෙන්ම වගකිව යුතු බවත් සුළු හා මධ්‍යම වී මෝල් හිමියන් සදහා වී මිලදී ගැනීමට මුදල් වෙන් කළද බැංකු මගින් ඉදිරිපත් කරන කොන්දේසි හේතුවෙන් රජයේ වැඩ පිළිවෙල අසාර්ථක වන බවත් ජාතික සහල් සම්මේලනයේ , ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර  සංගමයේ හා පුත්තලම දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිත  කේ.ඒ.බී.අබේකීර්ති මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

ප්‍රමිතියට අනුව වී නිෂ්පාදන මෙන්ම තෙත වී නිෂ්පාදනද මිලදී ගනු ලබන රජයේ මිල කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසත්පදවි ශ්‍රී පුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති  පේමතිලක මහතා පැවසීය.

මේ වන විට කැලෑ වැදුණු රජයේ වී ගබඩා පවතින බවත් මෙවර මහ කන්නයේ වී අසනු නෙළීම ආරම්භය වී ඇති අතර වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් ඒ මහතා සදහන් කලේය.

Image


ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Published on: January 22, 2025, 01:00 PM

ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී මහතා අද (22දා) අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසුවි.

ඔහු විසින් ටිකිරි මලී පාසල් යන, මා ආදරෙයි නංගියේ, බෙත්ලෙහෙම් පුරේ, සීතල සඳ එළියේ, රෝසි මගේ රෝසි වැනි ගීත ගණනාවක් ගායනා කර තිබේ.

Image


දින දෙකකදි යුද හමුදාව වි ගබඩා 30ක් නවිකරණය කර අවසන්

Published on: January 22, 2025, 12:14 PM

දිවයින පුරා වී ගබඩා  පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් යටතේ දින දෙකකදී ගබඩා 30ක්  සකස් කිරීම අවසන් කර තිබෙන බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක් , වන්නි යටතේ ඇති වී ගබඩා 10ක් , නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී ගබඩා සංකීර්ණ 3ක් , ආරක්ෂක සේනා මූලස්ථානය බටහිර යටතේ ඇති වී ගබඩා 05ක් සහ ආරක්ෂක සේනා මූලස්ථාන මධ්‍යම බල ප්‍රදේශයට අයත් වී ගබඩා සංකීර්ණ 09ක් සම්පූර්ණයෙන් පිළිසකර කටයුතු අවසන්  කර තිබේ.

යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වය යටතේ Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා වී ගබඩා පිරිසිදු කිරීම්  තවදුරටත් සිදුකරන බවද පෙන්වා දෙයි.

රජය සතු වී ගබඩා 209 ක් පිළිසකර කිරීමට සැලසුම් කර තිබෙන අතර අදාළ කටයුතු මේ මස 27 වන දින වන විට අවසන් කිරිමටද යුද හමුදාව සැලසුම් කර තිබේ.

මෙවර මහ කන්නයේ වී අස්වැන්න රජය විසින් මිලදී ගැනීමෙන් පසු  වී අලෙවි මණ්ඩලය සතු ගබඩා තුළ වී තොග ගබඩා කිරීමට සැලසුම් කර ඇති අතර,  අදාළ  ගබඩා හා ඒ අවට භූමි ප්‍රදේශ දීර්ඝ කාලීනව භාවිත නොකිරීම හේතුවෙන් භාවිතයට සුදුසු අයුරින් පිළිසකර කිරීම සහ යථාතත්වයට පත් කිරීම කරනු ලබයි.

මේ යටතේ ජනවාරි මස 19 සහ 20  දෙදිනෙහි ආරක්ෂක සේනා මූලස්ථානයන්හි අධීක්ෂණය යටතේ දිවයින පුරා ගබඩා 30  පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සිදුකර තිබේ.

Image


ලොකු ලූණු බීජ නිපදවීමට රු. කෝටි 33ක් වැය කළත් බීජ නිපදවිම සියයට 84කින් පහළට

Published on: January 22, 2025, 11:14 AM

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසර අටක කාලයෙහි ලොකු ලූනු බීජ නිෂ්පාදන ව්‍යාපෘති දහයක් ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් තිස්තුන් කෝටි, හැත්තෑ එක් ලක්ෂ, හැත්තෑදහස්හත්සිය අනුදෙකක මුදලක් (337,170,792) වැයකොට ඇතත් දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය සියයට 84කින් පහළ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2014 වර්ෂයේ දී මෙරට මෙට්‍රික්ටොන් 98,900ක් වූ දේශීය ලොකු ලූනු බීජ නිෂ්පාදනය 2022 වර්ෂය වනවිට මෙට්‍රික්ටොන් 15840ක් දක්වා මෙට්‍රික්ටොන් 83,060කින් අඩුවි තිබේ.

නිවැරදි අධ්‍යයනයකින් පසු ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබඳ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ වගාවට යොමුවන ගොවීන් සංඛ්‍යාව හා සමස්ත වගා බිම් ප්‍රමාණය අඩුවීමත් මත සමස්ත ලොකුලූනු වගා අස්වැන්න පසුගිය වසර දහයක කාලයෙහි සැලකිය යුතු මට්ටමකින් පහළගොස් ඇති බවය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Image


ව්‍යාපෘතියට ගත්ත මිලියන 39ක ප්‍රාඩෝ රථය ඇමති කාර්ය මණ්ඩලයේ භාවිතයට අරන්

Published on: January 22, 2025, 10:20 AM

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ රුපියල් මිලියන 39ක ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් මිලදී ගෙන තිබූ ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත නොකර ජලසම්පාදන අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා භාවිත කිරීමට ලබාදී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ව්‍යාපෘති අරමුදල් භාවිත කරමින් ක්‍රීඩා උපයෝගිතා වාහනයක් ලෙස වර්ගීකරණය කරන ලද මෙකි සුඛෝපභෝගී ජිප් රථය 2019 වර්ෂයේ දි මිලදීගෙන තිබුණි. මෙම වාහනය ආනයනය කළ දිනයේ සිට ව්‍යාපෘතියේ කටයුතු සඳහා භාවිත කොට නොමැත. මුලදී රේඛීය අමාත්‍යාංශයේ ඇමති කාර්ය මණ්ඩලය සඳහා එය භාවිත කොට තිබේ.2023 වර්ෂයේ ජනවාරි මස සිට මෙකී ජීප්රථය වෙනත් අමාත්‍යාංශයකට රැගෙන ගොස් ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ පිළිබඳ අවස්ථා කිහිපයකදී විගණනය මගින් වාර්තා කළද කළමනාකාරිත්වය විසින් වාහනය ආපසු ලබාගැනීමට හෝ වාහනය අවභාවිතය වළක්වා ගැනීමට කටයුතුකර නොමැත.

ව්‍යාපෘතියේ වත්කම් අවභාවිතය වළක්වා ගැනීමටත් මෙකී වාහනය අවභාවිතවීම නිසා සිදුවූ සියලුම පාඩු වගකිවයුතු නිලධාරීන්ගෙන් අයකරගැනීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ව්‍යාපෘතිය විසින් SUV, WP CBG 7386 දරන රථය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත භාරදී ඇති බවය. පසුව අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව මෙකී රථය අමාත්‍යාංශය වෙත පවරා ඇති බවය.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.

Image


ටෙන්ඩරයකින් තොරව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන්න අල්ලස් ගත් හිමිනමක් අත්අඩංගුවට

Published on: January 22, 2025, 08:40 AM

ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමට බලපත්‍ර ලබාදීම පිණිස ව්‍යාපාරිකයන් දෙදෙනකු ගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් ලබාගත් බව කියන හිමි නමක අද අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර  ප්‍රදේශයේ පුරාණ විහාරස්ථානයක වැඩවසන 30 හැවිරිදි හිමි නමක බව පොලිසිය සදහන් කරයි.

පානදුර තොටවත්ත් සහ පල්ලිමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින්, සැකකාර හිමි නම රුපියල් ලක්ෂ 10 ක් සහ ලක්ෂ 5 ක් බැගින් ලබාගත් බවට කල පැමිණිලි මත සැකකාර හිමි නම පොලිසියට කැදවා ප්‍රකාශ ලබාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර හිමිනම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්

Image


කොස් ගසක අතු කපමින් සිටි සිසුවා අධිබලැති විදුලි සැරවැදී ජීවිතක්ෂයට

Published on: January 22, 2025, 07:52 AM

කොස් ගසක අතු කපමින් සිටියදී, කොස් අත්තක් අධි බලැති විදුලි රැහැනක ගැටීම හේතුවෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (21දා) ජීවිතක්ෂයට පත් වූ බව හුරිගස්වැව  පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  අංක  11 , සුදර්ශනගම මකුලෑව ලිපිනයේ පදිංචි අ/මකුලෑව ජාතික පාසලේ  10 වසරේ ඉගෙනුම ලබන  ජී.චලක්ශන ඉදුසර විජේරත්න නැමැති පාසල් සිසුවෙකි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දරුවන්  පස්දෙනකු සිටින පවුලක  වැඩිමහල් දරුවාය.

මෙම පාසල් සිසුවා  මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපමින් සිටියදීකපන ලද කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක  (වොට් 33000) ගැටීම හේතුවෙන්  විදුලිය සැර වැදී ගසෙන් බිමට ඇද වැටී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් පසු මෙම දරුවා පෞද්ගලික වාහනයක තඹුත්තේගම මූලික රෝහලට නැගෙනහිර තිබූ අතර තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල්  ප්‍රකාශකයකු පැවසීය.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය තඹුත්තේගම රෝහලේ තැන්පත් කර තිබුණු අතර මෙම අනතුර සම්බන්ධයෙන් හූරිගස්ස පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක්  වැඩිදුර විමර්ශන සිදුකරති

Image


අයි.එම්.එෆ්. ගිවිසුමේ සංශෝධන කිහිපයක් කළා

Published on: January 21, 2025, 10:15 PM

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමෙහි සංශෝධන කිහිපයක් සිදු කර ඇති බවත්, ඉදිරි කාල සීමාවෙහිදී කළ හැකි ගැලපීම් සමාලෝචනය කර තවදුරටත් සහන ලබා දීමට සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා අද (21දා) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම- ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ගිවිසුම සංශෝධනය කර යම් සහනයක් ලබා දීමට කටයුතු කරන්නේද කියලා අහනවා. මේ අභියෝග වලට මුහුණ දීම සඳහා දැනට කරන ලද සංශෝධන සහ වැඩ කටයුතු තමයි පැහැදිලි කළේ. නමුත් ඉදිරි කාලසීමාවෙහිදීත් මේ සඳහා කළ හැකි ගැලපීම් , රිවීව්ස් සමාලෝචන කර සුදුසු වාතාවරණයක් යටතේ තවදුරටත් සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය ඇප කැප වී සිටිනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු- ඇත්තටම මේ ප්‍රශ්නය ඇහුවේ මේ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද කියලා අපි දැනගන්න අවශ්‍ය නිසා. සිදු වුණු දේවල් අපි දැන් දන්නවා. ඒ සම්බන්ධයෙන් ජනතාව පිළිතුරු ලබා දීලා තියෙනවා. මම දෙවැනි ප්‍රශ්නයෙන් ඇහුවේ එම ගිවිසුමේ ඇති කොන්දේසි හේතුවෙන් ජනතාවට විශාල පීඩනයකට ලක්වී තිබෙන බව දන්නවාද කියලා. ඒකට ලබා දුන්න පිළිතුරෙන් ‌දන්නවාද නැද්ද කියලාවත් මට නම් තේරෙන්නේ නෑ. එහෙම නම් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොතේ අංක 105 තියෙන සියල්ල බොරුනේ. ඒ අනුව පිළිගන්න වෙනවා නේද මේ රටට බොරු කිව්වා කියලා?

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම- ඒ අවස්ථාවෙත් රජය කල්පනා කරලා ඇයි ඒ පාරට පිවිසුණේ කියලා බොහොම පැහැදිලි ලෙස කරුණු පැහැදිලි කළා පාර්ලිමේන්තුවට. මේ කඩා වට්ටලා තිබෙන ආර්ථිකය තුළ අතිශය දුක්විඳින ජනතාවට අවශ්‍ය කරන සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා  ඉදිරියට යන්න. ඔබ තමුන්නාන්සේලා කැමැත්තෙන් ඉන්නවා මේ පාර වට්ටන්න කකුලෙන් අදින්න වැඩ කරලා නැවත වතාවක් ඒ ජනතාව නැවත වතාවක් පීඩනයට පත් කරන්න. නමුත් ඒ වළේ වැටෙන්න අපි සූදානම් නෑ.අපේ බලාපොරොත්තුව  ඉදිරිය ගැන අවධානය යොමු කරලා මේ රට වට්ටලා තියෙන තැනින් බොහොම සාර්ථකව ආර්ථික ස්ථායීකරණ මට්ටමකට ගෙන ඒමයි. අපි එයට මූලික කටයුතු සූදානම් කර තියෙනවා.

Image


සබරගමුව සමන් දේවාලයේ අත්දළ යුගල දෙකක් ඌණතාවයක්

Published on: January 21, 2025, 09:10 PM

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලය සතු භාණ්ඩ වට්ටෝරු පොතේ ඇත් දළ යුගළ දෙකක ඌනතාවයක් ඇති බවට බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් පැමිණිල්ලක් යොමු කර ඇතයි රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය පවසයි

මේ සම්බන්ධව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පි.රත්නායක මහතාගෙන් කරන ලද විමසිමකදි සඳහන් කළේ සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයාගේ ධුර කාලය පසුගිය දෙසැම්බර් 31 වන දිනයන් පසුව අවසන් වු බැවින් තාවකාලික බස්නායක  නිළමේවරයෙකු ලෙස එස්.වි.චන්ද්‍රසිංහ මහතා නිත්‍යානු කුලව පත් කිරිමෙන් පසුව මහ සමන් දේවාලය සතු භාන්ඩ වට්ටෝරු පිළිබඳව පරික්ෂාවක් සිදු කල ඇති බවත් එමභාන්ඩ වල ඇත් දල යුගල දෙකක ඌණ තාවයක් ඇති බැවින් මේ සම්බන්ධව කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය වෙත පැමිණිල්ලක් යොමු කල බවයි.

මේ භාන්ඩ සම්බන්ධව හිටපු බස්නායක නිළමේ වරයාට කිප වතාවක්ම භාන්ඩ භාර දිමට දැනුවත් කල අතර එයට ප්‍රතිචාරයක් නොදැක්විම නිසා ඇත් දළ ජෝඩු දෙකක ඌණ තාවයක් ඇති බවට පැමිණිල්ලක් යොමු කලබව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.රත්නායක මහතා පැවසිය.

සබරගමුව නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් මත  රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.ප්‍රදිප් විජේසේකර මහතා ඇතුළු නිළධාරින් විසින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පැවත්වේ

Image


ප්‍රවාහන ඇමති, දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රවාහන බලධාරීන්ට නොතීසි

Published on: January 21, 2025, 08:14 PM

ඉන්දීය ණය  ආධාර යටතේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර අතර කොටස නවීකරණය කිරීමේදී ආබාධිත සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොසලසා ආබාධිත පුද්ගලයින් නොසලකා හැර, එම දුම්රිය මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව, ඉදිකර ඇති බවට චෝදනා කරමින් ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමය අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු වගඋත්තර කරුවන්ට පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කලේය.

මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කලේ තලාව, පහළගම ලිපිනයේ පදිංචි ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ (ආ.කා.ස ) සභාපති එම්. ඩී.  කමලාවතී මහත්මිය, නීතිඥ අමන්දා කල්පශාකා  මෙනවියගේ උපදෙස් පරිදි, නීතිඥ ධනුක කුමාරවඩු සහ නීතීඥ ඉසුරු මහේෂ් පණ්ඩිත යන මහත්වරුන් මගින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කල රීට් පෙත්සමක්  සලකා බලමිනි.

මෙම නඩුවේ වගඋත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක  මහතා සහ ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා , අධිකාරීවරයා ඉංජිනේරු අධිකාරී  (උතුර, අනුරාධපුර) සහ නීතිපතිවරයායි.

මෙම පෙත්සම මහාධිකරණයට ඉදිරිපත් කරමින් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ, ඉන්දීය රජයේ ණය අධාර යටතේ වවුනියාවේ සිට මහව දක්වා දුම්රිය මාර්ගයේ කරන ලද සංවර්ධන කටයුතු වලට සමගාමීව මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමේදී, 1996 අංක 28 දරන ආබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 25 වන වගන්තිය යටතේ සාදන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද 2006 අංක 1 දරණ ( ප්‍රවේශ ) අනුගමනය කිරීමකින් තොරව අදාල දුම්රිය ස්ථාන සංවර්ධනය කර ඇති බවයි.

ඒ අනුව මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී වග උත්තර කරුවන් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවටද චෝදනා කල පෙත්සම්කාරියගේ  නීතිඥවරුන්, මේ තුලින් වග උත්තරකරුවන් ආබාධ සහිත තැනැත්තන් නොසලකා හැර ඇති බවද කීවේය.

ප්‍රශ්න ගත දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේදී  වග උත්තරකරුවන් සිය නිල තනතුරට අදාල  රාජකාරී පැහැර හැර ඇති බවටද චෝදනා කළ පෙත්ස්ම්කාරියගේ නීතිඥවරුන්,  දුම්රිය මාර්ගයක් අළුත් වැඩියා කිරීමේදී  ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට රාජ්‍ය නිලධාරින් නිල බලයෙන්  බැඳී සිටින බවද අවධාරණය කලේය.

පෙත්සම්කාරියගේ නීතිඥවරුන් දැක්වූ කරුණු කෙරෙහි සිය අවධානය යොමු කල අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවා වසම් මහතා විමසා සිටියේ, මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයක් සම්බන්ධයෙන්, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට හා බලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට සහ  මධ්‍යම ආණ්ඩුවට  අයත් විෂයක් සම්බන්ධයෙන් රීට් ආඥා  නිකුත් කිරීමට  පළාත් බද මහාධිකරණයට බලයක් තිබේද යන්නයි?

ඊට ප්‍රතිචාර දක්වමින් පෙත්සම්කාරියගේ  නීතිඥවරුන් මහධිකරණය පවසා සිටියේ, 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 24 (1) සහ 24 (3) වගන්ති ප්‍රකාරව, ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වූ අවස්ථාවකදී ඊට අදාළව අධිකරණ බලය සහ සාධාරණ සහ යුක්ති සහගත  ප්‍රතිකර්ම සහ සහන ලබා දීමට පළාත් බද මහාධිකරණයකට බලය පවතින බවය.

පෙත්සම්කාරියගේ  නීතිඥවරුන් දැක්වූ සියලු කරුණු සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු  නලින්ද හේවාවසම්  මහතා, ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සහ දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කළේ, පෙබරවාරි මස 19 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

පෙත්සම්කාරිය ස්වකීය පෙත්සම මගින් ඉල්ලා ඇති රීට් ආඥාව නිකුත් කිරීම සම්බන්ධයෙන් එදිනට සලකා බැලීමට නියමිතය.

පෙත්සම්කාර ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනී එම්. ඩී. කමලාවතී මහත්මිය වෙනුවෙන් නීතිඥ  ආමන්දා කල්ප ශාඛා මෙනවියගේ  උපදෙස්  මත නීතිඥවරුන් වන ධනුක කුමාරවඩු සහ ඉසුරු මහේස් පණ්ඩිත  යන මහත්වරු පෙනී සිටියහ.

1996 අංක 28 දරණ ආබාධිත සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව මෙරට මහාධිකරණයක පැවරූ ප්‍රථම නඩුකරය වශයෙන් මෙම පෙත්සම ඉතිහාසගත වේ.

Image


රටින් පිටතට ගෙන ගිය වත්කම් යළි පවරාගැනීමේ පනතට නීතිපති නිෂ්කාශනය

Published on: January 21, 2025, 07:19 PM

මේ වන විටත් රටින් පිටතට ගෙන ගොස් ඇති වත්කම් රාජසන්තක කර නැවත රජයට පවරා ගැනිමට අදාළව අපරාධයකින් උත්පාදිත දෙය පිළිබඳ පනත් කෙටුම්පතට නීතිපති නිශ්කාශනය ලැබී තිබේ.

එම පනත් කෙටුම්පත ගැසට් පත්‍ර යේ පළ කිරිමටත් පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Image


පාසල් සිසුන්ට දිවා ආහාර දීමේ වැඩසටහන අඛණ්ඩව

Published on: January 21, 2025, 06:24 PM

සියලු දෙනාට අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක පාසල් පෝෂණ වැඩසටහන වන පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදීමේ වැඩසටහනට කැබිනට අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දරුවන්ට හා ළමුන් 100ට අඩු පාසල්වල සියලුම දරුවන්ට ආදි ලෙස පාසල් සිසුන් ලක්ෂ 15කට මෙම දිවා ආහාරය ලබාදිමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Image


ලක්ෂ 364ක මත්ද්‍රව්‍ය සමග බ්‍රිතාන්‍ය ජාතික කරාතේ ගුරුවරයෙක් කටුනායකදී අල්ලයි

Published on: January 21, 2025, 05:29 PM

රුපියල් තුන් කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා “හෂීෂ්’’ සහ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශිකයෙකු 01/21 දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු උතුරු අයර්ලන්තයේ වාසය කරන 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ඔහු එරට කරාතේ සටන් ශිල්පය උගන්වන ගුරුවරයෙකි .

ඔහු 01/21 දින දහවල් 11.06 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ “හෂීෂ්’’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 370 ක් සහ “ කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 908 ක් සගවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති පුද්ගලයෙකු බව , ඔහුගේ ගමන් බලපත්‍රය ඇසුරෙන් සිදු කළ විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා 01/21 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර 01/27 දින දක්වා රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට නියමිතය .

Image


මහනුවර - මහියංගනය මාර්ගය රාත්‍රියට වසා දමයි

Published on: January 21, 2025, 04:39 PM

මධ්‍යම පළාතේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගල් පෙරළීම ඇතුලුව අවදානම් තත්ත්වය නිසා  මහනුවර මහිංගණය ප්‍රධාන මාර්ගය තව දුරටත්  රාත්‍රී කාලයේ වසා දැමීමට පියවර ගත් බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි.

අධික වැසි හේතුවෙන් මෙම මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක බැවින් අදාල අංශ සමඟ අද (21) පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගත්  බව ද ඒ මහතා පැවසුවේය.

ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, තෙල්දෙණිය හා උඩුදුම්බර පොලීසිය, මර්ග සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන රැසක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ඒ අනුව අද පස්වරු 06.00 සිට හෙට උදෑසන 06.00 දක්වා මාර්ගය වසා තබන බවත් අවදානම් තත්ත්වය පහව යන තුරු රාත්‍රී කාලයේදී වාහන ගමනාගමනය අත්හිටුවීමට එහිදී තීරණය කළ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

රාත්‍රී කාලයේ මෙම මාර්ගයේ ගමන් කිරීම අවදානම් නිසා විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස ද දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

Image


කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ - නලින්දගෙන් මහින්දට පිළිතුරක්

Published on: January 21, 2025, 04:00 PM

හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ආන්දෝලනයක් ඇතිව තිබේ.ජනපතිවරයාගේ ප්‍රකාශයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබාදුන් අතර අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳව අවධානයයොමුවිය. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ රජය දැනුම් දෙන තෙක් නොසිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දැන්ම ඉන් ඉවත්විය හැකි බවයි.

“1986 ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සම්මත කරපු පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටියේ නැති වුණාට ඊට පස්සේ පාර්ලිමේන්තු ගණනාවක් නියොජනය කළා.

මේ පනත් ක්‍රියාත්මක කරපු ලංකාවේ ජනාධිපතිවරයා ලෙස හිටියා. හිටපු ජනාධිපතිවරයාගේ හෝ හිටපු ජනපතිවරයාගේ වැන්දඹුව වෙනුවෙන් වාසය සඳහා උචිත නිවසක් නොසපයන අවස්ථාවක හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට හෝ ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිටපු ජනපතිවරයාට හෝ වැන්දඹුවට ගෙවිය යුතුය.

පනතේ තියෙනවා. මම හිතනවා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට මේක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. කියනකම් ඉන්න දෙයක් නෑ යන්නයි තියෙන්නේ. එක්කෝ ඒක ගෙවාගෙන ඉන්න පුළුවන්.එතුමාට කරදඩු උස්වුණ දරුවන් තිදෙනෙක් ඉන්නවා. එයාලට තමන්ගේ අම්මා තාත්තා බලාගන්න පුළුවන්. මේක සියලුම හිටපු ජනපතිවරුන්ට අදාළයි”

Image


පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි

Published on: January 21, 2025, 03:42 PM

කාර්ය මණ්ඩලය හා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය ආණ්ඩුව විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ආරම්භ කරනු ලැබූ මහාචාර්ය ඒකකය ඉන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එසේ ඉවත් කරනු ලබන මහාචාර්ය ඒකකය නාගොඩ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. නාගොඩ ශික්ෂණ රෝහල ආශ්‍රිතව මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල ඉදිරිකිරීමට නියමිතය.

Image


පාසල් සිසුවිය පැහැරගෙන යාමේ සිදුවීමට දවුලගල වැඩ බැලූ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Published on: January 21, 2025, 02:59 PM

දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී 18 හැවිරිදි පාසල් සිසුවියක පුද්ගලයෙකු විසින් පැහැරගෙන යාමේ සිද්ධියවු දිනයේදී පොලිසිය නිසි ලෙස රාජකාරී නොකිරීමේ චෝදනා මත එම පොලිස් ස්ථානයේ එදින වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කොට කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරු කිරීමට පියවර ගෙන තිබේ.

එසේ වැඩ තහනම් කොට ඇත්තේ සිද්ධිය වූ දිනයේ දී දවුලගල පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.එස්.එස්. රණසිංහ මහතායි. එම පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතුව සිටි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ජී. කුසුම් ගමගේ මහත්මිය කඩුගන්නාව පොලිසියටද උප පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්. නිමල්සිරි (අපරාධ අංශයේ ස්ථානාධිපති) වෙලම්බොඩ පොලිසියටද ස්ථාන මාරු ලබා දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝග මත මෙම විනය පියවර ගෙන තිබේ.

ඉකුත් ජනවාරි මස19 වැනි දින පෙරවරු 7.30 ට පමණ දවුලගල පොලිස් වසමේ හපුගහයට තැන්න ප්‍රදේශයේදී මෙම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කළ බව කියන ගම්පොළ පොලිසියේ රාජකාරියේ නියුතු නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසියේ මෙහෙයුම් මැදිරියට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් දවුලගල පොලිසිය ක්‍රියාත්මක නොවීමේ චෝදනාමත මෙම විනය පියවර ගෙන ඇති බව ඉහළ පොලිස් නිලධාරියකු පැවසීය.

Image


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රී අර්චුනාට එරෙහිව විමර්ශනයක්

Published on: January 21, 2025, 02:10 PM

අනුරාධපුර පොලිස් වසමේ ගල්වල හන්දිය ප්‍ර දේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා රථ වාහන රාජකාරී යෙදී සිටි රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථ වාහන නීතියට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මන්ත්‍රීවරයා එම අවස්ථාදෙී කරන ප්‍රකාශ මගින් ජාතින් අසමගියක් ඇති වී තිබේද යන්න සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශනය්ක ආරම්භ කර තිබේ.

මෝටර් වාහන පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිය ප්‍රකාරව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලීසිය කටයුතු කරන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Image


සෝමාවතිය පුද බිම යටවෙයි

Published on: January 21, 2025, 01:38 PM

‍පොලොන්නරුව ප්‍රදේශයට නොකඩවා ඇදහැලේන වර්ෂාවෙන් සුංගාවිල සොමාවතිය චෛත්‍යය මාර්ගයේ ජලයෙන් යටව් ඇති අතර සෝමාවතී චෛත්‍යය පුජා භුමියේද ජලයෙන් යටව් තිබේ.

පොලොන්නරුව මනම්පිටිය ගල්ලැල්ල මාර්ගය දින දෙකක් ජලයෙන් යටවුවද⁣ අද  ජලය පහත යැම නිසා රථ වාහන ගමනාගමනය සිිදුවිය.

ගංවතුරට නිස තමන්කඩුව දිඔුලාගල ලංකා පුර  යන ප්‍රදේශවල පුද්ගලයන්  519 දෙනෙක් පමණ සහන කදවුර වල සහඟදති නිවස්වල රැදි සිටින බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතා සදහන් කළේය.

සරත් නිශ්ශංක

Image


තහනම් පිරමීඩාකාර ආයතන මහ බැංකුව නිවේදනය කරයි

Published on: January 21, 2025, 11:25 AM

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයන් පැවැත්වීමෙන් අනතුරුව ආයතන 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති අතර, එකී ආයතන මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Image


කෙටි කන් බකමූණෙකු මෙරටින් හමුවෙයි

Published on: January 21, 2025, 10:19 AM

උතුරු අර්ධ ගෝලයේ සිට ශීත කාලයේදී සමකය ආසන්න රටවලට පියාසර කරන short-eared owl (Asio flammeus) හෙවත් කෙටි කන් බකමූණෙකු, වර්ෂ ගණනකට පසු මෙරට අහසෙහි නිරීක්ෂණය වී තිබේ.

ඒ අනුව පක්ෂිවේදී මෝදිත කොඩිකාරආරච්චි මහතා සිය දෛනික නිරීක්ෂණ අතරතුරදී දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ ඉහළ අහසේ රවුම් ආකාරයට පියාසර කරමින් සිටියදී පසුගියදා මෙම බකමූණා නිරීක්ෂණය කර ඇත.

ඔහු පෙන්වා දෙන ආකාරයට, short-eared owl මෙරට තුළ මෑත කාලයේදී වාර්තා වී නොතිබී ඇති අතර, මේ ආකාරයට පක්ෂියා නිරීක්ෂණය වී ඇත්තේ වසර 10ක් පමණ ඉක්ම වූ කාලයකට පසුවය.

එසේම පක්ෂියාගේ ඡායාරූපද මෙරට තුළදී මින් පෙර ලබා ගෙන තිබූ බවට වාර්තා නොවන බවද කොඩිකාරආරච්චි මහතා පැවසීය.

ලොව විශාලතම ව්‍යාප්තිමය පරාසයකින් යුත් පක්ෂි විශේෂයක් ලෙස හැඳින්වෙන ‘short-eared owl’ යුරෝපය, ආසියාව, උතුරු සහ දකුණු ඇමරිකාව, කැරිබියන්, හවායි යනාදී දූපත්වල විවෘත ප්‍රදේශ හා තණබිම්වලදී හමුවන අතර, එම පක්ෂීහු උතුරු කලාපවලින් ශීත කාලයේදී දකුණට පියාසර කරති.

Image


මනූෂ සී.අයි.ඩී. යට පැමිණෙයි

Published on: January 21, 2025, 09:40 AM

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

Image


විදුලි බිල අඩුවීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩුවීම ඉදිරි සති දෙකෙන් පසුව

Published on: January 21, 2025, 09:29 AM

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

පසුගිය 17වන දින සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල30%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් කටයුතු කළ බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

මේ අනුව ඊයේ (20දා) සිට නිෂ්පාදනය කරන භාණ්ඩවලට අදාළ විදුලි පරිවැය අඩු වී තිබෙන බවත්, එහි වාසිය ලෙස භාණ්ඩ මිල 5%ත් 10%ත් අතර මුදලකින් අඩු වන බවද පැවසීය.

මේ ආකාරයට නිෂ්පාදනය කරන භාණ්ඩ සති දෙකක් පමණ වන විට වෙළෙඳ පොළට නිකුත් වන බවත්, මේ අනුව අදාළ සහනය ජනතාවට හිමිවන බවද කියා සිටියේය.

මීට අමතරව කොණ්ඩා කැපීම, වාහන පිරිසිදු කිරීම වැනි සේවා සැපයීම්වල ගාස්තුව පවා ක්‍රමානුකූලව අඩු වන බවත්, විදුලි ගාස්තු අඩු කිරීම තුළින් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබී තිබෙන බවද සඳහන් කළේය.

Image


ඒක පුද්ගල ණය, ඒක පුද්ගල ආදායමත් ඉක්මවයි

Published on: January 21, 2025, 08:31 AM

2025 වර්ෂයේ ජනවාරි 02 වැනි සතිය වන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල  ආදායම ඉක්මවා ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන පිළිබද මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග කළ විමසීමක දී ඔහු විසින් අනාවරණය කරන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සංඛ්‍යයන වාර්තාවකින් මේ බව අනාවරණය වෙයි.

2020 වර්ෂයේ දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ  පුද්ගල අදායම  ඒක පුද්ගල ණය ප්‍රමාණය සෑම වසරකම ඉක්මවා පැවතුණි.

එහෙත් 2021 න් පපසුව ලංකාවේ ප්‍රථම වතාවට ඒක පුද්ගල ණය ප්‍රමාණය ඒක පුද්ගල ආදායමත් ඉක්මවා ගොස් ඇත. එනම් 2021 වර්ෂයේ දී ඒක පුද්ගල ආදායම රුපියල් 7,94,926 ක් වූ අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 7,95,007 ක් ලෙස වාර්තා විය.

2022 වර්ෂයේ දී ඒක පුද්ගල ආදායම රුපියල් 10,84,882 ක් ලෙස වාර්තා වන අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 12,39,441 ක් ලෙස වාර්තා වෙයි.

2023 වර්ෂයේ දී ඒඒක පුද්ගල ආදායම රුපියල් 12,53,785 ලෙස වාර්තා වන අතර ඒක පුද්ගල ණය ප්‍රමාණය 13,02,171 ක් ලෙස දැක්වෙයි.

මේ අනුව පැහැදිළි වනුයේ 2020 න් පසුව සෑම වසරකදී ම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ මට්ටමක පැවති බවයි. ආර්ථික වශයෙන් ගත් විට මෙය සුභවාදී තත්ත්වයක් නොවන බව ද මහාචාර්යවරයා සදහන් කරන ලදී.

චන්දන සමරවික්‍රම

Image


වරාය අධිකාරිය 2023දී රුපියල් කෝටි 630 ක අතිකාල ගෙවලා

Published on: January 21, 2025, 07:29 AM

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවති අංශවල සේවකයින් සදහා 2023 වර්ෂයේදී අතිකාල දීමනා වශයෙන් දෙසීය අනූකෝටි හය ලක්ෂ හැත්තෑනව දහස් දෙසීය අසූ අටක මුදලක්( 2,920,679,288) ගෙවා ඇති බව ජාතික විගණන වාර්තාවක සදහන් වෙයි.

ර්‍ශ්‍රලංකා වරාය අධිකාරිය විසින් 2023 වර්සයේ දී අධිකාරියේ සේවකයන් සදහා ගෙවා ඇති සමස්ත අතිකාල දීමනාව රුපියල් හයසිය තිස්කෝටිඅනු නව ලක්ෂ හතලිස් හය දහස් හයසිය අසූ එකකි(6,319,946,681). වරාය අධීකාරියේ මෙහෙයුම් කටයුතු සදහා සෘජුව සම්බන්ධතාවයක් නොදක්වන අංශ 07 ක සේවකයින්1876 දෙනෙකුගේ අතිරික්තයක්  පැවති බව ද විගණන වාර්තාවේ සදහන් වෙයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාශ 35 මගින් ඉදිරිපත් කරනු ලැබූ කාර්ය මණ්ඩල තොරතුරු අනුව තනතුරු 187 කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 997 දෙනෙකු සේවයේ යොදවා තිබුණි.

එහෙත් අධිකාරියේ මෙහෙයුම් කටයුතු සදහා සෘජුවම සම්බන්ධතාවයක් දක්වන බහාලුම් මෙහෙයුම් අංශයේ සේවකයන් 160 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

වරාය අධිකාරියේ කළමණාකරණය විසින් කාර්ය මණ්ඩල ඵලදායිතා සේවයේ යොදවා අතිකාල වියදම් අඩු කර ගැනීමට කටයුතු කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කර ඇත.

චන්දන සමරවික්‍රම

Image


චීන මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර තුනකට දිගු කරයි

Published on: January 20, 2025, 10:25 PM

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කළ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දීදීර්ඝ කරන ලද බව මහ බැංකුව නිවේදනය කරයි.

චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පි. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති, පැන් ගොන්‍ශ‍ෙන් මහතා ගිවිසුමට අත්සන් තැබීය.

Image


දින 100 ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව අනුව ආණ්ඩුව ෆේල්ලු

Published on: January 20, 2025, 09:23 PM

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවත්, එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (20දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අද වන විට ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 100 සම්පූර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවක දින 100 තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට ආවම වැදගත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනාපු විශාල ජනතාවක් විශාල අපේක්ෂාවන් තියාගෙන මේ රටේ ඉන්නවා.

ආණ්ඩුව ඡන්ද කාලයේදී බලාපොරොත්තු ලබා දුන්නා. ඒ අනුව ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත්, සමහර මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත් ඔවුන්වත් මේ ආණ්ඩුවේ දින 100 ගැන සන්තෝෂයකට එහෙම නැතිනම්, සෑහීමකට පත්වෙලා නෑ කියලා. මොකද දින 100 ප්‍රගති වාර්තාව ආරන් බැලුවොත් අපිට පේනවා ආණ්ඩුව ඒ දින 100 ප්‍රගති වාර්තාව තුළ විශේෂයෙන් කෙටිකාලීනව ආණ්ඩුව කරනවා කියලා ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා.

දින 100 දිහා අපි හැරිලා බැලුවම ආණ්ඩුවේ දින 100 ගමන සාර්ථකත්වයක් ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා එක එක දේවල් කියන්න පුළුවන්. අගමැතිතුමිය කියන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරු නොයෙකුත් සුරංගනා කතා කියන්න පුළුවන්.

ඒවා තවම කෙරෙනවා. නමුත් අපි යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ආණ්ඩුව මෙතෙක් කල් ආපු ගමන් මගේ ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතන්නේ මම හිතන්නේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසකුත් කනගාටු වෙලා තිබෙනවා. ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කතා කරන විලාශය බැලුවම ඔවුනුත් සෑහීමකට පත්වෙලා නෑ.”

Image


බන්ධනාගාර නියාමකගේ හිස් වැසුමෙන් අයිස් හමුවෙයි

Published on: January 20, 2025, 08:35 PM

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරයෙකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 28ක් හමුව තිබේ.

දුම්බර බන්ධනාගාරයේ නියාමකවරයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරකට අනුව, බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කලක සිට අවධානයෙන් සිට තිබේ. ඒ අනුව ඊයේ (19දා) අදාළ නියාමකවරයා පරීක්ෂා කිරීමේදී, ඔහුගේ හිස් වැසුමේ ඇතුල් පැත්තේ කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට සියුම් කැපුමක් යොදා, ඒ තුළට මෙම අයිස් මත්ද්‍රව්‍ය ඇතුල් කොට තිබියදී බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙම නියාමකවරයා මත්ද්‍රව්‍ය සපයා ඇති බවට බන්ධනාගාර නිලධාරීහු සැක පළකරති.

සැකපිට අත්අඩංගුවට ගත් නියාමකවරයා, පල්ලෙකැලේ පොලීසියට භාර දී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විනය අංශය විසින්ද විමර්ශනයක් සිදුකරයි.

Image


රජයේ ආයතන රජයට බරක් නොවන ලෙස පැවතීම රජයේ අපේක්ෂාවයි

Published on: January 20, 2025, 07:32 PM

රජය සතු ආයතන රජයට බරක් ලෙස නොව රටට ඵලදායී අත්‍යවශම ආයතන ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරණු ලැබුවේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම පිළිබඳව රජයේ නව මුද්‍රණාලාධිපති කේ.ජී.ප්‍රදීප් පුෂ්පකුමාර මහතා ඇතුළු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියළුම මාණ්ඩලික නිලධාරීන් සහ අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ සාකච්ඡාවක දී ය.

අමාත්‍යවරයා සාකච්ඡාවට සමඟාමීව රජයේ මුද්‍රණාලයට අයත් සියළුම අංශ වෙත පෞද්ගලිකවම  ගොස් කරුණූ සොයා බැලු අතර, එහි දී නවක මෙන්ම දශක තුනකටත් වඩා වැඩි සේවා කාලයක් රජයේ මුද්‍රණාලයේම සේවය කර ඇති පලපුරුදු සේවකයන් මුණගැසී මුද්‍රණාලයේ ප්‍රගතිය වැඩිදියුණු කළයුතු අංශ පිළිබඳවත්, එමෙන්ම දුර්වලතා සහ අඩුපාඩු පිළිබඳවත්, කරුණූ සොයා බැලීම සුවිශේෂී සිද්ධියක් විය.

පැය 24 පුරා අඛණ්ඩව සේවා සපයන රජයේ මුද්‍රණාලයේ කටයුතු කිසිදු බිඳවැටීමකින් තොරව ක්‍රියාත්මක කිරීම වැදගත් බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා, රටේ පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව ද සැලකිල්ලට ගනිමින් මනා කලමණාකරණයකින් හා මනා සැලැස්මකට අනුව සියළු වෘත්තිය සමිති වල ද අදහස් එම සැලැස්මට අනුගත කර ගනිමින් ඉදිරි කටයුතු සිදු විය යුතු බව මෙහිදි පැවසීය.

තම ආයතනයේ ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට පමණක් නොව සමස්තයක් ලෙස සියළු ආයතනවල ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ලබාදෙන සේවාවන් විධිමත් කිරිමට කටයුතු කළ යුතු බවත් මෙහි දී තවදුරටත් පැවසු අමාත්‍යවරයා  සියළු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීම තුලින් පෞද්ගලික ආයතන මෙන් ලාභ උත්පාදනය කල හැකි ක්ෂේත්‍රවලට අදාළව විවෘත වෙළෙදපොල සමග තරඟ කිරිමට උත්සාහ කල යුතු බව ද පැවසීය.

ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව මෙරට තරුණ ප්‍රජාවට මුද්‍රණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම බෙදා දීමේ පෙර ගමන්කරුවක් විය යුතු බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා තරුණ ප්‍රජාව මුද්‍රණ ක්ෂේත්‍රයට ආකර්ශණය කර ගත හැකි වැඩපිළිවෙලක් සකසන ලෙස ද  වැඩිදුරටත් පැවසීය.

කාර්ය මණ්ඩල සංඛ්‍යා සමාලෝචනය, තාක්ෂණික කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම, රජයේ මුද්‍රණ දෙපාර්මේන්තුවට සංශෝධිත දිරි දීමනා ක්‍රමවේදයක්  ක්‍රියාත්මක කිරීම, දෙපාර්තමේන්තුවට නවීන තාක්ෂණය අත්පත් කරගනිමින් සංවර්ධනය කිරීම සඳහා සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සංයුක්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීම, සියලුම ප්‍රකාශන කටයුතු යුනිකෝඩ් මඟින් සිදු කිරීම, සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි.

“කෘතහස්ත කාර්ය මණ්ඩලය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කලට වේලාවට ගුණාත්මක නිමාවකින් යුතුව සේවාලාභීන් තෘප්තිමත් වන අයුරින් මුද්‍රණ හා ප්‍රකාශන සේවා සැපයීම” මෙහෙවර කර ගනිමින් ක්‍රියාත්මක රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි රහස්‍ය, හදිසි, අත්‍යවශ්‍ය මුද්‍රණ ඇතුළු මුද්‍රණ හා ප්‍රකාශන සේවා සැපයීම, අන්තර්ජාලය හරහා සෘජුවම ගැසට් පත්‍ර මඟින් තොරතුරු සන්නිවේදනය කිරීම, මුද්‍රණ කටයුතු සම්බන්ධ තාක්ෂණික සේවාවන් සැපයීම යන කාර්යයන් සිදු කරනු ලබයි.

Image


ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු

Published on: January 20, 2025, 06:58 PM

ලංගම  බස් රථයක් හොරොව්පොතාන  පරංගියාවාඩිය මාර්ගයේ  පොතාන ප්‍රදේශයේදී මාර්ගය  ජලයෙන් යටවී ඇති ස්ථානයකින් ගමන් කිරීමට එහි රියදුරා ගත් උත්සාහයකදී බස් රථය  මාර්ගයෙන් ඉවත්ව යෑමෙන්  අනතුරක් සිදුව ඇති බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

පුලියන්කඩවල ප්‍රදේශයේ සිට හොරොව්පොතාන හරහා  කොළඹ බලා ගමන් කරන හොරොව්පොතාන ඩිපෝවට  අයත් බස් රථයක් ඊයේ (19දා) මෙලෙස අනතුරට ලක්ව තිබූ බවද පොලිසිය කියයි.

මේ හේතුවෙන් කිසි වෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර  බස් රථය පෙරලී  ගියේ නම්, එය ජලයෙන් යට වී  යටවී  විශාල අනතුරක් සිදු වීමට ඉඩ තිබූ බව මෙහිදී ප්‍රදේශවාසීහු  පිරිසක් පැවසූහ.

හොරොව්පොතාන අලුත් ඔය මාර්ගයේ ජනතාවට ගමන් කිරීම සඳහා යුධ හමුදා  ‘බෆල් රථ’ මගින් පුද්ගලයින් එගොඩ කිරීම සිදු කෙරිණි.

Image


දුම්රියේ ඔන්ලයින් ටිකට් වංචාව ගැන සී.අයි.ඩී. පරීක්ෂණ අරඹයි

Published on: January 20, 2025, 06:45 PM

දුම්රිය ආසන ”ඔන්ලයින්” ක්‍රමයට වෙන් කිරීමේ ඊ-ටිකට්පත් නිකුත්කළ සැනින් මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (20) දැනුම් දුන්නේය.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුව හා ‘මොබිටෙල්’ සමාගම එක්ව ක්‍රියාත්මක කරන දුම්රිය ආසන ”ඔන්ලයින්” ක්‍රමයට වෙන්කිරීමේ ක්‍රමය ආරම්භ කර තත්පර 42ක කාලයක් තුළ අදාළ ඊ-ටිකට්පත් සියල්ල මිලදී ගැනීම සම්බන්ධයෙන සම්බන්ධයෙන් ඇති වු සැකය මත මෙම පැමිණිල්ල කර ඇතැයිද දැනුම් දුන්හ.

සිද්ධියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ගෙනු කරමින් රහස් පොලිසිය මේ බව දැනුම් දුන්නේය.

දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමඟ එක්ව දුම්රිය ප්‍රවේශපත්‍ර මාර්ගගත ක්‍රමයට “ඊ-ටිකට්පත්” අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු “ඊ-ටිකට්පත්” නිකුත් කර කෙටි වේලාවක් තුළ ටිකට් පත් සියල්ල මිලදීගෙන ඇති බවත් පසුව එම ටිකට්පත් වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් දැනුම් දුන්හ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බවට නිලධාරීන් කළ දැනුම්දීම සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන ලෙස නියම කළාය.

සචිත්‍ර ගුණසේකර

Image


ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ජනපති කියන්නේ බොරු

Published on: January 20, 2025, 05:59 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිලිබදව සිය ආණ්ඩුවේ අළුත් වැඩක් ලෙසින් ඉදිරිපත් කරන ව්‍යාපෘතිය මින් වසර තුනකට පෙර තමන් බලශක්ති අමාත්‍යධූරය දරන සමයේ සම්පූර්ණ කල ව්‍යාපෘතියක් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. මේ සම්බන්ධ ගිවිසුම 2022 වසරේ අත්සන් කල බවත් එවකට එයට දැඩිව බාධා කලේ ජාතික ජන බලවේගය බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටීයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් පකර සිටියේ අද දින (20) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“ජනපතිවරණ සමයේ දී ජනාධිපතිතුමා කිව්වේ ඉතාම කෙටි කාලයකින් මොකක්ද යෙදුම? ඉතාම කෙටි කාලයකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කියලා.  එතුමා ඒක කියලා නිකන් හිටියේ නෑ.  රුපියල් නවදාහක විදුලි බිල හය දහස දක්වා අඩු වෙනවා කියමින් උදාහරණත් සමග අපට පැහැදිලි කර දුන්නා. නමුත් ආණ්ඩුව පත් වී මාස හතරක් වුණත් ඉතාම කෙටිකාලය උදා වුණේ නෑ.  විදුලි බිල අඩු කළ යුතුයි කියන දැවැන්ත මහජන පීඩනය නිසාම මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල අඩු කිරීමට මහජන අදහස් ගත්තා. එහිදී ජනතාව නම් ඉල්ලුවා පොරොන්දු වූ පරිදි 1/3 මිල අඩු කරන්න කියලා. නමුත් විදුලි බල මණ්ඩලය කිව්වේ බිල අඩු කරන්න පුළුවන් 3%කින් විතරයි කියලා.  ඒ අතරේ බලශක්ති ඇමතිතුමා කිව්වා බිල අඩු කරන්න නොවේ 37%කින් වැඩි කරන්නයි වෙලා තිබෙන්නේ කියලා.

මේ සියල්ලටම ඇහුම්කන් දීලා මහජන උපයෝගිතා කොමිසම 20%කින් විදුලි ගාස්තු අඩු කරන්න නිර්දේශ කලා.  මීට කලින් නම් මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුවේ මතයට කීකරු නොවුණොත් සභාපති අස් කරලා හරි මට්ටු කරනවා මිස කොමිසම කියන දේ කරන්නේ නෑ.  නමුත් ඔය අතරේ හෝමාගම, මොරටුව, කැළණිය, අගුණුකොලපැලැස්ස සහ බේරුවල වගේ මාලිමාව ඉහලින්ම ජයග්‍රහණය කරපු මැතිවරණ කොට්ඨාශ වල පැවැති සමූපකාර සමිති නිලවරණයන්ගෙන් මාලිමාවට අන්ත පරාජයක් අත් වුණා.

පොරොන්දු සිහිපත් කිරීමෙන් රත් නොවුණු අනුර කුමරුගේ පඬුපුල් අසුන සමූපකාර ඡන්ද ප්‍රතිඵලය දැකලා රත් වෙන්න පටන් ගත්තා.  අනුර කුමරුගේ පඬුපුල් අසුන විතරක් නොවේ ආණ්ඩුවේ නායකයන්ගේ හිස් මොළ මේ දැවැන්ත පරාජය හමුවේ රත් වෙන්න පටන් ගත්තා.

අන්න ඒකයි අවුරුදු තුනකට අඩු කරන්න බෑ කියූ විදුලි බිල හදිසියේම අඩු කරන්න ආණ්ඩුව තීරණය කලේ.  ඒ නිසා විදුලි බිල 20%කින් අඩු කිරීමේ සමස්ථ ගෞරවය සමූපකාර ඡන්ද වල දී මාලිමාවට අන්ත පරාජයක් අත් කරලා දුන්නු ඡන්දදායකයින්ට හිමි වෙනවා.  මේ රැල්ල ඉදිරි සමූපකාර ඡන්ද වලටත් අරගෙන ගියොත් කඩවුණු පොරොන්දු සියල්ලම මේ ආණ්ඩුවෙන් ඉටු කර ගන්න පුළුවන් වේවි කියලා ජනතාවට සිහිපත් කරනවා.

ඉතාම කෙටි කාලයක් කියන්නේ මාස හතරකට බවත් 1/3ක් ප්‍රතිශතයක් ලෙස දක්වන විට 20%ක් බවත් අපට කියා දුන්ජ නාධිපතිතුමනි, ඔබට බොහොම පිං.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තිබෙන ටැංකි 99 ලංකාවේ තෙල් ගබඩා කිරීමේ අවශ්‍යතාවයට වඩා වැඩි බවත් ඒ නිසා ටැංකි 24ක් පමණක් තෙල් සංස්ථාව තබා ගෙන දැනට එල්අයිඕසි සමාගම භාවිතා කරන ටැංකි 14 ඒ අයටම භාවිතා කරන්න දීලා ඉතිරි ටැංකි 61 ඉන්දියානු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට සංවර්ධනය කරනවා කියලා ජනාධිපතිතුමා ඊයේ කටුකුරුන්දේ දී කිව්වා.  ඕක ජනාධිපතිතුමාට අමුතුවෙන් කරන්න දෙයක් නෑ.

මීට වසර 3කට කලින් අපි ඕක කරලා ඉවරයි. මම 2020  බලශක්ති ඇමති ධූරය භාර ගන්නා විට තෙල් ටැංකි 99ම 2002 සිට ඉන්දියාවට දීලා තිබුණේ.  එයින් ටැංකි 14ක් පමණක් එල්අයිඕසි සමාගම තෙල් ගබඩා කරන්න භාවිතා කළා.  ටැංකි දෙකක් ප්‍රීමා සමාගමට ජලය ගබඩා කරන්න දීලා තිබුණා. ඉතිරි ටැංකි 83ම 1945 සිටම ඒ කියන්නේ අවුරුදු 75ක් ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වෙමින් තිබුණේ.  ඉන්දියාවත් එක්ක අවුරුද්දක් පුරා කේවල් කරලා එල්අයිඕසි සමාගම භාවිතා කරපු ටැංකි 14 ඒ අයට තව දුරටත් භාවිතා කරන්න දීලා ඉතිරි ටැංකි සියල්ලම අපේ යටතට ගත්තා.  මේ ගිවිසුම අත්සන් කලේ 2022 ජනවාරි 6 දා.

තෙල් සංස්ථාවේ ගබඩා පහසුකම් අවශ්‍යතාවය සපුරන්න තෙල් ටැංකි 24ක් සංස්ථාවට පැවරුවා.  ඒවායින් ටැංකි පහක අළුත්වැඩියාවත් ඒ කාලයේම ඇරඹුවා. තව මාසයක් යන කොට ඒ අළුත්වැඩියා ඉවර වෙනවා.  වත්මන් ඇමතිතුමා රිංගලා බැලුවේ එහෙම අළුත්වැඩියා කරමින් තිබෙන ටැංකියක් තමයි.

ඒ වගේම 2022 ජනවාරි මාසයේම අපි නැව් තෙල් වෙළඳාම සහ ජාත්‍යන්තර වෙළඳපොලට ගබඩා පහසුකම් සැපයීමේ අරමුණින් ඉතිරි තෙල් ටැංකි 61 ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඛනිජතෙල් සංස්ථාව සහ එල්අයිඕසි සමාගම අතර ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් නව ඒකාබද්ධ සමාගමක් ආරම්භ කලා.  මීට අවුරුදු තුනකට කලින් අපි සම්පූර්ණ කරපු වැඩක් තමයි දැන් ජනාධිපතිතුමා අළුත් වැඩක් විධියට රටට පෙන්වන්න හදන්නේ.

ජනාධිපතිතුමාට මාව විශ්වාස නැතිනම් බලශක්ති අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ “තෙල් ටැංකි යළි රටට” කියලා පොතක් තිබෙනවා.  ඒ වගේම 2022 අත්සන් කළ ගිවිසුම තිබෙනවා.  ඒවා බලලා මේ ව්‍යාපෘතියේ ඇත්ත ඉතිහාසය ඉගෙන ගන්න කියලා මම ජනාධිපතිතුමාට යෝජනා කරනවා.  2022 දී “තෙල් ටැංකි යළි රටට” කියන මේ පොත මම ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ දී දුන්නා.  නිකමට වගේ මේ පොත කියෙව්වා නම් ඔහොම බොරු විදින්න පෙළෙඹෙන්නේ නෑ.

බොරුවෙන් බලයට ආවා වගේම බොරුවෙන් බලය පවත්වා ගන්නයි මාලිමා ආණ්ඩුව උත්සාහ කරන්නේ.  කාංචන විජේසේකර ඇමතිතුමා ගෙනාපු තෙල් පිරිපහදුව තමන්ගේ කර ගත්තා වගේ ජානක වක්කුඹුර ඇමතිතුමා ලාභ කරපු හිඟුරාන සීනි කම්හල තමන්ගේ කර ගත්තා වගේ අපි දැවැන්ත සටනක් කරලා ලබා ගත්ත මේ වන විටත් සංවර්ධනය කරමින් පවතින තෙල් ටැංකි සංකීර්ණය එතුමන්ලාගේ යෝජනවක් විදියට සංවර්ධනය කිරිම ඉදිරියේදි කරන්න බලාපෙරොත්තු වෙනවා කියලා ජනධිපතිතුමා ජනතාව නොමග යවන්න උත්සහ කලේ. ඒ නිසා අනුන්ගේ දරුවන්ට හොර උප්පැන්න හදන්නේ නැතිව තමන්ගේ දරුවෙකු බිහි කර ගන්න කියලා මාලිමා ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා.

2002 දී ඉන්දියාවට දීලා වසර 75ක් තිස්සේ දිරාපත් වෙමින් තිබුණු තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ රටට අරගෙන සංවර්ධනය කරන්න කටයුතු කරන කොට මට ලොකුම බාධාව එල්ල කලේ මාලිමාව.  2002 දී ඉන්දියාවට දුන්නු බව හොඳටම දනිමින් ඔන්න අපේ ටැංකි ඉන්දියාවට දෙනවෝ. ජාතික ආරක්ෂාව අනතුරේ කියමින් රට පුරා උද්ඝෝෂණ කලා.  මේ බොරුව බිඳලා මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනි යන්න මට විවාද දෙකක් කරන්න සිදු වුණා.

තෙල් සංස්ථා වෘත්තිය සමිති නායකයින් සමග හිරු නාලිකාවේ කළ විවාදයට මාලිමාව වෙනුවෙන් සහභාගි වුණේ  ජපන් ගිහින් අතුරුදහන් වුණු හිටපු කතානායක අසෝක රන්වල මැතිතුමා.  ඒ වගේම මමත් ඩී වී චානක ඇමතිතුමාත් දේශපාලකයින් සමග දෙරණ නාලිකාවේ කළ විවාදයේ දී මාලිමාව නියෝජනය කලේ වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා.  මේ විවාද වලින් ඇත්ත රටට පෙන්වලා දීලා තමයි අපට මාලිමාව නිහඬ කර ගන්න පුළුවන් වුණේ.  වසර තුනකට පස්සේ තමන් වැරදියි අපි හරියි කියලා මාලිමාව පිලිගත්තු එක ගැන අපි සතුටු වෙනවා.”

Image


ගුවන් තොටුපොළේ කුරුළු වෙඩි දැමූ නිලධාරීන් තිදෙනකු අනතුරක

Published on: January 20, 2025, 05:09 PM

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථය අසළ ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුළු රංචුවක් පළවා හැරීම සදහා , ඔවුන් වෙත එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක්, යළිත් නොපිපිරී, ඔවුන් ගමන් කළ කැබ්රථය මතට ඇද වැටී පිපිරීමෙන් 01/20 දින දහවල් ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් වෙත 01/20 දින දහවල් 11.45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් , ගුවන් ගමන් වලට බාධා වන අයුරින්  පියාසළමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.

ඒ අනුව එම නිලධාරීන් තිදෙනකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් , එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් , එම පක්ෂි රංචුව දෙසට එල්ල කර තිබේ.

එම වෙඩිල්ල නොපිපිරී යළිත්, එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී තිබේ.

ඒ වනවිටත් තවත් එවැනි වෙඩි කීපයක් එම රථය තුළ තිබී ඇති අතර , ඒවා ද , එකවරම පිපිරීමට ලක් වීමෙන් , හදිසි ගින්නක් ඇති වී තිබේ.

ඒ සමගම කටුනායක ගුවන් තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගිනි ගැනීම මැඩ පවත්වා තිබේ .

මෙම සිදු වීමෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා , ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම නිලධාරීන් ගමන් කළ කැබ් රථයට ද හානි සිදු වී තිබේ.

Image


රු. ලක්ෂ 673ක කුෂ් මත්ද්‍රව්‍ය කටුනායකදී අල්ලයි

Published on: January 20, 2025, 04:10 PM

රුපියල් හය කෝටි හැට තුන් ලක්ෂයක් වටිනා “ කුෂ් “ මත්ද්‍රව්‍ය තොගයක්  කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/20 දින දහවල් අත් අඩංගුවට ගෙන තිබේ .

මොවුන් අතරින් පළමු ගුවන් මගියා කොස්ගම , සාලාව යුධ  හමුදා කදවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට , කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

අනෙක් ගුවන් මගියා අම්පාර , මහඔය ප්‍රදේශයේ පදිංචි , රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි කාන්තාවකි .

ඔවුන් දෙදෙනා 01/20 දින දහවල් 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු දෙක තුළ මෙම ‘’ කුෂ් “ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 630 ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස සගවා ගෙන තිබී ඇත .

මොවුන් දෙදෙනා 01/20 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට  නියමිතය.

Image


සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු 4ට එරෙහි පෙත්සම ලබන 07දා විභාගයට

Published on: January 20, 2025, 03:18 PM

මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් නොකරන ලෙස කර තිබු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නොතකමින් කටයුතු කර අධිකරණයට අපහාස කර ඇති බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු සිව්දෙනකුට එරෙහිවව ගොනු කර ඇති පෙත්සම පෙබරවාරි 07 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමම සම්බන්ධයෙන් පවරා ඇති පෙත්සම විභාග කිරීම සඳහා කැඳවුවත් නිසි විනිසුරු මඩුල්ලක් නොමැති වීම හේතුවෙන් පෙත්සම විභාගය කල් තැබීමට නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, දිලිප් නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන සැදුම්ලත් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.

අලුතින් සුරාබදු බලපත්‍ර නිකුත් නොකරන ලෙස අතුරු තහනම් නියෝගයක් පනවා තිබියදී අ`ථතින් සුරාබදු බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කිරීමෙන් හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු සිව්දෙනකු අධිකරණයට අපහාසයක් කර ඇති බවට ගම්පොළ පදිංචි ගිහාන් ශවින්ද්‍ර  ප්‍රනාන්දු මහතා මෙම පෙත්සම ගොනු කර ඇත.

සචිත්‍ර ගුණසේකර

Image


මාරාන්තික අනතුරු දෙකක් සිදු කළ පුද්ගලය දෙදෙනෙකුට චීනය මරණ දඬවම නියම කරයි

Published on: January 20, 2025, 03:15 PM

මාරාන්තික අනතුරු දෙකක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුට චීනය මරණ දඬුවම නියම කර තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේදී 62 හැවිරිදි පුද්ගලයෙකු ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට මෝටර් රථය දාවනය කරමින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ චෝදනාව මත මෙලෙස මරණ දඬවම නියම කර ඇත.

එමෙව්ම අනෙක් අනතුර පුද්ගලයෙකු විසින් ඊට දින කිහිපයකට පසු විශ්වවිද්‍යාලයේ පිහි ඇනුම් එල්ල කරමින් පුද්ගලයන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬවම නියම කර තිබේ.

Image


අත්අඩංගුවට ගත් විජිත් විජයමුණිට අද ලබා දුන් තීන්දුව මෙන්න

Published on: January 20, 2025, 03:00 PM

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඇප මත මුදා හැර තිබේ.

නීති විරෝධීව එකලස් කළ වාහනයක් ලග තබා ගැනීමේ චෝදනාව මත ඔහුව ඊයේ(19දා) අත්අඩංගුවට ගත් අතර, අනතුරුව අද (20දා) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී මෙම නියෝගය ලබා දී තිබේ.

Image


මඩකලපුවේ විශාලම ජලාශය වාන් දමයි

Published on: January 20, 2025, 02:41 PM

මඩකලපුව දිස්ත්‍රික්කයේ විශාලතම වාරිමාර්ග ජලාශයක් වන උන්නිචායි  ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසීය.  ජල මට්ටම අඩි 10ක් දක්වා මුදා හැරීම නිසා  ජනතාව ජීව්ත්වන ප්‍රදේශවලට ජලය ඇතුළු වී තිබේ.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්කයට අඛණ්ඩව තද වැසි ඇද හැලෙමින් පවතී.

අධික වර්ෂාව හේතුවෙන් විවිධ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ. කොළඹ-මඩකලපුව  මාර්ගය සහ කල්මුණේ-මඩකලපුව  මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

මඩකලපුව-පොළොන්නරුව ප්‍රවාහන සේවාවන්ට ද ජලයෙන් යටවීම හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ. මනම්පිටිය හරහා ගමන් කරන මාර්ග සහ කොළඹ-මඩකලපුව  දුම්රිය සේවා ද අත්හිටුවා ඇත.

ධාරානිපාත වර්ෂාව අඛණ්ඩව ඇද හැලෙන අතර, එමඟින් ජනතාවගේ සාමාන්‍ය ජීවිතයට බලපෑම් එල්ල වන අතර ධීවරයින්ට රැකියා අහිමි වේ.

අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මඩකලපුවේ කාත්තාන්කුඩි, අරයියම්පති, වෙල්ලාවෙලි, කොක්කට්ටි චෝලයි, වාකරයි, වාලච්චේනයි චෙංගලඩි, එරාවුර් නගර්, ඔට්ටමාවඩ්, කරාන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ජලයෙන් යටවේ.

මඩකලපුව  ට් එල් ජව්ෆර්කාන්

Image


සයිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාරය එල්ල කළ සිද්ධියේ අලුත්ම තත්ත්වය මෙන්න

Published on: January 20, 2025, 02:06 PM

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලී ඛාන්ට පිහි ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට සයිෆ් අලී ඛාන් සුවය ලබමින් සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය සතියේ ඔහුගේ නිවස මංකොල්ල කෑමට පැමිණි පිරිසක් අතරින් පුද්ගලයෙකු සයිෆ් අලී ඛාන්ට පිහි ඇනුම් එල්ල කළ අතර, පසුව ඔහුව රෝහල් ගත කෙරිණි.

Image


ශ්‍රි පාදස්ථානයේ සංචාරයට ආපු ඩෙන්මාර්ක් ජාතිකයෙක් මරුට

Published on: January 20, 2025, 01:56 PM

ගෞතම ශ්‍රි පාදස්ථානයේ සංචාරයක් සදහා පැමිණි ඩෙන්මාර්ක් ජාතිකයෙකු (20) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ජෙස්පර්සන් ටොර්සන් නැමති (68) හැවිරිදි අයෙකි.

ජිවිතක්ෂයට පත් සංචාරකයා සිය බිරිද සමග (19) දින පස්වරුවේ නල්ලතන්නිය වෙත පැමිණ සංචාරක හෝටලයක නවාතැන්ගෙන (20) දින අලුයම ශ්‍රි පාදස්ථානය දක්වා ගමන් කරමින් සිටියදි ඉදිකටුපහණ ප්‍රදේශයේදි පෙරවරු 7 ට පමණ හදිසියේ රෝගාතුර වි ඇති බවත්, පසුව ඉදිකටුපහණ පොලිස් මුරපොලේ නිලධාරින් රෝගි වු විදේශිය සංචාරකයා රෝහල් ගත කිරිම සදහා නල්ලතන්නිය රැගෙන එනවිට සංචාරකයා මියගොස් සිටි බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මියගිය විදේශිය සංචාරකයාගේ සිරුර මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර, මියගිය විදේශිකයා ලංකාවට පැමිණිමෙන් පසු සීගිරිය ප්‍රදේශයේදි රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබාගෙන ඇති බවට තහවුරු වු බව ස්ථානාධිපතිවරයා පැවසිය.

මියගිය විදේශිකයාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් පසු සිරුර බිරිදට භාරදිමට පියවර ගන්නා බවයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Image


කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල

Published on: January 20, 2025, 01:03 PM

කුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේලට පැමිණ බඩ පුරවා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.

සෑම දිනකම උදෑසන 5.00 ට ආරම්භ වන මෙම දන්සැල අවසන් වන්නේ රාත්‍රි 8.30 ටය.ඉකුත් 18 වැනි දින මෙම දන්සැල ආරම්භ වු අතර එදින පමණක් කුසගිනි නිවා ගැනීමට 37 දෙනෙකු පැමිණ තිබුණි.

මෙම දන්සැල අවසන් වන දිනයක් මෙතෙක් තීරණය කර නොමැති අතර එය අඛණ්‌ඩව දිනපත් පවත්වා ගෙන යාමට ධම්මසේන නාහිමියන්ගේ බලාපොරොත්තුව වී තිබේ.

විශේෂයෙන්ම උන්වහන්සේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව මේ වන විට නිවාස නොමැති අසරණ පවුල් 113 කට නව නිවාස ඉදි කර දී ඇති සංඝ පීතෘවරයෙකි.එපමණක් නොව ආර්ථීක අපහසුතා සහිත පාසල් දරු දැරියන් හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සදහා මාසිකව රුපියල් ලක්ෂ ගණනින් ශිෂ්‍යාධාර ලබා දෙන හිමි නමකි.

එම නිසාම උන් වහන්සේ හමු වී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට දිනකට විශාල පිරිසක් එම පන්සලට පැමිණෙති.

බොහෝ විට ඔවුන් කුස ගින්නේ සිටින බවත් එම දුක් ගින්දර නිවීම අරමුණු කර ගෙන කුසගින්නේ සිටින ඕනෑම කෙනෙකුට බඩ ගින්න නිවා ගැනුමට මෙම දන්සැල විධීමත්ව ආරම්භ කල බව බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කීය.තවද ආහාර සකස් කිරීම සදහා වෙනමම කාර්ය මණ්ඩලයක් හා කුඩා භික්ෂූන් වහන්සේලාගේ ද සහාය හීමි වී ඇත.

Image


අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16,930 පීඩාවට

Published on: January 20, 2025, 12:15 PM

දිවයින පුරා පසුගිය දින කිහිපය තුල පවතින අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ පළාත් පහක  පවුල් 5,738 ක පුද්ගලයින් 16,930 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒඅනුව උතුරුමැද පළාතේ පවුල් 93ක පුද්ගලයින් 356 ක්,උතුරු පළාතේ පවුල් 491 ක පුද්ගලයින් 1,496 ක් නැගෙනහිර පළාතේ පවුල් 5,086 ක පුද්ගලියින් 14,806 ක් මධ්‍යම පළාතේ පවුල් හතක පුද්ගලයින් 33 ක් සහ ඌව පළාතේ පවුල් 67 ක පුද්ගලයින් 239 ක් වශයෙන් පවුල් 5,738 ක පුද්ගලයින් 16,930 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරඛණ මධ්‍යස්ථානය තව දුරටත් කියයි.

මෙම ආපදා තත්වයන්හේතුවෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 98  කට හානි සිදුව තිබේ. ආරක්ෂිත මධ්‍යස්ථාන අටක පවුල් 77 කට අයත් පුද්ගලයින් 239  දෙනෙකු   රඳවා ඇති බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

Image


පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදුන් 5ක් අල්ලයි

Published on: January 20, 2025, 11:25 AM

ත්‍රීරෝද රථයේ නලාව නාද  කලයි උරනව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසියය කියයි.

මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් දඇතිවී තිබූ අතර අනතුරුව පොලිසිය ඉදිරිපිටටද පැමිණ පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබිණි

පහර කෑ මොරටුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා  ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත්ව ඇත.

මොරටුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මොරටුව පරණ ගාලු පාරේ දේවස්ථානයක් ඉදිරිපිට දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේව මංගල්‍යයක් සඳහා තොරණක් ඉදිකරන ස්ථානයේ රථවාහන රාජකාරීයේ ඊයේ (19) සවස යෙදී සිටි බව පොලිසිය කියයි.

මාර්ගයේ ගමන් ගන්නා වාහන නවතා තොරණ කඩිනමින් ඉදි කිරීම සඳහා ක්‍රියා කරමින් සිටියදී  දේවස්ථානයේ පූජකතුමා එම ස්ථානයට පැමිණ මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවක් නොවන අයුරින් එම ක්‍රියාව සිදුකරන ලෙසට පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත

එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල් 3174 දේශප්‍රිය නිලධාරියා නවතා තිබූ වාහන මුදවා හැර ඇති අතර එම ගමන් ගන්නා වාහන අතර සිටි මොරටුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 7450 සඳරුවන් නිලධාරියා රාජකාරී වාර්තා කිරීමට තීරෝද රථයකින් පොලිස් ස්ථානයට එමින් සිටියදී තොරණ අසල මාර්ගයේ මැද පුද්ගලයන් පස් දෙනෙකු සිට ඇති අතර නිලධාරියා තීරෝද රථයේ නලාව නාද කිරීමේදී   එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයන් තීරෝද රථයේ සිටි පොලිස් කොස්තාපල්වරයාව ත්‍රී රෝද රථයෙන් එළියට ගෙන පරුෂ වචනයෙන් බැන වැදී නිලධාරියාගේ පපුවට හා හිසට පහරදීමේදී එම ස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල් 3174 දේශප්‍රිය නිලධාරියාටද පහර දී ඇතැයි පොලිසිය කියයි.

එම පහර දීමෙන් නිලධාරීන් දෙදෙනා තුවාල ලබා තිබූ බව පොලිසියේ සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර , විදුලි කාර්මිකයෙක්, වෙළඳාමේ යෙදෙන්නෙක් සහ අරක් කැමියෙක් වන බවත් ඔහුන් මොරටුව, කොරලවැල්ල මොරටුවැල්ල ආදි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23/57 අතර පසුවන්නන් බවත් පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මොරටුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ

Image


රියදුරුගේ අපරික්ෂාකාරි ධාවනය නිසා බස් රථයක් පෙරළෙයි

Published on: January 20, 2025, 10:19 AM

අද අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුධ හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරක් සිදුව ඇත.

බස් රථයේ මඟීන් 49 ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මඟීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුලත් කර පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා ඇත.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Image


ජනපතිගේ මීළඟ නිල සංචාරය එක්සත් අරාබි එමිර් රාජ්‍යයට

Published on: January 20, 2025, 09:24 AM

තම මිළග නිල විදෙස් සංචාරය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා කිය.

කලුතරදි ඊය් පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවැසිය. මේ සඳහා වන නිල ආරාධනය තමන් වෙත ලැබි ඇති බවද ජනපතිවරයා පැවැසිය.

එසේම ජනතාවට අඩු මිලට ඉන්ධන ලබාදිම වෙනුවෙන් ඉන්ධන ආනයනය කිරිම රජයෙන් රජයකට වූ ප්‍රතිපත්තිය මත සිදුකිරිමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

Image


පවතින වැසි තත්ත්වය තවදුරටත්

Published on: January 20, 2025, 08:26 AM

උතුරු, නැහෙනහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එසේම නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය ෙහා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම සෙසු ප්‍ර දේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Image


සති අන්තයේ රිවස්ටන්වලට ආසන 54 හා 57 බස්‍ රථ පැමිණීමෙන් වලකින්නයි ඉල්ලීමක්

Published on: January 20, 2025, 07:35 AM

ලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතු කොටගෙන ඉතා අධික වාහන තදබදයක් පවතින බැවින් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස්‍ රථවලින් පැමිනිමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කොට තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,බුද්ධ ශාසන ,ආගමික කටයුතු සහ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ජාවේදී අනාවරණය වූ තොරතුරු අනුව රිවස්ටන් මාර්ගයේ වාහන දෙකකට මාරුවිය නොහැකි පටු වංගු 07 ක් තිබෙන අතර එවැනි වංගුවලදී විශාල ප්‍රමාණයේ බස්‍ රථවලට මාරු වීමට නොහැකි බැවින් මෙම තදබදය උග්‍ර වී තිබේ.

මෙම තත්ත්වය පාළනය කිරීම සදහා තාවකාලික පියවරක් වශයෙන් සති අන්ත දිනවල ආසන 54/57 බස් රථ පැමිණීම හැකිතාක් දුරට වැලැක්වීමට මෙම පියවර ගෙන තිබේ.

ඇතැම් අවස්ථාවල මෙසේ පැමිණෙන බස් රථ සහ වෙනත් වාහන පිටවල පතන ප්‍රදේශයේ ගාල් කොට තිබෙනු දැකිය හැකි බවත් එය මේ ප්‍රදේශයේ ජෙව විවිධත්වයට ද අහිතකර ලෙස බලපා තිබෙන බව ද මෙහිදී හෙළිවිය.

විශේෂයෙන්ම පිටවල පතනට ආවේනික ගල්පර මැඩියා ,සහ මාංශ භක්ෂක ශාඛ විශේෂ රැසකට ද මේ තත්ත්වය තර්ජනයක් වී තිබේ.එබැවින් පෙබරවාරි මාසයේ සිට සති අන්ත දිනවල ආසන 54,57 බස් රථ මෙම ප්‍රදේශයට රැගෙන ඒමෙන් වලකින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටීමට අදාල කිමිටුව තීරණය කළහ.

නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඉහත ප්‍රමාණයේ කිසියම් බස් රථයක් එකී දිනවල පැමිණිය හොත් මාර්ගය එක් පසෙකට ලෙස සළකා ලග්ගල ඇලහැර නාඋල ඔස්සේ රිවස්ටන් කලාපයෙන් බැහැරවෙන ලෙස ද ඉල්ලා සිටී.

Image


උතුරු මැද සියලුම පාසල්වලට හෙට නිවාඩු

Published on: January 19, 2025, 10:32 PM

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබේ.

එමෙන්ම 3,4 සහ 5 ශ්‍රේණි සඳහා 2024 අවසාන වාර විභාගයේ හෙට සහ අනිද්දා (21) යන දින වලට නියමිතව ඇති විභාග තාවකාලිකව කල්දැමීමටද කටයුතු කර තිබේ.


උදයංග වීරතුංග ට ඇප

Published on: January 19, 2025, 09:53 PM

ප්ලාස්ටික් බටයකින් ඇන පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා  තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් 10.000/= ක  මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ  මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය

ඊට අමතරව පැමිණිලිකාර පාර්ශ්වයකට කිසිදු බලපෑමක් හෝ තර්ජනයක් සිදු නොකරන ලෙසත් සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරිය එලෙස තර්ජනය කළ බවට හෝ බලපෑම් කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද අවවාද කළාය

සැකකාර උදයංග වීරතුංග නැමැත්තා සහ  ලියනගේ දොන් චන්ද්‍රසිරි යන අයවලුන් තලපත් පිටිය කනත්ත පාරේ එකිනෙක ආසන්න නිවාස දෙකක පදිංචිව සිටින අතර  පහර කෑ  පුද්ගලයා විසින් බඳින ලද මායිම් බිත්තියක්  සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර හට ගත් ආරවුලක්  මුල් කරගෙන ඉකුත් 9 වෙනි දින  අඩි 12 ක පමණ දිගැති  ප්ලාස්ටික් බටයක් ගෙන එයින් ඇන බරපතල තුවාල සිදු කර තිබිණි

පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදුකිරීම, සාපරාදී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව එදින රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ විදුර පී මංචනායක මහතා ප්‍රමුඛ ,ජනක වැලි වත්ත , ප්‍රසාද් සේනාධීර හා හසිත තිලකරත්න යන නීතිඥමඩුල්ල පෙනී සිටියේය

Image


ගුරුවරිය හා හමුදාවේ සැමියා දිවි නසාගෙන

Published on: January 19, 2025, 08:48 PM

යක්විල පරගම්මන ප්‍රදේශයේ කන්කනිය මුල්ල රක්ෂිතයේ පන්නල කුලියාපිටිය මාර්ගය පසෙක විවාහක යුවලක් සියදිවි හානිකරගන ඇති බව පන්නල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අනුක්කන ප්‍රදේශයේ පදිංචි සපරමාදූ පතිරණගේ ජානක චතුරංග තිලකරත්න නමැති හමුදා  සේවයේ නියුතු  37 හැවිරිදි අයකු සහ ජයසේකර ආරච්චිගේ දේශානි අනුරුද්ධ්කා යන පාසැල් ගුරුවරියක බව පොලිසිය නිරාවරණය කරගන ඇත.

19 වෙනිදා පෙරවරු 10. 00 ට පමණ පොලීසියට ලද තොරතුරක් මත එහි යැමේදී මරණ කරුවන් පැමිණි යතුරු පැදිය  පාළු  පෙට්ටි කඩයක් තුළට දමා ඊට මඳක් එහායින් මෙම යුවළ වස පානයකර බිම වැටී සිටි බව පොලිසිය කියයි.

ප්‍රමාණයෙන්  මඳක් අඩුව තිබු වස බෝතලයක්ද ඒ ආසන්නයේ වැටී තිබු බවත් ඉන් කොටසක් ඔවුන් දෙදෙන පානය කරන්න ඇති බව සැක කරන බවද පොලිසිය සඳහන් කරයි.

සියදිවි හානි කරගැනීමට හේතුව පවුලේ ආරවුලක් බව පොලිසිය අනාවරණ කරගන ඇත.

වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා මෘත දේහයන් කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගිය බව පොලිසිය ප්‍රකාශ කරයි.

ආර් ඒ ප්‍රියංකා රූපසිංහ

Image


ගල්කිස්සේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Published on: January 19, 2025, 07:40 PM

ගල්කිස්ස සිරිපාල මාවතේදී අද(19දා) සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කළ අතර, එහිදී වෙඩි තැබීම කළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Image


ගල්කිස්සේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Published on: January 19, 2025, 07:40 PM

ගල්කිස්ස සිරිපාල මාවතේදී අද(19දා) සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කළ අතර, එහිදී වෙඩි තැබීම කළ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

Image


අමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස ට්‍රම්ප් හෙට දිවුරුම් දෙයි

Published on: January 19, 2025, 06:40 PM

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) දිවුරුම් දීමට නියමිතව තිබේ.

මෙම පදවිප්‍රාප්ත උත්සවය හෙට වොෂින්ටන්හී කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Image


ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කරයි

Published on: January 19, 2025, 05:41 PM

ඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කර තිබේ.

මාස 15ක් පුරා පැවති ඊශ්‍රායල - හමාස් යුධ ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 47,000ක් පමණ ජීවිතක්ෂයට පත්විය.

Image


ජ්‍යෙෂ්ඨ මාධ්‍ය​​වේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

Published on: January 19, 2025, 05:21 PM

ජ්‍යෙෂ්ඨ මාධ්‍ය​​වේදී වික්ටර් අයිවන් මහාතා අද(19දා) අභාවප්‍රාප්ත විය.

කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76හැවිරිදි වියේ පසුවිය.

Image


නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට හෙට නිවාඩු

Published on: January 19, 2025, 05:11 PM

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට හෙට (20දා) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.

පාසල් වල මේ දින වල විභාග පැවැත්වෙන අතර, හෙට දිනයට නියමිත විභාගය ලබන 25වැනි සෙනසුරාදා දිනයේදී පැවැත්වීමටද තීරණය කර ඇත.

Image


ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

Published on: January 19, 2025, 04:16 PM

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

අගරු චෙක්පත් නිකුත් කිරීමේ සිද්ධියක් මත බංග්ලාදේශ IFIC බැංකුව විසින් ගොනු කළ නඩුවකට අදාළය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙලෙස ඔහුව විසින් ලබා දී ඇති චෙක්පත් වල වටිනාකම බංග්ලාදේශ ටකා 4,14,57,000 (ශ්‍රී ලංකා රු. කෝටි 10ක් පමණ) වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ශකීබ් අල් හසන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම එරට දේශපාලඥයෙකුද වේ.

Image


හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අත්අඩංගුවට

Published on: January 19, 2025, 02:57 PM

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

නීති විරෝධීව ආනයනය කරන ලද වාහන අමතර කොටස්  යොදා වාහනයක් එකලස් කර, ඊට ව්‍යාජ ලේකන සකස් කිරීමේ වරදට ඔහුව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Image


බස් රථ අනතුරින් තුවාල ලැබූ පිරිස ඉහළට

Published on: January 19, 2025, 02:30 PM

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී අද (19දා) බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ පිරිස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙම බස් රථ අනතුරින් තුවාල ලැබී පිරිස 61ක් දක්වා ඉහළ ගොස් ඇත.

Image


මැලේසියාව 23කට දවා ගනිමින් කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

Published on: January 19, 2025, 02:00 PM

මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද(19දා) සමත් විය.

ඒ සත්කාරක මැලේසියා කණ්ඩායම ලකුණු 139කින් පරාජයට පත් කරමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය මැලේසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 14යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 23ක් පමණී.

Image


ගල්කිස්සේ වෙඩි තැබීමක් - වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට

Published on: January 19, 2025, 01:00 PM

ගල්කිස්ස සිරිපාල මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර මෙම වෙඩි තැබීමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Image


බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි - 35ක් රෝහල් ගත කෙරේ

Published on: January 19, 2025, 11:54 AM

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදී පුද්ගලයන් 35 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

Image


රු. කෝටි 28ක මුදලේ සුල මුල හෙළි වෙයි

Published on: January 19, 2025, 11:36 AM

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී  පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම්  ජාවාරම්කරු  උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

එම පුද්ගලයා තංගල්ල බන්ධනාගාරයේ දැඩි ආරක්ෂා මධ්‍යයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තාගේ ප්‍රධාන තම ගෝලයකු වන බව පොලිසිය සඳහන් කරයි.

හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව රන් මල්ලී දකුණු පළාතේ මත්ද්‍රව්‍ය  ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් කීපදෙනා අතුරින් අයෙක් බවයි පොලිසියේ සඳහන් කරන්නේ.

එකී මුදල මෑත ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුව තිබී පොලිසිය සිදු කළවැටලීමකදී  සොයාගත් වැඩිම මුදල බව වැඩ බලන පොලිස්පති පොලිස්පති. ප්‍රියන්ත වීරසූරිය මහතා  පැවසීය

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ කිරි වවුල තෝරා යාය ප්‍රදේශයේදී කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් (16) වෙනි දින අයිස්  මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 18 ක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රියදුරු අසුන යට බෑගයක තිබූ රුපියල් දෙකෝටි 35 ලක්ෂයක මුදලක් සහ මැණික් පාෂාණ කොටස් 35 ක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් සමත් විය

එම සැකකරුගෙන් සිදුකළ  දීර්ඝ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස  ඔහු පදිංචිව සිටි අංගමුව නිවසේ සේප්පුවක් තුළ බහා තිබූ රුපියල් 25 කෝටි 98 ලක්ෂයක මුදලක් පොලිසිය මගින් සොයාගෙන තිබිණි.

එම සේප්පුවද මිලදී ගත්තේ රන්මල්ලි නැමැත්තාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ තුනක මුදලක් වැය කර බව සැකකරුගෙන්  අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීමේදී  විදේශ  ගතව සිටින රන් මල්ලි නැමැත්තාගේ උපදෙස් මත එම මුදල් වලින් මැඩගස්කරයේ මැණික් මිලදීගෙන එම මුදල් සුදු කිරීමට සැකකරු සූදානම් වෙමින් සිට ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පාසල් වී සිටම රන් මල්ලි නැමැත්තාගේ මිතුරෙකුලෙස සමීපව ඇසුරු කර දැඩි විශ්වාසයක් ගොඩ නගාගෙන සිටීම හේතුවෙන් රන්මල්ලි එම පුද්ගලයා අමතා තමන්ගේ මුදල් ළඟ තබා ගැනීමට හැකියාවක් පවතිනවාද යන්න පිළිබඳ විමසා ඇතැයිද ඊට එකඟවීමෙන් අනතුරුව එලෙස මුදල් තබා ගැනීම තමන් වෙත භාරදුන් බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම පුද්ගලයා රන් මල්ලිගේ උපදෙස් මත  කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලින් ලැබෙන කෝටි ගණනින් ලැබෙන මුදල් තමන් සතුව තබාගෙන රන් මල්ලි ලබාදෙන උපදෙස්මත වෙනත් පුද්ගලයන්ට ලබා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අයුරින් තමන්ට නොයෙක් පුද්ගලයන්ගෙන් රන් මල්ලිගේ උපදෙස් මත විවිධ පාර්සල් ලැබෙන බවත් ඒවායේ කුමක් තිබෙනවාද කියා පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන්ට ලබා දීම සිදුකරන බවත් සැකකරු විමර්ශන නිලධාරින් ඉදිරියේ තවදුරටත් පැවසූ බව අනාවරණය වේ.

සමහර අවස්ථාවලදී රන් මල්ලි සිය ජංගම දුරකථනයට කෙටි පණිවිඩ හරහා එවන ස්ථානවලට ගොස් මුදල් සහ පාර්සල් තබා එන බවත්  ඔහුගේ උපදෙස්මත වෑන් රථයක් සහ කැබ් රථයක් කෝටි තුනකට අධික මුදලක් වියදම් කර මිලදී ගත් බවත් සැකකරු තවදුරටත් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

එලෙසම රන්මල්ලිගේ උපදෙස් මත සැකකරු මැණික් ව්‍යාපාරික ලෙස මෙරට ලියාපදිංචි වී  ඇතැයිද පොලිසිය කියයි.

ඒ අනුව මෙරටින් මැණික් මිලදීගෙන එම මැණික් ගල් මැඩගස්කරය බලා රැගෙන ගොස් එරට අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සූදානමින් සිටි බවද සැකකරු වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව මෙපමණ මුදල් ප්‍රමාණයක් තිබෙන බවද ඔහුගේ බිරිඳට දැන නොසිටි බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.පොලිස් මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

Image


ඔට්ටු මධ්‍යස්ථානවලින් රජයට රුපියල් කෝටි 262 ක බදු පොල්ලක්

Published on: January 19, 2025, 10:41 AM

සජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින්   බදු හා  දඩ මුදල් වශයෙන්   ගෙවිය යුතු   රුපියල් 2,621,108,150 ක  මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක්  ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

මෙම මධ්‍යස්ථානවල මාසික දළ එකතුව මත ගෙවිය යුතු බදු  සහ ප්‍රමාදවී සිදුකළ එම  බදු ගෙවීම්වලට අදාළ දඩ මුදල් වශයෙන් 2014 සිට මේ දක්වා කාලය වෙනුවෙන්  මෙම හිගබදු මුදල් ප්‍රමාණය අයවිය යුතුව පවතින බව බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මෙම හිගබදු මුදල් සඳහා බදුකරුවන් අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විගණනය වෙත පිළිතුරු ලබා දී ඇත.

කඩිනමින් මෙම හිග මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙස විගණන කාර්යාලය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබාදී තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණන කාර්යාලය 2023 වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වේ.

ජේ.ඉඳුරුවගේ

Image


මහකන්නයේ වී මිලදී ගැනීමට ත්‍රිවිධ හමුදා සහාය

Published on: January 19, 2025, 09:56 AM

එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්‍ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව, මේ සම්බන්ධව සම්බන්ධීකරණ සාකච්ඡාවක් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්‍ෂණික දැනුමත් යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහාත් අවධානය යොමු විය.

එමෙන්ම, අස්වනු නෙලන කාලය වන විට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්‍ෂාව සැපයීමටත්, ආරක්‍ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකල අතර Clean Sri Lanka හී තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නන්වනු ලබයි.

දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී. එම ගබඩාවන් හී පවතින අඩුපාඩුකම් හා ගතයුතු පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව පැමිණි සිටි පාර්ශ්වයන් මෙම සාකච්ඡාවෙදී අදහස් හුවමාරු කර ගන්නා ලදි.

Image


පෑන් 30ක්, පැන්සල් 10ක් සොරකම් කළ සිසුවෙකු අල්ලයි

Published on: January 19, 2025, 09:01 AM

වැලිමඩ ඩවුන්සයිඩ්වත්තේ වසා තිබූ වෙළෙඳ සැලක ට හොර රහසේ ඇතුලු වී රුපියල් 1150ක් පමණ වටිනා බෝල්පොයින්ට් පෑන් 30ක්, පැන්සල් 10ක් සොරකම් කලැයි සැකපිට බාලවයස්කාර පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව ඌවපරනගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ඩවුන්සයිඩ්වත්තේ පදිංචි යහලඅරාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 12 හැවිරිදි පාසල් සිසුවෙකු යැයි පොලිසිය කීය .

මෙම වෙළෙඳ සැල වසා තිබියදී එහි පිටුපස දොර කඩා ඇතුලු වී ඇති සැකකාර පාසල් සිසුවා මෙසේ වෙළෙඳ සැලේ තිබූ  බෝල්පොයින්ට් පෑන් සමග පැන්සල් සොරාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .

සිය අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය හෙයින් මෙසේ පැන්සල් සහ  බෝල්පොයින්ට් පෑන් සොරකම් කලැයි සැකකාර සිසුවාගේ න් සිදු කල ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය .

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල , බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන පොලිස් අධිකාරි ඩී බී එච් කළණසිරි යන මහත්වරුන්ගේ උපදෙස් මත ඌවපරනගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බර්ටි අරුණසිරි මහතා ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති .

ඇල්ල ප්‍රසාද් රුක්මල්

Image


තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

Published on: January 19, 2025, 08:10 AM

නැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලටත් හම්බන්තොට, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහාත් අදාළ වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිස් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පෙරවරු 3.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට පෙරවරු 3.00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වෙයි.


ඖෂධ නිෂ්පාදනයේ වර්ධනයක් ගැනීමට කඩිනම් පියවර ගන්න

Published on: January 19, 2025, 08:10 AM

මෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ  අභියෝගයක් වී ඇති බැවින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය  කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දෙනු ලැබීය.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලද්දේ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ  (SPMC) කටයුතු පිළිබඳව   කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක් වෙමිනි.

ඖෂධ සැපයුම්කරුවන් අඩුකම, ටෙන්ඩර් ලබාගත් සැපයුම්කරුවන් අඛණ්ඩව ඖෂධ සැපයුම ලබා නොදීම, ගෝලීය ප්‍රශ්න මත සැපයුම් ජාලය අඩාල වීම යන කරුණු හේතුවෙන් වර්තමානයේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් රජයේ රෝහල් පද්ධතියට ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව මෙහි දී පෙන්වා දුන් අමාත්‍යවරයා  සැපයුම්කරුවන් ලියාපදිංචි නොවීම හේතුවෙන් මේ වන විට ඖෂධ සීමිත ප්‍රමාණයක යම් හිඟතාවයක් ද  පවතින බව ප්‍රකාශ කළේය.

ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට අවශ්‍යවන අමුද්‍රව්‍ය කඩිනමින් මෙරටට ගෙන්වීම මෙන්ම ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව සවිස්තර කරුණු සොයා බැලීමක් සිදුකළ අමාත්‍යවරයා හඳුනාගත් දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කරගනිමින් නිෂ්පාදන ධාරිතාවය කඩිනමින් ඉහළ දැමීම සදහා අවශ්‍ය සැලසුම් සකස් වියයුතු ආකාරය පිළිබඳව මෙහි දී නිලධාරීන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

මෙරට රජය සතු ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය හා සම්බන්ධ පැරණිතම හා විශාලතම ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන ආයතනය බව පෙන්වා දුන් අමාත්‍යවරයා  මේ මගින් ව්‍යාපාර අරමුණින් එහා ගිය මහජන සේවාවක් නිබඳව ඉටුකරන ලෙස ඳ මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන් ම සෑම නගරයක් ම ආවරණය වන පරිදි අවශ්‍යතාවය අනුව රාජ්‍ය ඔසුසල් ජාලයේ ශාඛා ප්‍රමාණය වැඩිකිරීමට  ඉදිරියේ දී පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

ජපන් රජයෙන් ලද පරිත්‍යාගයක් වූ මෙම ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපති සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහි දී නිරත විය.

ඖෂධ නිෂ්පාදනය,  අමුද්‍රව්‍ය ගෙන ඒම, ඖෂධ පර්යේෂණ කටයුතු සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ  අමාත්‍යවරයා ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදු කරනු ලැබීය.

මෙහි දී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව නිෂ්පාදන සහ අලෙවිකරණය, මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කරන ලදි.

මෙම කරුණු සොයා බැලීමේ වැඩසටහනේ දී අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකව ම නිරීක්ෂණය කළ අතර, එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී  කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳව  කාර්ය මණ්ඩලය සමග ද සුහඳව සාකච්ඡාවක ද නිරත විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, සාමාන්‍යාධිකාරී අසන්ති අතුරලිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ  කාර්යමණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

Image


මාස දහයක බිළිඳා වැසිකිලි වලට දමා මරා දැමූ මවක් අල්ලයි

Published on: January 19, 2025, 07:23 AM

මාස දහයක වයස ඇති බිළිඳෙකු වැසිකිළි වලකට දමා මරණය පත් කළ මවක් පොළොන්නරුව හබරන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මරා දැමූ බිළිඳා සහ වයස අවුරුදු දොළහක තම පිරිමි දරුවා සහ වයස අවුරුදු හතේ ගැහැණු දරුවා සමඟ නිදා සිටින අතරතුරදි (16) වන දින රාත්‍රියේදී මෙම බිළිඳා රැගෙන විත් තම නිවසෙහි ඇති වතුර පිරී ඇති වැසිකිළි වලට දමා නැවත පැයතුනකට පසුව ගොඩ අරගෙන ඇවිදින් නිදා ගත් බව පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය නිලධාරීන්ට මෙම මව කට උත්තර වලදී පාපච්චාරණය කර ඇත.

හබරණ බුලන ගම පලුගස්වල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාර මව වයස අවුරුදු තිස් හතරක කාන්තාවක් වන අතර ඇයගේ සැමියා වයස අවුරුදු තිස් හතක කුලී වැඩ කරන පුද්ගලයෙකු බව පැවසේ. හබරණ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.


කොමිෂමේ නිර්දේශ පිළිගන්නවා විදුලි බිල සියයට 20කින් අඩු කරනවා

Published on: January 18, 2025, 04:48 PM

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්‍රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම විදුලිබිල මේ වගේ සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට ලොකු සහනයක් බව මම දන්නවා. රජයක් හැටියට අපහසුතා දරාගෙන ඒවා කළමනාකරණය කරමින් ජනතාවට සහන ලබාදෙන්න පුළුවන්වීම ගැන සතුටුයි යනුවෙන්ද බලශක්ති අමාත්‍යවරයා අද (18) දින විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.


මිලියන 15ක තක්කාලි වගාව වැස්සට සේදෙයි

Published on: January 18, 2025, 04:39 PM

රුපියල් කෝටි එකහමාරක් පමණ  වියදම් කරමින් වගා කල  තක්කාලි  අක්කර පහළොවකට අධික භූමියක් පවතින අධික වර්ෂාව නිසා විනාශ වෙමින් පවතින බව ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ මහා පරිමාණ ගොවී නායකයකු වන එස් .ඒ .රත්නපාල මහතා පැවසීය

අක්කර සියයකට අධික භූමියක්  ප්‍රදේශයේ පුද්ගලයන් සියයකට අධික දිනපතා රැකියා ලබාදී ඇති  සාර්ථක ගොවිපළක් පවත්වාගෙන යන රතනපාල මහතා මෙවරක් අක්කර පහළොවකට අධික භූමියක තක්කාලී වගාකොට තිබේ

එක දිගට ඇද හැලෙන වරුසාව නිසා තමන්ට තක්කාලි වගාව කොටස් වශයෙන් විනාශ වෙමින් පවතින බව පෙන්වා දෙයි . එක් කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත් අනෙක් කොටස කුඩා පැල දියවී විනාශ වෙමින් පවතින බවද ගෙඩි කඩන්නට පවතින තක්කාලි වගාවේ ගෙඩි වරුසාව නිසා බිමට ඇද වැටී කුණු වී ගස් යටම විනාශ වෙමින් පවතින බව රතනපාල මහතා පෙන්වා දුන්නේය

තමන්ට සිදුව ඇති මෙම මහා පාඩුව පිළිබඳව  මාධ්‍ය දැනුවත් කරමින් සිටින අවස්ථාවේදී ද  ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙන්නට වීම විශේෂත්වයකි

ඉදිරි   කාලයේ ද   මේ ආකාරයෙන් වරුසාව ලැබුනහොත් එළවළු හිඟයක් පැවතීමට හැකි බව පෙන්වා දෙන රතනපාල මහතා සඳහන් කළේ

වී වගාව සාර්ථක වුවහොත් එළවළු වගාවට නිසි කලක් එන බවත්  කෙසේ වෙතත් හදිසි ආපදාවන්වලට ලක් වන මහා පරිමාණ ගොවියන්ට දිගින් දිගටම පසුගිය කාලයේ පාඩු සිදුවී බොහෝම ගොවීන් සිය වගාව අතහැර දැමූ බවය තමන්ට ද  මේ වන විට වගාවන් රැසකින් පාඩුවී  තිබෙන බව පෙන්වා දුන්නේය

කෙසේ වෙතත් තමන් ළඟ සේවය කරන කම්කරුවන් සිය  දෙනෙකුට මේ හේතුව නිසා  රැකියා අහිමිවීමේ අවධානමක්  පවතින බව පෙන්වා දෙන රතනපාල මහතා රජයට යෝජනා කර සිටින්නේ තමන් වැනි මහා පරිමාණ ගොවීන් ආරක්ෂා කර ගැනීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවය අවදානම ලබාගෙන රටේ මහජනතාවගේ ආහාර නිෂ්පාදනය සඳහා යොමු වී සිටින පිරිසට රජයේ අවදානය නොලැබීම කණගාටුවට කරුණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

Image


සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්

Published on: January 18, 2025, 10:58 AM

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගෙන තිබූ නිලධාරීන් 363  ක් සිය පත්වීම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන සහතික ව්‍යාජ ඒවා බව ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොනු මගින් සනාථ වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

වනවිට මෙම පිරිසෙන්   77 දෙනෙකු සේවයෙන් පහකර තිබූ බවත් 20 දෙනෙක් පනත ප්‍රකාරව වන්දි ලබා ගැනීමේ එකඟතාව අනුව සේවයෙන් ඉවත්ව සිටි බවත් විගණන කාර්යාලය සඳහන් කරයි.

සිදුකළ නියැඳි විගණන පරීක්ෂාවකට අනුව  සේවයේ නියුතු හා විශ්‍රාම ලබා ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙවැනි නිලධාරීන් 30  කට පත්වීම් දින සිට රුපියල් මිලියන 195 ක් මොනරාගල දිස්ත්‍රික්කයේ නිලධාරීන් 04 කට රුපියල මිලියන 40 ක්   සහ  කොළඹ හා මාතර  දිස්ත්‍රික්කවල නිලධාරීන් 17 කට 2023 වසරට පමණක් රුපියල්  මිලියන 8.7 ක් වශයෙන්  වැටුප් හා දීමනා ගෙවා ඇති අතර  වගකිවයුතු නිලධාරීන් විසින් මේ පිළිබඳව අවශ්‍ය පියවර ගෙන නොතිබූ බව විගණන කාර්යාලය පෙන්වා දෙයි.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නීති ප්‍රකාරව මෙවන් නිලධාරීන් පිළිබඳව අනාවරණය වූ වහාම   පත්වීම් අවලංගු කර රජයෙන් වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති සියලු මුදල් එම නිලධාරීන් ගෙන් අයකළ යුතු බවද විගණන වාර්තාව මගින් පෙන්වා දෙයි.ජාතික විගණන කාර්යාලය  නිකුත් කළ  විගණකාධිපති වාර්ෂික වාර්තාව(2023) මගින් මේ අනාවරණයන් කර තිබේ.

Image


වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය පොලිස් භාරයට

Published on: January 17, 2025, 08:47 PM

පොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනිමට පොලීසිය සමත්ව තිබේ. අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයකදී රුපියල් කෝටි 28කට අධික මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Image


රජයේ ආයතන 166 ක සේවා ඉහළ නංවන්න මහජන අදහස් විමසයි

Published on: January 17, 2025, 07:44 PM

රජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක්  මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන්  වඩාත් ගුණාත්මකව  සිදුකිරීමට ගත යුතු  ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම  සඳහා අග්‍රාමාත්‍ය  ලේකම්වරයාගේ සභාපතිත්වයෙන්  යුත්  කමිටුවක්  පත්කර ඇතැයි  අග්‍රාමාත්‍ය ලේකම්  කාර්යාලය සඳහන් කරයි.

අමාත්‍ය මන්ඩල තීරණයකට අනුව ගෙන ඇති මෙම වැඩ පිළිවෙල  අනුව එම ආයතන 166  මගින්  සලසන මහජන  සේවාවන්හි  ගුණාත්මක භාවය සහ එම  සේවාවන්  ලබාගැනීමේදී  මහජනතාව මුහුණ දෙන ගැටලු  සහ  සේවාවන්හි  ගුණාත්මක බව  ඉහල නැංවීමට  වන  යෝජනා  මහජනතාවගෙන් ලබා  ගැනීමට එම කමිටුව  තීරණය කර තිබේ.

මෙම අදහස් විමසීමට අදාළ නිර්දේශිත ආයතන  එකසිය හැට හයේ නම්  ලැයිස්තුව https://pmoffice.gov.lk/soesuggestions.php වෙබ් සබැඳියෙන් බාගත කරගත හැකි බවත් එහි සඳහන් ආකෘති පත්‍රය පුරවා මහජනයාට   තම අදහස් මෙම මස 31 දක්වා  මෙම කමිටුවට  ලබාදිය හැකි බවත්  අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

ජේ.ඉඳුරුවගේ

Image


මිනිරන් ආශ්‍රිත නවෝත්පාදනයක් වාණිජකරණයට

Published on: January 17, 2025, 06:25 PM

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS ) පර්යේෂණයක ප්‍රතිපළ ලෙස සොයාගෙන ඇති දේශීය මිනිරන් බැටරි නිෂ්පාදනයට උචිත ලෙස ඉතාම පිරිසිදු තත්වයට පත්කිරීමේ අඩු වියදම් නව තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදනය, වාණිජකරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ(16) දින විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

ලෝකයේ විවිධ රටවල ඇති මිනිරන් අතරින් ඉහලම ප්‍රමිතියකින් යුතු ඉතාම උසස් තත්වයේ මිනිරන් වලින් ශ්‍රී ලංකාව පොහොසත්ය. මිනිරන් අමුද්‍රව්‍යක් ලෙස ලෝකය පුරා විශාල කර්මාන්ත සංඛ්‍යාවකට භාවිතා කරනු ලැබේ. ඒ් අතරින් නැවත ආරෝපණය කළ හැකි බැටරි නිෂ්පාදන කර්මාන්තයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. මෙම කර්මාන්තය  සදහා මිනිරන් 99.99 % ක පමණ ප්‍රතිශතයකට එනම් ඉතාම පිරිසිදු තත්වයට පත් කළ යුතු වේ. ඒ් අයුරින් පිරිසිදු කිරීම සදහා වු අඩු වියදම් නව තාක්ෂණයක් මෙරට ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් පිරිසක්  හදුනාගෙන ඇති අතර ඒ සදහා ඉතාම ඉහල වාණිජමය අගයක් හිමි වේ.

ඉතිහාසය පුරා මෙරට ස්වාභාවික සම්පත් ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදනය බිහිකර අපනයනය කරනු වෙනුවට එම ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් අපනයනය කිරීම සිදුවේ. ඒ අතරම මෙරට සිදුකරන පර්යේෂණ තුළින් ගොඩනැගෙන නව දැනුම සහ තාක්ෂණය වාණිජකරණය නොකිරීමේ විශාල ගැටළුවක් ද පවතී. මේ සඳහා පිළියම් යෙදීමේ නව රජයේ වැඩපිළිවෙළට අනුව යන ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාපෘතියට සුවිශේෂී වැදගත් ස්ථායක් හිමිවේ.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ නිළධාරීන් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයින්, මෙම ව්‍යාපෘතියට මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමට අදහස් කරන පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් අතර මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම තාක්ෂණික ක්‍රමවේදය වාණිජ මට්ටමට ප්‍රවර්ධනය කිරිම තුළින් රටට ආර්ථික ප්‍රතිලාභ හිමි කරගැනිමට ඇති අවස්ථා පිළිබඳ අදාල පාර්ශව අතර අන්න්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම සාකච්ඡාවේ අරමුණ විය. අදාළ පාර්ශ්ව අතර ධනාත්මක ප්‍රතිචාර සමග ඉතා සාධනීය ලෙස සාකච්ඡාව පැවැත්විණි. ඒ අනුව අවබෝධතා ගිවිසුමක් මත ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන්ට ළගා වීමට නියමිතය.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් වයි.එල්.මොහොමඩ් නවාවි, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය අතුල සුමතිපාල, මහාචාර්ය සිරිල් විජේසුන්දර, ආචාර්ය අතුල විජේසිංහ, පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් වන චෙරන්ත ද සිල්වා, කපිල ද සිල්වා, ජාතික විද්‍යා පදනමේ සභාපති මහාචාර්ය සමන් සේනවීර, ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ ප්‍රධාන නවෝත්පාදන නිලධාරී මහාචාර්ය අජිත් ද අල්විස්, කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උපුල් සොන්නාදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Image


විදුලි බිල අඩුකිරිම මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ අනුවයි

Published on: January 17, 2025, 05:12 PM

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ ක්‍රියාත්මක කිරීම එම නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසු මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Image


උඩරට දුම්රිය ධාවනයට බාධා

Published on: January 17, 2025, 04:16 PM

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ  ග්‍රේට්වෙස්ටර්න් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී මෝටර්ට්‍රොලියක් අද (17) දහවල් පිලිපැනීමට ලක්වීමෙන්  බදුල්ල  කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගමන් ගත් මෙම මෝටර් ට්‍රොලිය  වටගොඩ සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ පීලිපැනීමට ලක් වී ඇති බවත් , මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තරමක් ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය .

ඇල්ල ප්‍රසාද් රුක්මාල්

Image


විදුලි බිල සියයට 20කින් අඩු කිරිමට නිර්දේශ

Published on: January 17, 2025, 03:55 PM

විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂම නිර්දේශ කර තිබේ. ඒම මිල අඩු කිරිම අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක බව එම කොමිෂම නිවේදනය කරයි.

0-30ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සදහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සදහා සියයට 21%කින් විදුලි ගාස්තු අඩු කර තිබේ.

හෝටල් සදහා 31%කින් ද කර්මාන්ත කාණ්ඩය සදහා 30%කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සදහා විදුලි ගාස්තු 12%කින් අඩුකර ඇත. රාජ්‍ය ආයතන සදහා 11%කින්ද වීථි ලාම්පු සදහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන තිබේ.

Image


නාච්චාදූව වැවේ දොරටු හයම අඩි 5 බැගින් විවෘත කෙරේ

Published on: January 16, 2025, 06:18 PM

ජල පෝෂිත ප්‍රදේශ වලට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන්  අනුරාධපුර  පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් රැසක් අද (16දා) දහවල් වන විට  ජලයෙන් යට වෙමින් තිබුණි.

අනුරාධපුර සිට මන්නාරම දක්වා  මල්වතු ඔය පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර පූජා නගරයේ සිංහ කණුව දෙස සිට කොහොඹ ගස් හන්දියට දක්වා දිවෙන මාර්ගයේ කොටසක් අද දහවල් නව විට  වසා දැමීමා තිබුණි.

ජල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හයම අද දහවල් වන විට අඩි 5 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 5220ක් පමණ ජල ධාරිතාවයක් ඉන් මුදා හරිනු ලබයි.

එම ජලය මල්වතු ඔයට ගලා යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

නාච්චාදූව වාරි මාර්ග කාර්යාලය නිවේදනයේ සඳහන් වන ආකාරයට සවස් කාලය පමණ වන විට තව දුරටත් මල්වතු ඔයේ ජල මට්ටම ඉහල යනු ඇති බැවින් මල්වතු ඔය දෙපස පහත් බිම් වල සිටින ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසය.

Image


“ක්ලීන් ශ්‍රී ලංකා” ගැන දෙදින විවාදයක්

Published on: January 17, 2025, 03:16 PM

පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.

මේ අනුවජනවාරි 21 වැනි අගහරුවාදාපෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව 22 වැනි බදාදා දිනද පැවැත්වීමට දෙවැනි දිනට කල්තැබීමට මෙහිදී තීරණය වූ බව මහලේකම්වරිය පැවසුවාය.

ජනවාරි 22 වැනි බදාදාපෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා ඇති පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අනතුරුව පෙ.ව 11.30 සිට ‍ප.ව 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.

ජනවාරි 23 වැනි බ්‍රහස්පතින්දාපෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා ඇති පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 - පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. ඉන්පසු පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2413/37 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2384/35 දරන ගැසට් පත්‍රයේ පළ කළ රෙගුලාසි, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ අංක 2377/39 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගය විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ. අනතුරුව ප.ව 3.30 – ප.ව 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය විසින් ගෙන එනු ලබන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද මෙහිදී එකඟත්වය පළවී තිබේ.

ජනවාරි 24 වැනි සිකුරාදාසම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහායි. මේ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, රුක්මන් සේනානායක, රෙජිනෝල්ඩ් පෙරේරා, සිරිනාල් ද මෙල් සහ වෛද්‍ය මොහොමඩ් ඉල්ලියාස් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා පළ කිරීම සඳහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

එසේම පාර්ලිමේන්තුව රැස්වන මෙම දින හතරේම දිවා ආහාර විවේකය සඳහා ප.ව 12.30 – ප.ව 1.00 කාලය වෙන්කර තිබේ.

Image


අලුත්ම මත්ද්‍රව්‍යයක් සමාජගත වෙයි

Published on: January 17, 2025, 02:25 PM

සින්තටික්  මර්ජුවානා නොහොත්  “කේ 2” නමින් සුරුට්ටුවක් ආකාරයෙන් පානය කර හැකි නවතම මත්ද්‍රව්‍ය යක් මේ වන විටත් සමාජගත වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය  ඉංග්‍රීසි අකුරු මුද්‍රිත කඩදාසි කොළයක් ලෙස නිරීක්ෂණය වන බවත් එම කඩදාසි කොලයෙන් කොටසක් ගෙන කුඩා කැබලි වලට කඩා සුරුට්ටුවක් සකස් කර දුම් පානය කිරිම මෙහි ඇති විශේෂත්වය බවත් එම නිලධාරියා කීය.

විදේශීය රසායනික මත්ද්‍රව්‍යක් වන එය ශරීරයට ඉතා අහිතකර බලපෑම් ඇති කරමින් පුද්ගලයකු මානසික ව්‍යාකූලතාවට  (සොම්බි තත්වය) ඇති කරවන මත්ද්‍රව්‍ය යක් බවට හඳුනාගෙන ඇත.

විශේෂයෙන් තරුණ හා පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින්  ප්‍රචලිත කිරීමේ අවධියක  පවතින මෙම මත්ද්‍රව්‍ය තරුණ හා පාසල් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ප්‍රචලිත කිරීමේ අවධියක පවතින බැවින්  ඒ සම්බන්ධයෙන් සියළුම නිලධාරීන් දැනුවත් කර වැළැක්වීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිතුමාගේ නියෝග අනුව සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පහළ ශ්‍රේණියේ සියලුම නිලධාරීන් වෙත මේ වන විටත් පොලිස් පණිවිඩ නිකුත් කර එය ප්‍රචලිත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුවත් කර ඇතැයිද  දැනගන්නට ඇත.

Image


කොළඹ හිඟ බදු අදායම රුපියල් බිලියනය ඉක්මවයි

Published on: January 17, 2025, 01:28 PM

කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මහා නගර සභාවට අයත් සියලුම ප්‍රදේශවලින් පාලනය වන කොට්ඨාශ 15 (කොළඹ 01 සිට කොළඹ 15) ක මහජනතාව නගර සභාවට බදු නො ගෙවීම නිසා කොළඹ නගරයේ හිඟ බදු ආදායම රුපියල් බිලියන 01ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සමග (2025/01/15) කළ විමසීමකදී සඳහන් කරන ලදී.

මේ සඳහා ආදායම් බදු එකතු කරන ආදායම් බදු පරීක්ෂකවරුන්ගේ හිඟය බලපා ඇතැයි ද කොට්ඨාශ 15ට ම බදු එකතු කිරීමට සිටිනුයේ ආදායම් පරීක්ෂකවරු 10 දෙනෙකු බවද සඳහන් කරන ලදී.

නගරයේ පොදු වෙළඳසැල්, පොදු වෙළඳ පොළ ඇතුළු ව්‍යාපාරික ස්ථාන වසර ගණනාවක සිට බඳු ගෙවා නැතැයි ද ඔහු සඳහන් කරන ලදී.

2023 සැප්තැම්බර් මාසයෙන් පසුව රජය බඳවා ගැනීම් අත්හිටුවීමත් සමග බදු එකතු කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවීම නිසා කොන්ත්‍රාත් පදනම මත සේවකයින් යෙදවීමට සිදුවී ඇතැයි නාගරික කොමසාරිස්වරයා සඳහන් කරන ලදී.

මෙම නගර සභාව පාලනය වනුයේ සේවකයන් 3,500 ක ප්‍රමාණයකින් බවද හිඟ බදු එකතු කර ගැනීම ඉතාමත් මන්දගාමී බවත් එම ස්වරූපය මගහැරවීම සඳහා විවිධ උපාය මාර්ග ක්‍රියාත්මක කරන බවද ඔහු විසින් අවධාරණය කරන ලදී.

දැනට මෙහි සිටින සියලු මුළු සේවක සංඛ්‍යාව 5,530 ක් වන අතර නගර සභාවේ අංශ හා දෙපාර්තමේන්තු 16 අතුරින් වැඩිම සංඛ්‍යාවක් ඇත්තේ කොන්ත්‍රාත් සේවකයින් බවද නාගරික කොමසාරිස්වරයා අනාවරණය කරන ලදී.

Image


පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කෙරේ

Published on: January 17, 2025, 12:07 PM

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කිරීම සිදු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරුවී තිබේ. අනතුරුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා  ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ‍පසුගියදා (09) අනුමතිය ලබාදී තිබේ.

පාර්ලිමේන්තු සේවිකාවන්ට වර්ෂ 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුව එවකට කථානායකවරයාගේද උපදෙස් මත මේ සම්බන්ධව විමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල  අභ්‍යන්තර විමර්ශන කමිටුවක් 2023.08.04 දින එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් පත් කෙරුණි.

මෙම කමිටුවේ  විමර්ශන අතරතුරදී පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට තිබු අතර එම විමර්ශන කමිටු වාර්තාව 2023.08.23 දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලැබී තිබුණි. ඒ අනුව එ් සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සදහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර නීතිපති දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිතුමා මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පවරා තිබුණි. මේ අතර පොලිස් විමර්ශන අනුව තවත් පාර්ලිමේන්තු සේවකයෙකු අත් අඩංගුවට ගැනුණු අතර 2024.01.30 දින එම සේවකයාද වැඩ තහනමට ලක් කොට තිබුණි.

මේ අනුව මීට අදාළ චෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චූදිත නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීම මත නෛතික විධිවිධාන ප්‍රකාරව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීම පිණිස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය පත් කරන ලදි.

මෙම විනය පරීක්ෂණයේ අවසන් වාර්තාව පසුගිය 2024. 12.23 වැනිදා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදුන් අතර එය පදනම් කර ගනිමින් අදාළ සේවකයින් තිදෙනා වැඩ තහනමට ලක්වූ දින සිට සේවයෙන් පහකිරීමට ගරු කථානායකවරයාට කරන ලද නිර්දේශය අනුව මේ වන විට සේවයෙන් පහ කිරීමට කටයුතු කර තිබේ.

Image


බස් ප්‍රමුඛතා මංතීරු යළිත් ඇති කරන්නැයි ඉල්ලයි

Published on: January 17, 2025, 11:14 AM

සතියේ වැඩකරන දිනවල ප්‍රධා න නගර ආශ්‍රිතව උදේ කාලයේදී හා සවස් කාලයේදී දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙන බවත්, මේ නිසා බස් පුමුඛතා  මංතීරු කඩිනමින් ඇති කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ හා තදාසන්න ප්‍රදේශ සැලකීමේදී උදේ කාලයේදී හා සවස් කාලයේදී පැයට කිලෝමීටර් 10ක වේගයකින්වත් බස් රථවලට ගමන් කිරීමට නොහැති වන අවස්ථා තිබෙන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

පවතින මංතීරු සියල්ලගේම කුඩා වාහන හා යතුරුපැදි ගමන් කිරීම හා බස් නැවතුම්පොළවල් ආශ්‍රිත කුඩා වාහන නවතා තැබීම හේතුවෙන් මාර්ග තදබදය ඇති වී තිබෙන බවත්, මේ නිසා බස් මගීන් සේම, පාසල් වෑන් රථවල ගමන් කරන දරු දැරියන්, කාර්යාල සේවා වාහනවල ගමන් කරන රටේ ශ්‍රම බළකායත් දුෂ්කරතාවන්ට පත්වන බවද පැවසීය.

මාර්ග තදබදයට හසුවීම නිසා සියලුම වාහනවල ඉන්ධනවලින් යම් ප්‍රමාණයක් නිකරුණේ දහනය වන බවත්, මේ තුළින් රටේ ආර්ථිකයටත් බලපෑම් සිදුවන බවද  සඳහන් කළේය.

සතියේ වැඩකරන දිනවල උදේ කාලයේදී හා සවස් කාලයේදී බස් පුමුඛතා මංතීරු  නීතිය ක්‍රියාත්මක කළහොත් එම මංතීරුවල මගී බස් රථ, පාසල් ළමුන් ප්‍රවාහන රථ හා කාර්යාල සේවා බස් රථවලට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවද පැවසීය.

බස් නැවතුම්පොළවල් ආසන්නයේ කුඩා වාහන නවතා තබාගෙන සිටීම නිසා මාර්ග තදබදයට හේතුවක් වී තිබෙන නිසා කුඩා වාහන අදාළ ස්ථානවලින් ඉවත් කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුව තිබෙන බවද සඳහන් කළේය.

Image


හෙට සිට වැස්ස වැඩි වෙයි

Published on: January 17, 2025, 10:25 AM

හෙට දින‍ෙය් සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද හා මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාහපාහරාත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව පළාතෙත් මාතහේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදි විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එසේම නැගෙනහිර, උතුරු හා උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

සබරමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Image


විදේශ සංචාරකයින් රැගත් බස් රථයක් අනතුරක

Published on: January 17, 2025, 09:27 AM

දක්ෂිණ අධිවේගි මාර්ගයේ තංගල්ල දෙසට වූ මංතීරුවේ 138 කණුව අසලදී විදේශිය සංචාරකයන් රැගත් බස් රථයක් එම දෙසටම ධාවනය වූ සිමෙන්ති රැගත් ලොරියක ගැටීම හේතුවෙන් අද (17) අලුයම අනතුරකට ලක් වී ඇති බව පොලීසිය පවසයි.

සිදු වූ එම අනතුරින් බස් රථයේ රියදුරු මියගොස් ඇති බව තංගල්ල මූලස්ථාන පොලීසිය කියයි. එමෙන්ම බස් රථයේ ගමන්ගත් විදේශ ජාතිකයින් 19 දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ විදේශිය ජාතිකයින් 30 දෙනෙකු පමණ ගමන් කර තිබුණු බව ද තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

බෙලිඅත්ත කවීෂා

Image


ජනපති හා කතානායක පිළිතුරු ලැබෙන තෙක් කාරක සභා සඳහා විපක්ෂ මන්ත්‍රීලා නෑ

Published on: January 17, 2025, 09:25 AM

පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා විපක්ෂයේ නියෝජනය වැඩි කරන ලෙස කථානායකවරයා, ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත්, ඔවුන්ගේ තීරණය ලැබෙන තෙක් කාරක සභා සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් නම් කිරීම සිදු නොකරන බවත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභා කිහිපයකට පමණක් විපක්ෂයේ මන්ත්‍රීවරන් නම් කළ බව ‘අද’ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පත්කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවත්, කාරක සභාවල විපක්ෂයේ නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තෙක් සභාපති ධුරයට නම් කිරීමද ප්‍රමාද කර ඇති බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ තිබෙන කාරක සභාවලින් වැඩි වශයෙන් සභාපති ධුර විපක්ෂයට ලබා දෙන ලෙසද ඉල්ලීම් කර ඇති බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Image


වසර දෙකකදී ලංකාවේ ජනගහනය 264950කින් පහළ ගිහින්

Published on: January 17, 2025, 08:23 AM

පසුගිය වසර 02කට ලංකාවේ ජනගහනය 2,64,950කින් පමණ පහළ වැටී ඇති බැව්, ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත අනුව පැහැදිලි වන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමග පෙරේදා (15දා) කරන ලද සාකච්ඡාවකදී සඳහන් කරන ලදී.

ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහනය 2021, 2022 වසර දක්වා කාලය සලකා බැලීමේදීත් මිලියන 22,181ක් ලෙස පැවති අතර, ලංකා ඉතිහාසය තුළ වැඩිම ජනගහනයක් වාර්තා වනුයේ 2021/2022 වසර තුළදීය.

2022 ජූලි මස සිට 2023 ජූලි දක්වා කාලය තුළදී වාර්ෂික ජනගහනය මිලියන  22.37කින් 1,44,395කින් පහළ ගොස් ඇත.

තවද 2023 ජුනි සිට 2024 ජුනි අතර කාලය තුළ රටේ මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 21,916ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇත.

මෙහි පෙර වසරට සාපේක්ෂව සලකා බලන විට රටේ ජනගහනය 1,20,055කින්  පමණ පහළ යාමක් මේ කාලයේදී සිදු වී ඇත.

රටේ ජනගහන වර්ධනය මේ වන විට -0.7කට ආසන්න අගයක් පවතී. ජනගහනය මෙසේ පහළ යාමට හේතුව වී ඇත්තේ ස්වාභාවික උපත් අනුපාතය වේගයෙන් පහළ යෑමත් ශුද්ධ සංක්‍රමණ වේගයෙන් ඉහළ යෑමත්ය.

චන්දන සමරවික්‍රම

Image


විදුලි ගාස්තුව අද ප්‍රකාශයට

Published on: January 17, 2025, 07:36 AM

ඉදිරි මාස 06ට අදාළ විදුලි ගාස්තුව අද (17 දා) ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

විදුලි ගාස්තුවට අදාළව වාචික අදහස් දැක්වීමට පළාත් 09 මූලික කරගනිමින් මහජන සැසි 9ක් පැවැත් වූ අතර, අවසන් සැසිය ලෙස පසුගිය 10වන දින  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනතාවට වාචික අදහස් දැක්වීමට අවස්ථාව සලසා දී තිබුණි.මීට අමතරව ලිඛිතව අදහස් දැක්වීම සඳහාත් පසුගිය08වන දින දක්වා ජනතාවට අවස්ථාව ලබා දුන්නේය.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වසරේ මුල් මාස 6 සඳහා ඉදිරිපත් කර තිබූ යෝජනාව වූයේ පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමටය.

මේ අනුව ලංවිම යෝජනාව මෙන්ම, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්යමණ්ඩලයේ නිර්දේශ (ප්‍රතියෝජනාව) පිළිබඳ මහජන අදහස් හා යෝජනා මේ ආකාරයට ලබා ගැනීම සිදුවිය.

මහජන අදහස් දැක්වීමේදී විදුලි බිල 30%ත් 35%ත් අතර ප්‍රමාණයකින් අඩු කරන ලෙස ඉල්ලා සිටි බවද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කළේය.

මේ ආකාරයට ජනතාව විසින් ලබාදුන් අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් හා  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්යමණ්ඩලයේ නිර්දේශ  පිළිබඳ සලකා බලමින් අද දිනයේදී විදුලි ගාස්තුව ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබෙන බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Image


වෙඩි තැබීම් වැඩිවීම බරපතලයි සජිත් ආණ්ඩුවට අවධාරණය කරයි

Published on: January 16, 2025, 11:22 PM

2025 වසර ආරම්භයත් සමග ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තා වීම බරපතල තත්ත්වයක් බවට ආණ්ඩුවට අවධාරණය කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එ් අනුව කඩිනමින් මෙම පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමටත්, විදේගතව සිටිමින් මේවා මෙහෙයවන පිරිස් නීතිය හමුවට ගෙන ඒමටත් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් කර තිබේ.

අද (16දා) නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙලෙස සඳහන් කර ඇත.

“2025 වසර ආරම්භයත් සමඟ ගෙවුණු දින 16 තුළ පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 05ක් වාර්තාවීම බරපතල තත්ත්වයක් බව පළමුව අවධාරණය කරමි.

මෙම වෙඩි තැබීම වලින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 04  දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙවැනි වාතාවරණයක් හමුවේ රටේ සිවිල් පුරවැසියන්ට නිදහසේ තම දෛනික කටයුතු කරගෙන යාමද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණවලට අනුව විදෙස් ගතව සිටින 188 දෙනෙකුට අන්තර් ජාතික රතු නිවේදන නිකුත් කර ඇති අතර, ඉන් 63 දෙනෙකු විදෙස්ගතව සිටිමින් පාතාල කටයුතු මෙහෙයවමින්, ඝාතන, කප්පම් ගැනීම්, බියවැද්දවීම් වැනි සමාජ විරෝධී කටයුතු මෙහෙයවමින් සිටින බවත් හඳුනාගෙන තිබේ.

රටක පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයක මූලික කාර්යභාරය වේ. එය ආරක්ෂාව අතින් වේවා, මානව හිමිකම් පුරක්ෂිත කිරීම අනිත් වේවා, සෞඛ්‍ය අතින් වේවා, ආහාර සහ පෝෂණ අතින් වේවා, ඒ සෑම අයුරකින්ම එම වගකීම ඉටු කිරීම ඒ මොහොතේ රජය නායකත්වය දෙන ආණ්ඩුවේ කාර්යභාරය වේ.

අද (16) මන්නාරම උසාවි සංකීරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වන අතර මෙවැනි සෝචනීය සිදුවීම් නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායකවරයා ලෙස මා ජනාධිපතිතුමා ප්‍රමුඛ වර්ථමාන රජයෙන් සහ සියළුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමි.

මෙම තත්ත්වය උත්සන්න වුවහොත්, එය සාමාන්‍ය ජන ජීවිත පවත්වාගෙන යාමට සහ ජනතාවට නිදහසේ කටයුතු කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමට හේතුවක් වනු ඇති බව මාගේ අදහසයි.

ඒ නිසා කඩිනමින් මෙම පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමටත්, විදේගතව සිටිමින් මේවා මෙහෙයවන පිරිස් නීතිය හමුවට ගෙන ඒමටත් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.

රටේ විපක්ෂයට නායකත්වය දෙන පුද්ගලයා ලෙස මමත්, මාගේ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සුදානම් බව අවධාරණය කරනු කැමැත්තෙමි.”

Image


බදුල්ල දිස්ත්‍රික්කයේ සියයට 66ක් අවදානම්

Published on: January 16, 2025, 10:12 PM

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66%ක් පමණ කුමන හෝ අවදානමකට ලක්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පැවසීය.

ඇය එසේ පැවසුවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදීය.

ආපදාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ තුන්දහසකට අධික පවුල් සංඛ්‍යාවක් මෙතෙක් නැවත පදිංචි කිරීමක් සිදුව නැති බවද මෙහිදී අනාවරණය විය.

ශ්‍රී ලංකාව කාලගුණික, දේශගුණික විපර්යාසවල ගෝලීය අධිඅවදානම් රටක් ලෙස අහිතකර බලපෑමට ලක්වෙමින් පවතී. මේ හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යාම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, වසංගත තත්ත්ව වර්ධනය වීම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදී බලපෑම් නිරන්තරයෙන් සිදුවෙන අතර, මෙමගින් වාර්ෂිකව විනාශ වන පුද්ගල හා දේපළ හානි අතිවිශාල බවද නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දුන්හ.

ආපදා හේතුවෙන් වන බලපෑම අවම කරලීම සඳහා දේශගුණික විපර්යාස බලපෑම් අවම කිරීම, අවදානම් සංවේදී සංවර්ධන කටයුතු සිදුකිරීම, වනාන්තර ගිනිතැබීම් අවම කිරීම සඳහා සාමූහිකව ඒකරාශී වීම, නීතිවිරෝධී පස් කැපීම්, ප්‍රවාහනය හා තැන්පත් කිරීම වැළැක්වීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය හා නැවත පදිංචි කිරීම වේගවත් කිරීම සහ ඒ සඳහා භූමිය පරිහරණය විධිමත් කිරීම යන යෝජනා මෙහි ඉදිරිපත් කෙරිණි.

ආපදා හේතුවෙන් වන බලපෑම අවම කිරීමේදී යුතුකම, වගවීම, වගකීම මුල් කරගනිමින් රාජකාරි මට්ටමෙන් ඔබ්බට ගිය සංවේදී ප්‍රශ්නයක් ලෙස සලකා කටයුතු සිදුකිරීමට සියලුම නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු බව, දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් ‍අබේවර්ධන මහතා මෙහිදි අවධාරණය කළේය.

මෙම  සාකච්ඡාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු හෙන්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන නිමේෂා ප්‍රියංගි වනසිංහ හා නිලන්ති සමරවික්‍රම, ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්, පළාත් ඉඩම් කාර්යාලයේ වැවිලි මානව භාරයේ මහත්ම මහත්මීන් හා තවත් රාජ්‍ය ආයතන කිහියක නිලධාරීන් සහභාගී වූහ.

Image


මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්

Published on: January 16, 2025, 09:24 PM

මධ්‍යම පළාත තුළ සිසුන් 30ට අඩු පාසල් 283 ක් තිබෙන බවත් ඉන් පාසල් 100කට වඩා ළමුන් 10 දෙනෙකුට අඩුවෙන් සිටින පාසල් බවට හඳුනාගෙන ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිහාල් අලහකෝන් මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගුරු හිගය සහ ළමුන් අඩු පාසල් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ළමුන් අඩුව සිටියද එම පාසල් වසා දැමීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතුව තිබෙන බවද පැවසීය.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේළමුන් 30දෙනෙකුට අඩුව සිටියද නැත්නම් පාසල්වල ගුරුවරුන් 10-15 අතරේ සංඛ්‍යාවක් සිටින බවද පැවසීය.

මධ්‍යම පළාතේ රජයේ පාසල් සඳහා අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 33028ක් බවත් දැනට පලාතේ ගුරුවරුන් 27,000 ක් පමණක් සේවය නිරතව සිටින බව පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කීය.මේ අනුව පළාතේ ගුරුවරුන් හය දහසක පමණ හිඟයක් පවතින බවත් සංවර්ධන නිලධාරීන් 2078 දෙනෙකු පාසල් වලට අනුයුක්ත කර තිබෙන හෙයින් පුරප්පාඩු සංඛ්‍යාව 4000ක් පමණ දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබෙන බවද පැවසීය.

මේ වසරේ විද්‍යා පිහිටවලින් පිටවන ගුරුවරුන්ගෙන් දහසක පමණ පිරිසක් මධ්‍යම පළාතේ ගුරු සේවය සඳහා එක් කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවද ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කළේය.

පළාතේ සිසුන් 08 දෙනකු සිටින ඇතැම් පාසල්වල ගුරුවරු 06 දෙනකු සිටින බවත් සිසුන් 06 දෙනෙකු සිටින පාසල්වල ගුරුවරුන් 04 දෙනකු සිටින බවත් කී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගුරු හිගය තුලනාත්මකව විසඳීම සඳහා නිසි වැඩපිළිවෙළක් අවශ්‍ය බවද පැවසීය.

Image


මුදල් නියෝජ්‍ය ඇමතිගේ නම අවභාවිත කරමින් මුදල් ගරයි

Published on: January 16, 2025, 08:40 PM

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නම අවභාවිත කිරීම හරහා මුදල් රැස්කිරීමේ කටයුත්තක් සිදුවන බවත් ඊට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Image


ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් චීනය කැපවී සිටිනවා

Published on: January 16, 2025, 07:51 PM

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී (Zhao Leji) මහතා පැවසීය.

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුව අද (16) පෙරවරුවේ සිදු කෙරුණු අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී  සභාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගනු ලැබීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජාඕ ලජී මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සහයෝගයෙන් කටයුතු කිරීම චීන ජාතික කොංග්‍රසයේ අපේක්ෂාව බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Image


සෞඛ්‍යයට එල්ල කරන චෝදනා ගැන සී.අයි.ඩී. යට පැමිණිල්ලක්

Published on: January 16, 2025, 07:02 PM

Image


නාච්චාදූව වැවේ දොරටු හයම අඩි 5 බැගින් විවෘත කෙරේ

Published on: January 16, 2025, 06:18 PM

ජල පෝෂිත ප්‍රදේශ වලට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන්  අනුරාධපුර  පූජා නගරයේ මල්වතු ඔය දෙපස පහත් බිම් රැසක් අද (16දා) දහවල් වන විට  ජලයෙන් යට වෙමින් තිබුණි.

අනුරාධපුර සිට මන්නාරම දක්වා  මල්වතු ඔය පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුර පූජා නගරයේ සිංහ කණුව දෙස සිට කොහොඹ ගස් හන්දියට දක්වා දිවෙන මාර්ගයේ කොටසක් අද දහවල් නව විට  වසා දැමීමා තිබුණි.

ජල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු හයම අද දහවල් වන විට අඩි 5 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 5220ක් පමණ ජල ධාරිතාවයක් ඉන් මුදා හරිනු ලබයි.

එම ජලය මල්වතු ඔයට ගලා යාම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබේ.

නාච්චාදූව වාරි මාර්ග කාර්යාලය නිවේදනයේ සඳහන් වන ආකාරයට සවස් කාලය පමණ වන විට තව දුරටත් මල්වතු ඔයේ ජල මට්ටම ඉහල යනු ඇති බැවින් මල්වතු ඔය දෙපස පහත් බිම් වල සිටින ජනතාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසය.

Image


බලශක්ති අරමුණු ජයගන්න ලංකාවට කොරියාවේ පූර්ණ සහාය

Published on: January 16, 2025, 05:31 PM

ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය. නව රජයේ බලශක්ති අමාත්‍යංශයට සුභාශිංසනය හා සහයෝගය පළ කරමින් කරුණු දැක්වූ තානාපතිනී මියෝන් ලී මහත්මිය කොරියාව පොදුවේ බලශක්ති ක්ෂේත්‍රයෙත් විශේෂයෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ලබා ඇති දියුණුව සහ ජයග්‍රහනයන් පිළිබද කරුණු දක්වමින් සමීප මිත්‍ර රටක් ලෙස විශාල ජනතා ප්‍රසාදයකින් පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට සුබ පැතුම් එක් කළ අතර, කොරියානු රජය හා පුද්ගලික අංශයත් නව රජය සමග වඩාත් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසුවාය. විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ නව රජයේ අරමුණු ජයගැනීම පිණිස උපරිම සහය ලබාදෙන බවද ප්‍රකාශ කළාය.

අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කරුණු දක්වමින් දකුණු කොරියාව ඉතා දුෂ්කර කාලපරිච්ඡේද අභිබවමින් අද ලබා ඇති දියුණුව, අභියෝගාත්මක තත්වයන් පසුකරමින් ජයග්‍රාහී මාවතකට පිළිපන්ව සිටින ලාංකික අපටත් ආදර්ශයක් හා සවියක් වන බව පැවසීය.

කොරියානු රජයේත් පුද්ගලික අංශයෙත් සෘජු ආයෝජන හා ඒකාබද්ධ ව්‍යාපෘති අපේක්ෂා කරන බවත් නව රජයේ දූෂණයෙන් තොර විනිවිද පෙනෙන සුළු ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධිත සියලුදෙනාට උපරිම ප්‍රතිලාභ ලබාදෙනු ඇති බවත් පැවසීය. තවද ප්‍රසිද්ධ දකුණු කොරියානු සමාගමක සේවය කිරීමත් කොරියාවේ සංචාරය කිරීමත් තුළින් තමාට කොරියානුවන්ගේ දක්ෂකම් විනයගරුක බව හා කැපවීම හදුනාගැනීමට අවස්ථාව ලද බවත් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට හා අනෙකුත් ක්ෂේත්‍ර වලට දක්වන සහයෝගයට ස්තූතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය.

Image


බන්ධනාගාරයෙන් ආපු සැකකරුවෙක් බන්ධනාගාර නියාමකට පහර දෙයි

Published on: January 16, 2025, 04:49 PM

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකුට පුද්ගලයෙකු විසින් මහයියාව නගර සභා ගම්මානය අසලදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම බන්ධනාගාර නියාමකවරයා රාජකාරි නිමාවී පවුලේ සාමාජිකයන් සමඟ මහයියාව නගර සභා ගම්මානයනය අසල ඔහුගේ මෝටර් රථය නවත්වා ඒ අසල වෙළඳ සැලකට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය කියයි.

පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කිසියම් වරදකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඇති වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙන අතර මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහනුවර මූලස්ථාන බාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Image


වර්ෂාව හේතුවෙන් මඩකලපුවේ කෙත් බිම් ජලයෙන් යටවෙයි

Published on: January 16, 2025, 04:10 PM

මඩකලපුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් සහ ගොවිබිම් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.  මේ නිසා ජනතාවගේ සාමාන්‍ය ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත

මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මණ්ඩූර් කෘෂිකර්ම සේවා මධ්‍යස්ථානය යටතේ වගා කරනු ලබන ප්‍රධාන බෝග ප්‍රදේශයෙන් අක්කර 6000 කට වැඩි ප්‍රමාණයක් වගා කර ඇත.  අවට්කුල් මණ්ඩූර්, වෙල්ලාවේලි, වේතුචෙනයි, පාලෙයිඩිවට්ටයි සහ කක්කචිවට්ටයි වැනි විවිධ ප්‍රදේශවල කෙත්වලට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව ප්‍රදේශයේ ගොවීන් පවසති.

අධ්ක වර්ෂාපතනය හේතුවෙන් නවගරි පොකුණේ වාන් දොරටු විවෘත කර ඇති බව ගොවීන් පවසන අතර එය කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපා ඇත. වියළි කාලයේ සිට වැඩෙන සමයට මාරුවීමේ මෙම අවස්ථාවේදී, කෘෂිකර්මාන්තය දැනට දින 70 ක බෝගයක් වන බැවින්, ගොවීන් වර්ෂාපතනය වැඩිවීම සහ පොකුණුවලින් ජලය ජලාශ වලට මුදා හැරීම හේතුවෙන් ගොව්න් පීඩාවට පත්වෙමින් සිට්.

මෙම තත්ත්වය තුළ, පසුගිය වසරේ ගංවතුරෙන් පීඩාවට පත් වී යථා තත්ත්වයට පත් වීමට නොහැකි වුවද, මෙම වසර ආරම්භයේදී ඇති වූ ඊළඟ ගංවතුර ද ඔවුන්ට බෙහෙවින් බලපා ඇති බව ගොවීන් කනස්සල්ලට පත්ව සිටිති.  වී සඳහා සහතික මිල තවමත් තීරණය කර නොමැති බැවින් තම අපේක්ෂිත ඉල්ලුම සපුරාලීමට අපහසු වී ඇති බවට ගොවීන් ද කනස්සල්ල පළ කරති.

මඩකලපුව වාර්තාකරු ට් එල් ජව්ෆර්කාන්

Image


අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ

Published on: January 16, 2025, 03:30 PM

මඩකලපුව, කාතතාන්කුඩි පොලිස් වසමට අයත් කල්ලඩි, කලෙයිමගල් පාරේ අගුලු දමා තිබූ නිවසකින් නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ සොයාගත් මළ සිරුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි.

එරාවුර්, මිච්නගර් හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස සේවය කළ මෙම පුද්ගලයාගේ මළ සිරුර මෙසේ සොයාගෙන ඇත.

අගුලු දමා තිබූ නිවසේ මළ සිරුරක් ඇති බවට අසල්වැසියන් දැනගත් පසු, ඔවුන් පොලිසියට දැනුම් දුන් අතර, පොලිසිය වහා එම ස්ථානයට ගොස් මළ සිරුර මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට යවන ලදී. කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මඩකලපුව  වාර්තාකරු ට් එල් ජව්ෆර්කාන්

Image


නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු

Published on: January 15, 2025, 06:59 PM

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

වෙන්නප්පුව, ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, 1991 වර්ෂයේදී 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත.

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේ INS Dronacharya පුහුණු පාසල වෙතින් 2003 වර්ෂයේදී හදාරා ඇත. නාවික අවි නඩත්තු ඉංජිනේරු පාඨමාලාව චීනයේදී 2010 වර්ෂයේදී හදාරා, එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨය මඟින් ආරක්‍ෂක අධ්‍යයන (RCDS) පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ විද්‍යාපති උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය වෙතින්ද, ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලය වෙතින්ද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2023 වර්ෂයේ ජනවාරි මස 06 වැනි දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මාණුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, නාවික හමුදාධිපති විසින් අවස්ථා හයකදී සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි පිරිනමා ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, නාවික යුදායුධ නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි, අණදෙන නිලධාරී හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩාමේ සමාජිකයෙකු සහ නායකයෙකු ලෙසද ක්‍රීඩා කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වර්ථමාන නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ආදරණිය භාර්යාව කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය වන අතර, ඔවුනට කල්ෂා ප්‍රනාන්දු, සිසිලියා ප්‍රනාන්දු සහ ෆේබියන් ප්‍රනාන්දු ලෙස දරුවන් තිදෙනෙකු සිටියි.

Image


අද වාර්තා වූ දෙවැනි වෙඩි තැබීම කොහුවලින්

Published on: January 16, 2025, 03:24 PM

කොහුවල අද(16දා) පස්වරු 2.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩිතැබීමෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බව පොලීසිය සඳහන් කළේය.

Image


ජනපති චීන ආයෝජකයන් හමුවෙයි

Published on: January 16, 2025, 03:15 PM

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය.

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව අද (16) සංවිධානය කර තිබූ  “ආයෝජන සැසියේ”   ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතාගේ  ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේ තෙවන දිනයට සමගාමීව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

චයිනා ටියැන්යිං ඉන්කෝපරේෂන්  (CNTY- China Tianying Inc), චයිනා හාබර් ඉංජිනේරු සීමාසහිත සමාගම ( China Harbour Engineering Company Ltd), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සීමාසහිත සමාගම (China Communications Construction Company Ltd), චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව (  China Petrochemical Corporation -SINOPEC Group), මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සීමාසහිත සමාගම (Metallurgical Corporation of China Ltd), චයිනා සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව (CCECC-China Civil Engineering Construction Corporation), චයිනා එනර්ජි ඉන්ටර්නැෂනල් සමූහ සීමාසහිත සමාගම (China Energy International Group Company Ltd),  ගුවැන්ෂු පොදු ප්‍රවාහන සමූහය (The Guangzhou Public Transport Group),හුවාවි (Huawei), බී.වයි. ඩී (BYD Auto) ඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සමාගම් ප්‍රධානීන් සමඟ  සුහද පිළිසඳරකද නිරත විය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Image


ඇප මත නිදහස් කළ පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

Published on: January 16, 2025, 02:46 PM

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු සහ සංවිධානාත්ම අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

විදෙස් ගමන් තහනමක් පනවා පසුගියදා පොඩි ලැසීම ඇප මත මුදා හැරීමට කටයුතු කළේය.

Image


මන්නාරම අධිකරණය ඉදිරිපිටදී වෙඩි වැදුනු පුද්ගලයන් 2ක් මරුට

Published on: January 16, 2025, 02:10 PM

මන්නාරම අධිකරණය ඉදිරිපිට අද (16දා) පෙරවරුවේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

අධිකරණ කටයුත්තක් සඳහා මෙම පුද්ගලයන් මන්නාරම අධිකරණය හමුවට පැමිණෙන අවස්ථාවේ නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

Image


චීනයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.7ක ආයෝජනයක්

Published on: January 16, 2025, 01:31 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්  හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ  බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16දා) පෙරවරුවේ සිදු විය.

ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන සයිනොපෙක් සමාගම ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත අතර ඉන් අතිවිශාල ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු මෙම දැවැන්ත ආයෝජනය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් කිරීමට දායක වනු ඇත.

Image


ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි

Published on: January 16, 2025, 12:49 PM

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ලෙස තමන්ට හිමිවන දීමනා හා වැටුප් සියල්ලම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගින්ගේ සත්කාරය සඳහා එම රෝහලේ පොදු ගිණුමට බැරකර එම රිසිට්පත පමණක් දීමනාව ලෙස තමන්ට ලබාදෙන්නැයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

රටේ වෙසෙන සියලුම දේශපලනඥයන්ට ආදර්ශයක් දෙමින් මෙම ඉල්ලීම කර ඇත්තේ ඊයේ (15) ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රිවරයෙකු ලෙස පත්ව ආ දිලාන් කපිල මල්වත්ත මහතා විසිනි.

මෙම මන්ත්‍රිවරයා මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස ඕමත්ත කොට්ටාශයට ඉදිරිපත්වූ අතර එම කණ්ඩායමේ වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා විය.ඒ අනුව ස්වාධීන කණ්ඩායම් නායකයා විසින් දිලාන් මල්වත්ත මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ලෙස නම්කර තිබේ.

Image


කලුබෝවිල වැටලිම් දෙකකින් රු. කෝටි 3ක මත්ද්‍රව්‍ය අල්ලයි

Published on: January 16, 2025, 11:59 AM

කළුබෝවිල ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වැටලීම් දෙකකින් රුපියල් කෝටි 3 කට ආසන්න වටිනා  හොරයින් මත්කුඩු තොගයක් සහ කෙරල ගංජා තොගයක් සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ 1  ගෑම් 594 ක් හා කේරල ගංජා කිලෝ 4 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ පාතාල සාමාජිකයකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධවල නියැලෙන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මව බව පොලිසිය කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාට ලද තොරතුරකට අනුව  ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ඒ එම් එන්  අලහකෝන් ,සහ  පොලිස් පරීක්ෂක කවිසංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුබෝවිල සහ  කළුබෝවිල පාසල් මාවතේ ස්ථාන දෙකකදී සිදු කළ වැටලීම් දෙකකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

කළුබෝවිල පාසල් මාවතේ  දෙමහල් නිවස වැටලීමේදී එහි සිට පිටතට හොරයින් මත්කුඩු පාර්සලය  රැගෙන එමින් සිටි සැකකාරිය එය තවත් පුද්ගලයකුට ලබාදීමට උත්සාහ කිරීමේදී    අත්අඩංගුවට ගත් බවත්  අනෙක් සැකකරු කළුබෝවිල ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් බවක් වැටලීම සිදුකළ පොලිස් නිලධාරියකුු පැවසීය.

සැකකාරිය 54 හැවිරිදි තැනැත්තියක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 26/30  අතර පසුවන්නන් බව පොලිසිය කියයි

Image


ගොඩනැගිල්ලක් හදන්න ඉඩමක් ගත්තත් අවුරුදු 22ක් තිස්සේ කුලියට ඉන්න පිරිවැය රු.මි. 400

Published on: January 16, 2025, 11:09 AM

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, සිය ප්‍රධාන කාර්යාලය සදහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 2001 වර්ෂයේදී ඉඩමක් මිළ දී ගෙන තිබුණත් වසර 22 කට අධික කාලයක් එම ඉඩම අපේක්ෂිත කාර්යය සදහා භාවිතා නොකර කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් මිලියන 400 කට අධික මුදල් වැයකර තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම, 2001 වර්ෂයේදී  සිය ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරිම සදහා නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ අංක 508 දරණ ස්ථානයේ පර්චස් 73.7 ක ඉඩමක් රුපියල් මිලියන 53.5 ක මුදලකට මිළ දී ගෙන තිබුණ බවත් 2023 වසර අවසන් වන තෙක් එම ගොඩනැගිල්ල ඉදි නොකර කුලී ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් මිලියන 409.2 ක් ගෙවා තිබුණ බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

2018 අංක 19 දරණ ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරණ මුදල් පනත අනුව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාල විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.

අදාල ගොඩනැගිල්ල ඉදි කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම හා ටෙන්ඩර් ලේඛණ සකස් කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ සේවය ලබා ගැනීම වෙනුවෙන් 2012 අප්‍රේල් 18 දින කැබිනට් අනුමැතිය ලබා දි තිබුණත් සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 2013 වර්ෂයේදී එම තීරණය අවලංගු කිරීමට කටයුතු කර තිබුණ බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

2014 වර්ෂයේදී සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය අදාල ගොඩනැගිල්ල ඉදි කිරීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම හා ටෙන්ඩර් ලේඛණ සකස් කිරීම මධ්‍යම ඉංජිනේරු උපදේශණ කාර්යාංශයට පවරා තිබුණ බවත් 2015 දී එයද අවංගු කර නැවත අදාල කාර්යය මොරටුව විශ්ව විද්‍යාලයට පවරා තිබුණ බවත් විගණන වාර්තාවේ සදහන් වේ.

2015 න් පසුව රටේ ඇති වූ ආර්ථික අවපාත තත්ත්වයන් හේතුවෙන් ගොඩනැගිල්ලේ ඉදි කිරීම් ප්‍රමාද වූ බව සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සිය ප්‍රධාන කාර්යාලය රුපියල් මිලියන 400 කට අධික මුදලක් කුලී ගෙවමින් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ලබා දෙමින් සදහන් කර තිබේ.

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ 2022 වසරේ ලබා නොගත් වාර්ෂික හා වෛද්‍ය නිවාඩු වෙනුවෙන් එම සමාගමේ විධායක නිලධාරීන්ට 2023 වසරේ රුපියල් මිලියන 36.4 ක් ගෙවා තිබෙන බවත් මෙම ගෙවීම් වලට අදාල නිවාඩු ගණනය කිරීමේදී ඇගිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීමේ වාර්තා සලකා නොතිබූ බවත් එම විගණන වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

විධායක නිලධාරීන් 2022 වර්ෂයේ ලබා නොගත් වාර්ෂික නිවාඩු වෙනුවෙන් රුපියල් මිලියන 8.2 ක් හා වෛද්‍ය නිවාඩු වෙනුවෙන් රුපියල් මිලියන 28.2 ක් ගෙවා තිබුණ බවද විගණන මහ ලේකම් කාර්යාලය සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

තමිඳු මදුසර

Image


සයිෆ් අලී ඛාන් පිහි ප්‍රහාරයක් - රෝහල් ගත කිරීමෙන් පසු නිවසට පොලිස් ආරක්ෂාවත් යොදවයි

Published on: January 16, 2025, 10:33 AM

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලී ඛාන් පිහි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර තිබේ.

මංකොල්ල කෑමට නිවසට ඇතුළු වූ පිරිසක් අතරන් පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර මේ වන විට සයිෆ් අලී ඛාන්ගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබා දී ඇත.

Image


රු. 3000ක අල්ලස් ගත් සැරයන්ට වැඩ වරදියි

Published on: January 16, 2025, 10:12 AM

කල් ඉකුත් වූ   රියදුරු බලපත්‍රය ට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම  මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු  ඊයේ (15) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

සැකකාර පොලිස් සැරයන්වරයා පෙරේදා (14 )මතුගම ඔරලෝසු කණුව අසල රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී ලොරි රථයක් පරීක්ෂා කර එහි රියදුරාගේ රියදුරු බලපත්‍රය  කල් ඉකුත්වීම නිසා එම වරදින් මුදවා හැරීමට  රුපියල් 5000/= ඉල්ලා තිබූ බව පොලිසියේ සඳහන් කරයි.

එකී මුදලින්  රුපියල් 3000/= ක මුදලක්  මතුගම ඔරලෝසු කණුව අසලදි ලබාගැනීමේදී  අත්අඩංගුවට ගත් බව පොලිසියේ සඳහන්කරයි. අත්අඩංගුවට ගත් සැකකාර සැරයන්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව පරීක්ෂණ පවත්වයි.

Image


මන්නාරම අධිකරණය ඉදිරිපිට මාර්ගයේ වෙඩි තැබීමක්

Published on: January 16, 2025, 10:03 AM

මන්නාරම අධිකරණය ඉදිරිපිට මාර්ගයේ අද(16දා) පෙරවරු 9.20ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ පුද්ගලයන් අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයන් බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

Image


දරුවන් අතර දියවැඩියාව හා රුධිර පීඩනය ඉහළ යෑමක්

Published on: January 16, 2025, 09:25 AM

දියවැඩියාව (Type 2) සහ හේතුවක් නොමැතිව අධික රුධිර පීඩනය මෙරට දරුවන් අතර මේ වන විට ඉහළ යමින් පවතින බව, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය.

එසේම අක්මාවේ රෝගී තත්ත්ව සහ පෙණහලු රෝගද මෙරට දරුවන් අතර ඉහළ යමින් පවතින බව ඇය පෙන්වා දුන්නාය.

ඒ අනුව බෝ නොවන රෝගවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එහිදී සෞඛ්‍යවත් ආහාර රටාවකට දරුවන් නැඹුරු කිරීම අත්‍යවශ්‍ය වන බවත් මහාචාර්යවරිය අවධාරණය කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (15ද) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මීට අමතරව දරුවන් අතර දක්නට ලැබෙන මානසික රෝගද නිරන්තරයෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ අතර මේ පිළිබඳ දැනුම්වත් කිරීමට යුනිසෙෆ්, අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝන නොවන රෝග ඒකකය එක්ව පාසල් ළමයින් අතර දැනුම - මිනුම තරගයක් සංවිධානය කර ඇති අතර, එහි අවසන් වටය එළඹෙන 25වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

Image


සහල් හිඟය උග්‍රවෙලා -ලංකා නාඩු රු.270 හා රතු කැකුළු රු. 290 දක්වා ඉහළට

Published on: January 16, 2025, 08:29 AM

පවතින සහල් හිඟය නිසා ඇතැම් ප්‍රදේශවල ලංකා නාඩු සහල් කිලෝවක මිල රුපියල් දෙසිය හැත්තෑව දක්වාත්, දේශීය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් දෙසිය අනූවක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

සුපිරි වෙළෙඳ සැල්වල ආනයනික නාඩු සහල් පැවතියත් බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල නාඩු හා කැකුළු සහල් නොමැති අතර, ආනයනික නාඩු සහල් පවා වෙළෙඳ සැල්වලට නොලැබෙන බව සිල්ලර වෙළෙඳුන් සඳහන් කරති.

සහල් සඳහා පාලන මිලක් නියම කළත් පාලන මිලට ලංකා නාඩු හෝ කැකුළු සහල් නොලැබෙන බවද සිල්ලර වෙළෙඳුන් පෙන්වා දෙති.

සහල් තොග වෙළඳුන් විසින් පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන නිසා ඇතැම් ප්‍රදේශවල සිල්ලර වෙළෙඳුන් සහල් අලෙවියෙන් ඉවත් වී තිබෙන අතර, වැඩි මිලට සහල් ලබා ගන්නා සිල්ලර වෙළෙඳුන් ලාභයද එකතු කර වැඩි මිලට සහල් අලෙවි කිරීම් සිදුකරනු ලබති.

Image


නාවලපිටිය මහ රෝහලේ ආපන ශාලාවේ බත් පැකට්ටුවක තැම්බුණු හූනෙක්

Published on: January 16, 2025, 07:26 AM

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ආපනශාලා බත් පතේ හූනකු තැම්බී සිටියදී රෝගියෙකුට හමුවී තිබේ.

රෝහලේ  2 වාට්ටුවේ සිටි රෝගියෙකු ඊයේ (15දා) උදෑසන එහි ආපන ශාලාවට ගොස් බත් එකක් රැගෙන අනුභව කරමින් සිටියදී මෙම තැම්බුණු හූනා දැක තිබේ.එම රෝගියා ඒ පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂ ජානක සෝමරත්න මහතාටද සිද්ධිය වාර්තා කර තිබේ.මේ වන විට රෝහලේ කාර්ය මණ්ඩලය හා රෝගීන් විශාල ප්‍රමාණයක් මෙම ආහාර අනුභව කර ඇති බවද හෙළි වී තිබූ අතර සිද්ධිය පිළිබඳව රෝහල් මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.බී.අයි.වෑකඩපොළ මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම සිද්ධිය පිළිබඳව තමාට කිසිවක් කිව නොහැකි බවය.නාවලපිටිය මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුළන්දර මහතා ද මෙම සිද්ධිය පරීක්ෂා කර ඇති අතර රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් මේ පිළිබඳව විමසීමට රෝහල් දුරකථන හුවමාරුව වෙත ගනු ලැබුවද එම ස්ථානයෙන් අධ්‍යක්ෂවරයා වෙත එම ඇමතුම ලබාදිය නොහැකි බව පැවසීය.පසුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ගනු ලැබුවද ප්‍රතිචාර නොලැබිණි.

ගම්පොළ -සුරංග දිල්හාන්

Image


උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්

Published on: January 15, 2025, 10:26 PM

කොළඹ කොටුව මහනුවර සහ ඇල්ල දුම්රිය ස්ථානකේන්ද්‍ර කරගනිමින්පවත්වාගෙන යනඋඩරට දුම්රිය මාර්ගයේ ප්‍රවේශපත්‍ර මාෆියාව හේතුවෙන් විදේශිකයන් දැඩි අපහසුතාවයට පත්වීම මෙන්ම ඒ තුළින් රටේ කීර්ති නාමයට ද හානියක් සිදුවන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.

ඊයේ (15) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අවස්ථාවේදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහැර තත්පර 42ක් වැනි කාලයක් තුළදී ටිකට්පත් සියල්ල අලෙවි වී අවසන් වූ බවත් ඒ තුළ විශාල වංචාවක් සිදුවෙමින් පවතින බවද පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව ගමන් වාරයක් සඳහා දිනට වලංගු ඊ ටිකට් පත් මසකට පෙර අන්තර්ජාලයට මුදා හරින බවත් විශේෂ තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් සහ සමාගම් විසින් එම ටිකට්පත් වංචාව සිදු කරන බවද අවධාරණය කළ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා ඉහළ පොලිස් නිලධාරීන්ටඋපදෙස් ලබා දුන්නේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට නම් පැමිණිල්ලක් සිදුකරන පුද්ගලයා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවත් වැඩි මිලට ටිකට්පත් මිලදීගන්නා පුද්ගලයන්ඒ සම්බන්ධයෙන් චෝදනා කරන නමුත් නීතිමයා ක්‍රියාමාර්ග ගැනීමට යාමේදී සහාය නොදී මගහැරීම බරපතල ගැටලුවක් බවමහනුවර කොට්ඨාස ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.

Image


පිරිපහදු නොකළ පොල්තෙල් වංචාවක් ගැන මරික්කාර්ගෙන් හෙළිකිරීමක්

Published on: January 15, 2025, 09:29 PM

මහ බැංකු බැඳුම්කරය වැනි වංචාවක් පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන බවත්, මෙම වංචාව පසුගිය රජය සමයේ ආරම්භ කර ඇති අතර, වත්මන් රජය යටතේද එය සිදුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (15දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“පසුගිය දවස්වල මාධ්‍ය වාර්තා කරලා තිබුණා පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වීම හරහා රජයට අයවිය යුතු කෝටි  5,000ක පමණ බදු ආදායමට සමාගම් කිහිපයක් විසින් පොල්ල තියලා තියෙනවා කියලා. 2024ජනවාරි 01වැනිදා ඉඳලා ඔක්තෝබර් මාසයේ අග දක්වා තමයි මේ බදු පොල්ල වැටිලා තියෙන්නේ.

2024 ජනවාරි 01වැනිදාට කලින් පිරිපහදු නොකළ පොල්තෙල් ලංකාවට ආනයනය කරන කොට විශේෂ වෙළෙඳ භාණ්ඩ යටතේ රුපියල් 125,000ක් මෙට්‍රික් ටොන් එකකටත්, පිරිපහදු කළ එකකට 150,000ක් දාලා තිබුණා. ඒ ගැසට් පත්‍රයේ පැහැදිලිව තිබෙනවා මේක වැට් කාණ්ඩයට අයිති වෙන්නේ නෑ කියලා. 2024 ජනවාරි 01වැනිදා ඉඳන් වැට් පිළිබඳව දාපු විශේෂ ගැසට් එක අනුව වැට් එකෙන් ඉවත් කළ කාණ්ඩයට මේක නෑ.

ඒ කියන්නේ බදු ගෙවන්න වෙනවා. නමුත් සමාගම් කිහිපයක් පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝග්‍රෑම් මිලියන 38.8ක් ගෙන්වලා තියෙනවා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ.

මේ ගැසට් එක අනුව 18%ක වැට් බද්දකුත්, 2.5%ක සමාජ ආරක්ෂණ බද්දකුත් ගෙවන්න ඕනි. ඒ කියන්නේ මේ කිලෝග්‍රෑම් මිලියන 38.8ම සෑම කිලෝග්‍රෑම් එකකටම 20.5% බදු නොගෙවා හැරලා තියෙනවා. වැඩේ කියන්නේ මේක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව යටතේනේ වෙන්නේ.

රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් තමයි ඉල්ලලා තියෙන්නේ බදු සහන දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට පසුවත් අපිට ආරංචි විදියට මේක දිගටම කෙරීගෙන යනවා. සැප්තැම්බර් 21 තමයි අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති වෙන්නේ. ඔක්තෝබර් මාසය දක්වා ටොන් 38,000ක් ගේනවා නම්, අනුර කුමාර මහතා ජනාධිපති වුණාට පස්සෙත්  මේක ගෙන්වලා තියෙනවා. දිගින් දිගටම මෙම සමාගම් විසින් බදු පැහැර හැරීම සිදුකරනවා. අපිට ආරංචි විදියට නොවැම්බර් මාසයේත් මේ සමාගම්වලින් විශාල ප්‍රමාණයක් ගෙන්වලා තියෙනවා.

වංචාව, දූෂණය, හොරකම, නාස්තිය නතර කරනවා කියලා ආපු, බදු හොරුන්ව අල්ලනවා කියලා කියපු, බැංකු පොලු තියපු අය අල්ලනවා කියපු මේ ආණ්ඩුව යටතේත් මේ හොරකම ඇස් මානයේ පෙනි පෙනී තිබියදීත්, ඒ වගේම මාධ්‍ය විසින් දිගින් දිගටම වාර්තා කර තිබියදීත් මේක වෙන්න දෙනවාද? මේක තනිකරම මහ බැංකු මංකොල්ලය වගේ එකක්. මාස 10කට කෝටි 5,000ක් කියන්නේ මාස 12කට කෝටි 6,000ක් විතර වෙනවා. මේ සමාගම ලබන අයුතු ලාභය කාටද ගියේ ? ඒ නිසා ආණ්ඩුව වහාම හෙළිදරව් කළ යුතුයි.”

Image


2025දී සුරාසැල් වැසෙන දිනයන් ප්‍රකාශයට

Published on: January 15, 2025, 08:32 PM

2025 වසරේදී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 වසරේ දින 18ක් සුරාසැල් වසා තැබීමට නියමිතය.

2025 වසරේ සුරා සැල් වැසෙන දිනයන්

2025 ජනවාරි 13 සඳුදා  - දුරුතු පුර පසළොස්වක පෝය දිනය

2025 පෙබරවාරි 04 අඟහරුවාදා - නිදහස් සමරු දිනය

2025 පෙබරවාරි 12 බදාදා - නවම් පුර පසළොස්වක පෝය දිනය

2025 මාර්තු 13 බ්‍රහස්පතින්දා - මැදින් පුර පසළොස්වක පෝය දිනය

2025 අප්‍රේල් 12 සෙනසුරාදා - බක් පුර පසළොස්වක පෝය දිනය

2025 අප්‍රේල් 13 ඉරිදා - සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයට පෙර දිනය  - සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික්) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

2025 අප්‍රේල් 14 සඳුදා -  සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය

2025 මැයි 12 සඳුදා -  වෙසක් පුර පසළොස්වක පෝය දිනය

2025 මැයි 13 අඟහරුවාදා -  වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය

2025 ජූනි 10 අඟහරුවාදා -පොසොන් පසළොස්වක පෝය දිනය

2025 ජූලි 10 බ්‍රහස්පතින්දා -  ඇසළ පුර පසළොස්වක පෝය දිනය

2025 අගෝස්තු 08 සිකුරාදා -  නිකිණි පුර පසළොස්වක පෝය දිනය

2025 සැප්තැම්බර් 07 ඉරිදා -  බිනර පුර පසළොස්වක පෝය දිනය

2025 ඔක්තෝබර් 03 සිකුරාදා - ලෝක අමද්‍යප දිනය

2025 ඔක්තෝබර් 06 සඳුදා - වප් පුර පසළොස්වක පෝය දිනය

2025 නොවැම්බර් 05 බදාදා - ඉල් පුර පසළොස්වක පෝය දිනය

2025 දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා - උඳුවප් පුර පසළොස්වක පෝය දිනය

2025 දෙසැම්බර් 25 බ්‍රහස්පතින්ද - නත්තල් උත්සව දිනය - අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර (ර.බී.07) හා විශේෂ තුන් අවුරුදු බලපත්‍ර (බුටික් ) ස්ථාන සම්බන්ධයෙන් අදාළ නොවේ.

Image


ත්‍රිරෝද රථවලට නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකරයි

Published on: January 15, 2025, 07:47 PM

ත්‍රීරෝද රථවලට නීත්‍යානුකූලව සවිකර ඇති කොටස් ඉවත් නොකිරීමටත් එසේ නොවන අන්තරාදායකආකාරයෙන් සවිකර ඇති කොටස් ඉවත් කිරීමටත් පොලීසිය තීරණය කර තිබේ.

එසේම ල බාදී ඇති මාස තුනක සහන කාලය තුළ ත්‍රි රෝද රථ රියදුරන් දැනුවත් කර නීත්‍යානුකූල නොවන අමතර කොටස් ඔවුන් ලවා ඉවත් කිරීමටත් නියමිතය.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ උපාංග කොටස් නිශ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ උපලේකම් හා එහි සාමාජිකයන් හා පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදී මෙම තීරණ ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය

Image


නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු

Published on: January 15, 2025, 06:59 PM

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.

වෙන්නප්පුව, ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, 1991 වර්ෂයේදී 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත.

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්‍ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේ INS Dronacharya පුහුණු පාසල වෙතින් 2003 වර්ෂයේදී හදාරා ඇත. නාවික අවි නඩත්තු ඉංජිනේරු පාඨමාලාව චීනයේදී 2010 වර්ෂයේදී හදාරා, එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාපීඨය මඟින් ආරක්‍ෂක අධ්‍යයන (RCDS) පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, ආරක්‍ෂක අධ්‍යනය පිළිබඳ විද්‍යාපති උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය වෙතින්ද, ජාත්‍යන්තර ආරක්‍ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලය වෙතින්ද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්‍රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2023 වර්ෂයේ ජනවාරි මස 06 වැනි දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මාණුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, නාවික හමුදාධිපති විසින් අවස්ථා හයකදී සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි පිරිනමා ඇත.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, නාවික යුදායුධ නිලධාරී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික අවි, අණදෙන නිලධාරී හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩාමේ සමාජිකයෙකු සහ නායකයෙකු ලෙසද ක්‍රීඩා කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වර්ථමාන නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.

රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ආදරණිය භාර්යාව කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය වන අතර, ඔවුනට කල්ෂා ප්‍රනාන්දු, සිසිලියා ප්‍රනාන්දු සහ ෆේබියන් ප්‍රනාන්දු ලෙස දරුවන් තිදෙනෙකු සිටියි.

Image


සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් - චීන ජනපති

Published on: January 15, 2025, 06:43 PM

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී පැවැත්විණි.

චීන මහජන ශාලාව වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ආචාර වෙඩිමුර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

අනතුරුව රාජ්‍ය නායක දෙපළ අතර සුහද කථා බහකින් පසු දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එසේම සමීප මිත්‍ර රාජ්‍යයන් ලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව ද සිහිපත් කළ ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරියටද ශ්‍රී ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව පැවසීය.

රාජ්‍ය නායක දෙපළ අතර නිල හමුවෙන් පසු දෙරට අතර ආර්ථික, සමාජයිය හා කර්මාන්ත යන ක්ෂේත්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ද සිදු කෙරිණි.

Image


ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගන්නවා

Published on: January 15, 2025, 06:02 PM

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සදහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ කියයි. ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් අමාත්‍යාංශ පවසයි.

“බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවා. අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරනවා” යැයි බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමරා ජයකොඩි මහතා ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් අදහස් පල කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව හා එක්වූ සිවිල් ගුවන්සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා අදහස් පළකරමින් ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය හැටියට සැළකෙන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හදුනගන්න අපි අමාත්‍යංශ දෙකම එක්ව කටයුතු කරනවා. ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමේ මෙහෙයුමේදී තෙල් වෙළදපලට ඇතුලත්වීම මේ තෙල් ටැංකි හරහා සැකසෙන ව්‍යාපෘතියට අනුකූලව වරාය සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරන්නත් ඉදිරි මාස කීපය තුළ මේ සම්බන්ධව ජාතික සැළැස්ම ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන මෙහදි නිරික්ෂණයට ලක්වූ අතර මෙම නිරීක්ෂණ චාරිකාව සදහා ඉහත අමාත්‍යවරුන්ට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) සිරිමෙවන් රණසිංහ ඇතුළු ඉහළ නිළධාරින්ද එක්වූහ.

Image


එක චීනයක් වෙනුවෙන් පෙනී සිටින ජනපති අනුර චීන ජනපතිට කියයි

Published on: January 15, 2025, 05:49 PM

‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය වෙනුවන් ශ්‍රී ලංකාව පෙනී සිටින බව ජනපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පං මහතා අතර පැවැති හමුවේදී පැවැසීය.

ජනපතිවරුන් දෙදෙනා අතර හමුව බීජින් නුවරදී පැවැතියේය. මෙහිදී අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් ප්‍රකාශ කළේ චීනය ලබා ගෙන ඇති සංවර්ධනය පිළිබඳව ශ්‍රි ලංකාව බෙහෙවින්ම සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් චීනය දක්වන දායකත්වයද අගය කරන බවයි.

Image


හම්බන්තොට වරාය ඉදිකිරීමේදී මතු වූ කලුගල් අපනයනයේදී පනවා ඇති බදු පහළට

Published on: January 15, 2025, 05:19 PM

හම්බන්තොට වරාය ඉදිකිරීමේදී මතුවූ කලුගල් අපනයනය කිරීම සඳහා පනවා තිබු බදු මුදල අඩු කිරීමේ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි විය.

ඒ අනුව එම කළුගල් මෙට්‍රික් ටොන් මිලියන එකක් අපනයනය කිරිමේදී කියුබික් මීටර එකක් සඳහා රුපියල් දහසක බදු මුදලක් අය කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත්තේය.

Image


සිමෙන්ති සෙස් බද්ද අඩුවෙයි, කොට්ටයක මිල රු. 100කින් පහළට

Published on: January 15, 2025, 04:38 PM

සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුවමඅදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න - රජයේ මුදල් පිළිබඳකාරක සභා සභාපතිවරයාගෙන් උපදෙස්.

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබාදෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය.

සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ගෙන එනු ලැබූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවන අතර එමගින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගිය 8වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙදින කාරක සභාව හමුවේ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ අංක 2400/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත නියෝගයක්, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත 3 (4) වගන්තිය යටතේ අංක 2399/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් සහ අංක 2401/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝගයක්, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ අතිවිශේෂ ගැසට් පත්‍ර 06ක පළකර ඇති නියෝග 06ක් සහ ,2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් සලකා බැලීම සිදුවිය.

ඒ අනුව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වැනි වගන්තිය යටතේ අංක 2400/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත නියෝගය පිළිබඳව කාරක සභාවේ අවධනය යොමුවිය. ඒ යටතේ අපනයන සංවර්ධන සඳහා පනවනු ලබන සෙස් බද්ද ඔස්සේ ලැබෙන අදායම ඍජුව අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම සුදුසු බව කාරක සභා සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

තවද 2002 අංක 24 දරන සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අංක 2415/66 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නිවේදනයක් සලකා බැලීම ද මෙහිදී සිදුවිය. එහිදී මේ වසර අවසන්වන තෙක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදීමට නියමිත ප්‍රතිලාභ සඳහා කාරක සභාවේ අනුමතිය හිමිවිය. එහිදී අන්ත දිළිඳු පවුල් සඳහා ලබාදෙන රුපියල් පහළොස් දහසේ දීමනාව රුපියල් දාහත් දහස් පන්සියය දක්වාත්, රුපියල් අටදහස් පන්සියයක් ලබාදෙන පවුල් සඳහා රුපියල් දස දහසක් ලබා දීමටත් ,රුපියල් දෙදහස් පන්සියයක් ලබාදෙන පවුල් සඳහා රුපියල් පන්දහසක් ද රුපියල් පන්දහසක් ලබාදෙන පවුල් සඳහා එම දීමනාව නොවෙනස්ව ලබාදීමටත් කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

මෙන්ම 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3 (4) වගන්තිය යටතේ අංක 2399/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති කොළඹ වාරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් වූ නිවේදනය සඳහා කාරක සභාවේ අනුමතිය හිමි නොවූ අතර අංක 2401/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති මඩකලපුව ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇඟලුම් කර්මාන්තශාලාවක් සම්බන්ධයෙන් වන නියෝගය ද නැවත කාරක සභාව තුළ සලකා බැලීමට තීරණය විය.

තවද වලංගු කාලසීමාවන් දීර්ඝ කිරීමටත්,බදු අඩුකිරීමත් වෙනුවෙන් 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ ඉදිරිපත් කල අතිවිශේෂ ගැසට් පත්‍ර 06ක පළකර ඇති නියෝග 06ක් කාරක සභාවේ දී සලකා බලා අනුමතිය ලබා දෙන ලදී

Image


ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි

Published on: January 15, 2025, 03:51 PM

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (15) පෙරවරුවේ  චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය.

අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ  ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් වූහ.

Image


ගල්කිස්ස ද්විත්ව ඝාතනයට හතරක් අල්ලයි

Published on: January 15, 2025, 03:51 PM

ගල්කිස්ස වටරප්පල පාරේ නිවසක සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් ආධාර අනුබල දුන් පුද්ගලයන් බව පොලිසිය කියයි. ඉකුත්  (7) අලුයම සිදු කළ එම වෙඩි තැබීමෙන් බෝම්බිරියගේ සුදත් ගෝමස් නොහොත් මනෝ (36) හා චානක විමුක්ති හෙවත් සඳුන් (20) යන අයවලුන් ඝාතනයට ලක් වූ අතර ඔවුන් දෙදෙනා ඥාතීත්වයෙන් මාමා සහ පුතා වන බව පොලිසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන  පුද්ගලයන් දෙදෙනකු එදින අලූයම 4.25-4.35 ත් අතර කාලයේදී නිවස තුළට කඩා වැදි මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් සහ ගල් කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබිණි.

එම වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය එදිනම අලුයම් කාලයේදීී හොරණ මුණගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනවල දි එම යතුරුපැදිය  මීගොඩ අලූත් පාර ප්‍රදේශයේ නර්තන ශිල්පියෙකුට අයත් එකක් බවට අනාවරණය වී තිබූ අතර ඉකුත්  4  වෙනි දින ඇඹුල්ගම විහාරස්ථානයේ පැවැති පෙරහර අවස්ථාවේදී  එය සොරාගෙන ඇති බවට ඔහු විසින් හංවැල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක සඳහන් වන බව පොලිසියකියයි. ඒ අනුව සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස  සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ  උපදෙස්මත එම යතුරු පැදිය වෙඩි තැබීමට පෙර දින තොට ළඟ ප්‍රදේශයේ සිට බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණය වෙත රැගෙන විත්  එතැන් සිට එම යතුරුපැදියේ එක් පුද්ගලයකුත් තවත් යතුරුපැදියක් තවත් පුද්ගලයකුත් රැගෙන පැමිණෙමින් සිටියදී  දෙහිවල බෝධිය වත්ත අසලටගොස් එම  ස්ථානයට පැමිණි පුද්ගලයකු බෑගයක බහා ලබා දුන් ආරක්ෂක හිස් වැසුම් දෙකක් ජැකට් දෙකක් ලබාගෙන කොට්ටාව මාවිත්තර ප්‍රදේශයට පැමිණ තොටලඟින් රැගෙන ආ යතුරුපැදිය එම ස්ථානයේ නතර කරජැකට් දෙක සහ ආරක්ෂක හිස් වැසුම් දෙක සහිත බෑගය යතුරුපැදයේ එල්ලා නැවතත් දෙහිවල කරා පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩික්කරුවන් දෙදෙනා එකී යතුරු පැදිය රැගෙන ගොස් වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙදෙනා  මෙම කටයුතු සිදුකර ඇත්තේ මත්කුඩු පැකට්ටුවට, අයිස් පැකට්ටුවට  බවට ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වු බව පොලිසිය සඳහන් කරයි

විදෙස් ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් වන බඩෝ විට අසංක හා කොස් මල්ලි නැමැත්තන් අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල බෝධියවත්ත, වැල්ලවත්ත සහ බොරැල්ල මෙත්සර උයන පදිංචිකරුවන්ය

බණ්ඩාරගම- බිමල් ශ්‍යාමන් ජයසිංහ

Image


එක්දින ශ්‍රේණිගත කිරීම්හී මහීෂ් තීක්ෂණ ඉදිරියට

Published on: January 15, 2025, 03:25 PM

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් හී 03 වැනි ස්ථානය දක්වා ස්ථාන 04කින් ඉදිරියට පැමිණ තිබේ.

එමෙන්ම ඔහු එක්දින තුන්ඉරියව් ක්‍රිඩකයන් ශ්‍රේණිගත කිරීම් හී 26 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

Image


ශ්‍රී ලංකා- චීන ජනාධිපතිවරුන් අතර නිල හමුව ආරම්භ වෙයි

Published on: January 15, 2025, 03:04 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping)  අතර නිල හමුව ආරම්භ වී තිබේ.

චීන මහජන ශාලාවේදී මෙම හමුව පැවැත්වේ.

Image


ආණ්ඩුව හාල් ප්‍රශ්නය අනාගෙන දැන් දෙස් දෙවොල් තියනවා

Published on: January 15, 2025, 01:42 PM

තෛපොංගල් සමරන්නට ‘කැකුළු හාල් නැති වූවේ පසුගිය රජය නොමිලේ හාල් බෙදාදීම නිසා යැයි’ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත. මේ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප්‍රලාපයක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇය නිකුත් කළ නිවේදනය….

පසුගිය වසර කිහිපයේම වී මෙට්‍රික් ටොන් ලක්ෂ 46 ක අස්වැන්නක් ලැබී ඇත. එයින් හාල් මෙ.ටො. ලක්ෂ 29 ක් නිෂ්පාදනය කෙරේ.  මෙරට හාල් නිෂ්පාදනයෙන් හතරෙන් එකක් ‘කැකුළු සහල්’ ය. දකුණු පලාතේ වී වලින් 85% ක් ම කැකුළු ය.  ඒ අනුව, ‘කැකුළු හාල් ටොන් ලක්ෂ 7 කට වැඩි අවම නිෂ්පාදනයක් පැවතුනේය.

අවස්ථා දෙකක දී, හාල් කිලෝ 20 බැගින් පවුල් ලක්ෂ 27 කට හාල් කිලෝ මෙ.ටො 54,000 ක් මේ අනුව බෙදා ඇත. මෙයින් 75%ක් පමණ කැකුළු හාල් වූ අතර ඉතිරිය සුදු කැකුළු විය.  රජය මගින් කැකුළු සහල් කි‌ලෝ 50,000 ක් නොමිලේ බෙදාදුන්නේ යැයි උපකල්පනය කළ ද, එය රටේ සමස්ත කැකුළු හාල් නිෂ්පාදනයෙන් 14 න් පංගුවකි (සුදු හාල් ප්‍රමාණයක් ද බෙදනු ලැබීය).

අප රටේ සහල් පාරිභෝජනයෙන් 22% ක් කැකුළු ද,  18% ක් සුදු කැකුළු ද වේ..ටො. ලක්ෂ දහයකට වැඩි අස්වැන්නකින් මෙ.ටො. 54,000 ක් රටේ දුප්පත්ම සමාජ තීරුවට ලබාදුන් විට කැකුළු හාල් හිඟයක් ඇතිවීමට කිසි ලෙසකින් හෝ සිදු විය හැකි තත්වයක් නොවේ. මෙම ප්‍රකාශය සමාජයේ දිළිඳුම ජනතාවට අනාගතයේ අවශ්‍යතාව මත හෝ ආහාර ලබාදීමේ වගකීමෙන් ගැලවීම සඳහා රජය සැලසුම් සහගතව ගොතන බොරුවකි.

හාල් බෙදීමේ තීරණය පාර්ලිමේන්තුව ද දායක වූ සාමුහිත තීරණයකි. ‘දරුවන් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය’ ට මා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව, ළමා මන්දපෝෂණය පිළිබඳ විශේෂඥයින් යොදාගනිමින් වාර්තාවක් සකස් කරනු ලැබීය.  එහි මෙරට ළමුන් අතරින් 36% කට කුමන හෝ මට්ටමක මන්දපෝෂණ තත්වයක් පවතින බව දැක්වේ.  පාසල් දරුවන්ට දිවා ආහාර සහ අන්ත දිළිඳු පවුල්වලට ආහාර සැපයීමේ අවශ්‍යතාව එම වාර්තා ම මගින් ද, තවත් අධ්‍යයනයන් රැසකින් ද, ජාත්‍යන්තර සංවිධාන ද පෙන්වා දෙනු ලැබීය.  ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තු කමිටුවක නිර්දේශය, හා ජාතික අවශ්‍යතාව සලකා රාජ්‍ය යාන්ත්‍රණය හරහා සහල් බෙදීම ක්‍රියාත්මක කළේය. එය පාර්ලිමේන්තුව හා විධායකය ජනතාව වෙනුවෙන් සාමුහික වගකීම් ඉටු කිරීමකි.

ලංකා ඉතිහාසයේ පළමු වරට තෛපොංගල් උත්සවයට කැකුළු හාල් නැතිවුණේ ද,  සහල් හිඟයක් ඇති වූවේ වෙළඳපොල කලමනාකරණයට රජයට ඇති නොහැකියාව නිසාය.  වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වාම ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ එක් වරක් හෝ රැස්වී නැත.  රටේ ආහාර අවශ්‍යතාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීරණ ගැනීමට රජය ලබා දෙන ප්‍රමුඛතාව එයින් මනාව පැහැදිලි වේ.  සහල් අර්බුදය උත්සන්න වූයේ රටේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු එක් විද්‍යාත්මක විසඳුමක් ඉදිරිපත් නොකර ජනමාධ්‍ය ඔස්සේ ගැලරිය පිණවීමට යාම නිසාය. පාර්ලිමේන්තු කමිටු සහ කැබිනට් මණ්ඩලය රටේ පෝෂණ අවශ්‍යතා පියවීම සඳහා ගත් කාලීන ප්‍රශස්ත පියවරවලට දෙස් දොවොල් තැබීමෙන් දැන් පළක් නැත.

Image


ඕස්ට්‍රේලියානුවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන මෙන්න

Published on: January 15, 2025, 01:35 PM

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 29 වැනිදා සිට පෙරවාරි 02වැනිදා දක්වාත්, දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පෙබරවාරි 06 වැනිදා සිට පෙබරවාරි 10 වැනිදා දක්වාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ අතර පළමු එක්දින ක්‍රිකට් තරගය පෙබරවාරි 12 වැනිදාත්, දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පෙබරවාරි 14 වැනිදාත් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Image


සංචාරයේ නිරත ජනපති චීනයේ ඓතිහාසික ස්ථාන කිහිපයක් නැරඹීමට යයි

Published on: January 15, 2025, 01:30 PM

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද (15දා) පෙරවරුවේ  චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා  චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් විය.

අනතුරුව මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වීය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ  ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් වූහ.

Image


අයවැයේ රහසක් වසන්ත කලින්ම කියයි

Published on: January 15, 2025, 12:50 PM

සතොස සහ වී අලෙවි මණ්ඩලය ඒකා බද්ධව මෙවර ආණ්ඩුව මගින් වී මිලදී ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු රාජ්‍ය  නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අභාවයට ගිය වී ගබඩා නවීකරණය කටයුතු “ක්ලීන් ශ්‍රී ලංකා”  වැඩ සටහන යටතේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී  වී මිලදී ගැනීමේ රජයේ සහතික මිල  ගැසට් කරන බව වෙලද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා  පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අදற (15දා) අනුරාධපුර නව නගරයේ ඉදිවන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ එම ඉදිකිරීම්වලදී ඇතිවන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා  එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්ය.

පසුගිය රජයන් සමයේ ආරම්භ කල හම්බන්තොට ක්‍රීඩා පිටිය හා සම්මන්ත්‍රණ ශාලාව ඇතුළු රට පුරා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති හා අභාවයට යන සියලුම ගොඩනැගිලි විධිමත් ලෙස සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන බවද මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසයි .

මෙම ඉදි කිරීම් පිටිපස ඇතැම් නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද සිටි බවත් එම අවිධිමත් ඉදිකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විට ඊට සම්බන්ධ සියලුම දෙනාට ද නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා කීය.

මෙවර අයවැය මගින් ජනතාව බලාපොරොත්තු වන සහන ලබා දීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් සදහන් කලේය.

Image


මම දේශපාලනයට එන්නේ නෑ

Published on: January 15, 2025, 12:05 PM

“කතරගම දේවාලයෙන් නෙකරපු සමාජ සේවයක් මම කරන්නේ. මම මේවා සිදුකලේ දේශපාලනයට එන්න නෙවෙයි පක්ෂ විපක්ෂ වල සමහරක් බය වෙලා මම දේශපාලනයට එන්න තමයි මේ වැඩ කරන්නේ  කියලා මම කවදාවත් දේශපාලනයට එන්නේ නැ හිීනයකින් වත් මම  දේශපාලනයට යන්න කැමති නැ.මම කතරගම දේවාලයේ පරිපාලනයට රජය විසින් පත් කරපු නිළධාරියෙක්. මම එය තෙරුම් ගත්තට සමහරක්ට බැරිවෙලා”  යනුවෙන් රුහුණු  මහා කතරගම  දේවාලයේ බස්නායක  නිළමේ ඩිෂාන්  ගණසේකර මහතා සදහන්  කරන ලදි.

බස්නයක  නිළමේ වරයා මේ අදහස් දැක්වුයේ කතරගම හා සෙල්ල  කතරගම කඩ සංගම් අතර බස්නායක  නිල  නිවසේ  පැවැති සාකච්ඡාවට  එක් වෙමින්ය.

“කතරගම දේවාලය වෙත බැතිමතුන් විශාල ලෙස ආධාර පරිත්‍යාග කරනවා කතරගම දෙවියන් වෙනුවෙන් ඉඩම් වලින් ආදායම් එනවා මම කලේ එම මුදල් වලින් කතරගම ජනතාවට. බැතිමතුන්ට රෝගි ජනතාවට සහනයක් ලබා දීමට දේවාලයේ  මුදල් යොදවිමයි.

මේවා  බස්නායක නිළමේ ලෙස මට හිතුමනාපෙට  කරලා නැ මම බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් පාළනය වන බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාගේ අනුමැතිය මත කරපු සංවර්ධනයන්.

රජයෙන් මා පත් කරලා තියෙන්නේ කතරගම දේවාලයේ පරිපාලන  නිළධාරිය ලෙස දේවාලයේ ඉඩකඩම් වල බදු මුදල් එකතු කිරිම. පුද පඩුරු වල ආදායම් රජයට පෙන්නවා දිම පෙරහැර වල් කිරිම. බැතිමතුන් ගේ යටිතල පහසුකම් ලබාදිම. සේවක  පිරිස් පාලන කීරිමට බස්නායක නිළමේ රාජකාරිය ට බැදි සිටිනවා.

මම රජය විසින් පත්කල බළධාරියෙක් එය තෙරුම් නෙගත්  පිරිස් බයවෙලා මම දේශපාලනයට එයි කිලා.

කතරගම දෙවියෝ කියන්නේ තිරයේ ඇදපු දෙවියකු නෙවෙයි සැබැ ලෙස ජිවමානව  වැඩ ඉන්න දෙවියක් උන් වහන්සේට පිං දෙන්න අසරණ  රෝගීන්ට  අසරණ දරුවන්ට අධ්‍යාපනය ලබාදිම. හිසට වහලක් නැති අයට ගෙයක් හදලා දිම .පිං සිදු වෙන දේවල් මෙයට වසර 05 කට පෙර කතරගම  නගරය හා පුජා භුමිය තිබුණු  තත්වයත් අද වර්ථමානයේ  දියුණු  වී ඇති තත්වයත්  බලා ගන්න කාටත් පුලුවන්.

මම කතරගම නිළ නිවසේ දිවත් දේවලයේ කිසිදු මුදලකින් බත් කටක් කාලා නැ මගේ මුදලින් හාල් ඇටේ පවා ගෙනත් කනවා. තව  මාස කීපයකින් මගේ නිළකාලය ඉවර වෙනවා.එක නිසා බස්නායක  නිළයට පොර කන එන්න දගලන පිරිස් මම කරන සමාජ සේවා විවේචනය කරනවා.

මම මට කිසිවක් කර ගෙන නැ පිළිකා  රෝහල හැදුවා  වගෙම කතරගම  රෝහලත් හදලා රෝගීන් ට සෙත සලසවනවා  මම කරපු දේවල් ප්‍රයෝජන ගන්නේ කතරගම  ජනතාව. අනාගතයට සදා පවතින සංවර්ධන වැඩ ගොඩක් කරලා දෙවියන්ට පිං පමුණුවන්ට හැකිවීම මට සතුටක්. මමවත් මගේ දරුවන්ටවත් මම කරපු සංවර්ධන වැඩ ප්‍රයෝජන ගන්නේ නැ

කතරගම නගරයේ නඩ අල්ලු තැරව්කරැවෝ (තරැණයන්) අද රටවල් වලට යන්න වෘත්තිය පුහුණු කරනවා. කොරියානු  භාෂාව පුහුණු පඨමාලා කරනවා. කතරගම පිඩාවිදි තරුණ තරුණියන්ගේ  ජිවත්විමට වැඩකලා. කතරගම දෙවියන් ගේ දේවාලයෙන් කතරගම ජනතාවට සේවයක් විය යුතුයි”

කතරගම සන්දිම

Image


වෙලේ සුදාට බරපතල වැඩ සහිත සිර දඬුවම්

Published on: January 15, 2025, 11:59 AM

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට, ඔහුගේ බිරිඳට සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අවුරුදු 08 සිරදඬුවම් නියම කළේය.

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් මෙම සිරදඬුවම් නියම කළහ.

Image


මොනරාගල රෝහලේ නිවුන් දරු උපතින් පසු එක් දරුවෙකු මරුට, අසාධ්‍ය මව පේරාදෙණිය රෝහලට

Published on: January 15, 2025, 10:19 AM

මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී දොළොස් වෙනිදා සිදුවූ නිවුන් දරු උපතකින් පසුව එක් දරුවෙකු මියගොස් ඇති අතර මව අසාධ්‍ය තත්වයෙන් පේරාදෙණිය මහ රෝහලට මාරුකර තිබේ.

මහියංගනය අරාවත්ත 47 කණුව අසල පදිංචි ආර්.එම් සමන්මලී (28) නැමති කාන්තාව ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා දොළොස් වෙනිදා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්වී ඇත.

එහිදී සිසේරියන් සැත්කමකින් පසුව දියණියන් දෙදෙනෙකු ප්‍රසූතකර තිබේ.

එක් දියණියක් ඉපදී දින දෙකකට පසුව (14) වෙනිදා මියගොස් ඇති අතර අනෙක් දරුවා රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

දරු ප්‍රසූතියෙන් පසු මව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇති අතර අසාධ්‍ය තත්වයෙන් පසුවීම නිසා පේරාදෙණිය මහ රෝහලට මාරුකර යවා ඇත.

මෙම දරු උපත සති තිස්තුනකින් පසුව සිදුවී තිබේ. මියගිය දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.මොණරාගල සුමනසිරි ගුණතිලක

Image


ජනපති අනුර හෙට චීන ජනපති හමුවෙයි

Published on: January 14, 2025, 07:15 PM

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  හෙට(15දා) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping)  හමුවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික  සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව  අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

Image


නරක් වූ අල හා ලූණු ජල මූලාශවලට ගෙනවිත් දමයි

Published on: January 15, 2025, 09:25 AM

පාකිස්තානය, ඉන්දියාව, තුර්කිය , චීනය, ඇතුළු විදේශ රටවලින් ගෙන්වන ප්‍රමිතියෙන් තොර වූ  ලොකු ලූණු අර්තාපල් අල සහ අනෙකුත් ද්‍රව්‍යය නරක් වීමෙන් පසුව ගබඩා හිමිකරුවන්  ව්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ග්‍රාමීය වැව් අමුණු ඇළ දොළ සහ රජයේ රක්ෂිත වලට  ගෙනැවිත් දැමීම නිසා මහා පරිසර විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

කාලයක සිට සිදු කෙරෙන මෙම මහා විනාශය නිසා  මේ වන විටත් බොහෝ ජල මූලාශ්‍ර පරිසර පද්ධති  වලට නරක වූ  ලොකු ලුණු , අල ගෙනවිත්  දැමීම නිසා දුර්ගන්ධය මෙන්ම සතෙකුට හෝ ජනතාවට ජලය පරිභෝජනය කිරීමට පවා නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි නගරවැසියෝ පෙන්වා දෙති.

තත්ත්වයෙන් බාල  විදෙස් රටවලින් ගෙන්වන අල ලොකුණු   වරායෙන්ම දඹුල්ලට ගෙනවිත් ඒවා ගබඩාකොට කාන්තාවන් යොදා  තෝරා  නරක වූ   ඒවා  නැවත ලොරිවල පටවා රාත්‍රී කාලයේ දඹුල්ල ප්‍රදේශයේ ග්‍රාමීය වැව්වලට මෙන්ම පාළු ස්ථානවලට ගෙනැවිත් දැමීම සිදුවන බවත් මේ හේතුව නිසා  ජල මූලාශ්‍රවලට සිදුව ඇති හානිය කෘෂි කර්මාන්තයට සිදුව ඇති හානිය මෙන්ම වන සතුන් පවා මියැදෙන තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ඊට අමතරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස විදේශීය අර්ථාපල් අල ලොකු ලූණු සහ අනෙකුත් ද්‍රව්‍ය ගබඩා සහ අලෙවිකරණ ස්ථානයේ ප්‍රධාන මාර්ගය ජනතාවට පරිහරණය කිරීමට නොහැකි වන පරිදි විනාශ කර   අවහිර කරමින් නව  නීතියක් එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවද ජනතාව පෙන්වා දෙති.

මෙම මාර්ගයේ තිබුණු මාර්ග සංඥා සලකුණු ජනතා මුදලින් ඉදිකරන ලද බෝක්කු   කානු පද්ධතිය සියල්ල විනාශ කර දමා එම ව්‍යාපාරිකයන්ගේ  නීතිය ක්‍රියාත්මක කිරීම නගර වැසියන්ට බරපතළ ප්‍රශ්නයක් බවත් ජනතාව පෙන්වා දෙති.

ගබඩා සහ වෙළඳසැල් ඉදිරිපිටින් ගලා බසින තම්න් ඇළට මෙම කුණු කසළ සියල්ලම  එක්  කිරීම වැසිකිලි සහ කැසිකිලි ජලය මුදා හැරීම නිසාවෙන්  මෙම ඇළ හරහා මෙම සියලු අපද්‍රව්‍ය කලා වැව දක්වා ම ගමන් කරන බව ද එයින් පසුව ඒවා  විවිධ ප්‍රදේශවලට ලෙඩ රෝග රැසක් බෝ කරන තත්ත්වයට ව්‍යාප්ත වී ඇතැයි දඹුල්ල නගර වැසියෝ පෙන්වා  දෙති.

දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක  ඩබ්ලිව් .ඒ .එම් වයි .අබේසේකර  මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ තමන් දිවා රාත්‍රී දෙකෙහිම මෙම ජාවාරම්කරුවන් හසු කර ගැනීම සඳහා වෙහෙසෙමින් සිටින බවය.

මේ  වන විටත් ප්‍රදේශයේ වැව් ඉස්මත්තවල් වල සහ වැව් ජලයට විශාල කුණු වූ ලොකු  ලුණු තොග ගෙනැවිත් දමා තිබෙන බවද හෙතෙම සඳහන් කළේය ගෙන ඇවිත් දමා තිබූ කුණු ගොඩවල් පවා අවුස්සමින් ඒවා ගෙන  දැමූ අයෙකුගේ තොරතුරු සොයාගැනීම තමන් වෙහෙසෙමින් සිටින බවද එවැනි දෙයක් සිදුවන්නේ නම් දුටු විට වහාම ජංගම දුරකථනයකින් ඡායාරූපයක් හෝ ලබාගෙන දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ වෙත දැනුවත් කරන ලෙස ජනතාවගෙන් හෙතෙම ද ඉල්ලීමක් කරන්නට විය.

එමෙන්ම වෙළඳ ප්‍රජාව මෙන්ම ව්‍යාපාරිකයන් වෙළඳසැල් හිමියන් මේ පිළිබඳව දැනුවත් කළද ඇතැම් පිරිස් මෙම  සමාජ  විරෝධී ක්‍රියාව සිදුකරමින් යන බවද හෙතෙම සඳහන් කළේය.

Image


අද මිලි මීටර් 100ක් ඉක්මවා වහින පැති මෙන්න

Published on: January 15, 2025, 08:21 AM

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නැහෙනහිර, ඌව, මධ්‍යම හා දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමාණ තද වැසි ඇතිවි හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

උතුරු, නැහෙනහිර, උතුරු-මැද, වයඹ ස ඌව පළාත්වලත් මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40)  පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Image


රු. ලක්ෂ 174ක මැණික් චිනයට ගෙනි යන්න බැරිවෙයි

Published on: January 15, 2025, 07:25 AM

රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් දහස් අට සිය හැත්තෑ පහක් වටිනා මැණික් තොගයක් , සිය ඇද සිටි යට ඇදුම් අතර සගවා ගෙන චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික  පියෙකු සහ දියණියක 01/13 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පියා 45 හැවිරිදි වියේ පසුවන අතර ඔහුගේ දියණිය 21 හැවිරිදිය . ඔවුන්ට මෙරට වාසය කිරීම සදහා නේවාසික වීසා හිමි වී තිබෙන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සැරිසරමින් ව්‍යාපාරික කටයුතු වල නිරත වී තිබේ .

ඔවුන් දෙදෙනා 01/13 දින රාත්‍රී 07.30 ට පමණ චීනයේ චොන්ග්ක්වින්ග් නුවර බලා පිටත්ව යන චොන්ග්ක්වින්ග් ගුවන් සේවයේ ඕ.කිව්.- 2394 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මොවුන්ගේ සිරුරු පරිලෝකන යන්ත්‍ර ( Scan Test ) මගින් පරීක්ෂා කිරීමේදී ඔවුන් සගවා ගෙන තිබූ මැණික් තොගය අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබුණි .

එසේ අත් අඩංගුවට ගත් මැණික් අතර චන්ද්‍රකාන්ති , ගෝමේද , ආරනූල් , වෛරෝඩි සහ පච්ච යන වර්ග වලට අයත් ග්‍රෑම් 689.5 ක් බර මැණික් තොගයක් තිබුණි .

පසුව මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය 01/14 දින පස්වරුව වන තෙක් පැවැත් වූ අතර , එහිදී මෙම මැණික් තොගය රාජසන්තක කිරීමට රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තීරණය කළ අතර , ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .

Image


දොඩංගොඩ නිවසකට වෙඩිතැබීමක්

Published on: January 15, 2025, 06:18 AM

දොඩංගොඩ විල්පාත, අමුගොඩ ප්‍රදේශයේ නිවසකට අද (15) අළුයම  වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇති බවත් , නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.

වෙඩි ප්‍රහාරය ඊයේ අළුයම 1.50 ට පමණ  එල්ලවි ඇති අතර , මොහොතේ නිවසේ පියා, මව සහ වැඩිමහල් පුත්‍රයා රැදී සිට ඇත.

නිවසේ බාල පුත්‍රයාට මැර තර්ජන තිබී ඇති අතර , ඔහු බිරිඳ සමග රුමේනියාවේ රැකියාවකට ගොස් ඇති බවත් පොලිසිය සදහන් කරයි.

වෙඩි ප්‍රහාරය පිස්තෝලයකින් සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරු ඇති බවද පොලිසිය කීය.

කළුතර කොට්ඨාශ අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා තිබුණි.

දොඩංගොඩ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් පොතුපිටිය

Image


රු.මි. 107,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත්වක් හෙට

Published on: January 14, 2025, 10:00 PM

රුපියල් මිලියන එක්ලක්ෂහත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් හෙට (15දා) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.

වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 15 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත්, ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 17 දා සිදුකිරීමට නියමිතය .

Image


වසර 160,000ට පසු දුර්ලභ වල්ගා තරුවන් නැරඹීමට අවස්ථාව

Published on: January 14, 2025, 01:00 PM

වසර 160,000ට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් දුර්ලභ වල්ගා තරුවක් ඉදිරි දින කිහිපයේදී දැකගත හැකි බව නාසා ආයතනය පවසයි.

C/2024 G3 (Atlas) යනුවෙන් නම් කර ඇති එම වල්ගා තරුව දකුණු අර්ධගෝලයේ සිට පියවි ඇසින් හොදින් නිරීක්ෂණය කළ හැකි බවද නාසා ආයතනය සඳහන් කර තිබේ.

Image


රු.මි. 107,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත්වක් හෙට

Published on: January 14, 2025, 09:00 PM

රුපියල් මිලියන එක්ලක්ෂහත් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් හෙට (15දා) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 32,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 35, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.

වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 15 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත්, ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 17 දා සිදුකිරීමට නියමිතය .

Image


වසර 30ක් තුළ වැඩිම දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය පවත්වාගෙන ඇත්තේ 2012දීයි

Published on: January 14, 2025, 08:00 PM

1993 සිට 2023 දක්වා වසර 30 කාලය තුළ මෙරට වැඩිම දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගයක් පවත්වාගෙන ඇත්තේ  2012 වසරේ වන අතර එය 9.1%ක අගයක් වූ බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

එමෙන්ම 2011 දී 8.4%ක්, 2010දී 8.0%ක් , 2006දී 7.7%ක්, 1993දී 6.9%ක්, 2007දී 6.8ක්, 2017දී 6.5%ක් ලෙස එම කාලය තුළ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය පවත්වාගෙන තිබේ.

කෙසේ වෙතත් 1993-2023 දක්වා වසර 30 කාලය තුළ දළ  දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය වැඩිම ඍණ අගයකින් පවත්වාගෙන ඇත්තේ 2022 වසරේ වන අතර, එය ඍණ 7.3%ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම 2020 වසරේ ඍණ 4.6%ක්, 2023 වසරේ ඍණ 2.3%ක්, 2019 වසරේ ඍණ 0.2%ක්, සහ 2001 වසරේදී -1.5%ක් ලෙස මෙම කාලය තුළ දළ  දේශීය නිෂ්පාදනයේ වර්ධන වේගය ඍණ අගයක් ලෙස  සටහන්ව  ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයත්න මහතා ලබා දුන් පිළිතුරේ මේ බව සඳහන් කර තිබේ.

Image


ජනපති අනුර හෙට ජීන ජනපති හමුවෙයි

Published on: January 14, 2025, 07:15 PM

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  හෙට(15දා) පස්වරුවේ චීන මහජන ශාලාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping)  හමුවීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික  සාකච්ඡා  පැවැත්වීමෙන් අනතුරුව  අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද අපේක්ෂිතය.

Image


“කවුරුත් නම්‍යශීලී වෙලා වෙනස්කම් කරගන්නවා නම් අපිට පුළුවන් වෙයි මේක වෙනස් කරන්න”

Published on: January 14, 2025, 06:15 PM

වර්තමානයේ වැඩි පිරිසකගේ කැමැත්ත තිබෙනුයේ තමන් වෙනස් නොවී අනෙක් පුද්ගලයාගේ වෙනස්වීම දැකීම බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

“ගොඩක් දෙනෙක් වෙනසට කැමතියි. ඒකට කැමති කොහොමද දන්නවාද? තමන් වෙනස් වෙන්නේ නැතිව අනිත් අයව වෙනස් වෙනවට කැමතියි. පොලීසිය කැමතියි අධ්‍යාපනය වෙනස් කරනවාට. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කට්ටිය කැමතියි පොලීසිය වෙනස් වෙනවාට. අපි හැමෝම වෙනස් වෙන්න ඕනී. මාධ්‍යයේ ඉදන් ඔක්කෝම වෙනස් වෙන්න ඕනී. ජනාධිපතිතුමාගේ ඉදන්, මගේ ඉදන්  හිතන පතන, කල්පනා කරන විදිය වෙනස් වෙන්න ඕනී. ඒ නිසා කාගේත් කැප කිරීමක්, වෙනස්වීමක් අපි බලාපොරොත්තු වෙනවා. නැත්තන් මේ හදන සැලසුම් ඔක්කෝම ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් නෑ. කවුරුත් නම්‍යශීලී වෙලා වෙනස්කම් කරගන්නවා නම් අපිට පුළුවන් වෙයි මේක වෙනස් කරන්න. ”

Image


අනුර - හරිනි තෙල් බද්ධ සහ අනුර - හරිනි ලයිට් බද්ද තවමත් ක්‍රියාත්මකයි

Published on: January 14, 2025, 04:20 PM

අනුර - හරිනි තෙල් බද්ධ සහ අනුර - හරිනි විදුලි බද්ද තවමත් ක්‍රියාත්මක වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

“විදුලිබල ඇමති නැවත වතාවක් රටේ ජනතාව රවටමින් ඉන්නවා. අපි හිතනවා මහජන උපයෝගීතා කොමිසම මේ ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරලා විදුලි බිල අඩු කරයි කියලා. ආණ්ඩුව අඩු කරන්න සූදානමක් නෑ. අනුර හරිනි තෙල් බද්ද, අනුර හරිනි ලයිට් බද්ද එහෙම මයි. වාහන පිළිබඳ තිබිච්ච හීනත් දැන් හම්බ කර ගන්න යන්නේ. බිලියන 280ක් වාහන ආනයනයෙන් බදු හැටියට අය කර ගන්න රේගු දෙපාර්තමේන්තුවට අණ දීලා තියෙනවා. ඒක මේ රටේ මහජනයාගෙන් තමයි ගන්න යන්නේ. ඉතින් ඕක තමයි ඇත්ත.”

Image



දීර්ඝ නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට බස් සහ දුම්රිය යොදවයි

Published on: January 14, 2025, 02:34 PM

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා ජනතාවට නැවත පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Image


වසර එක්ලක්ෂ 60,000ට පසු දුර්ලභ වල්ගා තරුවන් නැරඹීමට අවස්ථාව

Published on: January 14, 2025, 01:00 PM

වසර 160,000ට පසු පළමු වරට ලොව පුරා අහසේ දීප්තිමත් දුර්ලභ වල්ගා තරුවක් ඉදිරි දින කිහිපයේදී දැකගත හැකි බව නාසා ආයතනය පවසයි.

C/2024 G3 (Atlas) යනුවෙන් නම් කර ඇති එම වල්ගා තරුව දකුණු අර්ධගෝලයේ සිට පියවි ඇසින් හොදින් නිරීක්ෂණය කළ හැකි බවද නාසා ආයතනය සඳහන් කර තිබේ.

Image


ඩිජිටල් හැඳුනුම්පත මේ මස අගදී

Published on: January 14, 2025, 11:57 AM

ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය.

කොළඹ අද(14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“අයි.ඩී. ලබා දීමේ සෑහෙන පරක්කුවක් තිබෙනවා. ඒ පරක්කුව නැති කරන්න අපි ඩිජිටල් අයි.ඩී. එකක් දෙන්න බලාපො​රොත්තු වෙනවා. ඒක දෙන්න මේ මාසයේ අන්තිමට හෝ ලබන මාසේ මුල ඉදන් අපිට හැකියාව ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.”

Image


ජනපති අනුර චීනයට ලගාවෙයි

Published on: January 14, 2025, 11:00 AM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයට ලගා වී තිබේ.

ජනාධිපතිවරයා එරට වේලාවෙන් අද (14දා) පෙරවරු 10.25 පමණ චීනයේ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

එහිදී චීන හමුදාවේ බුහුමන් සහිතව චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය චෙන් ශියාඩොන් විසින් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.

සිව්දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ඊයේ(13දා) මෙරටින් පිටත්ව ගියේය.

Image


ලැව්ගිනි පැතිරෙන කැලිෆොනියාව රෝස සහ රතු වර්ණයට හැරෙයි

Published on: January 14, 2025, 10:00 AM

අමෙරිකාවේ කැලිෆෝනියාවේ පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා රෝස සහ රතු වර්ණයෙන් සහිත කුඩු වර්ගයක් ඉසීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙම කුඩු පතිත වීමත් සමග ඇතැම් ප්‍රදේශ රෝස සහ රතු වර්ණයන් විහිදී ඇති ආකාරය දක්නට ලැබේ.

Image


අද දිනයේ පළාත් කිහිපයකට මි.මී.75ක වැසි

Published on: January 14, 2025, 09:06 AM

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු යන පළාත් වලත්, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට අද(14දා) මි.මී.75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කරයි.

සෙසු ප්‍රදේශවල සමස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

Image


තෛපොංගල් දිනය අදයි

Published on: January 14, 2025, 08:00 AM

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14දා) යෙදී තිබේ.

පිරිසිදු බව, කෘතවේදීත්වය,සෞභාග්‍ය,සතුට සහ සමගිය උදාකරවන තෛපොංගල් උත්සවය අනාදීමත් කාලයක සිට හින්දු ජනයා ඉතා උත්සවාකාරයෙන් සමරන උත්සවයකි.

Image


රුසියා - යුක්රේන යුද්ධයේදී උතුරු කොරියානු සොල්දාදුවන් 300ක් මරුට

Published on: January 13, 2025, 09:00 PM

රුසියා - යුක්රේන යුද්ධයේදී උතුරු කොරියානු සොල්දාදුවන් 300ක්  ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම තවත් සොල්දාදුවන් 2700ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Image


ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කරයි

Published on: January 13, 2025, 08:00 PM

ප්‍රදේශ කිහිපයකට අදියර 01 යටතේ නායයාමේ අනතුරු ඇගවීම් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, වැලිමඩ, හාලි ඇල සහ බදුල්ල යන ප්‍රදේශ වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, මැදදුම්බර සහ පහතදුම්බර ප්‍රදේශ වලටත්,කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රදේශයටත් මෙලෙස අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

මීට අමතරව මාතලේ දිස්ත්‍රික්කයේ රට්ටෝව සහ උකුවෙල ප්‍රදේශ වලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ හඟුරන්කෙත ප්‍රදේශවලටත් අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

Image


ජපානයේ භූකම්පනයක්

Published on: January 13, 2025, 07:00 PM

ජපානයේ නිරිතදිග ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබේ.

ඒ අනුව සුනාමි අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

Image


ලෙබනනයේ නව ජනපති ජෝසප් අගමැති පත් කිරීමට උපදේශනයන් අරඹයි

Published on: January 13, 2025, 06:00 PM

ලෙබනනයේ නව ජනාධිපති ජෝසප් අවුන් අගමැතිවරයෙකු නම් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග උපදේශන කටයුතු ආරම්භ කර තිබේ.

නව අගමැති ලෙස පත් කිරීම සඳහා නජිබ් මිකාටි සහ නයාෆ් සලාම් යන දෙදෙනාගේ නම් පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Image


වෙරළ තීරයවත්, මහ පාරවත් සුද්ද කිරීම විතරක් නෙවෙයි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ

Published on: January 13, 2025, 04:45 PM

ක්ලීන් ශ්‍රී ලංකා යවු වෙරළ තීරය හෝ මහ පාර සුද්ද කිරීම පමණක් නොවන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

හබරාදූව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“වෙරළ තීරයවත්, මහ පාරවත් සුද්ද කිරීම විතරක් නෙවෙයි ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ. ​මේ එක වැඩ කොටසක් විතරයි. ඒ නිසා මේක ක්ලීන් කරන්න ඕනී සම්පූර්ණයෙන්ම. සිස්ටම් චේන්ජ් එක තමයි මේ වෙන්නේ. භෞතික පැත්තෙන් පටන් ගත්ත දෙයක් අපි ඉදිරියේදී සංකල්පමය වෙනසක් දක්වා පරිවර්තනය කරන්න , මේ රට නැවුම් වෙනසකට ගෙනියන්න සූදානමක් තියෙනවා අපේ රජය තුළින්. ”

Image


ජනතාව නැවත වරක් රැවටීම ගැන කණගාටුයි

Published on: January 13, 2025, 03:00 PM

වර්තමාන රජයට බලය ලබා දී ජනතාව නැවත වතාවක් රැවටීමකට ලක්වුණු බවත් ඒ පිළිබඳ කණගාටු වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“කිසිම අත්දැකීමක් නැති කණ්ඩායමකට රට පාලනයට දීලා රට අයාලේ යෑමක් තමයි අපි දකින්නේ.  ඉතාම කණගාටුයි මේ රටේ ජනතාව නැවත වතාවක් රැවටුන එක තමයි අපිට පේන්න තිබෙන්නේ.”

Image


ජනපති අද චීනයට

Published on: January 13, 2025, 01:45 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක මහ අද (13දා) රාත්‍රියේ සිව්දින සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

චීන ජනාධිපති ෂී ජිං පිංගේ ආරධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේය.

Image


සිසුවියක් පැහැරගත් පුද්ගලයා අත්අඩංගුවට - සිසුවියත් පොලිස් භාරයට ගැනේ

Published on: January 13, 2025, 12:40 PM

18 හැවිරිදි පාසල් සිසුවිය අත්අඩංගුවට ගත් පුද්ගලයා අම්පාර ප්‍රදේශයේදී අද (13දා) අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී  සිසුවිය පොලිස් භාරයට ගෙන ඇත.

මෙම සිසුවිය ගම්පහ දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්විය.

Image


නවසීලන්තයේදී ලද පරාජය ගැන සනත් සහ චරිත් කරුණු පැහැදිලි කරයි

Published on: January 13, 2025, 12:00 PM

නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගායලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (13දා) යළි දිවයිනය පැමිණියහ.

එහිදී තරගාවලි පරාජය ගැන නායක චරිත් අසලංක සහ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස අදහස් දක්වා සිටියහ.

නායක චරිත් අසලංක - මම හිතන්නේ බලාපොරොත්තු වුණු විදියට කරගන්න ලැබුණේ නෑ. අපි තරගාවලියකට යන්නේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන්. කලින්ට වැඩිය ටීම් එක ගොඩක් වෙනස්. අපි මැද්දේ ගහන්නේ. දිනන පරදින එක වෙන්න පුළුවන්. ඒත් අපි ඒකේ දෙපැත්තම භාර ගන්න ඕනී. එයාලා මෙහේ ආවම දඟ කැවෙන තණතිරු වල ක්‍රීඩා කළේ. අපිට එහේ ගියාම ෆේස් විකට් හම්බෙනවා. අපි ඒකට හැඩගැහෙන්න ඕනී. ක්‍රීඩකයන් වශයෙන් අපිට කරන්න පුළුවන් දේ ඒක තමයි. අන්තිම තරගාවලි සියල්ලම ජයග්‍රහණය කරලා, කලින් කරපු නැති දේවල් ලංකාව ඇතුලෙත් කරලා ගියේ.

ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය - විස්සයි 20 තරගාවලිය නම් පරාජය වුණු එක ඇත්තටම කණගාටුයි. පන්දුවාර 50 තරගාවලියේ අවසාන තරගය ඉතාමත් හොඳට ක්‍රීඩා කළා. මේ වැරදි අඩුපාඩු ඉස්සරහට අපිට වෙන්න බෑ. ඒක අපි පුළුවන්තරම් අඩු කරගෙන  රටින් පිට යනකොට අපි ඒක බලන්න ඕනී.

Image


ලොස් ඇන්ජලීස් දවා අළු කරමින් ලැව්ගින්න පැතිරවූ සුළං මෙම සතියේ තවත් වැඩි වෙයි

Published on: January 13, 2025, 11:00 AM

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ සුළං මෙම සතියෙත් වර්ධනය වන බවට කැලිෆෝනියා අනාවැකි කරුවන් අනතුරු අගවා තිබේ.

පසුගිය සතියේ හටගත් මෙම ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 24දෙනෙකුට දිවි අහිමි විය.

මීට අමතරව විශාල වශයෙන් ගොඩනැගිලි සහ නිවාස වලට හානි සිදු වූ අතර, ලැව්ගිනි හේතුවෙන් වන සතුන්ද දැඩි පීඩාවට පත් විය.

මෙම ලැව්ගිනි හේතුවෙන් සිදු වූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලිය 250 සිට 275 දක්වා ඉහළ දමා ඇස්තමේන්තු ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Image


BBL තරගාවලියේ පෙරමුණ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට

Published on: January 13, 2025, 10:00 AM

ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී ඔවුන් ක්‍රීඩා කළ තරග 08න් තරග 5ක් ජයග්‍රහණය කර තිබේ.

තරග 7න් තරග 5ක් ජයග්‍රහණය කළ හෝබාට් හරිකේන්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, තරග 8න් තරග 4ක් ජයග්‍රහණය කළ සිඩ්නි තන්ඩර් කණ්ඩායම තුන්වන ස්ථානයේත් පසුවන්නේය.

මෙල්බන් ස්ටාර්ස්, බ්‍රිස්බේන් හීට් සහ පර්ත් ස්කෝචර්ස් යන කණ්ඩායම් පිළිවෙලින් සිව්වන, පස්වන සහ හයවන ස්ථානයන්හී පසුවෙයි.

Image


ලංකාවේ ඇස් වලින් විදේශිකයන් 3000ක් ලෝකය දැකලා

Published on: January 13, 2025, 08:28 AM

2024 වසරේදී  ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස් වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.

පසුගිය වර්ෂයේදී (2024)මෙරට 7144  දෙනෙකු ඇස් දන්දුන් බව  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතරආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකික අක්ෂි ආබාධිත පුද්ගලයින්1475 දෙනකුට ද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කළ බවත් 20,3000  දෙනකු සිය ඇස් දන්දීමට ලියාපදිංචි වී සිටින බවත් ඔහු පැවසීය. දන් දුන් ඇස්වලින් 1025ක් අක්ෂි ශල්‍ය පුහුණුවීම් ලබන වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සඳහා සපයා තිබේ.

මෙලෙස විදේශිකයින්ට ඇස් පරිත්‍යාග කොට ඇත්තේ යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු රටවල් රැසක  අන්ධ පුද්ගලයින්ට ය. මේ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පසුගිය වසරේදී  ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 2300ක් නොමිලේ සිදු කොට තිබේ.

කමල් ශ්‍රී ලියනගේ

Image


උසස් අධ්‍යාපන ආයතන 22 ක බැඳුම්කර කැඩූ 551 කගෙන් රුපියල් මිලියන 2,262 ක පොල්ලක්

Published on: January 13, 2025, 07:23 AM

උසස් අධ්‍යාපන ආයතන 22 ක අධ්‍යන හා අනධ්‍යන කාර්ය මන්ඩලයන්හි 551 දෙනෙකුගෙන් බැඳුම්කර කඩකිරීම මත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවට රුපියල් මිලියන 2,262 ක මුදලක් අයවිය යුතුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්   සභාවේ 2/2018 දරන චක්‍රලේඛය ප්‍රකාරව මෙම මුදල 2023 දෙසැම්බර් 31 දිනට අයකර ගත යුතුව පවතින බව ජාතික විගණන කාර්යාලය  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්බන්ධයෙන්  නිකුත් කරන ලද    විගණන වාර්තාවේ සඳහන් කරයි.

බැඳුම්කර කඩකළ  සමස්ත පිරිසෙන්  347 කගේ මුදල් අයකර ගැනීමට පියවර ගෙන ඇති අතර එයින් 139 දෙනෙක් මේ වන විට ගෙවීම් කටයුතු ආරම්භ කර ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විගණන කාර්යාලය වෙත දන්වා ඇත.

එමෙන්ම බැඳුම්කර කඩකර සිටින  අනෙකුත් 204 දෙනාගේ මුදල් අයකර ගැනීම පවතින නීති රීති යටතේ කළ නොහැකි බැවින් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවද කොමිෂන් සභාව විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට වැඩි දුරටත් දන්වා තිබේ.

මෙකී මුදල් කඩිනමින් අයකර ගන්නා ලෙස විගණන කාර්යාලය කොමිෂන් සභාව වෙත නිර්දේශ කර ඇත.

ජේ.ඉඳුරුවගේ

Image


දුමින්ද සිල්වා ජාතික රෝහලින් බන්ධනාගාර රෝහලට

Published on: January 12, 2025, 10:54 PM

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර  සිටි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය 10දා බන්ධනගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර වාට්ටුවකට පසුගිය 10 වන දින රැගෙන යනු ලැබූ දුමින්ද සිල්වා එහිදී ඇතිවූ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ජාතික රෝහලට  ඇතුළත් කර යළි බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ..ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි  මෙම සිරකරු මුලින්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිට ඇත.

සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාර රෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් ලිඛිතව විමසා සිටි අතර ඒ සඳහා 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබු බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ වල  අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල  හෝ වෙනත් රෝහලක රෝහල් ගත කර සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවටත්,  ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවක් ඇති වුවහොත් ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවටත් සඳහන් වූ බවද බන්ධනාගර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අදාළ නිර්දේශ අනුව ආර්. දුමින්ද සිල්වා යන අය බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත්  කළ බවත්   හදිසි සංකූලතාවකදී ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දීමක්ද සිදු කර ඇති බවත් පැවසේ.

Image


වරායේ ප්‍රමාදයට හේතු රේගුව කියයි

Published on: January 12, 2025, 09:45 PM

ආනයන බහාලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා මූලික හේතුව වී තිබෙන්නේ බහාලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් සිමාවීම බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

රේගුවට භාණ්ඩ පරීක්ෂාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් කර තිබෙන බවත්, ඒ  සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර  කෙරවළපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කරනු ලැබූ බවත් සඳහන් කරයි.

ඉන්  ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්තමාන අර්බුදයට මුහුණ දීමට සිදුවී තිබේ.දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කරන බවත්, භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% - 40% දක්වා ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් සඳහන් කරයි.

පරීක්ෂාව සඳහා රඳවා ගන්නා බහලුම්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාව සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ෂක, ශාක නිරෝධායන, සත්ව නිරෝධායන සහ NMRA  යන ආයතනවල අවශ්‍යතාව සඳහා වන බවද පෙන්වා දෙයි.  කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුබසිද්ධිය සදහ  බවද සඳහන් කරයි.

දැනට බහාලුම් පරීක්ෂාව සඳහා ඇති අංගණ 03 හි ධාරිතාව බහාලුම් 350 ක් බවත්, දිනකට බහාලුම් 2000ක් ආනයනය කළ හොත් ඉන් 800ක් පරීක්ෂාව සඳහා යොමු වන බවත් සමහර දිනවල බහාලුම් 3000ක් පමණ ආනයනය කරන බවත් පෙන්වා දෙයි.රේගුව විසින් පරීක්ෂාව සඳහා  තෝරා ගැනෙන්නේ ඉහළ අවදානමක් ඇති බහාලුම් වන බවත්, දැනට පරීක්ෂා කරන බහාලුම්වලින් 65% ක වැරදි ඇති බවත් පෙන්වා දෙයි.

රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීම, හොරබඩු ජාවාරම වැළැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වන බවද රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දැනට බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිෂ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දෙයි.

නිෂ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ෂණය සඳහා නොපැමිණීම හා පිටකොටුවේ ගොඩබෑමට ඇති බහාලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගණවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගණවල ඉඩකඩ ඇහිරීමෙන් වැඩි බහාලුම් තොගයක් පරීක්ෂා කිරීමට නොහැකිවී තිබෙන බවද සඳහන් කරයි.

අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට අනුයුක්ත නොකිරීම හා මුළු කාලය පුරා රැඳී ඔවුන් සේවයේ නොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත් ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී තිබෙන බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

වංචා සහ දූෂණ ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ෂාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ෂා කෙරෙන බහාලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙන බව සඳහන් කරයි.

වර්තමාන රජය විසින් නැවතත් කෙරවළපිටිය යෝජිත රේගු පරීක්ෂණ මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයකින් මෙම  ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙන බවත්, කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ෂණ අංගණ භාවිතය පිළිබඳ අවධානය යොමු වී තිබෙන බවත් පෙන්වා දෙයි.

Image


2019 වසරේ සිට නායයාම් හේතුවෙන් පවුල් 3154ක් අවතැන්වෙලා

Published on: January 12, 2025, 08:45 PM

2019 වසරේ සිට වර්තමානය දක්වා නායයාම් හේතුවෙන් පවුල් 3154ක් අවතැන්ව ඇති අතර ඉන් පවුල් 264ක් තවමක් තාවකාලික නිවාසවල පදිංචිව සිටින බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.එමෙන්ම තවත් පවුල් 128ක් වර්තමානය වන විට ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවාසවල පදිංචි වී සිටින බවද එහිදී හෙළි විය.

2019 සිට 2025 දක්වා කාලයෙහි වැඩිම පවුල් සංඛ්‍යාවක් නායයාම් හේතුවෙන් අවතැන්ව ඇති බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 955ක් මෙයට අයත්ය.

එම පවුල් අතරින් පවුල් 104ක් මේ වනවිට තාවකාලික නිවාසවල පදිංචිව සිටින අතර, තවත් පවුල් 42ක් ඥාතීන්ගේ හෝ හිතවතුන්ගේ නිවාසවල රැඳී සිටිති. නුවර එළිය දිස්ත්‍රික්කයේ පවුල් 658ක් මෙම කාලයෙහි නායයාම් හේතුවෙන් අවතැන්ව ඇති අතර, එයින් පවුල් 3ක් මේ වන විට තාවකාලික නිවාසවල පදිංචිව සිටී.මේ අතර 2019 සිට 2025 දක්වා කාලයෙහිකෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 526ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 397ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 134ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 127ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 118ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 112ක් ද නායයම් හේතුවෙන් අවතැන්ව තිබේ.වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා ලබා දුන් පිළිතුරේ මේ බව සඳහන් කර ඇත.2020 වර්ෂයේ ඇති වූ කෝවිඩ් 19 වසංගත තත්ත්වය හා 2021 වර්ෂයේ ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය මිල ඉහළ යෑමෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ලබා දෙන මුදල්වලින් නිවසක් ඉදිකිරීමට නොහැකි වීම හා ඉඩමක් මිලදී ගැනීමට ලබා දෙන රුපියල් 400,000ක මුදල සහ නිවසක් ලබා ගැනීමට ලබා දෙන රුපියල් 1,600,000ක මුදල ප්‍රමාණවත් නොවීම, ඇතැම් දිස්ත්‍රික්කවල ඉඩම් මිල අධික වීම සහ රජයේ ඉඩම් නොමැති වීම හේතුවෙන් නැවත පදිංචි කිරීමට ඉඩම් ලබා ගැනීමට නොහැකි වීම වැනි කරුණු ගණනාවක් මත නැවත පදිංචි කිරීම ප්‍රමාද වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.මීට විසඳුම් ලෙස නැවත පදිංචි වීමේ වැඩසටහනට ඇතුළත් වීමට අකමැති හා මේ වන විටත් අධි අවදානම් නිවාසවල රැඳී සිටින පිරිස් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිපාදන ව්‍යසන කළමනාකරණ පනතට ඇතුළත් කර ඇති බවත්, එම පනත සංශෝධනය කරමින් සිටින බවත් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය.එමෙන්ම නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ලබා දෙන රුපියල් 2,000,000ක මුදල වැඩි කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද අදාළ පිළිතුරු මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Image


රිලවුන් දහම් පාසලක් වසයි

Published on: January 12, 2025, 07:59 PM

පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයේ දහම් පාසල් දරුවන්ට, රිලවුන්ගෙන් සිදුවන හිරිහැර සහ රිලවුන් දහම්පාසල් දරුවන් පරිහරණය කරන වැසිකිලි පද්ධතිය,ජලනල පද්ධතියේ කරාම කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් දහම් පාසල 12 වෙනි ඉරිදා සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කළ, බව සෙවණපිටිය ශ්‍රි කාශ්‍යපාරාමාධිපති උහුමීයේ සිරි සුමනරත්න නාහිමියන් සඳහන් කළහ.

ඉතා අඩු පහසුකම් සහිත දහම් පාසලක් වන සෙවණපිටිය කාශ්‍යාපාරාම දහම් පාසලේ දරුවන් සියයක් පමණ දහම් අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා ගුරුවරුන් අට දෙනෙකු පමණ සේවය කරති.

පසුගිය දින කිහිපය පුරා සීයකින් පමණ යුත් රිළා රංචුවක් විහාරස්ථානයට පැන සංඝාවාසය තිබු බුද්ධ ප්‍රතිමා, සිවුරු, පිරිකර ඇතුළු වටිනා සෙසු පිරිකර, පොත් පවා විනාශ කර දැමූ බවත්, මේ පිළිබඳ අදාල බලධාරීන්ට පැවසූවද කිසිදු විසඳුමක් නොමැති බවද සිරි සුමනරත්න නාහිමියන් පැවසූහ.දහම් පාසල් දරුවන් සහ ගුරුවරුන් පරිහරණය කරන ජල කරාම, ජල ටැංකි, වැසිකිලි පද්ධතියක්, පවා කඩා විනාශ කිරීම හේතුවෙන්, ඉරිදා දිනයේ දී දරුවන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන තාවකාලිකව දහම් පාසල වසා දැමීමට තීරණය කළ බව සිරි සුමනරතන නාහිමියන් වැඩිදුරටත් පැවසූහ.

සෙවණපිටිය ශ්‍රී කාශ්‍යපාරාම විහාරස්ථානයේ දින ගණනාවක සිට මෙම රිළා රංචුව විසින් දේපළ විනාශ කිරීමට අමතරව, දරුවන්, දහම්පාසල්, ගුරුවරුන්, මෙන්ම දායකයින් වැඳ නමස්කාර කරන, බුද්ධ ප්‍රතිමා විශාල ප්‍රමාණයක් රිළවුන් විසින් කඩා විනාශ කර ඇති බවත්, එමෙන්ම සංඝාවාස ගොඩනැගිල්ල තුළ තිබූ ධර්මාසනය බුද්ධ ප්‍රතිමා, අටපිරිකර, සෙසු පිරිකර, රිලවුන් කා විනාශ කර ඇති බවත්, මෙම තත්ත්වය නිසා තමන්ට සහ දායකයින්ට කරගෙන කරකියා ගත නොහැකි තත්ත්වයක් පත් වී ඇති බවත්, ඉතා අඩු පහසුකම් සහිත විහාරස්ථානය සහ දහම් පාසලේ කටයුතු යළි සකසා ගැනීමට කාගෙන් හෝ උදව් උපකාර අපේක්ෂා කරන බවද සිරි සුමන රතනාහිමියන් පැවසූහ.

මනම්පිටිය නිමල් ජයරත්න

Image


දවුලගල දැරිය පැහරගැනීම ප්‍රේම සම්බන්ධයක් මත සිදුවීමක්

Published on: January 12, 2025, 07:02 PM

වෑන් රථයකින් පැමිණ දැරිවියක් පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

පැහැරගැනීම සිදුකළ සැකකරු හා දැරිය අතර සබඳතාවක් පැවැතී ඇති අතර මුලින් එයට දෙපාර්ශ්වයේ කැමැත්ත පැවැතියත් පසුව දැරියගේ පියා එයට විරුද්ධ වීම මත මෙම පැහැර ගැනීම සිදුකර තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැර ගැනීම සිදුකළ වෑන් රථය හා එහි රියදුරු පොලිස් භාරයට ගත් බවත් පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

Image


අගමැතිනයගේ උපදෙස් පරිදි රැස්වීමක් නැවත්වූයේ නෑ

Published on: January 12, 2025, 06:10 PM

2025 ජනවාරි මස 03 වැනි දින පස්වරු 3.30 ටපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ දේශන ශාලා අංක 08 තුළ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙළ පරාජය කරන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ පැවැත්වීමට නියමිතව තිබූ මහජන රැස්වීම පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් තහනම් කළ බවට මාධ්‍ය මගින් පළ කරන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙය නතර කළ බවට පලවෙන වාර්තා ද සම්පූර්ණයෙන් අසත්‍ය බවපෙරදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා එම නිවේදනය මගින් වැඩිදුරටත්  කියා සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැන්වීම් සහ සමාජ මාධ්‍ය සටහන්වලට අනුවඑය දේශනයක්, සාකච්ඡාවක්, සම්මන්ත්‍රණයක්,වැඩමළුවක් හෝ අධ්‍යයන ක්‍රියාකාරමකමක් ලෙස නොවමහජනතාව දැනුවත්කිරීමේ ප්‍රසිද්ධ රැස්වීමක් ලෙස පූර්ව සංවිධානය කර ඇති බව පැහැදිලි වේ.එම රැස්වීම සංවිධානය කර තිබුණේ විශ්වවිද්‍යාලයට පරිබාහිර ජාත්‍යන්තර දේශපාලන සංවිධානයක් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයක මැදිහත්වීම මගින් යැයි සඳහන් කර තිබුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ කිසියම් ශිෂ්‍ය ක්‍රියාකාරමක් සංවිධානය කිරීමට ප්‍රථම විශ්ව විද්‍යාල ප්‍රධාන විනාරක්ෂක විනය පාලක සහ අනෙකුත් අදාල නිලධාරීන් හරහා උපකුලපතිනියෝජ්‍ය උපකුලපතිවෙතින් පූර්ව අවසරය ලබාගත යුතුවේ. මෙම ප්‍රසිද්ධ රැස්වීම සඳහා කිසිදු පූර්ව අවසරයක් ලබාගෙන නොමැති බව පැහැදිලිව නිරීක්ෂණය වූ අතර පසුව සිදු කරන ලද සොයා බැලීමට අනුව මෙම ශිෂ්‍ය සමාජය විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි කර නොමැති බවත් පසුගිය වසර දහයතුළ කිසිදු ක්‍රියාකාරකමක් කළ බවට වාර්තාකර නොමැති බවත් තහවුරු වේ.

තවද සටන් පාඨ ආකාරයේ මාතෘකාව විවිධ අදහස් දරණශිෂ්‍ය කණ්ඩායම් සහසහභාගිත්වයන් අතර ගැටුම් ඇති කිරීමට හේතුව විය හැකි බවත් නිරීක්ෂණය විය. එවන් ගැටුම් වළකා ගැනීම සඳහාවැඩ බලන උපකුලපති දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපති හා ශාස්ත්‍ර පීඨ පීඨාධිපති සමග පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව රැස්වීමේ මාතෘකාව මඳක් වෙනස් කිරීමටත් නිසි අවසරය ලබා ගැනීමෙන් අනතුරුව එය පැවැත්වීමට ඉඩ දීමට තීරණය කරන ලදී.

තවද මෙම සංගම් මගින් මීට පෙරද අත්පත්‍රික හා වෙනත් ද්‍රව්‍ය බෙදා හැරීමෙන් විශ්ව විද්‍යාලයේ අවසරයකින් තොරව අනවසර රැස්වීම්පීඨය තුළ සංවිධානය කරමින් පීඨයේ දෛනික අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට උත්සාහ දරා ඇති බවටද වාර්තාවේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය අධ්‍යයනනිදහසආරක්ෂා කිරීමටත් විවේචනාත්මක විමර්ශනය හා බුද්ධිමයමැදිහත්වීමේ සංස්කෘතියක් වර්ධනය කිරීමටත් කැපවී සිටි. බොහෝ ශිෂ්‍ය සංගම් සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයනිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සෑම සතියකම පාහේ සම්මන්ත්‍රණ දේශන වැඩමලු සහ විවාද රාශියක් සංවිධානය කරයි.එමගින් විශ්වවිද්‍යාලය තුළ නිදහස්ආරක්‍ෂාකාරී බුද්ධිමයඋත්තේජකපරිසරයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම පිළිබිඹු කරයි.

විශ්ව විද්‍යාලය පුද්ගලහාකණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් විධිමත් ලෙස සිදුකිරීමදිරි ගන්වන අතරඑමඟින්ආයතනිකවටිනාකම් සහ කීර්ති නාමය ආරක්ෂා වන බව සහතිකකරයි. නිසි අවසරය ලබාගෙන ඕනෑම විවේචනාත්මක විමර්ශනාත්මක ශාස්ත්‍රීය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට ඕනෑම ලියාපදිංචි ශිෂ්‍ය සංවිධානයක සංගමයක සමාජයකට ඉඩහසර විශ්ව විද්‍යාලය තුළවිවර කර ඇති බවට මෙයින් තහවුරු කෙරේ.

Image


දුම්රිය සේවකයාගේ අවධානයෙන් විශාල දුම්රිය අනතුරක් නූලෙන් වැළකෙයි

Published on: January 12, 2025, 05:17 PM

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර  දුම්රිය මාර්ගයේ 33/40 අසලදී  දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ  ඔඩිසි දුම්රිය නවතා ගනිමින්    සිදු වීමට ගිය විශාල  දුම්රිය අනතුරක්  රාජකාරියේ නිරතව සිටි  දුම්රිය සංචාරක මුරකරුවෙකු විසින් වහා ක්‍රියාත්මක වී    වලකා ගෙන  ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

වැලිමඩ දිවිතොටවල ප්‍රදේශයේ පදිංචි  දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග  අංශයේ දුම්රිය සංචාරක මුරකරුවෙකු ලෙස සේවය කරන දිනේෂ් කුමාර (30)  නැමති තරුණ දුම්රිය සේවකයා මෙම ආදර්ශවත් සද් ක්‍රියාව සිදු කර ඇත.

පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නොම්මර 2 කොටසේ  මොහු සේවය කරයි.

මොහු පැරකුම්පුර සිට අබේවෙල දක්වා සංචාරක මුරකරුවෙකු ලෙස  දුම්රිය මාර්ග රාජකාරියේ නිරතව සිටියදී   දුම්රිය මාර්ගයේ  අංක 33/40 ආසන්නයේදී බදුල්ල  සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගොස් ඇති අතර , මොහු ඉදිරියට පා ගමනින්   ගමන් කරමින් සිටියදී ඒ අසල  දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙන අයුරු දැක.අදාළ දුම්රිය බලධාරීන් ට වහා දැනුම් දී තිබේ .

මේවනවිටත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දුන්හිඳ  ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර බදුල්ල බලා ගමන් කරමින් තිබූ අතර වහා රතු කොඩීයක් අතට ගත් දුම්රිය සංචාරක මුරකරු දිනේෂ් කුමාර දුම්රිය පැමිණෙන දෙසට ඉදිරියට ගොස් රතු කොඩිය වනා ධාවනය වෙමින් තිබූ දුන්හිඳ  ඔඩිසි දුම්රිය නවතා ගනු ලැබූහ .මේවනවිටත් එම දුම්රියේ මැදිරි දෙස් විදෙස් සංචාරකයන්ගේ න් පිරීගොස් තිබින.

සිදුවිමට ගිය විශාල දුම්රිය අනතුරක් වලකා ගත් දිනේෂ් කුමාර පසුව එම අවස්ථාවේ එදින තාවකාලිකව  ඊට තරමක් නුදුරින් පිහිටුවාගෙන තිබූ දුම්රිය මාර්ග අංශයේ  වැඩපලේ සේවක පිරිස දැනුවත් කර වහා ක්‍රියාත්මක වී දුම්රිය මාර්ගයේ දෙකට කැඩී වෙන්වී තිබූ   අගල් නවයක පමණ කොටසේ  යකඩ පීල්ල සකස් කර දුම්රිය මාර්ගය පිළිසකර කර දුම්රිය ධාවනයට ඉඩ කඩ සලසා දීමට කටයුතු කලහ .

ඉතාමත් ආදර්ශවත් සද් ක්‍රියාවක් මෙන්ම වටිනා සේවයක් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව ට කීර්ති නාමයක් ගෙන දුන් දිනේෂ් කුමාර (30) පවසනුයේ  මම එදින සංචාරක මුරකරු රාජකාරියේ නිරතව සිටියදී පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගියා.මම දුම්රිය මාර්ගය ඔස්සේ ඉදිරියට අබේවෙල දෙසට ගමන් කරමින් සිටියදී   දුම්රිය මාර්ගයේ   33/40 කනුව අසලදී දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙනවා දැක්කා .යකඩ  පීල්ලේ අගල් 9ක පමණ කොටසක් කැඩී වෙන්වී තිබුනා. පොඩිමැනිකේ දුම්රිය ගියට පසුව තම්‍යි එම යකඩ රේල් පීල්ල කැඩිලා තිබෙන්නේ.

ඒ සමගම අදාළ නිලධාරීන් දැනුවත් කලා .මේ වෙලාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දරන දුන්හිඳ ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර ඉදිරියට ධාවනය වෙමින් තිබුනා .

මම අනතුර හගවන රතු කොඩිය වනමින් දුම්රිය ඉදිරියට දිව ගිහින් ඔඩිසි දුම්රිය නවතා ගත්තා .ඒකෙන් විශාල අනතුරක් වලකා ගන්න පුලුවන් වුනා .පසුව දුම්රිය මාර්ග අංශයේ සේවකයන් විසින් දුම්රිය මාර්ගයේ කැඩී වෙන්වී තිබූ යකඩ දුම්රිය පීල්ල පිළිසකර කර ප්‍රමාදයකින් තොරව දුන්හිඳ ඔඩිසි දුම්රිය ධාවනය කිරිමට අවස්ථාව සලසා දුන්නා.

මෙවැනි තරුණ  දුම්රිය සේවකයන් ශ්‍රී ලංකා දුම්රිය සේවයට වටිනා සම්පත් ය.

ඇල්ල ප්‍රසාද් රුක්මල්

Image


දින 9ට සංචාරකයන් 70944ක් ඇවිත්

Published on: January 12, 2025, 04:35 PM

මෙම වසරේ ජනවාරි මස පළවෙනි දා සිට 09දා දක්වා දින 09 තුළදී පමණක් විදෙස් සංචාරකයන් 70,944දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩි පිරිසක් වූ 11,789 දෙනකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි

මීට අමතරව රුසියාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය ඇතුළු රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයන් පැමිණ තිබේ.

කමල් ශ්‍රී ලියනගේ

Image


’මහින්ද රාජපක්ෂ’ නම වෙනස් කරයි - පෞද්ගලික ආයෝජකයෙකුට දෙන්න යයි

Published on: January 12, 2025, 03:47 PM

හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණය පුද්ගලික අංශයේ ආයෝජකයකු තෝරාගෙන  ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා සංකීර්ණයක් ලෙස ජාතියට දායාද කිරීමට ඉදිරි මාස කිහිපය තුළදී වැඩ ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති සුනිල් ගමගේ මහතා පැවසීය.

ඒ සඳහා මේ වන විට දේශීය හා විදේශීය ආයෝජකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති බවත් ඉන් වඩාත් සුදුසු ආයෝජකයා තෝරාගෙන ඉදිරි මාස කිහිපය තුළදී  මෙහි ඉදිකිරීම් ආරම්භ කරන බව ඇමතිවරයා වැඩිදුරටත් කීය.

එසේම මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට විමර්ශන කමිටුවක් කඩිනමින් පත් කොට ඊට සම්බන්ධ අයට තරාතිරම නොබලා දඬුවම් කරන බව ද ඇමැති සුනිල් ගමගේ මහතා මෙහිදී කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) දා  හෝමාගම දියගම ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපේ රටේ සම්පත් ඵලදායිව ජනතා සුබ සිද්ධියට යොදවා , වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් හරහා හොරුන්ට දූෂිතයින්ට දඬුවම් කිරීමයි අරමුණ.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අපි භාරගත්තට පස්සේ තරුණයා හා ක්‍රීඩාව ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව පසුගිය  මාසයක කාලයක සිට සොයා බැලුවා. එහිදී දියගම ක්‍රීඩා සංකීර්ණය , සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය හා ජාතික තරුණ සේවා සභාව ඇතුළු අපේ අමාත්‍යංශයට අයත් ආයතන නවයක් පිළිබඳව දීර්ඝ විමර්ශනයක අපි යෙදුනා.

එහිදී අපට අනාවරණය වුණෙ මේ ක්‍රීඩා අමාත්‍යංශයත් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවයි.එයට පුදුම විය යුතු නැහැ.මොකද සියල්ල කැඩුණු බිඳුණු ගරා වැටුණු රටක ක්‍රීඩා අමාත්‍යාංශය  විතරක් ඉතුරු වෙන්න විදිහකුත් නැති නිසා.

ඒ වගේම තමයි අපේ අමාත්‍යංශය අර්බුද රැසකට මුහුණ දීල තිබුනෙ.වංචා දූෂණ චෝදනා තිබුණා. ඇතැම් අවස්ථාවලදී අපේ රට ඊට යහපත් ප්‍රතිචාර දැක්වූවෙ නෑ. ඒ නිසා තමයි ඉකුත් 10 දා ජාත්‍යන්තර ඔලිම්පික්  කමිටුවෙන් අපේ රටට දීපු ආධාර නැවැත්තුවේ. ඒ පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා චෝදනා ලැබූ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කළේ.

එසේම ක්‍රීඩා සංගම්වලත් ගොඩක් ගැටලු තිබුණා. ඇතැම් ආයතනය අපිට එරෙහිව නඩු දාලා තිබුණා. අපි ඒ සංගම් සමඟ සාකච්ඡා කරලා බොහෝ නඩු ඉවත් කර ගැනීමට එකගතාවයක් ඇති කරගත්තා.එය අපේ ගමනෙදි ලොකු ජයග්‍රහණයක්.අපිට ඕනේ මේ රටේ ක්‍රීඩාව ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තබන්න. එහිදී පෞද්ගලික න්‍යාය පත්‍රවලට මුල් තැනක් නැහැ.

පසුගිය අයවැයෙන් මිලියන 1300 අපිට වෙන් උනේ. නමුත් මෙවර අයවැයෙන් මිලියන 6000 අපිට ලැබෙනවා. ඒ හරහා ක්‍රීඩාව ගොඩනැගීම, ක්‍රීඩා උපකරණ ලබාදීම , ක්‍රීඩාංගන ඉදිකිරීම ඇතුළු වැඩ ගොඩක් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ අදහස් සහ යෝජනාවලට අනුව ජාතික ක්‍රීඩා සැලැස්ම නුදුරු දිනකදී එළිදැක්වීමට පියවර ගන්නවා.මේ අතරතුරේදී තමයි දියගම ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට හැකි තැනක් ලෙස ගොඩනැගීමට පියවර ගන්නෙ.

ඒ අනුව තමයි අපි දියගම ක්‍රීඩා සංකීර්ණයට ආවේ. එහිදී අපට දැක ගන්නට ලැබුණේ ඉතාම ඛේදනීය තත්ත්වයක්. අපේ භාෂාවෙන් කියනවනම් ගන්න දෙයක් නෑ. පිහිනුම් තටාක දෙකක් වතුර පුරවලා තියෙනවා. පිහිනන්න බෑ. වොලි බෝල් ක්‍රීඩාංගණයක් හදන්න වැඩ අරම්භ කරලා අතරමග නවත්වලා.  මේ ක්‍රීඩාංගනය ඇතුලේ කැලෑවක් මැද වසර හතරක පමණ සිට සීල් කරපු කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ තිබී මිලියන ගණනක් වටිනා විදුලි ජනන යන්ත්‍රයක් හමු උනා. ඒක ගෙනාපු දවසක් භාරගත්තු කෙනෙක් වැය කරපු මුදලක් පිළිබඳව කිසිම සටහනක් නෑ.ඔන්න ඔහොම තමයි හිටපු ගොඩක් ඇමතිවරු වැඩ කරලා තියෙන්නේ. ඒ අය මේව දැකලවත් නෑ.

මෙම ක්‍රීඩා සංකීර්ණය පාලනය වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ නම් පදනමකින්.එහි පරිපාලනයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාත් ඉඳලා තියෙනවා.

මේ ක්‍රීඩා සංකීර්ණය ඉදිකරන්න කොපමණක් මුදලක් වැය කළාද කියලා කිසිම සටහනක් නෑ.  බැලූ බැල්මට බිලියන ගණනක් මුදල් වැය කරලා තියෙනවා.ඇතැම් අවස්ථා වලදී මිලියන 5000, 6000 වගේ මුදල් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගෙන තියෙනවා.ඉකුත් 2024 වසරේ මිලියන 100 වෙන් කරලා තිබුන. මේ මුදල් වැය කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉඩම පවරගෙනවත් නෙමෙයි.

මේවා ජාතික අපරාධ. මහජනයාගේ බදු මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා මේවා පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරලා දඬුවම් දීම අපේ යුතුකමක් හා වගකීමක්. ඒ සඳහා  ක්‍රීඩා අමාත්‍යංශය කඩිනමින් කමිටුවක් පත් කරල එහි නිර්දේශවලට අනුව වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න පියවර ගන්නවා.

ඒ විතරක් නෙවෙයි මේ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා කළ හැකි තැනක් ලෙසට පත් කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට යා හැකි ක්‍රීඩකයන් තැනීම අපේ අරමුණයි. එහිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, පාපන්දු ක්‍රීඩාංගණයක්,පිහිනුම් තටාකයක්, හා ධාවන පථය පළමු අදියරේදී ඉදි කරනවා . මේ සඳහා විශාල මුදලක් වැය වේවි. ඒ සදහා  දේශීය හෝ විදේශීය ආයෝජකයෙකු තෝරාගෙන සිදු  කිරීමටයි සැලසුම් කලේ. මේ වනවිටත් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කර තිබෙනවා. අවසන් තීරණයකට එළඹ නැහැ. මේ වසර තුළදී අපි වැඩ ආරම්භ කිරීමටයි අපි අපේක්‍ෂා කරන්නෙ.

එහිදී සමහරවිට මේ ක්‍රීඩාංගනයේ නම පවා වෙනස් කරන්න වේවි. නමට ගැලපෙන විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් නම පවතින විදිහට වැඩ කරල නැති නිසා. තවදුරටත් මේ නම යටතේ ඉදිරියට ගියොත් ජාත්‍යන්තරය පවා භය  වේවි.

ශාන්ත කුලරත්න

Image